IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බංගලි බොදුනුවන් වෙනුවෙන් පානදුරෙත් පෙළපාලි

බංගලිදේශයේ බෞද්ධ උරුමය රකින්නැයි ඉල්ලමින් බෞද්ඡ ආරක්ෂක පදනම අද පානදුරයේ උද්ඝෝෂණයක් පැවැත්වීය. බෞද්ධ භික්ෂුන්වහන්සේ එහි මූලිකත්වය ගත්හ. නාඳුනන පිරිසක් එම පෙරහර වීඩියෝ ගත කරන්නට ගොස් සුළු කලබලයක් ඇති විය.



අදහස් (0)

බංගලි බොදුනුවන් වෙනුවෙන් පානදුරෙත් පෙළපාලි

කෙමින් Monday, 22 October 2012 09:41 AM

ශ්‍රීසර ,මුකුත් නොදන්නා බබා වගේ කතාකරන්න එපා ,ඔබ හොදටම දන්නවා ලංකාවේ මේ වෙනවිට බෞද්ධ සිද්ධස්ථාන රැසක් මුස්ලිම් අය විසින් අල්ලාගෙන ඉන්න බව. කූරගල මුහුදු විහාරය උදාහරණ , ඔබ කියන ආකාරයේ 9.7% ක පිරිසකට මෙහෙම දේවල් කරන්න පුලුවන්නම් 89% වුනු දාට කුමක් වෙයි ද? අනික ලංකාවේ නියම ජනගහන ප්‍රතිශතය මීට වෙනස්, මුස්ලිම් ප්‍රතිසතය මිට ගොඩක් වැඩියි (ස)

:       0       3

ඉනෝක Monday, 22 October 2012 09:38 AM

ශ්‍රීසර‍ගේ නොදැනුවත් කමගැන කනගා‍ටුයි. බංගලාදේශය කියන්නෙ 100% ක් බෞද්ධයෝ හිටපුරටක්. ඒ රටෙ බෞද්ධයන් නැතිවුනේ ඒ අය සියකැමැත්තෙන් මුස්ලිම් වෙලා නොවෙයි. අද බංගලාදේශයේ සිදුවනලෙසින්ම අතීතයේ සිදුවූ මුස්ලිම් ආක්‍රමණ නිසයි. බංගලාදේශය විතරක් නොවෙයි ඉන්දුනීසියාව ඇෆ්ගනිස්තානය හා මැලේසියාව වැනි රටවලට උනෙත් ඒ දේමයි. කිසිදෙයක් හරියට නොදැන මත ප්‍රකාශකිරීමෙන් වලකින්න.(ස)

:       0       2

රංජන් Monday, 22 October 2012 10:03 AM

ශ්‍රීසරනම් බෞද්ධ විරෝධියෙක් (ස)

:       0       0

එරන්ද Sunday, 21 October 2012 06:10 PM

කවුද ඒක ඡායාරූප කරන්න හැදුවේ? අන්‍ය ආගමිකයෝද? මතක තියාගන්න. බුදු දහමට අත තියන්න හදන්න එපා. (නි)

:       0       0

ජයන්ත Monday, 22 October 2012 05:04 PM

පිටරට කෑගහන පිනැත්තෝ කරුණාකරලා අ‍පේ රටේ නැගෙනහිර පැත්තේ වෙන්නේ මොකක්ද කියලා බලනවද? (නි)

:       0       0

ලහිරු ජයසිංහ Monday, 22 October 2012 10:16 AM

ශ්‍රිසර, බන්ගලාදේශයේත් බෞද්ධ ආගමිකයන්ගේ ප්‍රතිශතය 70% හා, ඉස්ලාම් ආගමිකයන්ගේ ප්‍රතිශතය - 9.7% වෙලා තිබුනා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා පේනවනේ? (නි)

:       0       1

හිල්මි Tuesday, 23 October 2012 06:46 AM

වීරාගේ ප්‍රතිචාරයට ගරු කරමි. ඉනෝකා දන්න දෙයක් නැහැ වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 22 October 2012 10:44 AM

