IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බටහිර ඉන්දීය කොදෙව්වෝ විස්සයි20 ලෝක කුසලාන දිනති

බටහිර ඉන්දීය ක‍්‍රීඩකයෝ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) රාත‍්‍රි පැවැති අවසන් මහා තරගයේදී කොදෙව් පිල ලකුණු 36 කින් සත්කාර ශ‍්‍රී ලංකා පිල පරාජය කළේය. මෙම ජයග‍්‍රහණයත් සමග කොදෙව් පිලට රුපියල් කෝටි 15 කට ආසන්න මුදල් ත්‍යාගයක් හිමිවිය. බටහිර ඉන්දීය කොදෙව් පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක ශූරයන් වූ පළමු අවස්ථාව මෙය වන අතර 1979 වසරේ දෙවැනි ලෝක කුසලානය ජය ලැබීමෙන් පසු කොදෙව් පිල ලෝක කුසලාන තරගාවලියකදී වසර 33 කට පසුව ශූරයන්වීම කැපී පෙනේ. බටහිර ඉන්දීය කොදෙවෝ 2004 වසරේ එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් පසු වසර අටකට පසු අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කළ තරගාවලික ශූරතාව දිනාගත්හ. ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අනු ශූරයන් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2009 වසරේ එංගලන්තයේදී පැවැති දෙවැනි ලෝක කුසලාන තරගාවලියේදී ද අනු ශූරයන් බවට පත්විය. කොදෙව් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 137 (මාලන් සැමුවෙල්ස් 78, ඞ්වේන් බ‍්‍රා්වෝ 19, ඩැරන් සමී නොදැවී 26, සුනිල් නරේන් 9/3) ශ‍්‍රී ලංකාව  ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී 101 (මහේල ජයවර්ධන 33, කුමාර් සංගක්කාර 22, නුවන් කුලසේකර 26, අජන්ත මෙන්ඩිස් 12/4 )



අදහස් (0)

බටහිර ඉන්දීය කොදෙව්වෝ විස්සයි20 ලෝක කුසලාන දිනති

ගාමිණි Sunday, 07 October 2012 10:25 PM

ලංකාවේ කොල්ලන්ට සුභපතනවා

:       0       0

අසින්ත Monday, 08 October 2012 03:14 PM

අපගේ ලැබීම ,(ස)

:       0       0

කුරුවිට Sunday, 07 October 2012 10:38 PM

ෂික් විතරක්! මේ ක්‍රිකට්ද? මාලිංග වැරදි නැහැ. ‍මහේල වෙන්න ඕනෑ වැරදි. ඕවර් 4ට ළකුණු 54යි. අනේ අපි දන්න ක්‍රිකට්... (නි)

:       0       0

අසන්ක Monday, 08 October 2012 09:01 PM

අපි අපේ ක්‍රිකට් කණ්ඩායමට ආදරෙයි (අ)

:       0       0

අසංක Monday, 08 October 2012 08:57 PM

හොඳ අනාගතයක්

:       0       0

prabuddha Monday, 08 October 2012 09:43 PM

මොනවා වුනත් අපි අවසන් තරගයට ආවා. අපේ අය ගෙල් ගැන ව්තරයි හිතුවෙ බොල් හරියට කරේ නෑ අනිත් අයට.බැටි කො ලංකාවෙ 3,4,5 ආපු අය ගහුවද​? වහිනවට බය උනා. අපෙ අයගෙ අවාසනාව. මාලි වැරදි නැ... මයියා වැරදි. (අ)

:       0       0

අනුර Monday, 08 October 2012 11:33 AM

හැමදාම අනු ශූරයේ .එක පාරක්නම් කමක් නෑ හතරපාරක් ලැජ්ජයි (ස)

:       0       0

දිවංක Monday, 08 October 2012 11:37 AM

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය දක්වා කොහොම හරි ආවා. දිගු ගමනක්.ඒ ගැන සතුටුයි.අපි අනුශූරයෝ.පැරදුනා.හිතට දුකකුත් තියනවා.කොදෙවුවනුත් දක්ෂයි අපිත් දක්ෂයි.නමුත් වෙන්න තියන දේ වුණා.එච්චරයි. අනුශුරයන්ට අපේ උණුසුම් සුබ පැතුම්!!! අපේ සිංහ සොයුරනි, ඔබ ආ ගමන අපිට අගෙයි, ආඩම්බරයි. දිනුවත් අපි සැමදා ඔබ ළඟ. පැරදුනත් අපි සැමදා ඔබ ළඟ. දිනුවත් පැරදුනත් අපි ඔබට සදා ආදරෙයි... ඔබට ජය!!! (ස)

