IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


බක් මහ උළෙල පැරීසියේ

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ට අනුබද්ධ සෙක්සා පදනම හෙවත් ශී‍්‍ර ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සාමාජීය සංවිධානය වාර්ෂිකව මෙහෙයවන සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරීම  පසුගිය දා පැවැත්වුණේ ල බුර්ෂේ නගර සභාවට අයත් ජිම්නාස්ටික් ක‍්‍රීඩාංගාරයේදී ය.ආගමික චාරිත‍්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ ශි‍්‍ර ලංකා ජාතික ධජය එසවූයේ ප‍්‍රංශ තානාපති කාර්යාලයයේ පළමුවැනි ලේකම් ජෝර්ජ් කුක් මහතා විසිනි.

පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරෙනු මෙම අවුරුදු උත්සවයේදී ප‍්‍රංශ හා ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් පසුව කිරි උතුරවා අවුරුදු කෑම මේසය විවෘත කර භික්ෂුන් වහන්සේලාට දන් පිළිගන්වා සියලු දෙනාම කැවුම් කිරිබත් භුක්ති වින්දේ මහත් සතුටිනි. පසුගිය වසර වල මෙන් මෙවරද අවුරුදු කෑම මේසය පිළියෙළ කර තිබු‍ණේ සමන් ගීතානී සමනක්කොඩි යුවළ සහ සුබෝධනී චන්දන මැණිකපුර යුවළ සිය හිතවතුන්ගේද සහභාගිත්වයෙනි.

ඉන් අනතුරුව භික්ෂුන් වහන්සේලා හා දෙමාපියන්ට චාරිත‍්‍රානුකූලව බුලත්දී   වන්දනා කිරීම සිදු වූ අතර හිස තෙල් ගා ආශිර්වාද කිරීමේ චාරිත‍්‍රය ද සිදුවිය.

මූලික කටයුතු වලින් පසු ජාතික ක‍්‍රීඩා ආරම්භ වූ අතර සවස 05 ට ආරම්භ වන්නට තිබූ සංස්කෘතික සංදර්ශනය ආරම්භ වූයේ සවස 06 පසුවී ය.

ප‍්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති මහාචාර්ය කරාණාරත්න හඟවත්ත හා ප‍්‍රංශයේ ල බුර්ෂේ නගරාධිපති ද මෙ අවස්ථාවට සහභාගී වී පහන් දල්වා ආලෝකය උදා වේවායි ප‍්‍රාර්ථනා  කළහ.

තානාපතිතු හා නගරාධිපති කෙටියෙන් සභාව ඇමතීමෙන් පසු තිසරාවී කලායතනය ඉදිරිපත්  කළ නැටුම් සන්දර්ශනය පැවැත්වුණි. අවුරුදු උත්සවයේ වේදිකාව පිළියෙල කිරීම රංජිත් කුලතුංග මහතා සහ අජිත් ගමආරච්චි අනුර පෙරේරා ආදී පිරිසගේ සහභාගිත්වයෙන් සිදු විය.

ප‍්‍රංශයේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය මෙවරද සාලවේ වියදම් පියවමින් අනුග‍්‍රහය දැක්වීම විශේෂ සිද්ධියක් විය.

මෙම අවස්ථාවට පැරිසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති ශාස්ත‍්‍රපති , කෝ ආනන්ද හිමි පැරිසියේ ජේතවන විහාරාධිපති  මුරුංගාලස්යායේ ඤාණිස්සර නාහිමි කිරුළපන පූර්වාරාමාධිපති  පත්බේරියේ විමලඤාණ නාහිමි,ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී  මාපලගම ජිනානන්ද හිමි , ඔලිදළුවේ සිරිවිභූති හිමි ද වැඩම කැර සිටියහ.

 

 

 

 

 



අදහස් (0)

බක් මහ උළෙල පැරීසියේ

සේකර Wednesday, 30 April 2014 05:52 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

රෝහිත සමරකෝන් Wednesday, 30 April 2014 08:34 PM

අපේ හාමුදුරුවන්ට දිගාසිරි පතන්නෙමු. (නි)

:       0       0

මාර්තා Thursday, 08 May 2014 09:18 PM

සාමය ලොව පතුරුවන අපේ නායක හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ වේවා! (නි)

:       0       0

හේමන්ත Wednesday, 30 April 2014 11:04 PM

හරිම ලස්සනයි! (නි)

:       0       0

හේමන්ත Wednesday, 30 April 2014 10:26 PM

සංවිධානය කළ හැමෝටම ස්තුතියි! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 30 April 2014 11:38 PM

සුර්ය මංගල්‍යය හෙවත් සිංහල, දෙමල අලුත් අවුරුද්දේ විදේශයේ සිටියත් අපේ සංස්කෘතිය ශ්‍රී ලාංකීය දරු දැරියන්ට දකින්න,විඳින්න කටයුතු සංවිධානය කළ පරවාහැර චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ හා ජිනානන්ද පොඩි හාමුදුරුවෝ ඇතුළු මෙවන් ජාතික මෙහෙවරකට දායක වූ පිංවතුන්ට ගොඩක් පිං! සියල්ලන්ට චිරං ජයතු !!! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 30 April 2014 10:56 PM

වේදිකාවේ මල් පිපිලා, පරිසරයම හරි සුවඳයි !!! (නි)

:       0       0

සුජාතා Wednesday, 30 April 2014 11:46 PM

නායක හාමුදුරුවන් වහන්සේටත් පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමටත් අපගේ ගෞරවය පුද කරන අතරම ලබන අවුරුඅදට මෙටත් වඩා උත්කර්ෂවත් උත්සව කරන්න දහිරිය ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලියාගේ පහරින් 84 හැවිරිදි මව මරුට
2024 නොවැම්බර් මස 12 73 0

එප්පාවල කටියාව යාය 10 ප්‍රෙද්ශයේදී අද(12) එල්ලවූ වන අලි ප්‍රහාරකින් 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොල


ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 ට තේරෙන්න 527 ක් බලා සිටිති
2024 නොවැම්බර් මස 12 226 0

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍ර්‍රීන් ලෙස මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීම පිණිස මැතිවරණ කොමිෂන


ආධාරකරුවෝ ගැටී දෙදෙනෙක් රෝහලේ
2024 නොවැම්බර් මස 12 311 0

වවුනියාව, පට්ටාන්ච්චිචූර් හී මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර හිටපු ඇමැතිවරයෙක්ගේ සහ රාජ්‍ය අමැතිවරයෙක්ගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රිය


දේශපාලනඥයෝ දෙදෙනෙක් රජයේ බංගලාවල බින්න බැහැලා
2024 නොවැම්බර් මස 12 1041 0

දේශපාලනඥයන් දෙදෙනෙකුත් රජයේ නිවාස තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන්


විදෙස් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොලේ
2024 නොවැම්බර් මස 12 323 0

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ගුවන් තැපැල් සේවය ඔස්සේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබ


කොල්ලයට අනුබල දුන් ජන අරගල අපෙක්ෂිකාව රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 11 4781 0

බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 156 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 500 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1555 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site