(උපාලි ආනන්ද)
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදල ලබා නොදී වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් අධිකරණයට ඉදිරිපත් කළ මෙන්ඩිස් සමාගෙමි සභාපති අර්ජුන ඇලෝසියස් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මයේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය.
ඇපකරුවන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බව ද නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකාකාර අර්ජුන ඇලෝසියස්ට විදේශ ගත වීම වලකාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කළේය.
රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විදිමින සැකකාර අර්ජුන ඇලෝසියස් යළි 2025 වසරේ පෙබරවාරි මස 10 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මයේස්ත්රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කළේය.
වරින් වර අවස්ථා තුනකදී මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සියලු පාර්ශවයන්ගේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගෙන සැකකාර අර්ජුන ඇලෝසියස්ට ඇප නියම කරමින් ප්‍රකාශ කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුව මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් පවා ලබා නොගෙන මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම මෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම ද ගැටළු සහගත බවයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුව අසම්පූර්ණ සහ දෝෂ සහිත වැඩිදුර වාර්තා මෙන්ම අධිකරණ නියෝග ඉල්ලා සිටීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම මෙහිදී අධිකරණයේ දැඩි දෝෂ දර්ශණයට ලක් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුර වාර්තා සහ වෙනත් ලේඛණ අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙසටද අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුවට දනුම් දුන්නේය.
නොච්චියාගම පී ඩී ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගෙමි කළමනාකාර අධ්යක්ෂ ප්‍රසාද් දිලංක යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුවට කරන ලද පැමිණිලල්කට අනුව මූලික විමර්ශන මෙහෙයවීමෙන් අනතුරුව බන්ධනාගාරය මගින් සැකකරු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
Bandz Wednesday, 06 November 2024 05:20 PM
බඩ ඉරිඟු වගාකරපු අහිංසක මිනිස්සු...