IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක අතමාරුවක්

(තිළිණි ද සිල්වා)

අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්  ශ්‍රී ලංකාවට ලබා  දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට පළවන නිව් ඒජ් පුවත්සේවය වාර්තා කර ඇත.

එරට මහ බැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23 වැනිදා රැස් වූ එම බැංකු මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වැප් පහසුකමක් ලෙස මෙම ණය මුදල ලබා දීම අනුමත කර ඇති බවද ඒම බංග්ලාදේශ් පුවත් වාර්තාවේ සදහන් වේ.

නීතිමය පරීක්ෂා කිරීම්වලින් පසුව බංග්ලාදේශ රජය අදාළ අවසන් එකඟතාවලට එළැඹෙනු ඇතැයි වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය මගින් සිදු කරන වියදම් පියවා ගැනීම සඳහා බංග්ලාදේශ මහ බැංකුව ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකම සහනදායී පොලියක් මත ලබාදෙනු බවද එම වාර්තාවේ සදහන් වේ.

ඒ සඳහා එම වටිනාකමට සමාන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය බංග්ලාදේශ මහ බැංකුවේ තැන්පත් කළ යුතු අතර රජයේ වගකීම ද සහතික වී ඇතැයි එම බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

 



අදහස් (43)

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක අතමාරුවක්

sunil Tuesday, 25 May 2021 02:40 PM

අපොයි අපි වැටුණු වැටිල්ලක්...!

:       81       120

කුවෛට් පොඩි එකාTuesday, 25 May 2021 09:53 PM

ණය ඉල්ලපු අගමැතිගේ පුතණ්ඩියා නම් කිව්වා එයාලා ගාව ඕනේතරම් සල්ලි තියනවා කියලා..

:       13       23

kapilaWednesday, 26 May 2021 11:53 AM

එයා කියලා තියෙන්නේ ඇත්ත. රටේ සල්ලි නැති වුණාට ඒ ගොල්ලෝ ළඟ ඕනේතරම් සල්ලි තියනවා.

:       0       0

C.K.Lankaputhra Tuesday, 25 May 2021 02:44 PM

ලැජ්ජයි. ලැජ්ජයි...!!! 

:       127       109

Tharanga Tuesday, 25 May 2021 02:46 PM

ඩොලර් 200 ක ණයක්..!!! කව්ද මොනවද මේ ලියන්නේ..?

:       4       74

KalpaTuesday, 25 May 2021 03:12 PM

ඩොලර් 200 අපේ අමති කෙනෙග්ගෙන් ඉල්ලුවනම් පට ගාලා නිකන් දේයි....

:       1       44

Amila Tuesday, 25 May 2021 03:04 PM

ඩොලර් 200 ?

:       3       42

Ruhunu Tuesday, 25 May 2021 03:21 PM

බංග්ලාදේශ මිනිස්සු ග්‍රීසියේ පාරවල් වල හිඟා කනවා. ලංකාව ඒ මිනිස්සුන්ගෙන් ණයට ගන්නවා. දැන් බැලුවම අපි හිඟන්නොන්ටත් වඩා අන්තයි.

:       91       75

pradeepa Tuesday, 25 May 2021 03:28 PM

බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුනානේ, අපිට ලැජ්ජාව. අපි කොහොමද පිටරටක වැඩ කරන්නේ මහා අභිමානයෙන්.

:       66       70

Demuni Uduwara Tuesday, 25 May 2021 10:11 PM

ඔබ කියූ දේ හරියටම හරි...

:       0       17

kamal Tuesday, 25 May 2021 03:30 PM

මෙවැනි ණය ගැනීම් වර්තමාන ආර්ථික තත්වය යටතේ බලාපොරොත්තු විය යුතුයි. ඊට හේතුව නම්, දැන් අපට විදේශ විනිමය ලැබුණු සංචාරක කර්මාන්තය, විදේශ සේවාදායකයින්ගෙන් සම්ප්‍රේෂණ, ඇගලුම් අපනයන වැනි ආදායම් මාර්ග සියල්ලක්ම පහේ බිඳ වැටීමකට ලක්වී තිබීමයි.

:       78       134

chandanaTuesday, 25 May 2021 04:18 PM

කමල් ඒ දේවල් වෙලා තියෙන්නේ ලංකාවට විතරද.?