මට පෙනෙන විදියට හුඟ දෙනෙක් දන්නේ නැහැ බංගලාදේශයේ පන්සල් කැඩීමට සහ විහාර ගිනි තැබීමට හේතු වුණ සිද්ධිය. මේකෙන් අදහස් කරන්න එපා මම ඒක අනුමත කරනවා කියා. බංගලාදේශය මුස්ලිම් චෙච්ච හැටි දක්වා දන්නා අය මේ අර්බුධය පටන් ගත්ත හැටි නොදැනීම පුදුමයි. බංගලාදේශ රජය මේක හෙලා දැක තියෙනවා. අගමැති පවා මේ ප්‍රදේශයට ගිහින් බලල තියෙනවා. අපි අද බංගලාදේශය මුහුණ දීල තියෙන තත්වයට යන්නේ නැතුව ආගම භේධ ඇති කරන්නේ නැතුව කටයුතු කරනවා නම් නේද වඩා හොඳ?(ස)

:       0       1

ඉන්දික Tuesday, 23 October 2012 07:41 AM

ඇත්තටම මේකේ ලියවෙන්න තිබුණේ පෙරේදා බංගලාදේශයේ, ඊයේ ලංකාවේ.... දැන් අපි මොකද කරන්නේ කියලා. (නි)

:       0       0

දහම් Monday, 22 October 2012 11:01 AM

අපි හැමදාම පානදුරේටත් ලංකාවටත් වැඩකරනවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 07:39 PM

බෞද්ධ උරුමය වෙනුවෙන් ඒ බෞද්ධයෝ එකතු වෙන්න ඕන. (අ)

:       0       2

මොහොමඩ් Tuesday, 23 October 2012 08:46 AM

ඇයි අනේ තම්බින්ට ඔච්චර බය? (නි)

:       2       4

ශ්‍රීසර Tuesday, 23 October 2012 09:00 AM

ඉනෝකා, තමන්ගේ ආගම පිළිපැදගෙන, අනුන්ගේ ආගම් ඒ අයටත් පිළිපදින්න දීලා ඉන්න. මුස්ලිම් අය වැඩියෙන් ළමයි හදන එක බෞද්ධයන්ට තර්ජනයක් නම් බෞද්ධයන්ටත් පුලුවන් ළමයි හදන්න එහෙම, ඒත් මුස්ලිම් අයට ළමයි හදන්න එපා කියන්න බෞද්ධයන්ට අයිතියක් නැහැ. බෞද්ධයන්ට තමන්ගේ ආගම ඇදහීමට, මුස්ලිම් මිනිස්සු බාධාවක් වෙන දවසට, ඔවුන්ට එරෙහි වෙන්න... බංගලාදේශයේ සිදුවීම් පාවිච්චි කරලා නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතිව. අන්තිමට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ "වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන් වෛරය සන්සිඳේ" කියලා. (නි)

:       4       0

සිංහ Monday, 22 October 2012 12:17 PM

මේ ගිනිතැබිම්, මිනීමැරීම්, විහාර කැඩීම් වලට හේතුව මුණු පොතේ ඉස්ලාම් කුරානයේ ගිනි තිබ්බ පින්තුරයක් ටැග් වීම. මේ වගේ සුළු දේකටත් මෙච්චර විනාශයක් කරන්න තරම් මේ මිනිස්සු මිලේච්ඡද? මේ ආගම කොච්චර ම්ලේච්ඡත්වයට උදව් කරනවද? (නි)

:       0       1

silva tabuk Sunday, 21 October 2012 07:55 PM

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙය විසඳා ගැනීම තමා නුවණට හුරු කියලා මම හිතනවා (අ)

