IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බැංකු සේවකයෝ වීදි බසිති

රාජ්‍ය බැංකු සේවක විශ්‍රම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා බැංකු සේවක සංගමය විරෝධතා පාගමනකින් යුනියන් පෙදෙසේ හයික් පිටියට පැමිණි රැස්වීමක් ඇරැඹීය.

දෙදහසක් පමණ ඊට සහභාගී වී සිටිති.

 



අදහස් (0)

බැංකු සේවකයෝ වීදි බසිති

ශෂී Sunday, 08 September 2013 08:31 PM

ඉස්සෙල්ලම කියන්න ඕනේ 6000 මිනිස්සු අවා. පාඩු ලබන ආයතන වල අලාබය දරාගන්නෙත් අපි, රජයට වැඩිම ලාබය දෙන්නෙත් අපි. රජය කෙලින පිස්සු වලට සල්ලි දෙන්නෙත් අපි,එහෙම කරලත් ලාබය හොයල දෙන අපිට විශ්‍රාම වැටුපක් දුන්නම වැරැද්ද මොකද්ද?පුද්ගලික ආයතන වගේ තනි මිනිහෙක්ට නෙවේ අපි සල්ලි හොයල දෙන්නේ. රට වෙනුවෙන්. අපි බුක්ති විදින්නේ අපි එකතු වෙලා දිනාගත්ත දේවල්. මෙතන කෑගහන අයට කියන්න තියෙන්නෙත් අනුන්ගේ එකමුතු කමට ඉරිසියා නොකර නුඹලාගේ සමගියෙන් නුඹලාගේ ඉල්ලීම් දිනාගන්න. ඕනේ නම් එදාට අපිත් උදව් කරන්නම්.(නදී)

:       0       0

දර්ශන Sunday, 08 September 2013 08:34 PM

අස්ලාන් මම හිතන්නේ ඔයා දේශ පාලන හෙන්ච්චියෙක් කියලා. ඔයාල වගේ අය තමා රටේ ලේ හොල්ලන්නේ.(නදී)

:       0       0

ටිරල් Saturday, 07 September 2013 05:24 PM

අපරාදේ සල්ලි (නි)

:       0       0

ටිරල් Saturday, 07 September 2013 05:21 PM

මේකත් අර ගොල්ලන්ගේ ගිණුමට බැර කරන්න. (නි)

:       0       0

රේමා Saturday, 07 September 2013 05:26 PM

අයියෝ 2000 නේ ඇවිත් තියේන්නේ, හෙට ඇබෑර්තු පුරවන්න 4000 ක් එවන්නම්. අනෙක රතු මල්ලිලා වැඩක් නැහැ බැංකු වලට.(නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 07 September 2013 05:35 PM

හැමෝම පාරට බැස්සා තම තමන්ගේ දුක කියාගෙන, නමුත් එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජිවත් වෙන දුප්පත් අපි අපේ දුක කාට කියන්නද?(නදී)

:       0       0

මාලා Saturday, 07 September 2013 05:40 PM

බැංකු සේවක මහතුන් ඉල්ලන්නේ වයසට ගියාම ජීවත්වීමට විශ්‍රාමික වැටුපක්. එය සෑම සේවකයෙකුටම අයත්. දේශපාලකයො අවුරුදු 5කින්  මේ සියලු  අයිතිවාසිකම් ලබාගෙන වැඩකරන ජනතාවට කොකා පෙන්නනවා.ඒ මදිවට අපේම අය අපට විරුද්ධව අදහස් දානවා. නූගත්කකම  ද? එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවද? (නි)

:       0       0

ටිරල් Saturday, 07 September 2013 05:52 PM

ඇයි වතුර ටැංකියක් නැද්ද නගින්න? (නි)

