ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීමේ 52 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ඒ අනුව මෙම වසරේදී පැවැත්වෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටමේ සිටින ක‍්‍රීඩකයන් 38 දෙනා අතර සිටින නිලූක එම ක‍්‍රීඩකයන් අතරින් 27 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ද සමත්ව ඇත. ප‍්‍රසාද ලකුණු 25488 ක් ලබා සිටින නිලූකට ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට යෑමේ අවස්ථාව දැන් වඩාත් හිමිව තිබෙන බවද වාර්තාවේ. ලෝක බැඞ්මින්ටන් සම්මේලන නවතම ශ්‍රේණිගත කිරීමේ ලේඛනය ඊයේ (23) ප‍්‍රකාශයට පත් කෙරිණ. ඉකුත්දා ඉරානයේ පැවැති ‘ඉරාන් ෆාජ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම නිසා නිලූකට ලෝක ශ්‍රේණිගත කිරීමේ 63 වැනි ස්ථානයේ සිට 52 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට අවස්ථාව හිමිවිය. චීනයේ මැකාවෝහිදී පැවැති තෝමස් කුසලාන ලෝක බැඞ්මින්ටන් තරගාවලියට (කණ්ඩායම්) සුදුසුකම් ලැබීමේ ආසියානු තරගාවලියට ද නිලූක සහභාගිවීම නිසා එයින්ද ඔහුට ප‍්‍රසාද ලකුණු ගණනක් හිමිවිය. නිලූක පවසන්නේ අපේ‍්‍රල් මාසයට පෙර අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලි තුනකට සහභාගිවී ජයග‍්‍රහණ ලබා ලෝක ශ්‍රේණිගත කිරීමේ තවත් ඉදිරියට ඒමේ අපේක්‍ෂාවෙන් පසුවන බවයි. ඔහු ඉදිරියේදී විශේෂ පුහුණු වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය.
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැඞ්මින්ටන් ශූර නිලූක 52 වැනි ස්ථානයට එයි