:       0       0

ශ්‍රීසර Tuesday, 23 October 2012 09:10 AM

"සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ (ලන්ඩන්) කඨින පින්කම ලබන 10-11" "පැරිස් කඨින පිංකමට මහා පිරිසක්" "වෙරොනාව බොදු සිරියෙන් ඇළලේ" මේ අද පත්තරේ සිරස්තල කීපයක්. බටහිර / ක්‍රිස්තියානි රටවල, බෞද්ධයන්ට තමන්ගේ ආගම අදහන්න, පතුරුවන්න, සිද්ධස්ථාන ඉදිකරන්න ඒ ඒ රට වලින් ඉඩ දීලා. මිනිස්සු ඇවිත් විරෝධය පලකරපු බවක් වාර්තාවෙන්නේ නෑ. බෞද්ධයන්ට හොඳයි වෙන රටවලට ගිහින් පන්සල් හදන්න, නමුත් ලංකාවේම ඉපදිලා ඉන්න ඉස්ලාම් ආගමිකයන්ට තමන්ට ඕනෙ තැනක පල්ලි හදන්න ගියාම බෞද්ධයන්ට හැදෙන අමාරුව මොකද්ද?(ස)

:       0       0

නෙත්මිණි Monday, 22 October 2012 12:22 PM

ලුම්බිණි, හේතුව අපි දන්නවා. ඔයාල නිකන් කකා බිබී ගෙවල වලට වෙලා ඉන්ටර්නෙට් එකේ දවසම ගත කරලා බොරු පොෂ් සිංහල ජාතිකත්වයක් ඇති කෙනෙක් බව පේනවා. මේ අපේ සිංහල රටට එහෙම ඉස්ලාම් තර්ජනයක් නැහැ කියන්නේ කොහොමද? ජිහාඩ් වැනි සංවිධාන විසින් අපේ සිංහල කොල්ලන් කී දෙනෙක් මරලා තියෙනවද? ආගම් භේද ඇති කරනවා කියල චෝදනා කරන්න එපා. සිංහල රට වෙලා සිංහල බෞද්ධයාට අද වෙලා තියන දේ තේරුම් ගන්න පුලුවන්ද? ඔබගේ අදහසින් පෙනී යන්නේ ලංකාව තුල බෞද්ධයාටත් ඉස්ලාම් භක්තිකයාටත් එකම අයිතිය තියෙනවා කියලා. නමුත් බෞද්ධයාට නැති අයිතියක් මුස්ලිම්වරුන්ට අහිබවා ඔබට දැනගන්න පුළුවන් නැගෙනහිර පළාතේ සංචාරය කළොත්. සමහර ස්ථානවලට යන්න දෙන්නේ මුස්ලිම් අයට විතරයි. ආගම් භේද ඇති කරගන්නේ මුස්ලිම්වරු විසින්මයි. (නි)

:       0       0

සිංහ Monday, 22 October 2012 12:22 PM

අද ලංකාවේ වෙන්නෙත් මේ වගේම දෙයක් තමයි. මෙච්චර විනාශයක් කරන්න පුලුවන් නම් ඉස්ලාමික අයට, ඇයි අපිට පෙළපාලි යන්න බැරි? මෙතරම් විනාශයක් කළාට පස්සේ අපේ පන්සල් අස්සේ හොර මස්ජි හදන්න පුලුවන්නම් අපිටත් මක්කමේ පන්සලක් හදන්න දෙන්න. එතකොට අපි පිළිගන්නම් නියම සහජිවනේ ගැන. එතකම් කතා කරන්න එපා මුස්ලිම් ආගමේ සහජිවනේ ගැන. අපි සේරම දන්නවා. අපිව තව දුරටත් රවට්ටන්න බැහැ . ඔයාල කරන්නේ ඔයාලගේ දෙවියෝ කිව්ව දේ. සාමයේ ආගම කියා කියා අපි දැන් රැවටුනා ඇති. (නි)