:       0       0

රාජා Monday, 08 October 2012 11:49 AM

අපේ පරාජය ගැනනන් කණගාටුයි. ඒත් බටහිර කොදෙව්වන්ට කප්එක ගියාට සතුටුයි. නිහතමානී කණ්ඩායමක්.(ස)

:       0       0

සෙනරත් Monday, 08 October 2012 12:01 PM

ඇත්තටම මාලිංගට මොකද වෙලා තියෙන්නේ අනේ? ඇයි එයා සැරින් සැරේම කොණ්ඩය හදන්නේ? (නි)

:       0       0

පනාගොඩ Monday, 08 October 2012 04:19 PM

කොදෙවුවන්ට මගේ සුබ පැතුම්! (නි) kodewwanta unusum subapathum pandara 3.30 wenakam match aka balla ude 7 ta ayeth rakiyawata giya nidiwarapu tikatath nayai jayagrahanaye gowrawayen 25% kodewwanta ithiriya LASITH MALINGATA

:       0       0

දුලාන් Monday, 08 October 2012 04:13 PM

සුබ පැතුම් බටහිර කොදෙව්වනි ,(ස)

:       0       0

මොහොමඩ් Monday, 08 October 2012 12:27 AM

ශ්‍රී ලංකාව අවසන් මහා තරගය දක්වා පැමිණියාට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

තරිදු Monday, 08 October 2012 10:43 PM

මම නම් හිතන්නේ අපේ පරාජයට මුල 6ක්, 4ක් ගහගන්න බැරි පණ නැති කට්ටියක් ඉන්න එකයි. (නි)

:       0       0

කැල්වින් Monday, 08 October 2012 12:25 AM

අපේ අයට අවසන් තරග අරහං. (නි)

:       0       0

සීමන් Monday, 08 October 2012 12:08 PM

මාලිංග මැච් එක විකුන්නා (ස)

:       0       0

රේණුක Monday, 08 October 2012 11:10 PM

කොදෙව්වන්ට සුභ පැතුම්! මොනවා වුණත් අපේ සිංහලයන් අපිට වටිනවා. හිතට දුක තමයි. ඒත් මේ තමයි නියම ක්‍රිකට්. (නි)

:       0       0

ටාසන් Monday, 08 October 2012 11:20 PM

සුබපැතුම්

:       0       0

ලලිත් Monday, 08 October 2012 12:52 AM

බටහිර ඉන්දියානු කණ්ඩායම වටු කුරුල්ලන්ගේ කතාව අධ්‍යයනය කර ගයිල් තම කණ්ඩායමට එකතු කරගන එකමුතුකමේ බලය ලොවටම පෙන්වා ඇත. අපටද මෙයින් පාඩමක් ඉගනගත හැකිනම් තව බොහෝ දුර යා හැක. අප පරාජය කළද, කොදෙව්වනි ඔබ විශිෂ්ටය. අපි ඔබලාට සුභ පතමු! මොකද මේ ජයග්‍රහණය අපට වඩා වටින්නේ ඔබලාටයි. ඊට සම්මාදන් වීමට ලැබීම ගැන ලංකාවේ අපි සතුටු වෙමු. (නි)

:       0       0

ශ්‍රියාණි Monday, 08 October 2012 04:30 PM

අවසන් තරගය ගැන හරිම දුකයි. කොදෙව්වන්ගේ එකමුතුකම අපිට ආදර්ශයක්. (නි)

:       0       0

අනුර Monday, 08 October 2012 01:09 AM

අපිට ආයිත් ක්‍රිකට් තරග එපා. ලංකා කණ්ඩායම ගැන හරිම දුකයි. (නි)

:       0       0

ගාමිණි Monday, 08 October 2012 11:43 PM

මේ පරාජයට මුළුමනින්ම වගකිවයුත්තේ ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව. එයාලගේ කාලගුණ වාර්තාව නිසා අපේ අය අන්දමන්ද වෙලා පිස්සු නැටුව නිසා තමයි මේ සුළු ගණනවත් ගහගන්න බැරුව ඇන ගත්තේ. (නි)

:       0       0

ජයී තිසර Monday, 08 October 2012 12:27 PM

ජයග්‍රහණෙ අප අත ලඟටම ආවා ඉරිදා අපට නොසිතූ දෙය සිදුවූවා කාසියෙ වාසියත් අපහට නැතිවූවා සැමුඑල් කොදෙව් පිත්තේ බල පෙන්වූවා (ස)

