IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බඩු බනිස් වෙන්න වගේ

2016-06-01-ent-0112015 ජනවාරි 8 වැනිදා රටේ බොහෝ දෙනාට ඕන වුණේ ලොකු වෙනසක් කරන්න. අර කිරිපිටි ඇඩ් එකේ ඉන්න ලේලී නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කළා වගේ අපි කවුරුත් හිතුවේ මෛත්‍රී අන්කලුත් අපි වෙනුවෙන් ලොකු වෙනසක් කරයි කියලා. එකනේ ගොඩක් අය මෛත්‍රී අනකල්ට සපෝර්ට් එක දුන්නේ. ඒත් මිනිස්සු හිතපු තරම් නම් සුගතියක් තාම නෑ. සමහර කරන වැඩ දිහා බැලුවාමනම් කූජිතයි කියලා හිතෙනවා. මේ වගේ පිස්සු කෙලින්න නෙවෙයි සිවිල් සමාජය ඒ වෙලාවේ මෛත්‍රීට සහයෝගය දුන්නේ.

මුලින්ම ජනතාව ඡන්දෙන් පරාජය කරපු ඈයෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තා. මිනිස්සු ඉවසං හිටියා. ඊට පස්සෙ උන්ට නියෝජ්‍ය කථානායකකම්, කැබිනට් ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් දුන්නා. ඒත් මිනිස්සු ඉවසං හිටියා. ජනාධිපතිවරණයෙන් පස්සෙ රටේ නායකයා මිසක්, පක්ෂෙ නායකයා විදියට පක්ෂෙ කරගහන්නෙ නෑ කියලා කියපු මනුස්සයාම කළේම රටට වඩා පක්ෂෙ කරට ගත්තු එක. පක්ෂෙ ශක්තිමත් කරන්න ඕන කියලා ජනාධිපතිවරණය වෙලාවේ තමන්ගේ වේදිකා ගිනි තියපු උන්ට, තමන්ට හිටං හිටං කියලා නක්කලේ දාපු උන්ට ළගට අරගෙන ඇමති සැප දුන්නා. ඒත් මිනිස්සු ඉවසං හිටියා. යහපාලන ආණ්ඩුව ආවම "හතර මහ නිධාන" පහල වෙනවා වගේ සුරංගනා කතා තොග පිටින් ඇදබාපු මේ කට්ටිය දැන් ජනතාවට කියන්නේ පටි තද කරගන්න කියලා.

මේ ආණ්ඩුව ආවම කාර්වලින් යන්න පුළුවන් කියපු ඈයෝ අද රටේ සාමාන්‍ය ජනතාව ජෝක් එකට අරගෙන ජෝන් බාස්ලා හිතන්නෙ රටේ ජනතාව ඔටුවෝ කියලද දන්නේ නෑ. නැත්තම් මේ වගේ මොංගල් කතා කියනවද. මේ හැමදේම වෙද්දිත් මිනිස්සු ඉවසං ඉන්නවා. මෛත්‍රී අන්කල්ගේ පරාජය වෙනුවෙන් ගහන්න පුළුවන් අන්තිම ඇණෙත් ගහපු මහින්ද රාජපක්ෂ සාටකේ එල්ලිලා ඔන්චිලි පැද පැද හිටපු ඈයොම අඬගහලා තමන්ගෙ උපදේශකයො කරගත්තා. එවට සිවිල් සංවිධාන විරුද්ධව වුණත් ඒ විරෝධයත් පයිසෙකට ගණන් ගන්න පාටකුත් නෑ. තවමත් මහජනතාව ඉවසං ඉන්නවා. ළඟදී අපේ මාධ්‍ය මිත්‍රයෙක් ප්‍රසිද්ධ සඟරාවක කිව්වා මරු කතාවක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ජනාධිපති බලය අතට ගන්න මහාචාර්ය සරත් විජේසූරියලා ඕන වුණාට ඒ බලය පවත්වාගෙන යන්න ඕන වෙන්නෙ ගාමිණි සුමනසේකරලා කියලා. මේ දේවල් වෙද්දිත් තාමත් මිනිස්සු ඉවසං ඉන්නවා. හැබැයි තාමත් මේක නමින් යහපාලන ආණ්ඩුව.