:       83       62

Wasantha Tuesday, 25 May 2021 05:55 PM

හැමදාම මිනිස්සු කලේ රජයට බැන බැන ඉන්න එක.

:       74       95

P. IlangaratneTuesday, 25 May 2021 10:44 PM

රජයවල් කලේ මහජන මුදල් හොරා කාපු එක. ලැජ්ජයි.

:       26       20

රට වැසියාWednesday, 26 May 2021 05:11 AM

ඔබ කියන්නේ, අපි උපන් රටේ දේශපාලකයෝ මේ වගේ හිඟන වැඩ කරන කොට ඒ අයව අදහන්න කියලද? - කෝ දැන් අර මහ ලොකු සිංහල-බෞද්ධ දේශ ප්‍රේමය, බංග්ලාදේශය මුස්ලිම් රටක්!

:       48       22

NuwanWednesday, 26 May 2021 06:32 AM

ළඟම කඩෙන් පුන්නක්කු බාල්දියක් අරන් බොන්න...

:       29       9

siri Tuesday, 25 May 2021 03:37 PM

සිම්බාබ්වේ, ගිනිබිසව්,සුඩානය, එරිට්‍රියාව,සෝමාලියාව, ගැම්බියාව,යේමනය වගේ රටවල් වලිනුත් ඉල්ලලා බලමු. නොදී ඉන්න එකක් නැහැ.

:       60       108

ana Tuesday, 25 May 2021 04:21 PM

සෑම අවුරුද්දකට තුන් හතරවතාවක් කුණාටුවකට මුහුණ දෙන රටකින්....

:       36       49

Nihal Tuesday, 25 May 2021 04:26 PM

වෙන රටක් තිබුනෙම නැද්ද.?

:       22       35

ganegoda Tuesday, 25 May 2021 04:36 PM

ඕකට තමයි මහින්ද මහත්තයා දවස්ගානක් බංගලාදේශයේ හිටියේ.

:       42       54

pakeer Tuesday, 25 May 2021 04:47 PM

ඇත්තටම අහන්නත් ආසයි බංගලාදේශය එච්චර දියුණු වෙලා කියලා.

:       37       56

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 May 2021 06:02 PM

ලජ්ජාවේ බැහැ. මෙයින් වැටහෙන්නේ අප පත්වී ඇති තත්ත්වයයි. ඒත්, අපි කරන්නේ බොරුව කොරෝනා පිටින් දාගෙන. නැතිනම් මේ වගේ වෙලාවක මන්ත්‍රීන්ට වාහන ගෙන්වන්න හදාවිද ?

:       28       62

Laksitha France Tuesday, 25 May 2021 06:08 PM

මොන ලැජ්ජාවක් ද මේ

:       24       9

K Perera Tuesday, 25 May 2021 07:50 PM

69 ලක්ෂය. ඔබට දැන් සතුටුද.?

:       20       31

Sri Lanka Tuesday, 25 May 2021 08:47 PM

බංග්ලාදේශය කියන්නේ අපිටත් වඩා දුප්පත් රටක්.. රට වහලා ණය ගන්නවා...

:       20       8

samithaWednesday, 26 May 2021 07:37 AM

ඒ ඒ දවස් වල. අපි පමණයි හොඳටම කළේ ..

:       8       7

nandeWednesday, 26 May 2021 10:42 AM

ඔය කියන්නේ ඉස්සර බංග්ලාදේශය ගැන. ආර්ථික වශයෙන් ඒ අය දැන් ඉන්නේ අපිට වඩා ගොඩක් ඉස්සරහින්.

:       0       2

Demuni Uduwara Tuesday, 25 May 2021 10:13 PM

රාජපක්ෂලා රටේ ගෞරවය නිතරම විනාශ කළා.

:       41       42

dhammika ranasingha Tuesday, 25 May 2021 11:43 PM

දැන් සැපද.?

:       22       11

Sena Tuesday, 25 May 2021 11:44 PM

මොනව උනත් බංගලියෝ මේ ණය ගැන පත්තරවල දාපු එක කැතයි. දැන් හැම බංගලියම දැනගන්නවා. දැන් නයි පෙනේ පෙන්නලත් ඉවරයි. උන් මෙි කොරොනා අස්සේ අපිට ණය දෙන්නෙ කොහොමද?

:       21       13

Buddika Wednesday, 26 May 2021 12:46 AM

ලැජ්ජාවේ බෑ.

