IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


බඩ ඉරිඟු ආනයන බලපත් කඩිනමින් නිකුත් කරන්න නියෝග

(අංජුල මහික වීරරත්න)

 සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩ ඉරිඟු වලින් මේ වන විට  දේශීයව නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයත්, ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ප්‍රමාණයත් ගණනය කර ආනයනය කළ යුතු බඩ ඉරිඟු ප්‍රමාණය සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක  මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍වෙත ඉදිරිපත් කරන බව  ද රත්නායක  මහතා පැවසීය.

සත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩ ඉරිඟු නිෂ්පාදනය හා එහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී රත්නායක  මහතා මේ බව කීය.

 වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් ආනයනය කළ යුතු ප්‍රමාණය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා  ලෙස සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නේය. 

ලෝක වෙළඳපොළේ බඩ ඉරිඟු මිල පහළ ගොස් තිබෙන අවස්ථාවලදී ආනයනය කිරීමෙන් දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය අර්බුදයකින් තොරව සපුරාලිය හැකි බව ද සාගල රත්නායක මහතා කීය.

දැනට පවතින සහල් අවශ්‍යතාවය ඉක්මවා දේශීය සහල් නිෂ්පාදනය සිදුව ඇති හෙයින් අතිරික්ත සහල්වලින් කොටසක් සත්ව ආහාර සඳහා යොදාගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර  සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීම කෙරෙහි රජය විසින් පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.

ඒ අනුව රටේ ජනතාවගේ සහල් පරිභෝජන  අවශ්‍යතාවයත් මේ වන විට පවතින සහල් නිෂ්පාදනයත් නිවැරදිව ගණන් බලා පවතින අතිරික්ත සහල් තොග ගණනය කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙස  සාගල රත්නායක මහතා කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

සත්ව ආහාර සඳහා අතිරික්ත සහල් තොග  යොදා ගැනීමෙන්  වී මිල අඩු නොවී ස්ථාවරව පවත්වා ගෙන යාමටත්, සත්ව ආහාර සඳහා ආනයනය කළ යුතු බඩ ඉරිඟු අවශ්‍යතාවය අඩුකර ගැනීමට ඇති හැකි බවද  එමඟින් බඩඉරිඟු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

බඩ ඉරිඟු ආනයන බලපත් කඩිනමින් නිකුත් කරන්න නියෝග

L P Rupasena Friday, 28 April 2023 03:27 AM

ගැටලුව ඇතිවීමට පෙර අවධානය යොමු කර ඇත. නමුත් රට තුළ නිෂ්පාදනය කිරීමට උපදෙස් දිය යුතුයි. බඩ ඉරිඟු මාස ​​තුනේ බෝගයක් වන අතර එය රට තුළ වගා කළ හැකිය. ක්‍රියාකාරී සැලැස්මක් නොමැත. මා දන්නා පරිදි ක්‍රියාකාරී සැලසුම් නොමැති එකම රට ශ්‍රී ලංකාවයි. ආහාර නිෂ්පාදකයින් ආනයනය කිරීමට කැමැත්තක් දක්වයි. රටට විදේශ විනිමය තිබේද? ඔවුන් රාමුකරුවන් සමඟ විනිවිද පෙනෙන ආකාරයෙන් සම්බන්ධ විය යුතුය. ඔවුන්ට ලැබෙන ලාභය කුමක්දැයි පෙන්විය යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 569 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1434 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 492 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1131 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 141 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 818 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 621 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site