IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බඩගමු ඝාතකයෝ සාක්කි ඉතිරි කර යති

කුරුණෑගල මුත්තෙට්ටුගලදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පැහැරගෙන ඉන් එක් අයකු බඩගමුව රක්ෂිතයේදී වෙඩි තබා මරා දැමු පිරිස  ඝාතනය වු ස්ථානයේ  දමා ගිය කැප් තොප්පියක් ද සොයා ගත් බව පොලීසිය කියයි.

මෙම දෙදෙනාගේම නිල ඇඳුම්  හා යට ඇඳුම් සියල්ලම ගලවා රැගෙන යන්නට ඇති බවත් පොලීසිය පවසයි.සම්පත් සිසිර බණ්ඩාර කොස්තාපල්ට මුලින්ම කොන්දට වෙඩි තැබු පසු ඊ ළග වෙඩි උණ්ඩය තමාට එල්ලවන බව දැන ගත් කොස්තාපල්  වීරසුරිය මිනීමරුවන් සමඟ පොර බදා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

ඔහු මහ රෑ නිරුවතින් අසල නිවසකට  දිව ගොස් සැගවී ඇත.

ඝාතනය වු ස්ථානයේ තිබී ටී පනස් හයේ හිස් උණ්ඩ දෙකක් හා මිනීමරුවකු අත තිබෙන්නට ඇතැයි සැලකෙන ග්ලවුසයක කෑල්ලක් ද සොයාගෙන තිබේ.

(කොස්තාපල්වරුන් පැහැරගත්  ස්ථානය (ගැට්ටුවාන) )

(දිවි බේරාගත් කොස්තාපල්  වීරසුරිය රෝහලේ ප්‍රතිකාර ලබමින්)

(ඝාතනයට ලක් වු කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාරගේ බිරිය හඩා වැටෙමින් )

(ඝාතනයට ලක් වු කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාරගේ  සිරුර)

(අසල්වාසියෙක්)

(අසල්වාසියෙක්)

 

 

 

 



අදහස් (0)

බඩගමු ඝාතකයෝ සාක්කි ඉතිරි කර යති

ලංකා පෙරේරා Wednesday, 07 May 2014 06:00 AM

ලංකාවේ මේ දේවල් සිදුවීම පුදුමයක් නෙමෙයි. .ඒ තරමට විනය පිරිහිලා තියන්නේ. ජපානයේ වගේ තමන්ගේ රාජකාරිය දේවකාරිය මෙන් කළ යුතු අතරම තමන්ට අයිති නොවන දේවල් නොකිරීමට වගබලා ගතහොත් මෙවන් ක්‍රියා බොහෝ දුරට අඩුවේවි .අපි පිටරටක සිටියාට අපේ මවුබිමට බොහොම ආදරෙයි (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 06 May 2014 05:24 PM

අනේ මන්දා ධර්මද්වීපයකට වෙච්ච දෙයක් ! (නි)

:       0       0

සුලෝච් Tuesday, 06 May 2014 05:29 PM

පවු මියගිය අයගේ භාර්යාව! (නි)

:       0       0

මේනක Tuesday, 06 May 2014 05:41 PM

කෝ ආයුධ බලන්න රැගෙන යන නියෝගය? (නි)

:       0       0

පිටිගල Wednesday, 07 May 2014 07:13 AM

බන්දුල පෙරේරා , මම වයසට ගියාට තවම හොඳට ශක්තිමත්ව පිටරටක ගබඩා සුපවයිසර් කෙනෙක් විදිහට වැඩ කරනවා. නන්දන පනාගොඩ, මම ඔයා දන්නා පිටිගල මිලානෝ නෙමෙයි. මම ඉන්නේ ඉතාලියේ නෙමෙයි. මම පොලිසියේත් ,හමුදා අනු ඛණ්ඩයක සිවිල් ගබඩා කළමනාකරුවෙක් විදිහටත් වැඩකළා. දැන් පිටරටක ප්‍රසිද්ධ ඇමෙරිකන් වැඩබිමක ඉන්නේ. ගබඩා කළමනාකාරිත්ව ඩිප්ලෝමා එකක් මම සමත් වුණා.ඔයාලා නොදන්නා නිසයි කිව්වේ. බන්ධනාගාරයක වැඩ කළේ නැහැ මම නම්. (නි)