:       0       0

කේෂර Saturday, 07 September 2013 05:46 PM

සහෝදරවරුනි, විදුලි බිලට එරෙහිව එරෙහිව, පුද්ගලික විශ්‍රාමයට එරෙහිව, අධ්‍යාපන ප්‍රශ්න වලට, ඕනෑම ගැටලුවකට බැංකු සේවකයෝ පෙරට එනවා. පුද්ගලික අංශයට අවම වැටුප රු 15000 කරන්න කියලත් අපි සටන් කළා. සහෝදරවරු කියනවට වඩා බැංකු සේවකයෝ පරිත්‍යාගශීලීයි (නි)

:       0       0

නාමල්. Saturday, 07 September 2013 05:49 PM

සහෝදරයන්ගේ සටන සාධාරණයි (නි)

:       0       0

රේමා Saturday, 07 September 2013 06:56 PM

මාලක්කට අර්ථ සාදකෙත් හම්බ වෙනවා. තව විශ්‍රාම වැටුපකුත් ඉල්ලනවා. කොච්චර මිනිස්සු ඉන්නවද ඔය එකක් වත් නැති අය.(නදී)

:       0       0

සත්‍යපාල Saturday, 07 September 2013 07:15 PM

වැඩියෙන්ම පඩි ගන්නෙත්,ලොකුම අර්ත සාදකෙත් අරන් වයසට ගිහාම තව විශ්‍රාම වැටුපකුත් ඉල්ලනවා. මැරෙනකොට මල්ලක ගෙන යන්නත් ඉල්ලපල්ලා.(නදී)

:       0       0

තුමාර Saturday, 07 September 2013 07:56 PM

කරුණාකර බැංකු සේවකයන්ගේ මේ සටන ගැන වැරදි කෝණයකින් බලන්න එපා. අද රටට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා කටයුතු කරන පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට අවුරුදු 5 ක කෙටි කාලයක සේවයට හොද ලොකු විශ්‍රාම වැටුපක් ගෙවන කොට රටේ ආර්ථිකයට හා මහජනතාවට විශාල සේවයක් අවුරුදු 35 කරන බැංකු සේවකයින්ට විශ්‍රාම වැටුපක් ඉල්ලන එක වැරදිද? අනික අනිත් සහෝදර වැඩකරන අයගේ සාධාරණ ඉල්ලීම් දිනා ගන්න කරන සටන් වලට දෝෂාරෝපණය නොකර සියලුදෙනා එක්වී හැමගේ ඉල්ලීම් දිනා ගත යුතු නොවේද ? (නදී)

:       0       0

දර්ශන Saturday, 07 September 2013 08:04 PM

මම ජනාධිපතිනම් මම කරන්නේ මෙතන කෑහගන ලොක්කෝ ටික රස්සාවෙන් අස්ස කරනවා ඉස්සලා. ඕනෑ තරම් දක්ෂ උගත් අය ඉන්නවා අපේ රටේ ජොබ් නැතිව. අනේ ජනපති තුමෝ පුලුවන්නම් පනතක් සම්මත කරන්න වෘතීය අරගල තහනම් කරලා. අළුතෙන් කෙනෙක් රස්සාවකට ගන්න කොට එකගතාවයක් අත්සන් කරගන්න වර්ජන වලට යන්නේ නැහැ කියා. නැත්තම් ජොබ් දෙන්න එපා.(නදී)

:       0       0

දර්ශන Saturday, 07 September 2013 08:14 PM

මේ කුරේ මහත්තොයෝ, තමන්ගේ වාසියට තර්ක ගේන්න එපා. පාර්ලිමේන්තුවේ කවුරු හිටියත් එකයි. එයාලා එකට ඉන්නේ. එයාලා වර්ජනය කරලා ගන්න දෙයක් නෙමේ. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. අපි කියන්නේ අනිත් අයට වඩා බැංකු වල අය යම්තාක් දුරට ලොකු පඩියක් ගන්නවා.(නදී)

:       0       0

දර්ශන Saturday, 07 September 2013 08:15 PM

රජයේ බැංකු වල ඉන්න ගොඩක් පරණ මින්ස්සු ගෙන් වැඩක් කරගන්න ගියාම ලත වෙනවා.(නදී)

