IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


​බජිරවෝගේ ආත්මය සැරිසරන මහාරාෂ්ට‍්‍රය

2016-06-03-ent-54

2016-06-03-ent-55ශානිවර් වාඩා හෙවත් බජිරවෝ මස්තානි චිත්‍රපටයේ ඔබ දුටු බජිරාවෝගේ මාලිගය ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පූනේ පිහිටි තවත් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් සටහන් කරන මෙම ස්ථානය වටා ගෙතුණු කතාන්දර රාශියකි. ශානිවර් යනු සෙනසුරාදා යන්නයි වාඩා යනු ගොඩනැගිලි සංකීර්ණය අර්ථ දෙන්නකි. බජිරවෝගේ ආත්මය මෙහි සැරිසරන බවට ඉන්දියානුවන් තුළ විශ්වාසයක් පවතියි. නමුත් බජිරවෝගේ පුත්‍රයා වුණු නාරායන්ගේ ආත්මයේ විලාපය තවමත් මධ්‍යම රාත්‍රියේ ඇසෙන බව ඉන්දියානුවන්ගේ මතයයි.

බජිරවෝ මස්තානි චිත්‍රපටය බොහෝ දෙනා වැලඳගත් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ එම සැබෑ මාලිගය සහිත ස්ථානයේ නොව වෙනම දර්ශන තල සකස් කරන ලද ස්ථානයකය. බජිරවෝ මස්තානි චිත්‍රපටයේ කතාවස්තුවේ ඇතැම් අංග කෙරෙහි ඉන්දියානුවන් පවසා සිටින්නේ සත්‍ය කතාවට අමතරව අධ්‍යක්ෂකවරයා ඇතැම් අංග එකතු කර ඇති බවයි. කෙසේ නමුත් බජිරවෝ සහ මස්තානි නමැති මුස්ලිම් බිසව සහිත කතා වස්තුවේ හරය ඉන්දියානුවෝ ආදරයෙන් වැලඳ ගනිති.

බජිරවෝ යනු ඉන්දීය අධිරාජ්‍යයේ ඉතාම බලවත් අමාත්‍යවරයෙකි. 1730 යුගයේදී බජිරවෝ නමැති රණකාමියා වාසය කළ අතර, 1828 වනවිට පැවති යටත්විජිත කාලයේදී විදෙස් ආක්‍රමණිකයන්ගේ යටතට පත්වුණු අවධියේ මෙම මාලිගාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ විය. මෙම මාලිගයේ ඇතුළත සම්පූර්ණයෙන්ම දැවවලින් සාදා තිබීම නිසා එම ගින්නෙන් මුළුමනින්ම විනාශ වී අද ඉතුරුව ඇත්තේ ගින්නට හසුනොවුණු ප්‍රධාන ද්වාරයේ ගොඩනැගිල්ල සහ අත්තිවාරම් පමණි.

ශානිවර් වාඩා නමැති මෙම ගොඩනැගිල්ල බජිරාවෝ විසින් ඉදිකර ඇත්තේ මෙම භූමියේ තමන් දුටු විශේෂ සිදුවීමක් හේතුවෙනි. එනම් හාවෙකු සුනඛයෙකු පසුපස ලුහුබඳින අවස්ථාවක් ඔහු මෙම භූමිය තුළ දැක ඇත. මේ සිදුවීම දුටු බජිරවෝ ඒ පිළිබඳ ආශ්චර්යයට පත්වී භූමිය සතු කිසියම් විශේෂත්වයක් අවබෝධ කරගෙන ඔහුගේ මාලිගය ඉදිකර ඇත. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉතාම ආරක්‍ෂිත ආකාරයෙන් සකස්කර ඇති අතර, ඕනෑම සටනකදී සතුරු ආක්‍රමණයකදී ඊට මුහුණදිය හැකි අයුරින් ඉදිකර ඇත. මෙහි ආරක්ෂක මුරකාවල් සහිත ප්‍රාකාර පද්ධතියක්, ප්‍රධාන ද්වාර පහක්, ආරක්ෂක කුලුනු නවයක් සහ වැස්මක් සහිත උද්‍යාන සංකීර්ණයකින්ද සමන්විත වේ.

ගොඩනැගිල්ලේ නටබුන් අධ්‍යයනය කිරීමේදී එය ඉදිකිරීමේදී ආරක්ෂාවට මූලිකත්වය දී ඇති බව ඉතා හොඳින් ගම්‍යමාන වේ. මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන ද්වාරය දිල්හි දර්වජා නමින් නම් කර ඇත. ඊට හේතුව දිල්ලිය නගරයට මුහුණලා එම ද්වාරය පිහිටා තිබීමයි. අනෙක් ද්වාර ගනේෂ්, මස්තානි, ජම්භාල්, ඛිද්කි නමින් නම්කර ඇත. මෙහි තවත් ද්වාරයක් ඇත අද එය නම්කර ඇත්තේ නාරායන් ද්වාරය ලෙසයි. ඊට හේතුවුණු කතාවක් ඇත. බජිරවෝගේ මරණයෙන් පසුව ඔහුගේ පුතුට එම තනතුර හිමිවීමට නියමවී තිබිණ. නමුත් බජිරවෝගේ සහෝදරයෙකු එම තනතුර ලබාගැනීම සඳහා බජිරවෝගේ පුතුව සිරකරන ලෙස සෙබළුන්ට නියම කර ඇත. නමුත් ඔහුගේ හිතාදරයන් නාරායන් ජීවත්වීම කෙදිනක හෝ අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට හේතුවේ යැයි සිතා සිරකරන ලෙස ලබාදුන් නියෝගය ඔහුව විනාශ කරන ලෙස සෙබළුන්ට නියෝග ලබාදී ඇත.