:       0       0

ලීල් Monday, 08 October 2012 04:36 PM

අපි ඉතින් සදා දුකේ! (නි)

:       0       0

ගාමිණි Monday, 08 October 2012 12:29 PM

එදා සුපර් ඕවරයේදී මාලිංග නිසා නොවේ නම් අපිට සෙමි ෆයිනල්වත් එන්න බැරි වෙනවා. පකිස්ථාන සෙමි ෆිනල් එකේදිත් 139 ගත්තේ අමරුවෙන් නේද? එහෙමනම් අපේ දුර්වලකම් නිසා අපිට වැටුන වෙලාවක ගොඩගන්න පුළුවන් මැද පෙළක් නොසිටීම මිස මෙය මාලිංගගේ හෝ මහේලගේ වරදක් නොවේ.ඇයි අපි චන්දිමාල් බැංකුවේ තියාගන හිටියේ? (ස)

:       0       0

යොහාන් Monday, 08 October 2012 04:47 PM

අපේ අයට කම්පනය. මාලිංග කියයිද දන්නේ නැහැ පන්දු යැවුවද කියලවත් මතක නැහැ කියලා. (නි)

:       0       0

කල්ප Monday, 08 October 2012 04:52 PM

ධර්මපාල හිමියනි, එසේ නොකියන්න (නි)

:       0       0

තුවාන් Monday, 08 October 2012 02:48 AM

අපේ කණ්ඩායමේ පරජයට දිල්ෂාන් හා ඇන්ජලෝ මැතිව්ස් වගකිව යුතුයි .ඔවුන් දෙන්නාට ක්‍රිකට් තහණම් කල යුතුයි (ස)

:       0       0

සනත් ඉන්දික Monday, 08 October 2012 02:53 AM

හිතට දුකයි. එහෙත් මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සමන් Monday, 08 October 2012 05:04 PM

ලංකා කණ්ඩායමේ පරාජය මමත් ප්‍රාර්ථනා කරපුම දෙයක්. මම මගේ යහලුවන් අවසන් තරගය ගැන උනන්දු වෙද්දි කිවුවේ, ක්‍රිකට් යනු මේ රටේ මම අකමැතිම විෂය බවයි. ක්‍රිකට් නිසා සියලු ප්‍රශ්න යට ගසන බවත් එය ව්‍යාජ දේශප්‍රේමයක් බවත්‍ ය​. මම මේ රටට ආදරෙයි ඒත් ක්‍රිකට් වලට හැර.මේ පරාජය එළිපිටම මමත් ප්‍රාර්ථනා කරපු දෙයක්. කොදෙවුවන්ට උණුසුම් සුභ පැතුම්! ක්‍රිකට් කණ්ඩායම වටා රොක්වී සිටින ව්‍යාජ දේශප්‍රේමින්ට හොද හූවක් ඔන්න​. හූ!! (නි)

:       0       0

ක්‍රිශාන්ත Tuesday, 09 October 2012 11:24 PM

අපි පැරදුණේ කොදෙව්වන්ටනේ. ඉන්දියන් අයට හෝ පාකිස්ථානුවන්ට නෙමෙයිනේ. (නි)

:       0       0

සුදෙල්මි Tuesday, 09 October 2012 02:54 AM

බය වෙච්ච මුහුණු ටික දකිනකොටම මට හිතුණා තරගය පරදිනවා කියලා. (නි)

:       0       0

අසංක Monday, 08 October 2012 01:14 PM

අපේ කණ්ඩායමට මානසික වෛදය සහය අවශයි‚ මොකද අපේ අය හැමදාම අවසන් තරඟෙදි මානසිකව වැටිලා බය වෙනවා (ස)

:       0       0

ආසෝක Monday, 08 October 2012 01:12 PM

අවාසනාව...!,,(ස)

:       0       0

රන්දි Monday, 08 October 2012 05:30 PM

හරිම දුකයි. නමුත් කණ්ඩායම් දෙකටම සුභ පතනවා. දුක් වෙන්න එපා මාලිංග. (නි)

:       0       0

හර්ෂන Monday, 08 October 2012 07:13 AM

ලංකාවේ බැටින් තමයි අවුල.......අනුශූරයෝ උනත් කමක් නෑ ......මෙච්චර දුර ආපු එකත් ලොකු දෙයක් .......(ස)

:       0       0

කෝසල Monday, 08 October 2012 07:53 AM

හුගක් දුකයි .කොදෙව් කණ්ඩායම හොඳ එකහමතු කණ්ඩායමක් බව හොඳට පෙනුනා , සුබ පැතුම් (ස)