:       0       0

දිල් Saturday, 07 September 2013 08:56 PM

අපේ ජීවිතයම බැංකුවේ ගෙවෙන්නේ, අනික පරිගණක සහ අනෙකුත් අල්ට්‍රා වයල්ට් ලාම්පු සෞඛ්‍යට හොදත් නෑ. අනික තිබෙන ආතතියට ලෙඩ හැදෙනවා, එතොකට බෙහෙත් ගන්නවත් සල්ලි නෑ.(නදී)

:       0       0

සරත් Monday, 09 September 2013 04:15 AM

රතු අදින්නේ නැතුව ගියානම් මොනවාහරි ලබාගන්න තිබුණා. (නි)

:       0       0

සත්‍යපාල Saturday, 07 September 2013 08:59 PM

මොනවද කුමාර ඔය කියන කතාව? පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට ලොකු විශ්‍රාම වැටුපක් ගෙවන කොට රටේ ආර්ථිකයට බරක් නම් එයට විරුද්ධව සටන් කර දෝෂාරෝපණය කර නවත්වන්න. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගන්න නිසා අපිත් අරන් රට විනාස කරමු කියල නේද කියන්නේ. සියලුදෙනා එක්වී හැමගේ ඉල්ලීම් දිනා ගත යුතු නම් ඔහෙලා සටන්කළ යුතු වන්නේ "බැංකු සේවකයන් ලබන ලෙස අනෙකුත් සම සුදුසුකම් ඇති සැමගේ වැටුප් බැංකු සේවක වැටුපට සම කරනු " කියල නේද ? ඒක නේද සහෝදරත්වය ?(නදී)

:       0       0

දලයිලා Saturday, 07 September 2013 09:22 PM

බැංකු සේවකයින්ට ඉරිසියා නොකළ යුතු අතර, ඒ අය සාමාන්‍ය පුද්ගලික අංශයේ සේවකයින්ගේ අයිති වාසිකම් වෙනුවෙනුත් පෙනී හිටිය යුතුයි. බැංකු සේවකයින්ට හොඳ සටනක් දිය හැකියි. අපේ සහයෝගය ඇත. පෞද්ගලික අංශයත් පඩි වැඩිවීමක් සහ විශ්‍රාම වැටුප් අරන් දෙන සටනකට අවතීර්ණ වෙමු.(නදී)

:       0       0

සත්‍යපාල Saturday, 07 September 2013 10:29 PM

මට අන්දරේගේ කතාවක් මතක් වෙනවා.රජ මාලිගාව ඉදිරිපිට තිබුන මහා ගලක් ඉවත් කරන්න කිසිම කෙනෙකුට බැරිව ඉන්න විට අන්දරේ බාරගත්තලු ඉවත්කරලා දෙන්න.හැබැයි මාස හයක් රජ බොජුන් කන්නට දෙන්න කීවලු ශක්තිය එන්න.ඉතින් එහෙම කාල මාස හයකට පස්සේ කියුවලු "ඔය කට්ටියම එකතුවෙලා දැන් ඔය ගල උස්සල මගේ ඔලුව උඩින් තියන්න" කියල.එහෙම කරන්න බැරි නිසානේ ක්‍රමයක් හෙවුවේ.එත් ඉතින් මොනවා කරන්නද.බොරු කරලා අන්දරේ මාස හයක් රජ බොජුන් කෑව.මෙතරම් පඩි ගන්න මෙයාල කියන්නේ තවටිකක් වැඩිකරගන්න සහය දෙන්න කියල.(අ)