ගංවතුරෙන්, අවි ගබඩාව පිපිරීමෙන් අනාථ වෙච්ච මිනිස්සුන්ට තාම ඇඩ්‍රස් නෑ. ඒ ඔක්කොම එහෙම තියෙද්දි පොඩි මිනිහගෙ වාහන හීනෙටත් පයින් ඇනපු මේ ආණ්ඩුවෙ කටිටිය තමන්ට සැප වාහන ගන්න වලිකනවා. ඒක සාධාරණීකරණය කරන්න මාර තර්කත් ඉදිරිපත් කරනවා. එක ඇමතියෙක් කියන්නේ තමන්ගෙ කවුද හාදයෙක් කියන්නේ පොඩි වාහනේක ගියාම තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ට ඒක මදිකමක් කියලා. තවත් එක් කෙනෙක් කියනවා කබල් වාහනවල ගිහිල්ලා එයාගේ ඇට වල අප්සට් එකක් ඇවිල්ලලු. හැබැයි සාමාන්‍ය ජනතාව ගමන්බිමන් යන්න විදින දහදුකේ හැටියට එහෙනම් අපේ ඇට මේ වෙද්දී ආගිය අතක් නැති වෙන්න ඕන. මේ යහපාලන ආණ්ඩුවේ අයගේ මේ ගොංපාට් කතා සියල්ලත් අහගෙන තාම ජනතාව ඉවසං ඉන්නවා.

රාජපක්ෂ, ආණ්ඩුවට ගෙදර යන්න වුණේ එයාලගෙ බොරු ෂෝ එක නිසාමයි. පුදුම සංදර්ශන මේනියවක්නේ රාජපක්ෂලාට තිබුණේ. ඒකම එයාලගෙ විනාශයටත් හේතු වුණා. රාජපක්ෂලගෙ කටවුට් ගැහිල්ල පසුගිය ජනාධිපතිවරණයේදී ඉහළට ආපු ලොකුම සටන් පාඨයක් යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ හැමෝම හිතුවෙ ඒ වගේ බොරු ෂෝ නැත්තමට නැති වෙයි කියලා. ඒත් ඒක එහෙම නෑ. කටවුට් සෙල්ලම පෙර සේමයි පාර්ලිමේන්තු වටරවුම් ළඟ කාගෙ හරි ඇමතියෙකුගෙ තඩි කටවුට් එකක් නැති දවසක් නෑ. මේ දේවල් සිද්ධ වෙද්දිත් තාමත් මිනිස්සු ඉවසං ඉන්නවා.

මේ වෙලාවෙ රටේ මිනිස්සු ස්වාභාවික විපත්වලින් පීඩාවට පත්වෙලා ඉද්දී, බදු බරින් පීඩාවට පත්වෙලා ඉද්දී, ඉහළ යන බඩු මිල නිසා පීඩාවට පත්වෙලා ඉද්දී ඒ ඔක්කොම පැත්තකට දාලා මෛත්‍රී අන්කල් කළේ කොටුවේ ජනාධිපති මන්දිරේ මිනිස්සුන්ට බලන්න ඇරලා දීපු එක. එකටද මේ වෙලාවේ ප්‍රමුඛත්වය දෙන්න ඕන. මේ වැඩේ බලන්න කියලා ලක්ෂ ගණන්වල පත්තර පිටු ගණන් දැන්වීම් පළ කළා. මේවට කොච්චර වියදමක් ගියාද? අපි මේ වැඩේ ඕගනයිස් කරපු මහත්තුරුගෙන් අහන්න කැමතියි. මේ ඉවෙන්ට් එකේ මුළු වියදම කීයද කියලා. මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් එකක් අරගන්න මිනිස්සු සල්ලි එකතු කරනකම් උඩ බලාගෙන ඉන්න යහපාලකයො හිතන්නේ ජනාධිපති මන්දිරේ බලන්න දුන්නහම මිනිස්සුන්ට ඔක්කොම හරි කියලා. මේ වැඩ කරන විදිහක් සහ වෙලාවක් තියෙනවා. ජනාධිපති මන්දිරේ ජනතාවට නරඹන්න අවස්ථාව දීම නරක නෑ. ඒකට කැමති අයත් ඇතිනේ. හැබැයි මේ වෙලාවේ ආණ්ඩුවෙන් ඒකද මිනිස්සු ඉල්ලන්නෙ? මේ යහපාලකයො ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන මේ විදිහටද සංවේදී වෙන්නේ? ජීවත් වෙන්න බැරුව අලි අමාරුවක ඉන්න මිනිස්සුන්ට ජනාධිපති මන්දිරේ බලාපල්ලා කියලා ඉඩදීපු එක හරියට "කක්කුස්සියක් ඕනවෙලා දඟලන මිනිහෙකුට ටෙලිවිෂන් එකක් දෙනවා වගේ" වැඩක්. අපි මේ අයගෙන් ඉල්ලන්නේ ජනතාවගේ ප්‍රමුඛතාවන්ට තැන දෙන්න කියලා. එක නොකරපු රාජපක්ෂලා ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙච්චි හැටි මේ අයටත් ආපහු මතක් කරලා දෙන්න වෙලා තියෙන්නේ.