:       0       0

කුමාර Monday, 08 October 2012 01:29 PM

ලංකාවට මොකද මේ වුනේ

:       0       0

චාමි Wednesday, 10 October 2012 01:19 AM

කොදෙව්වනුත් අපි වගේම අසරණ කණ්ඩායමක් නිසා දිනුවට කමක් නැහැ. (නි)

:       0       0

අනුරාධ Tuesday, 09 October 2012 07:37 AM

අපේ කණ්ඩායම මෙතරම් දුරක් පැමිණි එකට මගේ සුභ පැතුම්! හැබැයි අපි ඉන්න ඕනෑ තැන මෙතැන නෙමෙයි. (නි)

:       0       0

ජයසිරි Monday, 08 October 2012 08:22 AM

අර කාමර වලට ගිය නංගිලත් මෙයාලත් එක්ක එහේ යාවිද ? (ස)

:       0       0

තත්සරණි Monday, 08 October 2012 01:37 PM

අපි අපේ ලංකාවට සුභ පතමු (නි)

:       0       0

සුරංග Monday, 08 October 2012 05:51 PM

අයියෝ මහේල ඔයානම්‍‍‍.............................(ස)

:       0       0

සංජීව Wednesday, 10 October 2012 03:51 AM

ප්‍රේක්ෂකයන් පැමිණෙද්දී කල්පනා කරලා බලලා ආවා නම් අපි දිනන්න තිබුණා. (නි)

:       0       0

තත්සරණි Monday, 08 October 2012 01:47 PM

මොනවා වුණත් අපේ කොල්ලෝ අපිට වීරයෝ (නි)

:       0       0

ලලින්ක Tuesday, 09 October 2012 07:58 AM

හැමදාම ෆයිනල් එකේදි කැපෙනවා , (ස)

:       0       0

නිශාඩ් Monday, 08 October 2012 09:01 AM

කොදෙව් නායකතුමාගේ බුද්ධිමත් බව හා නායකත්වය කණ්ඩායමට ලෝක කුසලානය දිනා ගැනීමට බෙහෙවින් ඉවහල් උනා මගේ සුබ පැතුම් (ස)

:       0       0

වසන්ත Monday, 08 October 2012 09:16 AM

මාලිංග මැච් එක විකුන්නද ? (ස)

:       0       0

චතුරංග Monday, 08 October 2012 06:29 PM

කණ්ඩායමේ අයත් කළේ කොටස් වෙළද පොළේ අය කළ දේම තමයි. (නි)

:       0       0

නුවන් Monday, 08 October 2012 09:28 AM

ශ්‍රී ලංකාවෙත් එක බැට්මන් කෙනෙක් හිටියනම් කප් එක අපේ අතේ (ස)

:       0       0

හරිත Monday, 08 October 2012 09:29 AM

මාලිංග මැච් එක කෑවා . කොදෙව්වන්ට සුබ පැතුම් (ස)

:       0       0

ඉන්ද්‍රජෝති Monday, 08 October 2012 02:18 PM

ලද දෙයින් සතුටුවීම මහත්මා ගුණයකි (ස)

:       0       0

ධර්මපාල හිමි Monday, 08 October 2012 09:38 AM

අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන රටක් නිසා ඒ ජයග්‍රහණයට හදවතින්ම සුබ පතනවා (ස)

:       0       0

සංජීව Wednesday, 10 October 2012 09:29 AM

සල්ලි වෙනුවෙන් ක්‍රීඩා කරන අය ගැන අපේ බලාපොරොත්තුවක් නැහැ (නි)

:       0       0

චාමර Monday, 08 October 2012 07:11 PM

සුද්දට කප් එක ගියේ නැති එක හොඳයි, බටහිර ඉන්දීය කොදෙව්වන්ට සුබ පැතුම් (ස)

:       0       0

කුමාර Monday, 08 October 2012 07:08 PM

සංගා දැවි ගියාට පස්සේ වේගයෙන් ගහන කෙනෙක් එවන්න තිබුණා (ස)

:       0       0

ලංකා Monday, 08 October 2012 10:08 AM

ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගොඩක් පිරිහිලා. එංගලන්තය එක්ක තිබුණු මැච් එකේදී මාලිංග විකට් 5ක් ගන්නකොට මාලිංග තමා ලෝකේ ඉන්න විශිෂ්ටම පන්දුයවන්නා. අද මැච් එකේදී මාලිංගට වදිනකොට මාලිංගට පලුයන්න බනිනවා (ස)

