IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බඩුමිල වැඩිවීමේ ක්‍රමවේදය ගැන ජනපති අප්‍රසාදය

(අජන්ත කුමාර අගලකඩ)

ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බඩු මිල සම්බන්ධයෙන් ඇමැතිවරුන් අතර කැබිනට් රැස්වීමේදී ඇති වූ සංවාදයකට එක්වෙමිනි.

ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව ජනතාව අතර ප්‍රශ්නයක් තිබෙන බව නිවාස හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඊට පිළිතුරු දී ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ අදහස සම්බන්ධයෙන් විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

හාල්,පොල්, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල කලින්ට වඩා අඩුව ඇතැයි පවසා ඇති සමරවීර මහතා සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් වල හැමදෙයක් ගැනම කතා කළද මේ ජීවන වියදම අඩුවීම ගැන කතා කරන්නේ නැතැයි පවසා ඇත.

ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංවාදයට එක්ව ඇති අතර ජීවන වියදම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්නැයි ජනාධිපතිවරරයා ප්‍රකාශ කර ඇත.

 

 



අදහස් (14)

බඩුමිල වැඩිවීමේ ක්‍රමවේදය ගැන ජනපති අප්‍රසාදය

OMG Tuesday, 18 September 2018 06:59 PM

අපිට නම් මුළු ආණ්ඩුව ගැනම අප්‍රසාදයි

:       0       212

Perera Tuesday, 18 September 2018 07:03 PM

රටේ නාස්තියය් අපනයන ආර්ථිකය දුර්වල වීමයි රටේ ශ්‍රම පලදායිත්වය පහත මට්ටමක තිබීමයි රටේ ආර්ථිකය අන්ත දුර්වල තත්වයකට පත් වීමෙන් රුපියල බාල්දු වී දුර්වල වී ආනයන අපනයන හා සංසන්දනය කරන විට ආනයන බෙහෙවින් වැඩි වීම යන හේතුන් මත සාමාන්‍ය ජනතාවට එදිනෙදාට අවශ්‍ය බඩු මිල වැඩි වී ඇත. ඕක අද ඊයේ වුන දෙයක් නෙවි, දශක ගානක ඉඳන් තියෙන දෙයක්.

:       61       29

vipulaWednesday, 19 September 2018 08:11 AM

අද ඊයේ සිදු නොවුන දෙයක් නම් ප්‍රවෘත්තියක් වෙන්නෙත් නැහැනේ. මෙතන තිබෙන ප්‍රශ්නය ඉතා කෙටි කාලයක් තුලදී භාණ්ඩ හා සේවා වල මිල ගණන් රුපියල බාල්දු වීම නිසා , බදු අධික ලෙස වැඩි කිරීම නිසාත් අලුතෙන් භාණ්ඩ හා සේවා බදු ගෙවීම් වලට යටත් කිරීම නිසාත් අධික ලෙස ඉන්ධන මිල ඉහල යාම නිසා සාපේක්ෂව තව තවත් භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීම. මෙසේ වැඩිවන බඩු මිල දරාගන්න තරම් වැටුපක් වැඩිවන්නේ නැහැ. මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් දක්ෂ නැහැ මෙයට ක්ෂණික හා දීර්ග කාලීන පිළියම් යෙදවීම. සියලුම කැබිනට් ඇමතිවරු කරන්නේ තමන්ට අයත් අමාත්‍යංශ වල සේවා ගාස්තු ඉහල දැමීම පමණයි. මේවගේ දේවල් වලට ඇමතිවරු පත්කරන්න ඕනේ නැහැ. අමාත්‍යංශ ලේකම්ලා හිටියම හොදටම ප්‍රමාණවත්.

:       0       51

Bamunuarachchi Tuesday, 18 September 2018 11:01 PM

2020 දී ජනතාව ඔවුන්ගේ ඡන්ද සූත්‍රය අනුව වැඩකරාවී. අපේ ඡන්ද සූත්‍රය හැදෙන්නේ වේදිකාවේ බෙරිහන් දෙන ඒවා අහලා නොවෙයි, ජීවත් වෙන්න දඟලන දැඟලිල්ල මතයි. මේගොල්ලෝ හිතාගෙන ඇති අපි ජීවත්වෙන්නේ කන්න කියලා ඒ නිසානේ හාල් පොල් අඩුවෙලා කියන්නේ. ගෑස් 195 කින් සීනි 20 කින් පාන් 5 කින් ඉහල ගියා. රැස්වීම් වල කියන ඒවා පිටරට ඉන්න අයට හොඳයි. ඒ ගොල්ලෝ රටේ සංවර්දනය ගණන් බලන්නේ ඩොලරයට ලැබෙන රුපියල් වලින්. 2015 අපේ ණය මිලියන 7500000 2018 දී අපේ ණය මිලියන 10500000 යි.