:       0       0

අජිත් Wednesday, 07 May 2014 07:18 AM

ආයුධ හොයන්න එක්කගෙන යනවද?(නි)

:       0       0

සුලෝච් Tuesday, 06 May 2014 05:52 PM

කුමාරි සහ රූපවතී දෙන්නාගේ අදහස් බැලුවම වැටහෙනවා අනේ පව්,ඒගොල්ලන්ට අතීතයේ මේ මිනීමරුවන්ගෙන් කුමක් හෝ කරදරයක් වෙලා ඇති කියලා. (නි)

:       0       0

අසන්ක Wednesday, 07 May 2014 07:34 AM

අනිවාර්යයෙන්ම ඝාතකයන්ව අල්ලන්න ඕනෑ.ඒක රජයේ වගකීමක්. පසුව පොලිසියේ යුතුකම ඉටුකරාවි. (නි)

:       0       0

හේරත් Wednesday, 07 May 2014 07:47 AM

කුමාරි , මැරුණට පස්සෙත් අපහාස කරන්න එපා. (නි)

:       0       0

පද්මසිරි Wednesday, 07 May 2014 07:57 AM

සිද්දියෙන් දිවිගලවාගත් නිලධාරියාට රෝහල් ආරක්ෂාවත් හැකි ඉක්මනින් ඔහුගෙන් සිද්දිය පිළිබද විස්තරත් ලබාගෙන තාක්ෂනය උපයෝගිකර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමයි සිදු කලයුත්තේ.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 06 May 2014 06:24 PM

අහිංසක රියදුරන්ට වද දෙන නිලධාරිනුත් ඔය පාරේ ඉන්නවා (නි)

:       0       0

සේනා. Wednesday, 07 May 2014 08:10 AM

එල්ලුම් ගහ නැවත ගේන්න කාලය හරි. (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 06 May 2014 09:58 AM

ඉක්මනින්ම ඝාතකයෝ අහුවෙනවා ඒකාන්තයි. (ස)

:       0       0

දිලූ Tuesday, 06 May 2014 09:58 AM

කරුණාකර වහාම ඝාතකයන් අත්අඩංගුවට ගන්න.පසුව අවි පෙන්නන්න එක්කන් ගියොත් හරි. (ස)

:       0       0

ෂෙල්ටන් Wednesday, 07 May 2014 08:30 AM

බන්දුල පෙරේරාගේ කතාව අනුමත කරනවා. (ස)

:       0       0

රංගන විරාජ් පාලිත Tuesday, 06 May 2014 10:50 AM

රටේ නීති පද්ධතියේ අඩුපාඩු කම් හින්දා හැමදාම මේ වගේ පුවත් අපට අහන්න වෙනවා. (ස)

:       0       0

විතාන Tuesday, 06 May 2014 07:11 PM

නැවතත් පාතාලය රජ කරන්න පටන්ගෙන වගෙයි (නි)

:       0       0

බිනුර Wednesday, 07 May 2014 08:34 AM

මම නම් හිතන්නෙ මේ වැඩේ කරල තියෙන්නෙ කුලියට පොල් කඩන, කුලියට කාණු කපන කට්ටියක් කියලා. ඒකට හොදම සාක්කිය තමයි ටී-56 තුවක්කු තියෙන්නෙ එයාල ගාවනෙ.(නදී)

:       0       0

නීලා Wednesday, 07 May 2014 08:36 AM

අපරාධකරුවන්ට ගැළවීමක් නම් නැත (නි)

:       0       0

නන්දි Wednesday, 07 May 2014 08:36 AM

මෙකී බලවතා යුද්ධය පවතිද්දී එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ප්‍රවාහනය කළ බවටද චෝදනා එල්ල වූ අයෙක් නේද? (නි)