:       0       0

රාජදුත Saturday, 07 September 2013 10:30 PM

කේෂර , කුමාර,මේ මහත්වරු තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න දැන් අනිත් සහෝදරවරුන්ට අත්පුඩි ගහලා අතවනනවා. රාජ්‍ය , බැංකු, සහ සංස්ථා සේවක වැටුප් සමරූපී කරන්න කියලා සටන් කරලා තියනවද? අනික් කාරණය මේ අය තමන්ගේ රාජකාරිය අවංකව, වගකීමකින් කැපවීමකින් හා කාර්යක්ෂමව ඉටු කළා නම් මේ රටේ දේශීය හා විදේශීය පෞද්ගලික බැංකු 25 - 30 අතරේ ගණනක් බිහිවෙයිද? පෞද්ගලික බැංකු පටන් ගන්නකොට උපවාස කළාද? එහෙම කරලා කීදෙනෙක් ජීවිත පුජා කළාද? මහත්වරුනි, මේක තමා මා දන්නා තරමින් ඇතුලතින් සහ පිටතින් පෙනෙන සත්‍යයේ සැබෑ අර්ථ නිරුපනය. (නි)

:       0       0

කරන්දෙනියේ සිරිසේන Sunday, 08 September 2013 05:37 PM

දේශපාලකයෝ අවුරුදු පහකින් විශ්‍රාම වැටුපට හිමිකම් කියනවා. අනිත් අයට හුලංද? (නදී)

:       0       0

අමිල Saturday, 07 September 2013 11:55 PM

මමත් බැංකු සේවකයෙක්. හැබැයි ඔය සංගමයෙ නෙමෙයි. මේ සේවකයන් දන්නෙ නැහැ මෙයාලගේ නායකයො ඉන්න තැන. රටේ ජනතාව දැනගන්න ඕනෑ බැංකු සේවකයො අවදානම් රාජකාරියක් කරන බවත් ඒ අයට පැන්ශන් එකෙන් පස්සේ බහුතරයකට ජිවත්වෙන්න ව්‍යාපාර නැති බවත්. ඒ වගේම රජයට විශාල බදු ආදායමක් උපයලා දීලා රටේ සංවර්ධනයට හවුල් වන රටට බරක් නැති ආයතන බවත් ... (නි)

:       0       0

චාන්දි Saturday, 07 September 2013 02:15 PM

අනේ මෙහෙම තණ්හාවක්.(නදී)

:       0       0

සමරවීර Saturday, 07 September 2013 02:25 PM

විශිෂ්ටයි (නි)

:       0       0

අස්ලාන් Sunday, 08 September 2013 06:03 AM

දර්ශන,ඔයාගේ වයස මම දන්නේ නැහැ. මම හිතන්නේ පොඩි ළමයෙක් කියලා. අද වැඩකරන ජනතාවගේ හැම වරප්‍රසාදයක්ම ලැබිලා තියෙන්නේ අරගල වලින්. කොටින්ම පැය අටේ වැඩමුර පවා. මෝඩ කතා කියන්ඩ එපා. කිසිම දෙයක් පාලකයෝ කැමැත්තෙන් දීලා නැහැ සේවකයන්ට. (නි)

:       0       0

ධම්ම Saturday, 07 September 2013 03:13 PM

1973(මට මතක හැටියට) බැංකු වර්ජනේට එවකට හිටි මුදල් ඇමතිතුමා පිළිතුරු දුන් හැටි මතක් වෙනවා. වර්ජන කරන්න අපට ඉගැන්වූ එතුමා වර්ජන අඩපණ කරන හැටි රජයට කියා දුන්නා. (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 07 September 2013 03:17 PM

රාජ්‍ය බැංකු සේවකයන්ට විශ්‍රාම වැටුපක් දෙනවා නම් තවත් කොයි තරම් අයට දිය යුතුද? අනෙක් පුද්ගලික බැංකු වලට කවුද මේක ගෙවන්නේ? මම කියන්නේ මේ අයට දැනටමත් ගෙවන පඩිය වැඩියි කියලා. (නදී)

:       0       0

චාන් Sunday, 08 September 2013 07:03 PM

එක එක අයට වෙන වෙනම නැතිව පොදුවේ සැම දෙනාටම එක සමානව දීමනා දීම වටි. පාලකයින්ගේ ඇස් ඇරේවා!(නදී)