:       0       0

අසංක Monday, 08 October 2012 07:12 PM

ලංකාවට යලි අවසාන තරඟයක් කරා ඒම‍ට නොහැකි වේවායි පතමි...මොකද ඉන් එහාට වෙන දේ අපි දන්නවානේ (ස)

:       0       0

අමල් Monday, 08 October 2012 02:31 PM

මාලිංගට හැකියාව තිබුනට මොලේ නෑ... දිල්හාර වගේමයි. (ස)

:       0       0

පෙරේරා Monday, 08 October 2012 10:27 AM

අනුශූරතාවයෙන් සෑහීමකට පත් වී වැරදි හදා හදාගෙන ඉදිරියටම යමු . පරාජය ජයග්‍රහණයේ මාවතයි (ස)

:       0       0

මොහොමඩ් Monday, 08 October 2012 10:29 AM

ජය පරාජය ක්‍රීඩාවට පොදුයි . අවසාන තරඟය තෙක් පැමිණීම අගය කල යුතුයි , තමන්ගේ රට පරාජය වීම ගැන දුකයි .. අනේ මාලිංග දිල්ෂාන් වැඩේ කෑවනේ.....(ස)

:       0       0

චමින්ද Monday, 08 October 2012 02:50 PM

කොදෙව් පිළට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 02:44 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. බටහිර ඉන්දීය කොදෙව් පිළට ලැබුණු කෝටි ගාණට ලංකාවේ අයියලාගේ සම්බන්ධයක් එහෙම නැහැ ‍නේද? නිකන් මගේ ඇගට ‍හරි නැහැ වගෙයි දැන ගන්න කල්. (නි)

:       0       0

චතුරංග Tuesday, 09 October 2012 06:52 PM

අසන්ක කියපු දේ හරි. (නි)

:       0       0

බන්ඩාර Monday, 08 October 2012 10:46 AM

සමහර වෙබ් අඩවි වල කට්ටිය නම් මැච් එක පැරදුන එකට ප්‍රේක්ෂකාගාරේ හිටපු කාටදෝ පලුයන්න බනිනවා. අනේ අපිනම් ඕව පිළිගන්නේ නැහැ.. (ස)

:       0       0

ගමගේ Monday, 08 October 2012 11:00 AM

බලන්න ගියාටත් නයයි

:       0       0

සිදත් Monday, 08 October 2012 03:03 PM

ලංකාවට දිනන්න තිබ්බා (දී)

:       0       0

චතුරංග Tuesday, 09 October 2012 07:47 PM

අනේ, මට නම් දැන් ක්‍රිකට් ගැන ඇහෙද්දිත් ඇගේ ලේ කෝපවෙනවා. (නි)

:       0       0

රුක්ෂාන් Monday, 08 October 2012 08:18 PM

ඇත්තටම හොඳ තීරණයක් . මාලිංග සැලෙන්න එපා (ස)

:       0       0

යොහාන් Monday, 08 October 2012 11:05 AM

නුවන් බැට්ස්මල්ලා 1 නෙක් නෙමෙයි 8 ක් හිටියා (ස)

:       0       0

අසින්තිකා Monday, 08 October 2012 03:06 PM

අපි පරාධ වුණාට දුක නෑ . බටහිර කොදෙව්වෝ කියන්නේ නියම ටීම් එකක් .ඉන්දියාව දින්නානම් තමයි දුක (ස)

:       0       0

ධර්මපාල හිමි Monday, 08 October 2012 08:22 PM

මැච් එක පරාදයි කියලා නායකයා අස් විය යුතු නෑ . මෙචර ළමයින්ගේ අනාගතේ විනාසකරලත් ඒ ඇමතිවරු අස් උනේ නෑනේ . කණ්ඩායමේ නායකයා අනිවාර්‍යයෙන්ම සිටිය යුතුයි (ස)

:       0       0

සේනාධි රුවන් Monday, 08 October 2012 08:22 PM

ලංකාව පරාද වීම ගැන ගොඩක් දුකයි, ඒත් බටහිර කොදෙව්වන් කප් එක ගත්ත එකට සතුටුයි . ඒ මොකද ඔවුන් අව්‍යාජ, නිහතමානී, ආඩම්බරකම් නැති ටීම් එකක් නිසා , මම ආසම ටීම් එකක් (ස)

:       0       0

හේරත් Sunday, 07 October 2012 10:07 PM

මාලිංග ගේම කෑවා. (නි)

:       0       0

සමන් Monday, 08 October 2012 03:11 PM

කවුරු දිනුවත් කමක් නැහැ, ඉන්දියාව දිනන්නේ නැතුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 401 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 645 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 962 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1588 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 533 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1019 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site