IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


බටානා වත්තට පැන්නැයි ළමයෙක්ට ගහලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 කල්පිටිය මංඩලකුඩාව ප්‍රදේශයෙ වගාබිමක බටානා සොරා ගත්තැයි චෝදනා කරමින් වතු හිමිකරු හා සේවකයකු 14 හැවිරිදි කුඩා දරුවකුට අමානුෂීක ලෙස පහර දීමේ චෝදනාවට අදාල සැකකරුවන් කල්පිටිය පොලිසිය විසින 30 දින සවස අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ  කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙකු බව කියයි.

පහර කෑමට ලක්වු දරුවා හා තවත් දරුවන් දෙදෙනෙකු 30 දින සවස මංඩලකුඩාව කලපුවේ මට්ටි අල්ලමින් සිට නැවත  මෙම වගා බිම ආසන්නයෙන් ගමන් කරමින් වතු හිමිකරු හා සේවකයකු දරුවන් වෙත කඩා වැදි තෝපි බටානා සොරකම් කලා නේදැයි විමසමින් බැන බැදි ඇති බව කියයි.

ඒ වන විටත් මෙම දරුවන් කලපුවේ මට්ටි අල්ලමින් සිටි බවත් බටානා සොරකම් නොකල බවත් දරුවන් දිවුරමින් වතු හිමියාට පවසා තිබේ.

නමුත් තම ඉඩමේ දිගින් දිගටම බටානා සොරකම සිදුවන බවත් එයට මෙම දරුවන් සම්බන්ධ බව පවසමින් දරුවන්ට පහර දීමට එකවර කඩා පැන තිබේ.

ඒ අතර වාරයෙ දරුවන් තිදෙනාගෙන් දරුවන් දෙදෙනෙකු මෙම වතු හිමිකරුගෙන් හා සේවකයාගෙන් ගැලවි දිව ගොස් ඇතත් අනෙක් දරුවා මොවුන් දෙදෙනා විසින් අල්ලා ගෙන පහර දී ඇති බව පොලිසිය කියයි.

දරුවකු විලාප තබන හඩ ඇසි අසල්වැසියන් සෝදිසි කිරීමේදි මෙම වතු හිමියා හා සේවකයා විසින් දරුවාට අමානුෂීක ලෙස පහර දෙනු දැක අසල්වැසි පිරිස් වහාම එම ස්ථානයට ගොස් වතු හිමියාට හා සේවකයාට බැන වැදි දරුවා බේරා ගෙන දරුවාගෙ මව්පියන් දැනුවත් කර ප්‍රතිකාර සදහා කල්පිටිය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්දියෙන් බියට පත්වි දිව ගිය දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු නිවසට ගොස් තිබුනද අනෙක් දරුවා 30 දින රාත්‍රි වන තුරු නිවසට පැමින නැති බව පොලිසියට පැමිනිලි කර තිබේ.

පසුව ප්‍රදේශවාසින් දරුවා සොයා ඇති අතර බියට පත්වු දරුවා කුඩා කැලැවක රැදි සිටියදි සොයා ගෙන මව්පියන්ට භාර දී ඇති බව කියයි.

සිද්දිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුන සැකකාර වතු හිමිකරු හා සේවකයා 31 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.



අදහස් (0)

බටානා වත්තට පැන්නැයි ළමයෙක්ට ගහලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 127 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 278 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 214 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 798 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 327 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 611 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site