IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බෝගස්වැව පාර නොහදයි : ස්වසන රෝග නොමිලේ බෙදයි

වව්නියාවේ බෝගස්වැව ගම්මානයට යන කිලෝමීටර 40ක මාර්ගය වැසි කාලයට තනිකරම වාරිමාර්ගයකි. ‘කුඹුරකි’. අවශ්‍ය වනුයේ වී  ටිකක් ඉසීම පමණි. මේ ගම පායන කාලයට ගුරු පාට පස් දූවිලි වී පාරේ වාහන ගුරු පාටින් පින්තාරු කරයි. එම දූවිලි පාරේ යන මිනිසුන්ගේ සිරුරටද ඇතුළුවී ස්වසන රෝගද ගමටම නොමිලේ බෙදයි. වැසියෝ දරිද්‍රතාවේ පතුලේම සිටිති.

පාර හදන බවට රුපියල් දහස් ගණනක් වැය කරමින් ඉදිකළ දැන්වීම් පුවරු පමණක් පවතී. කිලෝමීටර 40ක මාර්ගයේ සෑම අඩියක් පාසාම වලවල් හැරී ඇත. පායන කාලයට බෝගස්වැව සිට වව්නියාවට එද්දී මුළු බසයම ගුරු පැහැ ගැන්වී ඇති අතර ගම්වාසීන්ගේ ඇඳුම් ද ඉබේම ගුරු පැහැ ගනී.

මේ නිසා ශ්වසන ආබාධ ඇති වන බව රියදුරෝ සහ මගීහු කියති. බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලීම් කළත් මාර්ගයේ මීටරයක් හෝ පිළිසකර නොදුන් බව ගම්වාසීහු පවසති.

ගමේ සිට වව්නියාව නගරයේ රැකියාවලට එන බෝහෝ දෙදෙනෙක් ආයතනයට පැමිණ දූවිලි වැදුණු ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් ඇඳ ගනිති. වව්නියාවේ සිට බෝගස්වැවට යෑමට ගත වන කාලය පැය දෙකකි. මේ පාරේ බස් මාර්ගය 903/1 වේ. 

gogaswawe_151218(1) gogaswawe_151218(2) gogaswawe_151218(3) gogaswawe_151218(4) gogaswawe_151218(5) gogaswawe_151218(6) gogaswawe_151218(7)

(ජායාරූප තරිඳු ජයවර්ධන)



අදහස් (0)

බෝගස්වැව පාර නොහදයි : ස්වසන රෝග නොමිලේ බෙදයි

හෆීල් Monday, 21 December 2015 11:00 AM

රට පුරාම සහෝදරයන්ගේ දැන්වීම් පුවරුවලටනම් අඩුවීමක් නැහැ. (බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Friday, 18 December 2015 08:34 PM

කෝ අනේ උතුරු වසන්තය? හැමෝම බොරුවනේ කරන්නේ. එක එක නම් වලින් ඒ මිනිසුන් රවටනවා. මේ පැත්තත් එච්චරයි. සේරම අබලන්. බදු නම් ගන්නවා එමට (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 18 December 2015 08:50 PM

පාර අත්හැර දැමූ එකක් කියලා නම් කියන්න බැහැ. ගිය ආණ්ඩුවෙන් බෝක්කු එහෙම අලුතෙන් ඉදිකරගෙන ගිය බවක් තමයි පෙනෙන්න තිබෙන්නෙ. නමුත් අලුතෙන් පත්වුණ ආණ්ඩුව අත්‍යවශ්‍ය වැඩ පසෙකලා, අනවශ්‍ය වැඩ වලට යොදන කාලය වැඩිකළවිට මේ වගේ නස්පැත්ති වෙනවා (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Friday, 18 December 2015 08:54 PM

සමන්, ඔය අගේට කරපුවා හෙළිවෙන්නේ, නේද? (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 18 December 2015 09:15 PM

ඉදිරියේදී ශ්‍රී ලංකාවට අත්වීමට තිබෙන ඉරණම සිතාගත නොහැක (නි)

:       0       0

අබය Friday, 18 December 2015 11:32 PM

තේරෙන්නේ නැහැනේ ඔයාලට. ඔය ඔහොම තියලා තියෙන්නේ පොළොව පදම් වෙන්න. ඊටපස්සේ අවුරුදු දහයකින් පාර හදනවා. (නි)

:       0       0

ගයාන් Saturday, 19 December 2015 12:30 AM

සමහර කට්ටිය ඡන්දෙ දුන්නේ පාර හදන්න පටන්ගත් අයට නෙමෙයිනේ. ඉතින් හදන්න ගත්ත පාර හදලා ඉවර කරන්නේ කවුද? ඊළඟ ඡන්දෙ එනතුරු යන්න තමයි වෙන්නේ ඔය විදිහටම (නි)

:       0       0

තිනුකි Saturday, 19 December 2015 02:41 AM

මහින්ද මහත්තයාගේ අගය දැන් තමයි තේරෙන්නේ (නි)

:       0       0

තිස්ස Saturday, 19 December 2015 04:28 AM

ඡන්ද දැන්වීම් ගහපුවත් දැම්මා නම් තමයි හොඳ (නි)

:       0       0

තිස්ස Saturday, 19 December 2015 05:30 AM

මොකටද මෙහෙම දේශපාලඥයෝ? (නි)