:       0       0

කාලිංග Wednesday, 07 May 2014 04:30 PM

මෙවන් මිලේච්ච වැඩ කරන මිනිස්සුන්ට මරණ දඩුවම දෙන්න තියෙන්නේ (දී)

:       0       0

දිනේෂ් Tuesday, 06 May 2014 11:07 AM

අනිවාර්යයෙන්ම මේ අපරාධකාරයට නිසි දඩුවම් දෙන්න ඕන. (ස)

:       0       0

කැනඩා දිසා Wednesday, 07 May 2014 09:01 AM

සුදු වැන්..වැන් ..සුදු වැන් ..සුදු වැන් ...මේවට මොනවා කියන්නද? (නදී)

:       0       0

කුමාරි Tuesday, 06 May 2014 10:31 AM

සමාවෙන්න මම මෙහෙම කියනවට. ඔය පැත්තේ ඉන්න සමහර පොලිස් නිලධාරීන් කරන කියන දේවල් වල ප්‍රතිඵල වෙන්නත් පුළුවන් ඕක. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 06 May 2014 10:31 AM

දිලු හරි.ඉක්මණින්ම එය ඉටුවේවා!පොලීසියට මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන්ට කොහොම කරයිද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 07 May 2014 09:06 AM

යුද්ද කාලේ හැම තැනම සොයා බැලිම් තිබු නිසා මෙවන් අපරාද අඩු උනා. සෝදිසි කිරීම් නැති එකේ ප්‍රථිපල තමයි මේ.(නදී)

:       0       0

සම්පත් Tuesday, 06 May 2014 10:32 AM

කොටි හොල්මන් තාමත් තියනවද කොහෙද? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 06 May 2014 07:51 PM

තල වපුරලා මුං නෙලන්න බැහැ නේද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 07:57 PM

අපොයි පිටිගල මහත්තයෝ.අපි නම් දැනටත් බැටන් පොල්ලෙන් දෙතුන් දෙනෙකුට නෙමෙයි පරම්පරාවකට වගකියනවා.ඔබතුමා ඔය තරම් වයසට ගිය කෙනෙක් කියලා හිතුනේ නැහැ අදහස් දැක්කම. (නි)

:       0       0

චන්දිම සිරිවර්ධන Wednesday, 07 May 2014 09:15 AM

අහිංසක රියදුරන්ට වද දෙන නිලධාරිනුත් ඔය පාරේ ඉන්නවා. මමත් එවන් අවස්ථාවලට මුණ දීලා තියෙනවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 10:40 AM

මේක බරපතල සිදුවීමක්.පොලිසියට අත තිබ්බ අයට පහුගිය කාලේ අත්වුණ ඉරණම මතක තියෙන කෙනෙක් පොලිස් භටයෙක් ඝාතනය කරන්න හිතන්නේ නැහැ.මේ සිදුවීමට අදාළ පුද්ගලයින් මේ සතිය තුළම ආයුධ හොයන්න යන බව නම් මට ඉර හද වගේ විශ්වාසයි. සමහර සමහර දේශපාලකයෝ හොයාගන්න බැරි වුණාට මේ වගේ මැරයෝ, මිනීමරුවෝ, අපරාධකාරයෝ හොයාගන්න අපේ පොලිසිය ගොඩක් දක්ෂයි. (නි)

:       0       0

ලකී Wednesday, 07 May 2014 09:17 AM

පොලිසියේ අයත් මොකෝ හොද මිනිස්සුමනේ.(නදී)

:       0       0

චණ්ඩි Tuesday, 06 May 2014 08:15 PM

රූපා, ඔයා තාමත් ලංකාවේද? මමත් හදිසියේම ලංකාවට ගියා. මාර්තු 27 ගිහින් මැයි 3 ආවේ. මම පත්තරේට ලියනවා ඒත් වෙන නමකින්. සමගියෙන් ලියන්න ඕනෑ නිසයි එහෙම කරන්නේ. මගේ පෙර පුරුදු අංකයට කතා කරන්න (නි)

:       0       0

මහේෂ් Tuesday, 06 May 2014 08:16 PM

උසාවි නම් දාන්න එපා.දෙන්න ඕනෑ හොඳම බෙහෙත් දෙන්න. (නි)

