(සුජිත් හේවාජුලිගේ)
රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් අද (15) දැනුම් දුන්නේය.
රජයේ බංගලා වහාම බාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සිහිකැඳවීම් කිහිපයක්ම කර ඇතත් අද (15) වන විට නිවාස භාරදී ඇත්තේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනකු පමණක් බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරුන් රජයේ බංගලා බාරදීමේ ලොකු පසුබෑමක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය පවසයි.
හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කොළඹ 7 ප්‍රදේශයෙන් ලබාදී තිබූ බංගලා සංඛ්‍යාව 40 කි.මේ අනුව තවමත් බාර දී නැති බංගලා සංඛ්‍යාව 29කි.
මේ අතර අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමේදී සියලු කරුණු සමාලෝචනය කර වියදම් අඩුවන ආකාරයේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
ජගත් ලියනගේ Wednesday, 16 October 2024 08:46 AM
ඒ නොදුන්නු අය කවුද කියා රටට හෙලි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ ගොල්ලන් පුදුම විදියට මහජන මුදල් අවභාවිතා කරලා තියෙන බවයි පේන්නේ... (ඇයි විදුලි සහ ජල බිල්පත් පවා ගෙවන්නේ රජයෙන්නේ). ඒ නිවාස පිහිටලා තියෙන්නේත් ලංකාවේ හොඳම ස්ථාන වල. උදා:- බෞද්ධාලොක මාවත සහ එයට සම්බන්ධ පාරවල්.
අරවින්ද මොනරවිල Wednesday, 16 October 2024 09:05 AM
මැති ඇමතිවරුන්ට නිළ නිවාස අවශ්‍ය නැහැ කියලා නේද කිව්වේ, කරුණාකරලා ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න.
රම්බොඩ Wednesday, 16 October 2024 09:34 AM
වැරැද්ද කියන එක එයාලට සාමාන්‍ය දෙයක් වෙලා. ඒකයි මේ.
sukithak Wednesday, 16 October 2024 10:30 AM
මේ උදවිය බංගලා දේශෙට යවන්න.
Ugitha Wednesday, 16 October 2024 11:00 AM
රාජ්‍යය විසින් ඇමතිවරුන්ට නිල නිල නිවාස ලබා දී ඇති අතර, ඔවුන් තවදුරටත් බලය නොමැති විට ඔවුන් භාර නොදුන්නේ නම්, ඔවුන් ආපසු ගැනීමට රජයට උසාවියට යා යුතුය. මොන විහිළුවක්ද.
ජනරළ Wednesday, 16 October 2024 01:00 PM
රටේ අහිංසක මිනිසුන් ව මොන විදියකින් හරි රවට්ටගෙන දිගටම රට කාගෙන කාගෙන ඉවරෙටම කන්න හිතන් හිටපු නිසා තමයි පහුගිය කාලේ දිගටම බලේ ඉන්නයි ආපහු අරහෙන් මෙහෙන් එක එක සන්ධාන හදාගෙන ආපහු බලයට එන්නයි දන්නා තරම් ලෝකේ තියෙන සියලු උප්පර වැට්ටි කලේ. ඇත්තටම මේ සෙට් එක වගේ මහම මහා කාලකන්නි දේශපාලන රැලක් ආසියාවේ නෙමෙයි, මුළු ලෝකේ කොහේ වත් රටක ඉන්නේ නැතුව ඇති. රට ඉස්සරහ තියෙන භයානක ණයබර තත්වේ අබ මල් රේණුවක තරම් වත් ගානකට ගන්නේ නැතුව පහුගිය කාලේ අත දිගඇරලා තමන්ගේ සැප ජීවිතේ ගෙනියන්න රටේ බදු මුදල් වියදම් කළා නේද? ඒ මදිවට තියෙන දේවලුත් තුට්ටුවට දෙකට විකුණලා ඒ සල්ලිත් කාලා විනාශ කරන්නනේ හැදුවේ. දැන් තියෙන්නේ පොදුවේ අධිකරණ නියෝගයක් අරන් රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙටම පේන්න ඇදලා එලියට දාන්නයි. තවත් දිගටම සෙල්ලම් නටන්න දෙන්න නරකයි...
fairoos Wednesday, 16 October 2024 01:42 PM
30 වෙනකම් ඉදී .මුන්ව ඇදලා එලියට දාන්න පොලිසියට බලය දෙන්න
බද්රානි Wednesday, 16 October 2024 02:40 PM
මේ රටේ ජනතාවගේ දේපළ මේ අයගේ අම්ම අප්පගේ බූදලයක් කියලා හිතාගෙන පරිහරණය කළ හොර කල්ලියක් තමයි මෙච්චර කල් මේ රට පාලනය කලේ... ව්‍යවස්ථාවෙන්ම හොරුන්ටලැබී ඇති විශේෂ වරප්‍රසාද නැති කරන්න ඕනෑ. මේ හොර කල්ලියේ සාමාජිකයින් පිළිබඳව නිසි කඩිනම් විමර්ශන සිදුකොට ඔවුන්ගේ දේපළ රජයට පවරාගෙන කල යුතුයි... ඒකට විසඳුමක් ගේන්න නම්, ශක්තිමත් රජයක් පිහිටුවා ගත යුතුයි.. හොරුන්ට ආවඩන රජවරු යටතේ නිවටයින් ලෙස ජීවත් වීමට කැමති ගොබ්බයිනුත් ඔවුන්ගේ අන් තට්ටුව හිසෙන් ගලවා ගෙන ප්‍රඥාවන්තව නිවැරැදි ලෙස තමන්ගේ ඡන්දය පාවිච්චි කළොත්, අපි හැමෝටම ආර්ථික පීඩාවක් නොමැතිව මේ රටේ ජීවත් විය හැකියි.