:       0       0

රාජු Saturday, 07 September 2013 03:18 PM

ඔබලා ආත්මාර්ථ කාමි වීලා ඔයාලට පමණක් සියලු වරප්‍රසාද ඉල්ලන්ඩ එපා, අපිටත් රුපියල් 10000 ක පඩි වැඩි වීමකුත්, විශ්‍රාම වැටුපකුත් ඉල්ල්ලලා දෙන්ඩ. අපිත් ඔබේ අපේ සටනට සහයෝගය ලබා දෙන්නම්. පුද්ගලික අංශයේ අසරණ සේවකයෙක්මි මම.(නදී)

:       0       0

සත්‍යපාල Saturday, 07 September 2013 03:27 PM

මොන මගුලක්ද මේ ? බැංකු,විදුලිබල,තෙල් සංස්ථා,වරාය, සෞඛ්‍ය සේවකයින් හැමදාම බලය පෙන්වමින් විශාල වැටුප් ලබාගනිමින් රට තුල වැටුප් පරතරය නින්දිත ලෙස ඉහල දමා ගනිමින් එකම අධ්‍යාපන මට්ටමේ අනෙක් අයට වඩා සුපිරි ජීවිත ගතකිරීම කිසිසේත්ම හරි දෙයක් නොවේ. මේවා සංවිධානාත්මක අපරාධ ලෙස සැලකිය යුතුය. වාතීය අරගල නොවේමය.(නදී)

:       0       0

අස්මිත් Sunday, 08 September 2013 11:14 AM

මෙයාල ඉල්ලන ඉල්ලීම් සාධාරනයි කියල හිතමු.නමුත් අද බැංකු ක්ෂේත්‍රයේ පැය අටක් කැපවීමකින් වැඩ කරනවද?ලංකාවේ දින්දර්ශනේ අඩුම වෙලාවක් වැඩකරන මාසයට ඇති වැඩිම නිවාඩු ගණන අකුරටම ගන්න.රාජ්‍ය සේවයේ ඉහලම වරප්‍රසාද බුක්තිවිදින සේවක පිරිසට මේක සාධාරන අරගලයක්නම්,ජීවිතේම දුක්මහන්සිවී එදාවේල හම්බකරන කුලිනිවැසි දුප්පත් කම්කරුවන්,කුලී වැඩකරුවන් ,ධීවරයන්,පෞද්ගලික ආයතන වල වැඩකරන කම්කරුවන්,යනාදී ජනතාව පාරට බහින්නැති හේතුකවරේද?අත්‍යවශ්‍යම පානීය ජල ප්‍රශ්නයට උත්තරය අමතකද?දේශපාලකයන් අවු;5ක් යන්තම් සේවය කර විශ්‍රාම වැටුපක් හිමිකරගනීමත් සාධාරන නැහැ!එසේම අවරුදු ගණනාවක් ව්දෙශිය රටක සේවය කර නැවත පැමිණෙන රටවැසියන් සියලුදෙනාම පොහොසත්වී නොවෙයි ආපිට එන්නේ,නමුත් ඔවුන්ගෙන් කීදෙනාටද සාධාරනයක් වෙන්නේ?රට ඉන්නකම් විදේශ විනිමයයි,බදුයි ගෙවන්න කොයිතරම් දායක වෙනවද?කවදද මේවට රජය පිළිතුරු දෙන්නේ?ඔය උද්ගොෂණයේ කට්ටිය අතරින් ලයිට් බිල් වැඩි කරනවට පක්ෂව ගිය අය ඕනෑතරම් ඇති! (දී)

:       0       0

ගාමිනි Sunday, 08 September 2013 11:20 AM

ලංකාවේ මිනිස්සුන්ට අමු කවලා තියෙන්නේ අර කට්ටිය (රතු කට්ටිය ).මෙච්චර වරප්ප්‍රසාද අරගෙන තවත් ඉල්ලන හැටි .මේ නයිජිරියාවට ඇවිත් බලන්න මේ මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල .ඔක්කොම ලැබිලත් පාරවල් ගානේ ගිහින් කලා දාන්නෙත් මිනිස්සුන්ට වැඩ කරන්න තියෙන වෙලාව . (දී)