:       0       0

චණ්ඩි Tuesday, 06 May 2014 08:18 PM

මෙම සිදුවීම දුටුවම පුදුම දුකක් මගේ රටේ නීතිය ගැන දැනෙන්නේ.නිවන් සුව පතනවා මිය ගිය නිලධාරියාට! ඉක්මන් සුවය පතනවා තුවාල ලැබූ නිලධාරියාට. එල්ලුම් ගස ක්‍රියාත්මක කළොත් හොඳයි මගෙ හිතේ...!! (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 06 May 2014 08:19 PM

අනේ! මේ කාන්තාව වැළපෙන හැටි දැක්කහම මට ඉහළට ගත් හුස්ම පහළට ගන්න අමතක වුණා (නි)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 06 May 2014 11:57 AM

පොලිසියේ නිලධාරින් උස්සගෙන ගිහිල්ල මැරුවනම් සාමාන්‍ය ජනතාවට කාගේ පිහිටක්ද?? (ස)

:       0       0

චනිල් Tuesday, 06 May 2014 11:16 AM

පොලිසියේ උදවිය උස්සගෙන යනවනම් සාමාන්‍ය පුරවැසියන් ගැන කවර කතාද ? සංවර්ධන වැඩ අතරතුරේ මේ රටේ නීතියක් කියල දෙයක් තියනවද කියල හොයා බලන්න වගකිව යුත්තන්ට නුවණ පහල වේවා. (ස)

:       0       0

එරා Tuesday, 06 May 2014 12:15 PM

ඇත්තටම මොකද්ද මේ අපේ රටට වෙලා තියෙනේ? (ස)

:       0       0

විපුල Tuesday, 06 May 2014 11:43 AM

මෙවන් අපරාධයක් කරන්න තරම් බය නැති මිනිස්සු ලංකාවේ (දී)

:       0       0

චමින්ද පෙරේරා Tuesday, 06 May 2014 12:35 PM

රටේ කුමන මතවාද තිබුනද මෙවෙනි අපරාද වෙනුවෙන් එල්ලුම් ගස වහාම ක්‍රියාත්මක කල යුතුය. රටේ අපරාද මැඩලීම සදහා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට ඉක්මන් පියවර ගන්න (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 06 May 2014 09:00 PM

රන්ජිත්, පිටිගල අයියේ, ඔයාලා වැඩ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නේද? ඒ අයටත් බැටන් පොලු වලින් සාමාන්‍ය ජනයාට ගහන්න පුලුවන්ද? (නි)

:       0       0

නිහාල් Tuesday, 06 May 2014 12:05 PM

සාමය ඇති රටක සාමාන්‍ය පුද්ගලයන් අත ගිනිඅවි තිබිය නොහැකියි ආරක්ෂක අංශයේ සාමාජිකින්ට හැර අන් අය අතට අවි ආයුද පත්වීම වහා නීතියෙන් තහනම්කර යුතුයි (දී)

:       0       0

රංජා Tuesday, 06 May 2014 09:01 PM

මම මේ ''කුමාරිට'' කියන්නේ. කවුරු මොනවා කිවුවත් මේ වගේ සාහසික අපරාධ සාධාරණීකරනය කරන කුමාරිලා වගේ අය‍ට මේ වගේ දෙයකට මුහුණ‍පාන්න සිද්්‍ධ වුණොත් මොන වගේ දුකක් ඇති වෙයිද කියලා හිතෙන්නේ නැද්ද? මේ ඡායාරූපයේ ඉන්න කාන්තාව විඳින වේදනාව කුමාරිලා වගේ කාන්තාවන්ට නොතේරෙන එක කණගාටුවට කරුණක්.නීතිය හා සාමය සුරකින්න සිටින නිලධාරීන්ට මෙහෙම සළකනවා නම් කුමාරිලා වගේ සාමාන්‍ය අය‍ට කොහොම වෙයිද කියලා සමහරුන්ට අමතක වෙලා.මේක වහාම නවත්වන්න ඕනෑ.මේ වගේ අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