නාරායන් පසුපස සෙබළුන් හඹායද්දී තමාව බේරාගන්නා ලෙස විලාපදෙමින් නාරායන් කොටුපවුර වටා දිවගොස් ඇත. එහිදී නාරායන් ද්වාරයෙන් පැනයාමට උත්සාහ කිරීමේදී කොටුවී එම ස්ථානයේ ඝාතනය විය. ඉන්දියානුවන්ගේ මතය අදටත් නාරායන්ගේ විලාපය සඳ ඇති රාත්‍රියට එම ද්වාරයෙන් ඇසෙන බවයි. එසේම නාරායන් ද්වාරය සදාකාලිකවම වසා දමා ඇත. අදටත් එය විවර කරන්නේ නැත. එම ද්වාරය මූලයේ සිටගෙන සිටීමේදී අමුතු ගුප්ත බවක් දැනෙන බවට ඉන්දියානුවෝ පවසති. සංචාරයකයන් එම ස්ථානයේ මදක් රැඳී එය විඳගන්නා අයුරු සංචාරයේදී දැකගත හැකිවිය. බලය වෙනුවෙන් ඝාතන රැසක් සිදුවුණු මෙම මාලිගය වටා ගෙතුණු ගුප්තබව තවත් වැඩිකරමින් ඉන්දියානුවන් සතුව මෙම මාලිගය වටා ගෙතුණු හොල්මන් කතා රාශියක් පවතියි.

1745 වනවිට මෙම මාලිගය සම්පූර්ණයෙන්ම සාදා අවසන් කර ඇත. ඒ සඳහා දරා ඇති වියදම ඉන්දියානු රුපියල් 16,110 ක් බව සඳහන් වේ. ඒ යුගය වනවිට ඒ මුදල අතිවිශාල මුදලකි. 1760 පමණ වනවිට මේ කොටුපවුරේ ඇතුළත මාලිගයේ දහසකට ආසන්න පිරිසක් වාසය කර ඇති බව සඳහන් වේ. 1818 වනවිට බ්‍රිතාන්‍යයන් විසින් මෙය පරිහරණය කර අවසානයේ ගින්නෙන් විනාශ විය.

මෙම මාලිගය ඇතුළත පිටතට විහිදෙන උමං මාර්ග පද්ධතියක්ද ඇත. හදිසි තත්ත්වයකදී ආරක්ෂාව සඳහා පලා යාමට මෙය සකස් කර ඇත. එම උමං ඉතාම විධිමත් ලෙස සකස්කර ඇති අතර අශ්වයෙකුගේ පිට නැගී පලා යා හැකි තරම් උසකින් යුක්තව පොළව යටින් ඈත කඳු මුදුනකට විහිදෙන ලෙස සකස් කර ඇත. උමං ගබඩා පද්ධති ඇතුළු භූගත සංකීර්ණයක මෙහි ඇත. සම්පූර්ණයෙන්ම රණකාමියෙකුගේ මාලිගයක් ලෙස ආරක්‍ෂිත වටපිටවකින් සකස් වී ඇති අතර, විචිත්‍රවත් චිත්‍ර සහ ගෘහ නිර්මාණයන්ගෙන් නිර්මිත බව සඳහන් වේ. මහා භාරතය සහ රාමායනය එහි ඇතුළත බිත්තිවල චිත්‍රණය කර තිබූ බවද සඳහන් වේ. දැව මුවා ගුහ නිර්මාණවලින් යුක්ත මාලිගය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.

 

එච්.ඒ. ගයාන් මධුශංඛ 

 

2016-06-03-ent-53
2016-06-03-ent-52
2016-06-03-ent-51
2016-06-03-ent-50
2016-06-03-ent-49
2016-06-03-ent-48
2016-06-03-ent-47
2016-06-03-ent-46
2016-06-03-ent-45
2016-06-03-ent-44
2016-06-03-ent-43
2016-06-03-ent-42
2016-06-03-ent-41
2016-06-03-ent-40
2016-06-03-ent-39
2016-06-03-ent-38
2016-06-03-ent-37
2016-06-03-ent-36
2016-06-03-ent-35
2016-06-03-ent-34
2016-06-03-ent-33
2016-06-03-ent-32
2016-06-03-ent-31
2016-06-03-ent-30

 



අදහස් (0)

​බජිරවෝගේ ආත්මය සැරිසරන මහාරාෂ්ට‍්‍රය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1053 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4200 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1313 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 763 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1089 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 724 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site