:       21       12

සෑම් Wednesday, 26 May 2021 01:36 AM

බංගලිදේශයෙන් ණයට ඩොලර් අරන් මන්ත්‍රිලට V8 ප්‍රාඩෝ. කොහොමද චින්තනය.

:       12       13

banda Wednesday, 26 May 2021 02:53 AM

තව සැප වාහන ටිකක් ගන්න පුළුවන් වෙයි 225 ට .

:       9       10

ජයන්ත මිලානො Wednesday, 26 May 2021 03:44 AM

බංග්ලාදේශයේ මිනිස්සු ඉතාලියේ කලර්ලයිට් ළඟ හිඟාකනවා... මල් ඉති විකුණනවා. අපේ පාලකයින් කරන දේ මහජනතාවට කොහෙත්ම පැහැදිලි නැති බව නම් පේනවා. මේ අය කරන්න යන්නේ ‍රට හිඟන්නන්ට හරි ණය කරලා ඒ අයගේ සාක්කු පුරවාගෙන ඒ ගොල්ලන්ගේ පුරවැසිභාවය හිමි රටවලට හිමින් සැරේ පැනගන්නයි. සිංහල ජාතිය මහ කාලකන්නි ජාතියක් වෙලා.

:       36       37

nimal Wednesday, 26 May 2021 04:16 AM

රුවන්ඩාවෙන්, බංගලාදේශයෙන් උදව් ගන්න තත්වයට අපි අද පත්වෙලා. සෝමාලියාවෙන් උදව් ඉල්ලන්න වෙයි මේ යන විදියට. ඒ රටවල් ආර්ථික වශයෙන් දියුණු වෙලා කියන එකයි එ්කේ තේරුම. රට අාර්ථික වශයෙන් වැටුණාට පක්ෂ, විපක්ෂ දෙශපාලුවන් සහ ඔවුන්ගේ හෙන්චයියන් කියන දේශපාලන පැලන්තිය යහතින් වැජඹෙනවා. දැන්වත් මේ දේශපාලන ක්‍රමය වෙනස් කලයුතු බව ජනතාව තේරුම් ගත යුතුයි.

:       32       16

මැච් පිස්සා Wednesday, 26 May 2021 04:27 AM

එහෙනම් ක්‍රිකට් මැච් පරදින්න හේතුව මේක තමයි...

:       20       15

vikum Wednesday, 26 May 2021 04:58 AM

සර් අපට ශුවර්...!!!

:       5       18

Nuwan Wednesday, 26 May 2021 05:56 AM

අර ඕන තරම් සල්ලි තියෙනවා කිව්වා ඇමති, වෙන ලංකාවකද මේ ණය ගන්නේ.?

:       11       10

de silva Wednesday, 26 May 2021 06:53 AM

දැන් මේ ඩොලර් මිලියන 200ක් වියදම් කර එන්නත් ගෙන්වන්න.

:       1       1

කීර්ති Wednesday, 26 May 2021 09:48 AM

හිඟන්නන්ගෙත් හිඟන්නෝ.. ඒ වුණාට කට ඇරියොත් කතාව ලෝකේ අල්ලලා වගේ!

:       9       2

බද්රානි Wednesday, 26 May 2021 10:11 AM

ඉස්සර අපි කිව්වේ හොඳම හිඟන්නන්ට "කැළණි හිඟන්නෝ" කියලයි දැන් ඒ කියමන ජාත්‍යන්තර කරණය වෙලා "ශ්‍රී ලන්කන් හිඟන්නෝ" බවට පරිවර්තනය වී නම්බු නාමයකුත් ලැබිලා. කාටද ආඩම්බර?? හැබැයි රට ඇතුලේ ගහන දේශප්‍රේමී පම්පෝරි ප්‍රෞඪත්වයයි, කයිවාරුවයි ඇහෙද්දී, අපට නම් අර කොහෙන්ද මන්ද හිනා යනවා.

:       7       3

Kumara Wednesday, 26 May 2021 11:34 AM

ආසයි සර්... !!!

:       1       0

සුජිත් රත්නායක Wednesday, 26 May 2021 11:47 AM

අතමාරු නෙමෙයි , අරන් මාරු...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුබවාදී ලෙස උපයනවිට බද්ද සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 181 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 303 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 615 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 592 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 687 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 562 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 50 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site