රූපවතී Tuesday, 06 May 2014 12:53 PM

මෙය අපේ නිවස අසලමයි සිදුවී තිබෙන්නේ? දකින විට ඇග හිරිවැටෙන තරම් ..? මිනීමරුවන් හැකි වහාම අත්අඩංගුවට ගැනීමට හැකිවේවා. මියගිය ඔහුට නිවන් සුව. අනික් දිවි බේරා ගත් ඔහුට ඉක්මන් සුව පතමි ..! අපේ රට ගැන නම් ඇතිවෙන්නේ හරිම දුකක් ..? (ස)

:       0       0

සමන් සිල්වා Thursday, 08 May 2014 07:49 AM

හැකි ඉක්මනින් අපරාද කරුවන් නිතිය ඉදිරියට ගෙන එන්න කටයුතු කරන්න.(නදී)

:       0       0

විදුර Tuesday, 06 May 2014 12:08 PM

අපාධයක් කරලා නිදැල්ලේ ඉන්නවානම් හීනයක් තමයි (දී)

:       0       0

පසිඳු Tuesday, 06 May 2014 12:08 PM

මෙවන් අපරාධ කරුවන් අල්ලා මරණ දඩුවම දෙන්න ඕනේ (දී)

:       0       0

රන්ජිත් Tuesday, 06 May 2014 12:56 PM

මොලයක් තියෙනවා නම් මිනිස්සු මරයිද (දී)

:       0       0

පන්දු Tuesday, 06 May 2014 12:56 PM

මේකත් අදිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් (දී)

:       0       0

රණතුංග Tuesday, 06 May 2014 12:08 PM

අවනිතියට ඉඩ දිය නොහැක (දී)

:       0       0

රණවක Tuesday, 06 May 2014 12:08 PM

ඔන්න තියෙනවා හොද සාක්කියක් වහාම පසු පස ලුහු බදින්න (දී)

:       0       0

ඩෙලන් Friday, 09 May 2014 10:08 AM

මේ මිනිමරුවන්ව අල්ලලා, අවි හොයන්න එක්ක යන්න වෙනවා අනිවාර්යෙන්. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 May 2014 12:59 PM

මේ දේ කරපු කට්ටිය අහු වුණොත් ආයුධ පෙන්නන්න එක්ක යන්නකෝ. (ස)

:       0       0

බමුණු Tuesday, 06 May 2014 12:12 PM

"රටේ කුමන මතවාද තිබුනද මෙවෙනි අපරාද වෙනුවෙන් එල්ලුම් ගස වහාම ක්‍රියාත්මක කල යුතුය. රටේ අපරාද මැඩලීම සදහා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට ඉක්මන් පියවර ගන්න " මේවා ලියනවට වඩා හොඳ නැද්ද බීරි අලින්ට වීණා ගහන එක. නැතිනම් වීනාවෙන් ගහන එක (දී)

:       0       0

බමුණු Tuesday, 06 May 2014 01:01 PM

"සාමය ඇති රටක සාමාන්‍ය පුද්ගලයන් අත ගිනිඅවි තිබිය නොහැකියි ආරක්ෂක අංශයේ සාමාජිකින්ට හැර අන් අය අතට අවි ආයුද පත්වීම වහා නීතියෙන් තහනම්කර යුතුයි " එතකොට දේශපාලකයෝ (දී)

:       0       0

ලංකා Tuesday, 06 May 2014 12:16 PM

මෙන්න මේ වෙලාවටම තමයි මරණ දඩුවම තිබ්බා නම් කියලා හිතෙන්නේ (දී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 06 May 2014 09:25 PM

