IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බෑග් රෝදෙ රත්තරන්

රුපියල්  ලක්ෂ දාහතරහමාරක් පමණ වටිනා රත්තරන් කූරු දෙකක් තම ගමන් මල්ලේ පතුලේ දාර වල  සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික  තරුණයෙකුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ රේගුව එම රන් කැබලි දෙක රාජසන්තක කළේය.

සැකකරු 24 හැවිරිදි කොළඹ මරදාන ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු මීට පෙර බ‍්‍රිතාන්‍යයේ රැකියාවක් කළ  අයෙකු බවද අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ රන් කූරු දෙකෙහි බර ග‍්‍රෑම් 287 කි.

ඔහු  අද මදුරෙයි බලා යාමට කටුනායක ජාත්‍යක්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී   අත් අඩංගුවට ගත් බව රේගුව කියයි. ඔහුගේ ගමන් මල්ලේ පතුලේ රෝද සවිකරන ඇළුමිනියම් දාරයේ  තිබී මෙම රන් කූරු සොයාගත් බව රේගුව කියයි. 

රේගු නිලධාරින් විසින් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ   රන් පවුමක් මෙරටින් පිටකිරීම සඳහා සඳහා රුපියල් 4500 ක මුදලක් ගෙවන බව තැරව්කරුවෙකු විසින් පැවසු බැවින් එම මුදල් ලබා ගැනීම සඳහා මෙම ක‍්‍රියාව සිදු කළ බවයි.

මින් පෙර මෙවැනි දේ නොකළ බවත් මේ පළමු අවස්ථාව බවත් ඔහු රේගුවට පවසා ඇත.   

මේ පිළිබඳ රේගු පරික්ෂනය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින්  සිදු කළ අතර  විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී එච්.කේ.කේ කරුණාසේකර, සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.බී.ඞී වීරසිංහ, ආර්.ඒ.එල්.වී රණතුංග, ඩබ්ලිව්.වී.එම් මධුෂංක යන නිලධාරීහු  සිදු කළහ. 



අදහස් (0)

බෑග් රෝදෙ රත්තරන්

වන් ෂොට් Thursday, 21 November 2013 01:32 PM

තබුක් සිල්වා,මේ අල්ලන රත්තරන් පසුව යකඩ කරලා පරණ යකඩ වලට විකුණනවා වෙන්න ඇති. පිළිතුරින් ඔබ සෑහිමකට පත් වුණාද? (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 20 November 2013 04:09 PM

මෙහෙ අල්ලන රත්‍රන් වලට මොකද වෙන්නෙ ? (ස)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 04:11 PM

මම නම් හිතන්නෙ අපි කොපමණ මේ වගේ ප්‍රවෘත්ති ඇහුවත් ඒ අහුවෙනවට වඩා ප්‍රමාණයක් කොහොම හරි රටින් පිටවෙනවා ඇති.නැත්නම් මේ අහුවෙන විදියට තවත් මෙහෙම කරයිද?? (ස)

:       0       0

මිනිපෙ Wednesday, 20 November 2013 10:19 PM

අනේ මේ වගේ මෝඩයෙක්,කුරු නම් වෙන ඕන තරම් තියෙනවා හංගගෙන යන්න (ස)

:       0       0

දොඩන්ගොඩ Wednesday, 20 November 2013 05:34 PM

කුමාරි කියන දෙය හරි . ඔය එකක් දෙකක් අහුවන විට රේගුවේ ඇස වසා ගොඩක් යනවා එති . රෙගු නිලදාරීන් සියලුම දෙනා අවංක නැති නිසා . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 108 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 79 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1650 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 691 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1610 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1288 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site