:       0       0

කමල් Monday, 22 October 2012 12:34 PM

මේ සේරටම වගකියන්න ඕනෑ සර්ව ආගමික දේශ ද්‍රෝහියෝ .බෞද්ධයාගේ ආගමට දහමට තිබුණු අප්‍රමාණ භක්තිය සර්වාගමික මායාවෙන් දියකරලා දැම්මා.හැමෝම හිතන්න ගත්තා හැම ආගමක්ම එකයි කියලා. බෞද්ධයන් වන අප නිර්වාණය යන සංකල්පය මත ආර්ය අෂ්ටාංගික මගෙහි යන කොටසකි. ඔය කියන අනෙක් එකදු අගමකවත් අනික් ආගම වලට ගරු කරන්න කියලා උගන්වන්නේ නැහැ.හැකි හැම විටම අන්‍ය ආගමික දේවල් හෙළා දකින්න තමයි උගන්වන්නේ.බුදු දහම ඉදිරියට පවතින්න නම් ලංකාවේ රජය මීට වඩා විශාල රාජ්‍ය මැදිහත්වීමක් බුදුදහමේ උන්නතිය වෙනුවෙන් නොපමාව ගත යුතුව ඇත. මන්ද අනික් ප්‍රධාන ආගම් දෙකෙහි ව්‍යාප්තිය වෙනුවෙන් එංගලන්තය ඇතුළු බටහිර රටවල් හා අරාබිකරයේ රටවල් විසාල වශයෙන් මුදල් පොම්ප කිරීම ඉතා ශීඝ්‍රව කරන බැවිනි. මන්ද ලොව පවතින නිර්මාණවාදී දේව සංකල්පයට ථෙරවාදී බුදුදහමින් පහරවදින බැවිනි. (නි)

:       0       3

rohan ranatunga Sunday, 21 October 2012 08:39 PM

අන්න නියම සිංහල බෞද්ධයෝ. අනිත් අය හිවල්ල (අ)

:       0       2

Tuwan Sheriff Sunday, 21 October 2012 08:45 PM

ලොව තිබෙන් සෑම ආගමකටම ගරු කරන්න අප පුරුදු විය යුතුයි. එල්ල වුණ ප්‍රහාරය හෙළා දකිමි . (අ)

:       1       0

ජයලාල් Sunday, 21 October 2012 09:11 PM

පානදුර යනු බෞද්ධ පුනර්ජීවනයේ නගරයයි (නි)

:       0       1

නිශාන් Monday, 22 October 2012 12:59 PM

තම්බියෝ ඉදිරියේදී නෙමෙයි දැනුත් ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරනවා. ශ්‍රීසර වගේ අයට "කුරාගල, දෙවනගල, මුහුදු මහා විහාරය" වගේ තැන නොපෙනෙන හැටි...... (නි)

:       0       1

වීර Monday, 22 October 2012 01:01 PM

ඉනෝක :ඔය ඉන්දූනිසියාව ,මැලේසියාව හා ඇෆ්ගනිස්තානය වගේ රටවල් ආක්‍රමණය කළා කිව්වා නේද ? කවද්ද කව්ද ආක්‍රමණය කලේ විස්තර ඇතුව කියනවද? ඔය රටවල් කවුරුත් ආක්‍රමණය කලේ නැහැ, නිකම්ම ඉස්ලාම් ධර්මය පැතිරුනා.නිකන් බොරුවට ජාතිවාදය අවුස්සන්න එපා.කරුණාකරලා කුහකකම අතහැර විවෘත්ත මනසක් ඇතුව ප්‍රකාශ ලියන්න (ස)

:       0       0

රසිකා Sunday, 21 October 2012 09:44 PM

අපි බෞද්ධයින් වශයෙන් සියලු ආගම් වලට ගරු කළාට මෙයාලා අපිට ගරු කරන්නෙ නැහැනේ. ඒකනේ මේ ප්‍රශ්නේ. (නි)

:       0       0

චමිලා Sunday, 21 October 2012 10:01 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සිසිර Monday, 22 October 2012 01:10 PM

ලුම්බිණි ඔබ හරි...අපි මෙහේ ඉන්න නිසා ඇත්ත දන්නවා (ස)

:       0       0

නිහාල් Monday, 22 October 2012 01:43 PM

අන්තගාමි නොවන ඔක්කොම බෞද්ධ විරෝධීන් (ස)

:       0       0

නිහාල් Monday, 22 October 2012 01:46 PM

අන්තගාමි නොවන ඔක්කොම බෞද්ධ විරෝධියෙක්.ශ්‍රීසර ඔබ වෙන ආගමක් වෙනුවෙන් පෙනී සිටිනවාද ? (ස)

:       0       0

පාලිත Sunday, 21 October 2012 11:34 PM

බෞද්ධ උරුමය වෙනුවෙන්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මොනවාද විසඳා තිබෙන්නේ? (නි)

