IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බංගලිදේශ සල්ලි ගිල්ල හැකරා අල්ලන්න ඉන්ටපෝල් සහය

ඩොලර් ලක්ෂ ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකෙරෙන ශාලිකා පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය (ඉන්ටපෝල්) සහය ලබාගැනීමට කටයුතු කරන බව ශ්‍රීලංකා පොලිසිය පවසයි.

‘‘මේ පුද්ගලයා හොයාගන්න අපි ඉන්ටපෝල් සහය ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.ඔහු ජපානයේ සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා.නමුත් දැන් වෙනත් රටකට ගිහිල්ලා කියලත් හිතන්න පුලුවන්.‘‘ පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

දෙහිවල පිහිටා තිබූ මෙම සංවිධානයේ කාර්යාලය සෝදිසි කළ පොලිසිය එහි තිබූ පරිගණක හා වෙනත් උපකරණ අත්අඩංගුවට ගත්තේය.එහි සිටි එක් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කෙරුණද මේ දක්වා කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් නිලධරයෝ පවසන්නෝය.

පිලිපීනයේ බැංකු ගිණුමකට ඩොලර් ලක්ෂ 810 ක මුදලක් වංචනික ලෙස බැර කළ චීන හැකර්වරුන් පිරිසක් තවත් ඩොලර් ලක්ෂ 20 මුදලක් මෙම රාජ්‍ය නොවන සංවිධානයට අයත් බැංකු ගිණුමට බැර කිරීමට යාමේදී මෙම තොරතුරු අනාවරණය විය.

රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුම අයත් පෑන් ඒෂියා බැංකුවේ එම අවස්ථාවේ සිටි නිලධරයා මේ සා මුදලක් එකවර බැර කිරීම ගැනත්,ගිණුම් හිමියාගේ නම වූ රාජ්‍ය නොවන සංවිධානයේ නම වැරදි ලෙස සඳහන් කර තිබීමත් ගැන සැක සිතා අදාළ නිලධරයින් දැනුම්වත් කිරීමට කටයුතු කළේය.

මෙම මුදලේ නිසි හිමිකරු වන්නේ බංගලිදේශ මහ බැංකුවයි.එහි වෙබ් අඩවියට කඩාවැදී ඇති හැකර්කරුවෝ සංකේත හා වෙනත් තොරතුරු සොරාගෙන එක්සත් ජනපදයේ රාජ්‍ය සංචිත වලින් ඩොලර් ලක්ෂ ගණනක් පිලිපීනයේ සහ ශ්‍රීලංකාවේ බැංකු ගිණුම් වලට බැර කිරීමට උත්සාහ කර ඇත.එක්සත් ජනපද රාජ්‍ය සංචිත වල ඇති බංගලාදේශයට අයත් ඩොලර් බිලියනයක මුදලක් මෙසේ ලබාගැනීම ඔවුන්ගේ සැළසුමවී තිබේ.

අපරාධ පරීක්ෂණ කොට්ටාශයේ පරිගණක අපරාධ පිළිඹද ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේය.

ශාලිකා පදනම දුගී ජනතාවට උපකාර කිරීමේ සහ ඔවුන්ට නිවාස ඉදිකර දීම වෙනුවෙන් බව සඳහන් කර පිහිටුවා තිබෙන්නක් බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (0)

බංගලිදේශ සල්ලි ගිල්ල හැකරා අල්ලන්න ඉන්ටපෝල් සහය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1723 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1082 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1632 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1141 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1130 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site