:       0       0

සමන් Friday, 18 December 2015 11:09 AM

දැන්වීම් පුරු දාල වැඩ පටන් ගන්නකොටනේ එලවගත්තේ . දැන් ඉතින් අලුතින් පත්කරගත්ත උදවියටම කියන්න හදල දෙයි. (ර)

:       0       0

අමල් Friday, 18 December 2015 11:14 AM

පව් අසරණ ගම් වැසියෝ. (ර)

:       0       0

අජිත් Friday, 18 December 2015 11:12 AM

මහින්ද මහත්තයා හදපු ඒවා නවත්තලා තියෙන්නේ. (ර)

:       0       0

සුමිත්‍ර බස්නායක Friday, 18 December 2015 11:22 AM

ලංකාවේ වැඩි හරියක්ම තියෙන්නේ ඔය වගේ ගම්මානනේ. ලංකාවේ අග නගරේ ලස්සනට තිබුනාම ඔක්කොම හරිනේ. කොළඹට කිරි ගමට කැකිරි. (ර)

:       0       0

බණ්ඩාර Saturday, 19 December 2015 06:07 AM

මහින්ද මහත්තයෝ, ඔබ නැති රඟ දැන් ජනතාවට පේනවා. ඔබ සිටියා නම් මේ පාර මේ වෙනකොටත් හදලා. (නි)

:       0       0

සහන් Friday, 18 December 2015 12:24 PM

අනේ දෙවියනේ මේ මිනිස්සු විඳින කරදරයක්! (නි)

:       0       0

සමන් Sunday, 20 December 2015 07:02 AM

නිමල් රාජපක්ෂ, මොනවද හෙලිවුනේ (බ)

:       0       0

ජයවික්‍රම Friday, 18 December 2015 01:24 PM

කොළඹ මෙගා කරන්න හදන ඇමති තුමාලා හැදාම කතා කෙරුවෙ මේ වගේ දුෂ්කර ප්‍රදේශ සංවර්ධනය කිරීම ගැනයි. දැන් බස්නාහිර පළාතට කොටු වෙලා ඉන්නවා.(ර)

:       0       0

සම්පත් පතිරණ Saturday, 19 December 2015 07:14 AM

මහින්ද පටන් ගත්තා.... යහපාලානය නතරකළා... (නි)

:       0       0

විජිත Friday, 18 December 2015 02:16 PM

මම මේ ගම්මානයට කීපවරක් ගොස් තිබෙනවා අසරණ මිනිසුන්ට සහ ළමයින්ට පොත්පත් සහ නොයෙක් දේ අරගෙන. මේ ගම්මාන වල ඉන්නේ අලුතින් පදිංචි වුණ අය. හරිම දුෂ්කර ගම්මාන (නි)

:       0       0

පියානී වීරකෝන් Saturday, 19 December 2015 08:54 AM

අයියෝ පවු අහිංසක මිනිස්සු ගැන සොයන්න කවුරුත් නැද්ද (අ)

:       0       0

සිසිර Friday, 18 December 2015 03:45 PM

මේ වගේ දුක්විඳින ජනතාව තව කොච්චර ඇද්ද? (නි)

:       0       0

සුසන්ත Friday, 18 December 2015 03:46 PM

පාරවල් හදපු ආණ්ඩුව ගෙදර යවලා දැන් පාරවල් ඉල්ලනවා... (නි)

:       0       0

සුසන්ත Friday, 18 December 2015 03:51 PM

දැන් කොහොමත් ගම නැඟුම ඉවරනේ.... ඉතින් ඔහොම ඉන්නවෙයි දුවිලි කාගෙන තව අවුරුදු 5ක්... (නි)

:       0       0

සමන් Friday, 18 December 2015 10:17 AM

"පාර හදන බවට රුපියල් දහස් ගණනක් වැය කරමින් ඉදිකළ දැන්වීම් පුවරු පමණක් පවතී" ඇත්ත! පෙනෙනවා නේද එතනම තියන බෝක්කුවට කොන්ක්‍රීට් දාල,දැන් වැඩ නැවතිලා තියෙන බව.දැන් රට බාර ගත්ත අය ඒවාට වගකියන්න ඕනේ (අ)

:       0       0

ලලිත් Friday, 18 December 2015 10:22 AM

මේ තරම් ඇත ගම්මනෙක ඉන්න පවුල් කිහිපයකට කොටි ගණනක් වියදම් කරලා පාරක් හදල, විදුලිය ජලය වගේ පහසුකම් දීල, රටේ අනිත් පැතිවල වගේ සියලු පහසුකම් දෙන්න වියදම් කරන පු සලින් මේ පිරිස එම පහසුකම් ඇති පළාතක අති නවීන නිවාස පද්දතියක් හදල එව්වගේ යලි පදිංචි කරන එක වඩාත් ප්‍රයෝජනවත් සහ ලාබ දායක වෙන්න බැරි නැහැ. වෙන එකක් තබා අර පහසුකම් නඩත්තු කරන්නට යන මුදලින් මේ අයට දීමනාවක් ගෙවන්නත් පුළුවනි. මේක සමහර රටවල්වල කරනවා. හැබැයි විකල්ප යෝජනාවක් විතරයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 824 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1034 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 203 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5008 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1614 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31109 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site