:       0       0

සත්‍යපාල Sunday, 08 September 2013 11:51 AM

රාජ්‍ය , බැංකු, සහ සංස්ථා සේවක වැටුප් සමරූපී කරන්න කියලා සටන් කරමු.ඒකට ඉහල වැටුප් ලබන විදුලිබල,වරාය,බැංකු සහ තෙල් සංස්‌ථා අය කැමතිද? එහෙම කියනවිට කියාවි විදුලිබල,වරාය,බැංකු සහ තෙල් සංස්‌ථා සේවක වැටුප 100% ඉහල දමා ඉන්පසු රාජ්‍ය , බැංකු, සහ සංස්ථා සේවක වැටුප් සමරූපී කරන්න කියලා."නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයි" කියන්නේ ඕවට. (දී)

:       0       0

රොෂාන් Sunday, 08 September 2013 11:54 AM

ලංකාවෙ මිනිස්සුන්ට ඉක්මනට අතීතය අමතක වෙනවා. පැන්ෂන් එකක් පෙන්නලා අර්ථසාධකේ විනාශ කරලාදාන්න යනකොට උසාවි නියෝග අරගෙන ඒක නවත්වන්න කටයුතු කළේ කවුද කියලා. ඒ වගේම ඒ වෙලාවෙ බැංකු සේවකයිනුත් පුද්ගලික අංශයත් එක්ක එකතු වෙලා කටයුතු කළා ඒ පනත පරදවන්න. මෙතැනදි කියන්න තියෙන්නෙ ආණ්ඩුවට ආදායම් උපයා දෙන ආයතන විදියට (ආදායමෙන් 60%ට වඩා ආණ්ඩුවට දෙන) ආණ්ඩුවට බරක් නොවී බැංකුවලම වියදමින් විශ්‍රාම වැටුප දෙන්න අවසරය විතරයි ඉල්ලන්නෙ. පාඩු පිට දුවන ආයතන වල අයට රජයේ වියදමින් විශ්‍රාම වැටුප් දෙන කොට බැංකු සේවකයින්ට බැංකුවේ වියදමින් විශ්‍රාම වැටුප් ගෙවන එක අපරාධයක්ද? බැංකු සේවකයින්ට හිතන තරම් ලොකු වැටුපක් නෑ. බොහෝ දෙනාට රු 50000 වැටුපක් ලැබෙන්නෙ නෑ. නමුත් පුද්ගලික ආයතන වල දී ඒ සුදුසුකම් තියෙන කෙනෙකුට රු 100 000 ට වැඩි වැටුපක් ලෙහෙසියෙන්ම ලබා ගන්න පුලුවනි. අරගල නොකර යම් කිසි දෙයක් ලබා ගන්න පුලුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් විතරයි. (දී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 07 September 2013 04:39 PM

පෙළපාලි ගියාට කමක් නැහැ. මට නම් අර රතු පාට කමීස ඇඳල ඉන්න රතු තොප්පි කාරයෝන්ව නම් පෙන්නන්න බැහැ. රතුපස්වල මරණ වලට මොවුනුත් වග කියන්න ඕනේ.(නදී)

:       0       0

දර්ශන Saturday, 07 September 2013 04:46 PM

රජයේ බැංකු බංකොලත් කරන්නද මේ ලැහැස්ති වෙන්නේ. අනේ අපේ සල්ලි, මුලින්ම මෙම සංගමය අහෝසි කළ යුතුයි.(නදී)

:       0       0

මිත්‍රපාල Saturday, 07 September 2013 04:50 PM

කලකට කලින් කඩේ ගිය උදවිය තමා මේ. දැන් මොකද මෙහෙම ආයුබෝවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1275 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 74 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1205 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 195 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2050 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32319 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23830 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site