:       36       215

සඳුන් Wednesday, 19 September 2018 01:00 AM

ජනතාවගේ අවාසනාවට මේ ඇමතිවරු ඉන්නෙ සුරංගනා ලෝකවල. රටේ බඩු මිල වැඩි වුනයි කිව්වත් කේන්නි යනවා. මාස්පතා පඩිගන්න සකසුරුවමින් මුදල් කලමනාකරණය කරගන්න මධ්‍යම පන්තිකයෙකු දන්නවා මාසයෙන් මාසයට එදිනෙදා පාරිභෝගික භාණ්ඩ පසුගිය දිනවල ඉහල ගිය බව. හාල් පොල් වගේ දේවල් දේශිය ඵලදාව අඩු වැඩි වෙන කොට මිල ඉහල පහල ගියත් සාපේක්ෂව වැඩිවීමක් තියෙන්නෙ. බදු බර වැඩි කිරීම ජනතාවගේ ඉපැයීම් හා ඉතිරිය විශාල ලෙස පහල බහිනවා. මෙවැනි තත්වයන් මුදල් ඇමතිවරයාට අවබොධයක් නැතිකම රටේම අවාසනාවක්. සාමාන්‍යයෙන් රටක බඩුමිල වැඩිවන එක ඇත්ත. පසුගිය මාස කිහිපය තුල මෙය දරාගත නොහැකි ලෙස සිදුවුනා.

:       12       93

Samathasena A . Aluthgamage. Wednesday, 19 September 2018 01:55 AM

සිරිසේන සහ සජිත් මහත්වරුන් නිවැරදියි. මේ ඇමතිකම වෙනත් දක්ෂ කෙනෙකුට දී රටේ බදු මිල, බඩු මිල අඩුකරන්න. එහෙම නොකොළොත්, රට ඉවරයි

:       12       155

Rasi Wednesday, 19 September 2018 02:00 AM

එක පැත්තකින් තෙල් මිල වැඩිවෙනවා, අනෙක් පැත්තෙන් ඊට සාපේක්ෂව ඊට සම්බන්ද අනෙක් දේවල් වැඩිවෙනවා. ඩොලරය වැඩිවෙනවා, රුපියල අව ප්‍රමාණය වෙනවා, විදේශ ආයෝජන පෙර නොවූ විරු ලෙස පහල ගොස් තිබෙනවා. රජයේ පරිපාලන කටයුතු බොහෝ අංශ වල හරියාකාරව හෝ නිසි පරිදි ඉටු නොවන බව පෙනෙන්න තිබෙනවා.

:       0       78

gunarathna Wednesday, 19 September 2018 05:46 AM

ජනපතිතුමනි මෙම මුදල් ඇමතිකමට ජනතාවගේ දුක හඳුනන පරිසරය ගැන දුක හඳුනන කෙනෙක් පත්කෙරුවොත් ඔබතුමාට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මේ තනතුරට යහපාලනයේ ඉන්නම හොඳම පුද්ගලයා මම හිතන්නේ එරාන් වික්‍රමරත්න. නැතිනම් හර්ෂ ද සිල්වා.

:       140       26

MISHAL-MATARA Wednesday, 19 September 2018 06:12 AM

ඇයි අපිට කියන්නේ

:       0       82

nimal Wednesday, 19 September 2018 06:28 AM

ප්‍රසාදයක් දක්වන්න මොනවත් වැඩක් මේ ආණ්ඩුවේ තියෙනවා ද?

:       9       121

dhamneth Wednesday, 19 September 2018 08:54 AM

මීට දින කිහිපයකට පෙර ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියා තිබුණු විපක්ෂය කෑගහන තරමට බඩුමිල වැඩිවෙලා නොමැත. එතුමා සෑමවිටම සිහිබුද්ධියෙන් කතාකරන්නේ. එ්නිසා ජනාධිපතිතුමාට පුළුවන් සතොසේ, සමුපකාර කාගිල්ස් වැනි ආයතනවලින් 2014 භාණ්ඩ මිලගණන්වල තොරතුරු ලබාගෙන ජනතාවට සත්‍ය පහදා දෙන්න.

:       5       29

දිමුත් Wednesday, 19 September 2018 09:21 AM

පඩි සූත්‍රයක් නැද්ද? මිනිස්සු කොහෙන්ද සල්ලි හොයන්නේ?

:       0       3

RNG Wednesday, 19 September 2018 12:08 PM

කෝ අර මෙතන නිතරම විවාද කරන සිරිකොතේ අලුත්ම මාධ්‍ය ප්‍රකාශකතුමා එහෙම..? එතුමා මොනවද දන්නෙ නෑ මේ ගැන කියන්නේ ..?

:       0       4

OMG Wednesday, 19 September 2018 01:19 PM

දවසට පැය 24ක් නැතුව පැය 50ක් වත් කරන්න බැරිද? ඕ.ටී. කරන්නත් වෙලාව මදි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1121 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 428 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 803 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 752 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 601 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1895 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site