IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බිග් මැච් පිස්සුවෙන් කොළඹ පාරවල් හිරවේ

කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලයන්හි වාර්ෂික ක්‍රිකට් තරගයට සහාය දක්වමින් එම විදුහල් දෙකෙහි සිසුන් හා ආදි සිසුන් වාහනවල නැගී පාසල් කොඩි ලෙලවමින් මහ පාරේ යෑම නිසා කොළඹ ප්‍රධාන පාරවල් රැසකම වාහන තදබදයක් ඇති විය.

හෝර්ටන් පෙදෙසින් නෙළුම් පොකුණ අසල පාරත්, මහජන පුස්තකාලය අසල පාරත්, ඇස් වාට්ටුවේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට යන වාහනත් මාර්ගය දිගට පෝලිම් ගැසී තිබිණි.

හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ළඟ සිට නෙළුම් පොකුණ අසලට පැමිණීමට වාහනවලට පැයකට වඩා ගත විය.

පොලිසියද සිටි නමුත් නිසි වාහන පාලනයක් දක්නට නොලැබිණි. උදේ කාර්යාලවලට යන සේවකයන්ගේ රතු ඉර පාරේදීම වැදී තිබිණි. විදුහල් දෙකෙහි සිසුන් පාරේ හා වාහනවල යමින් අනෙකුත් මගීන්ට හා රථවාහනවලට බාධාවන පරිදි හැසිරෙන ආකාරය දැකිය හැකි විය.

colombo20160304_101947 colombo20160304_102119 colombo20160304_102152



අදහස් (0)

බිග් මැච් පිස්සුවෙන් කොළඹ පාරවල් හිරවේ

ලුම්බිණි Friday, 04 March 2016 05:14 AM

මොකද මේ වගේ පිස්සු වැඩ කරන්න ඉඩ දීල පොලිසිය බලාගෙන ඉන්නේ? (ම)

:       0       0

පිටිගල Friday, 04 March 2016 05:23 AM

එකට කමක් නැහැ. කට වහගෙන ඉන්නවා හොඳයි! ඒ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න පුර වැසියෝ. (ම)

:       0       0

බන්දුල Friday, 04 March 2016 05:24 AM

මේ ළමයි මේ කාලයට ඔව උදුමුවා ගෙන තමයි හැසිරෙන්නේ (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 04 March 2016 05:47 AM

පොලිසියට කරන්න දෙයක් නැහැ.ඉහල අණකින් නියෝගයක් දෙනකම් ඔව්න් බලා ඉන්නවා. අනෙක ඔය පාසල් වල ඉන්නෙත් සුපිරි දරුවොනේ.පොලිසිය හිතු මනාපෙට නාගන්න ගිහින් වුණ දේවල් මතක ඇතිනේ......(බ)

:       0       0

සරත් Friday, 04 March 2016 05:42 AM

ලොකු උන්ගේ ළමයිනේ එ්කයි පොලිසිය බය (බ)

:       0       0

රොහාන් දයාදර Friday, 04 March 2016 05:52 AM

පුරවැසියෝ නෙමෙයි, මොවුන් අනාගතය උලාකන කට්ටියක් (නි)

:       0       0

කුමුදු Friday, 04 March 2016 05:45 AM

ඕවට එන්නේ ලොකු බල ඇති අයගේ ළමයිනේ. තාම රාජ ඌෂ්ණේ තියනවා (නි)

:       0       0

රාමනායක Friday, 04 March 2016 05:53 AM

ඔය ලොකු ලොකු පාසල් වල ඉන්නේ කොහොමත් ඔය වගේ පිස්සු ළමයිනේ (නි)

:       0       0

යොහාන් Friday, 04 March 2016 05:50 AM

බිග් මැච් ගහන්නේ මෙහෙමද? (නි)

:       0       0

විජිත Friday, 04 March 2016 06:03 AM

මෙහෙම පොලිසි වලින් වැඩක් නැහැනේ බලනකොට (නි)

:       0       0

යසපාල Friday, 04 March 2016 05:56 AM

මේක දැන් රටේම තිබෙනවා. කොළඹ ඉස්කෝල ගොඩක් තියනවා. කොළඹ ජනාකීර්ණ කරගත්තට ළමයි සහ ඉස්කෝල පළි නැහැ. අනිත් අයට රතු ඉර වැදුනට කමක් නැහැ, ඉරට කලින් ඇවිල්ලා කරපු හරිය නිසා රට දැන් ගොඩක් දියුණු වෙලා තියෙනවනේ. අපි ළමයින්ගේ ලෝකය විනාශ නොකර ඉඳිමු. (නි)