:       0       0

හර්ෂණ Monday, 22 October 2012 12:09 AM

ටුආන්, ඔයා ඔය හිතන විදිය නම් වැරදියි (නි)

:       0       0

රන්ජිත් Monday, 22 October 2012 02:46 PM

සිංහල නම් තිබුණට මෙතන අදහස් ප්‍රකාශ කරන කීප දෙනෙක්ම සිංහල නෙමෙයි වගේ (නි)

:       0       0

කමල් Monday, 22 October 2012 02:40 PM

නම වීර වුණාට ඔයාගේ වැඩ වීර නැහැ වගේ (නි)

:       0       0

සූරිය Monday, 22 October 2012 03:42 AM

ආණ්ඩුව මේ වෙනුවෙන් ඉදිරිපත් වියයුතුයි. (නි)

:       0       0

නිමල් Monday, 22 October 2012 04:11 AM

ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! (නි)

:       0       0

ඉනෝකා Monday, 22 October 2012 05:23 AM

ශ්‍රි ලාංකික බෞද්ධයා එක්සත් නොවූනොත් කවදාහරි ලංකාවට වෙන්නෙත් බංගලාදේශයට සිදුවී ඇතිදේමයි. බහුතරය බෞද්ධයන් සිටින රටේත් වෙහෙර විහාර විනාශ කරනවා, වෙහෙර විහාර ආසන්නයේ මුස්ලිම් පල්ලි ඉදිකරනවා අවුරුදු දහයක් යන්නට පෙරාතුව පන්සල බෞද්ධයාගෙන් තොර ප්‍රදේශයක් බවට පත්කරන්නවා. මේවා නොදැක්ක වාගේ බලලෝභී දෙශපාලකයෝ කටයුතු කරනවා. උන්ට දේශපාලනේ කරන්නත් රටක් තියෙන්න ඕනෑය කියා සිතන්නේ නැහැ. අද දවස ගැන විතරක් හිතනවා. උතුම් බුද්ධ ශාසනය බේරාගන්නට බෞද්ධයා භික්ෂූන් සමග පෙරට ආ යුතුවේ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 22 October 2012 06:55 AM

බුදු දහමේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් මේක හොඳ දෙයක්. ඒත් හැබැයි බුරුමේ හාමුදුරුවරු ආණ්ඩුවෙන් මරණ කොට මෙච්චර පෙළපාලි ගිය බවක් මට නම් මතක නැහැ. (නි)

:       0       0

වෙනුර Monday, 22 October 2012 06:53 AM

ඉනෝකා කියන්නේ සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

දර්ශන් Monday, 22 October 2012 07:48 AM

අප සැමගේම සහයෝගය හිමිවිය යුතුයි. (නි)

:       0       0

ශ්‍රීසර Monday, 22 October 2012 08:40 AM

මේ කරන්නේ බංගලාදේශයේ සිදුවීම් වලට විරෝධය දැක්වීමද? නැත්නම් ඒ හේතුව මුල් කරගෙන ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වල අස්ථාන බියක් ඇතිකර අන්‍ය ආගම් විරෝධයක් බෞද්ධයන් තුල ඇතිකිරීමට උත්සහ ගැනීමද? බංගලාදේශයේ ඉස්ලාම් ආගමිකයන්ගේ ප්‍රතිශතය - 89% බංගලාදේශයේ බෞද්ධ ආගමිකයන්ගේ ප්‍රතිශතය - 0.7% ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමිකයන්ගේ ප්‍රතිශතය - 70% ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගමිකයන්ගේ ප්‍රතිශතය - 9.7% බංගලාදේශයේ පසුගියදා සිදුවූ අති අමානුෂික බෞද්ධ සිද්ධස්ථාන වලට කල පහරදීම හෙලා දැකිය යුතුවේ. ඒ ගැන කිසිම විවාදයක් නොමැත. නමුත් මේ "අද බංගලාදේශයේ, හෙට ශ්‍රී ලංකාවේ" යනුවෙන් බැනර් ඔසවාගෙන ගොස් මොවුන් අපට කියන පණිවිඩය කුමක්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 966 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1583 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 346 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1432 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 482 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1214 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site