මේ පිටුවේ වෙන තැනක පළවී තිබෙන ''වෙරුගල් ආරුවෙත් කොටි හොල්මන්'' කියන පුවතේ නාවික හමුදාවේ භටයා බලාගෙන නියම වැඩකාරයෙක්. තුන්දෙනෙක් එක්ක තනියෙන් පොර බදලා ඔවුන් ළඟ තිබුණු ගිනි අවිය අල්ලා ගත්තා. මෙතන පොලිසියේ දෙන්නෙක් ඉඳලත් මේ වගේ මැරුම් කනකොට ,ගුටි කනකොට පොලිසියට ලැබෙන පුහුණුව [ආත්මාරක්ෂාව ,සතුරන් මෙල්ල කිරීම ,අනතුරක් හදුනාගැනීම ,පුර්ව සුදානම ]ගැන දෙපාරක් හිතන්න මේ හොඳම කාලයයි.මියගිය නිලධාරියාට නිවන් සැප ලැබේවා! තුවාලලත් නිලධාරියාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 06 May 2014 12:24 PM

මාර්ග සෝදිසියට යන නිලධාරියට ආයුධයක් නැතිනම් ඔහු කෙසේද මෙවන් අනතුරු වලින් වළකින්නේ. (ස)

:       0       0

කුසුම් Tuesday, 06 May 2014 09:39 PM

ඉතාම කණගාටුදායක සිද්ධියක්. මම නම් හිතන්නේ යුක්තිය අගයන පුරවැසියන් ලෙස අපි යෝජනා කළ යුත්තේ වැරදිකරුවන්ට දෙන දඬුවම නොවෙයි. මන්ද නිසි දඬුවම් පොලිසියෙන් හා නීතියෙන් මොවුන්ට ලැබෙන බව සිකුරුයි. ඉදිරියේදීවත් මෙවන් ඛේදවාචක නොවන්න නේද පොලිසිය වගබලාගත යුත්තේ. විශේෂයෙන් රාත්‍රී කාලයේදී මාර්ග පරික්ෂාව සඳහා නිරායුධ පොලිස් නිලධාරින් යෙදෙව්වා නම්, එය පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින විශාල අඩුපාඩුවක් නේද? අනික මෙය කලින් සැළසුම් කළ ඝාතනයක් ලෙසද පෙනෙන්නට තිබෙන නිසා, නිරායුධ පොලිස් නිලධාරීන් රාත්‍රී මුර සේවය සඳහා,දිනපතා එකම තැනක රඳවනවද? එය එසේ නම්, එයට කඩිනම් පිළියම් යෙදීමට නිසි කාලය එළඹ ඇත. (නි)

:       0       0

පද්මිණි Tuesday, 06 May 2014 12:44 PM

රාජකාරිය අකුරට කරන්ට ගිහින් ලද ප්‍රතිඵලයක්ද? (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 May 2014 09:39 PM

එහෙනම් එයාලත් ආයුධ පෙන්වන්න එක්කගෙන යමු (නි)

:       0       0

කුමා Tuesday, 13 May 2014 01:35 PM

නිකන් මිනිස්සු මරන්නේ නැහැනේ. කඹුරුපිටියේ වුණෙත් ඔහොම වැඩක්. කුරුණෑගලත් එහෙමද දන්නෙ නම් නැහැ. නිල ඇඳුම ඇන්දම සමහර පොලිස් නිළධාරීන්ට දෙමවුපියන්වත් මතක නැහැ. කොහොම නමුත් අපරාදේ ජීවිත! (නි)

:       0       0

මහේෂ් Tuesday, 06 May 2014 12:50 PM

මේ බේරුනු එක්කෙනාව මම දන්නවනේ.. (නි)

:       0       0

ජනහිත Tuesday, 06 May 2014 01:39 PM

මියගිය කොස්තාපල්ට නිවන් සුව ලැබේවා! ඔහුගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරමි. නැවතත් එල්ලුම්ගහ පැමිණේවා! (නි)

:       0       0

රත්නසිරි Tuesday, 06 May 2014 01:43 PM

අප වෙනුවෙන් අපේ ආරක්‍ෂක මහතුන් දිවා රාත්‍රී අවදියෙන් සේවය කරන අය. ඔබට විපතක්වීම මහ ජනතාවටද තදින්ම බලපානවා.සෑම පොලිස් භටයකුටම රාජකාරීයට අවශ්‍ය පිස්තෝලයක්, බැටල් පොල්ලක්, මාංචුවක් වත් දිය යුතුයි. තමාගේ ආරාක්‍ෂාව පලමුව. ඉක්මන් සුවය පතන අතර ජීවිතයෙන් සමුගත් මහතාට නිවන් සුව පතමු. (ස)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 06 May 2014 09:53 PM