:       0       0

පලිහවඩන Friday, 04 March 2016 05:58 AM

ඔව් මමත් අද උදේ මරදානේ ඉඳලා කොල්ලුපිටියට එන්න පැයක් විතර ගියා. ළමයි හැසිරුනේ හරිම නොහොබිනා විදියට. වාහන කීපයක් හප්පලා තිබුනා. ටවුන් හෝල් හරියට කිට්ටු වෙනකොට පොලිසිය ළමයින් බයෙන් වගේ හැසිරුනේ. මේවා වහාම නැවැත්විය යුතුයි. අහිංසක දෙමාපියන් බැනුම් අහන්නේ. පව්. (නි)

:       0       0

නන්ද Friday, 04 March 2016 06:00 AM

කොච්චර හොඳද? රටේ ප්‍රධාන බොදු පාසල් දෙකක ළමුන් හැසිරෙන හැටි? බිග් මැච් කාලෙට ළමුන්ට බියර් පොවන්න පොළඹවනවා කියන කොම්පැනි වල උත්සාහය සාර්ථකයි වගේ (නි)

:       0       0

පෙරේරා Friday, 04 March 2016 06:12 AM

ලුම්බිණි, එහෙම වෙන්නේ එක්කෝ පොලිසියටත් පිස්සුද නැත්නම් පොලිසිය මෝඩද කියන එක මත තමයි. හැබැයි ඒ දෙකෙන් කොයිකද කියන එකත් ප්‍රශ්නයක්!! (නි)

:       0       0

විකුම් Friday, 04 March 2016 06:13 AM

ඇයි ළමයින්ට බයද පොලිසිය? (නි)

:       0       0

යාපා Friday, 04 March 2016 06:17 AM

අනේ හැබෑට දැන් හැදෙන ළමයින්ගේ හැටි? (නි)

:       0       0

සුනිල් Friday, 04 March 2016 06:23 AM

මේ ළමයි හිතන්නේ ‍මෙහෙම කරන එක මහා ලොකු ‍වීරකමක් කියලා (නි)

:       0       0

සුමිත් Friday, 04 March 2016 06:33 AM

මේ සොඳුරු මතකයන් ගැන කොළඹ අය දන්නවා. කාටහරි අපහසුවක් වුණානම් සමාවන්න (නි)

:       0       0

සෑම් Friday, 04 March 2016 06:42 AM

අපිත් උසස් පෙළ කාලේ ඔහොම "ට්‍රක්" ගියා. 1979 ශත සංවත්සර මැච් එක දිනක පැය පහක් විතර කුරුඳුවත්ත පොලිසියේ අපේ වාහනය ගාල් කරගෙන අපිවත් තියාගෙන හිටියා. අපෙන්ම සල්ලි අරන් අපිට කන්නත් ගෙනත් දුන්නා. හැබැයි එතකොට මෙච්චර වාහන තදබදයක් නැති නිසා ප්‍රශ්න අඩුයි. මම නම් මේ දිහා බලන්නේ උපේක්ෂාවෙන්. අමරදේව මහතාගේ "මමත් ඔහොම ගිය හැටි මතකයි, මට හොඳ හැටි මතකයි'' මතක්වෙනවා (නි)

:       0       0

සිරි Friday, 04 March 2016 06:47 AM

පාසැල් සමයේදි බිග් මැච් කාලෙදි නොගන්න විනෝදය කවද ගන්නද?. කොල්ලෙක් වුණාම ඒ ඒ කාලෙට කරන්න ඕනෙ දේවල් තියෙනවා. මේත් එයින් එකක් විතරයි. (ම)

:       0       0

හිෂාන් Friday, 04 March 2016 07:00 AM

සෑම් මහත්තයා, ඇත්තටම "මමත් ඔහොම ගිය හැටි මතකයි, මට හොඳ හැටි මතකයි''. එහෙම තමයි හැමදේම කරන්න පුළුවන් කාලයක් තියෙනවා. වයසට ගියාම ඕවා කරන්නද? (නි)

:       0       0

රොෂාන් Friday, 04 March 2016 07:11 AM

අර පාර හැමදාම අවහිරකරන විශ්ව විද්‍යාල කට්ටිය වෙන්න ඇති මේ සමහර අදහස් දාලා තියෙන්නේ (නි)

:       0       0

චාමර Friday, 04 March 2016 07:18 AM

මට මේ සමහර ප්‍රතිචාර ගැන තියෙන්නේ කණගාටුවක්. අපි හැමෝටම පාසල් කාලයක් තිබුනා. අපි ගොඩක්ම විනෝදෙන් ජීවිතය ගතකළේ එම පාසල් කාලයේ තමයි. ඒ අවස්ථාව හැමෝටම තිබිය යුතුයි. අපි ඒවාට අකුල් හෙළන්න හොඳ නැහැ. නමුත් ළමයිනුත් සීමාව දැනගත යුතුයි. මෙතැනදී නම් මේ ළමයින්ට දොස් කියන්න මට නම් හේතුවක් පෙනෙන්නේ නැහැ. මොකද අපි මේ ඉස්සර දේශපාලකයෝ පාරවල් අවහිර කරගෙන ඉන්නකොට ඉවසගෙන හිටියනේ. අනික මේ ළමයි මේ කරන්නේ සමාජවිරෝධී වැඩකුත් නෙමෙයිනේ. (නි)

:       0       0

සහන් Friday, 04 March 2016 07:25 AM

හැම දේකම දෙපැත්තක් තියෙනවා. මේ වැඩෙන් පාර බ්ලොක් වෙන්න ඇති. ඒත් මේක ළමයින් පාසල් කාලේ ගන්න සුන්දර අත්දැකීමක්. මහා ක්‍රිකට් තරග පාසල් මට්ටමින් හොද ක්‍රීඩකයින් බිහි වීමට ලොකු අවස්ථාවක්. සහෝදර පාසල් අතර සුන්දර සටනක් මේක. අද බනින සමහරක් අය එදා ඒ කට්ටියගේ පාසල් කාලේ මීට වඩා පිස්සු නටන්න ඇති පාරේ. හැමදේකටම ලිමිට් එකක් තියෙන්න ඕන. ළමයි ඒකත් ඔළුවේ තියා ගත්තනන් කාටත් හොදයි. තව එකක් පාර බ්ලොක් නොවෙන්න " වෙහිකල් පෙරඩ් " යන්නත් බෑ. (ර)

:       0       0

ධනුෂ්ක Friday, 04 March 2016 07:32 AM

චාමර, ඉස්සර දේශපාලනඥයො පාර අවහිර කරගෙන හිටියෙ යුද්ධය නිසා. එහෙම පාරවල් වහගෙන ගිය දේශපානඥයොම තමයි යුද්ධයත් ඉවරකළේ. හැබැයි මේ ළමයි මේ පාරවල් වහගෙන යන්නෙ ආරක්ෂාවටවත් අවශ්‍යතාවයකටවත් නොවේනේ. සති අන්තයේ නම් කමක් නැහැ. වැඩකරන දවසක මෙහෙම කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ. අනෙක ලක්ෂ 3.5 වගේ ඉන්න ශිෂ්‍යයින් අතරින් 25000 ක් වගේ සුළු පිරිසකට විතරනේ මේ වගේ පිස්සු තියෙන්නේ. ගමේ පාසලක ළමයි ටිකක් ක්‍රීඩා උත්සවයට ලී ටිකක් පාරෙ අරගෙන යනකොටත් අත්අඩංගුවට ගන්නා පොලීසියට මේ වගේ දේවල් පාලනය කරන්න බැරි ඇයි. (නි)

:       0       0

නොයෙල් Friday, 04 March 2016 08:04 AM

"මමත් ඔහොම ගිය හැටි මතකයි, මට හොඳ හැටි මතකයි''. එහෙම තමයි හැමදේම කරන්න පුළුවන් කාලයක් තියෙනවා. (ර)

:       0       0

මහානාම Friday, 04 March 2016 08:23 AM

චාමර, මමත් ඔහොම ගිය හැටි මතක් වෙනවා. ඉස්කෝලේ කාලේ කරන්නේ නැතුව කවදා කරන්නද?(හේ)

:       0       0

දහම් Friday, 04 March 2016 08:44 AM

ගිය ආණ්ඩු කාලේ මේවට ඉඩදුන්නේ නැහැ. සල්ලි එකතුකරන්න දුන්නෙත් නැහැ. දැන් යහපාලනය යටතේ ඕනෑ සෙල්ලමක් දාන්න පුළුවන්. (නි)

:       0       0

රිහාන් Friday, 04 March 2016 08:42 AM

බිග් මැච් දඹුල්ල හෝ මාතරට ගෙනිච්චා නම් නම් හරි (හේ)

:       0       0

ඉෂාක් Friday, 04 March 2016 09:13 AM

මහින්ද මහතාගේ පුතුන් මේවා කරනකොට කවුරුත් මොකුත් කිව්වේ නෑැහැ. අසරණ කොල්ලන්ට තමයි ලොකුකම් දාන්න එන්නේ ඔක්කොම.... (නි)

:       0       0

බන්දුල Friday, 04 March 2016 09:15 AM

ඉහළ පාසල් වල ළමයි කොහොමත් ඉන්නේ අනෙක් අයට වඩා ඉහළින්නේ (නි)

:       0       0

සරත් Friday, 04 March 2016 09:37 AM

ළමයින්ටත් අවස්ථාවක් දෙමු. හැමදාම ඔය කාලය නැහැනේ ... (ර)

:       0       0

චන්දන Friday, 04 March 2016 09:58 AM

මේ පාසල් දෙකෙන් බිහිවුණ දරුවෝ රටට කර ඇති සහ කරමින් ඉන්නා සේවයද අපරිමිතය. අවුරුද්දකට එක දවසනේ. මේ අදහස් දාන අයවත් එයාලගේ දරුවෙක්වත් මේ පාසල් වලට යන්නේ නැති බව පෙනෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1022 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2070 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1000 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2426 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1697 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24952 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site