මියගිය කෙනාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 06 May 2014 09:53 PM

මිනීමරුවන් සොයාගත් සැණින් ආයුධ පෙන්වීම සඳහා එක්ක යන්න. කුමාරි ගැන පව්. ආයුධ පෙන්නන හැටි එයාටත් පෙන්නුවා නම් මොළය අමාරුවට ශෝක් (නි)

:       0       0

නිශාන්ත Tuesday, 06 May 2014 10:06 PM

කුමාරි හරි කියල මමත් හිතනවා.(ස)

:       0       0

මනෝජ් Sunday, 11 May 2014 01:36 PM

මෙවැනි අපරාධ වලට සම්බන්ධ අපරාධකරැවන්ට නීතිෙයන් ගැලවී යාෙමි අවකාශ නැති කළ යුතුයි. ඒ් සදහා නව නීති සම්පාදනය කිරීම සුදුසුයි. (ස)

:       0       0

අමාලි Wednesday, 07 May 2014 12:08 PM

මනුස්සකම යටපත් කරලා අදහස් දාන්න එපා. මේ මැරිලා ඉන්නේ තරු පටි ගහපු කෙනෙක් නෙවේ. අහිංසක දරු පවුලක් රැක බලාගත්ත මනුස්සයෙක්. පොලිසියේ සමහර අය වැරදි කරන බව ඇත්ත. ඒත් හැමෝම නෑ. මෙතන සමහරු අදහස් දාන්නේ අන්තිම කැත විදියට. මන්නුස්සකම පාවාදීලා. හිතන්න ඔය මැරුණ කෙනා තමන්ගේ පවුලේ කෙනෙක් වුණා නම් එයා පොලිසියේ කියලා කමක් නෑ කියනවද?? (ස)

:       0       0

යසිත් Sunday, 11 May 2014 09:43 PM

අපේ රටේ නීති ක්‍රියාත්මක කරන අය අහිංසකයන් පෙළනවා. වරද කරුවන් නිදහස් කරනවා. (ස)

:       0       0

අනුර Tuesday, 06 May 2014 11:08 PM

මෙගෙන පොලිස් බබා මොකද කියන්නේ ,කරලා තියන අපරාදය වැරදියි එත් කුරුණෑගල ප්‍රදේශයේ වාහනයකින් නම් යන්නම අමරුයි (ස)

:       0       0

සාගර Tuesday, 06 May 2014 03:23 PM

මේ රට ක්‍රමානුකුලව අරාජික වේගන යන බව මට දැනෙනවා. (ස)

:       0       0

සුජානි Tuesday, 06 May 2014 03:24 PM

ලංකාවේ පොලිසියෙ මහතුන්ට හදිසි අවස්ථාවකදී භාවිතා කරන්න ආයුධ නොදෙන්නේ ඇයි. ගලකින් ගහල බේරෙනවා මිස වෙන කරන්න දෙයක් ඔවුන්ට නැහැ. (ස)

:       0       0

චානක. Wednesday, 07 May 2014 12:17 AM

ටී 56 ආයුධයක් නීති විරෝදීව දරාගෙන ඉන්න ඉහල පෙලේ සම්බන්දයක් නොමෙතිව කොහොමත් බැහැ....(ස)

:       0       0

හේමන්ත Tuesday, 06 May 2014 03:37 PM

මේ ඝාතකයින් යම ලොව යැවිය යුතුමයි. (දී)

:       0       0

ඇතුගල Wednesday, 07 May 2014 12:32 AM

කුමාරිට මමත් එකග වෙනවා. (ස)

:       0       0

රන්ජිත් Friday, 09 May 2014 06:36 PM

එල්ලුම් ගහ වහාම ක්‍රියාත්මක කළ යුතුමයි. (නි)

:       0       0

නිශාන්ත Thursday, 08 May 2014 05:11 PM

රටක යුද්ධයක් ඉවර උනාම මේවගේ දේවල් වෙන්න බලනවා. උස්සපු දේවල් එලියට එන්න කල් යනවා. මිනිහෙක්ව මරන්න තරම් දෙයක් වෙන්නේ එයට කිට්ටු යමක් අනිත් පැත්තෙනුත් උනොත්. සල්ලිවලට නැත්නම්. කෙසේ හෝ රටේ මේ විදියට උනොත් තව දුරටත් පාතාලය නැවත රජ කරන්න පටන් ගනී. කුමාරිට මමත් ටිකක් එකගයි. අවසානයේදී වෙන්නේ අහිංසකයන් ටිකක් අනාත වෙනවා. ඉක්මනින් මේ දේවල් නතර කරන්න වෙනවා රටේ දියුනුවේ ගමනට.(නදී)

:       0       0

හසන්ත Tuesday, 06 May 2014 03:54 PM

කලබලේට දාල යන්න වෙන්න ඇති (දී)

:       0       0

ප්‍රසාදිනි Wednesday, 07 May 2014 01:37 PM

කුමාරි, නිශාන්ත, ඇතුගල මට දුකයි ඔබල ගැන. (ස)

:       0       0

පිටිගල Tuesday, 06 May 2014 04:15 PM

අපි නම් ඒ කාලේ දෙතුන් දෙනෙකුට වග කියනවා තනියම අර බැටන් පොලු කෑල්ලෙන්. අපේ කොට කලිසමයි වම පැත්තෙන් ඉහලට නමපු තොප්පියයි දැක්කම ඇති. . හැබැයි ඉතින් ඒවායින් අපට ඉහලින් හිටිය ලොකු අයගේ තමයි නම ගියේ. අපේ හම ගියා විතරයි.එත් අනේ මන්දා දැන් හැදෙන ඉලන්දාරින්ට තුවක්කුත් දීල මොනවා වෙලාද කියලා. (දී)

:       0       0

මිහිර ද සිල්වා Wednesday, 07 May 2014 02:28 AM

පොලීසියේ රස්සාව දැලි පිහියෙන් කිරි කනව වගේ.ශ්‍රි ලංකා පොලිස් දෙපර්තුමේන්තුව දවසක් වසා තිබ්බොත් ලංකාවට වෙන දේ හිතාගන්න බෑ.පොලිස් නිලදාරින් කරන රජකාරිය ඉතාම් උතුම්.කරුනාකර රජයේ වගකිවයුත්තන් සිවිල් මිනිස්සු අතතිව ඇති ගිනි අවි සහා ඔවුන් වහාම අත් අඩංගුවට ගත යුතුය.යුක්තියක් නැති රටක සාමයක් නැත.පොලිස් නිලදාරි මහතාට නිවන්සුව (ස)

:       0       0

මදුමාල් Thursday, 08 May 2014 05:38 PM

මේවා රටකට හොද වැඩ නෙමෙයිනේ.(නදී)

:       0       0

ජයසිංහ Wednesday, 07 May 2014 02:20 PM

මිනීමරුවෝ ටික අල්ලගත්තොත් අල්ලගත්ත ගමන්ම ආයුද පෙන්නන්න එක්කගෙන ගිහින් තරු පෙන්නන්න.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 07 May 2014 03:29 AM

මේ මොනවා කිවුවත් යුද්ධයෙන් පසු මෙවැනි දේ ගොඩක් අහන්න ලැබෙනවා. මට අරගොල්ලෝ ගැන නිතරම සැකයි (නි)

:       0       0

චන්දන Tuesday, 06 May 2014 04:41 PM

ලංකාවේ මැරබලයට ඉඩක්නම් නැහැ කොහොමටවත් (දී)

:       0       0

රොෂාන් Wednesday, 07 May 2014 03:41 AM

මෙම මිනීමරුවන්ගේ ආයුධ හංගපුවා හොයන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 297 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1372 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1633 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2339 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2962 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35262 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24059 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site