රටේ ප්‍රශ්න ගැන සංවේදී දේශපාලකයෝ රටකට වාසනාවක්. හැබැයි රටේ ඇත්ත ප්‍රශ්න ගැන සංවේදී නොවන නායකයො රටකට මළකරුමයක්. මෑත ඉතිහාසයෙන් මේකට උදාහරණ ගන්න පුළුවන්. ඉතින් ඒ උදාහරණ දිහා බලලවත් ඇයි මේ යහපාලන කට්ටිය වැරදි හදාගන්නේ නැත්තේ කියලා නම් අපට හිතාගන්න අමාරුයි. සත්‍යාවබෝධ කරගත්තේ නැත්තම් යහපාලන ආණ්ඩුවටත් කොයි වෙලාවෙ ස්වීප් එක ඇදෙයිද කියලා නම් කියන්න බෑ. යහපාලන ආණ්ඩුවේ අය කරන ගොංපාට්වල නම් කෙළවරක් නෑ. හරිම ජොලි වැඩක් එක අමාත්‍යාංශයකින් මේ ළඟදි කරලා තිබුණා. ඒ තමයි මාධ්‍යවේදීයොයි කියලා කට්ටියකට සාමවිනිසුරු පට්ටං දීපු එක. මේ සීන් එකට නම් හිනාවෙලා නිකං ඉන්නවා ඇරෙන්න දෙයක් නෑ. කලාකරුවොත්, මාධ්‍ය‘වේදියොයි කියලා වැඩිපුරම හාල්කෑලිවලට තමයි මේ ජේ.පී. පට්ටං දීලා තියෙන්නේ. යහපාලන ආණ්ඩුව ගේන්න කාලාකරුවො සහාය දුන්නේ ඇමතිලගෙ ගෝලයන්ට ඕන ඕන අයට ජේ.පී. පට්ටං ගන්න නෙවෙයි. සමස්ත කලාවට වැඩක් කරයි කියලා හිතලා. දැන් බලාගෙන යනකොට රාජපක්ෂලා කරපු කාලෙටත් වඩා කුජිත විදිහටයි මේ ආණ්ඩුවේ කලාකරුවන්ට සහ කලාවට සලකන්නේ. සිංදු දෙක තුනක් කියපු අඟර දඟර නංගිලට එෆ්.එම්. චැනල්වල තොදොල්වෙන එෆ්.එම් නංගිලාටයි ජේ.පී. පට්ටං දෙන්න අධිකරණය අමාත්‍යාංශය කල්පනා කරන එකෙන්ම පේනවා, ඒවා වැටිච්ච තැන. මේ ජේ.ජී. පට්ටං හම්බවෙච්ච ගොඩක් අය රාජපක්ෂ ආණ්ඩුව කළේ මහින්දට ආවඩපු අය. මහින්දගෙ මැතිවරණ වේදිකාවල නැගපු අය. මේ බත්බැලයන්ට සැලකීමේ තුට්ටු දෙකේ ක්‍රමයට විරුද්ධව තමයි ජනවාරි 8 වැනිදා මිනිස්සු පෙරට ආවේ. අපි කියන්නේ යහපාලනය වෙනුවන් පෙනී ඉදපු අය කියලවත් සුදුසු නැති අයට සුදුසු නැති තනතුරු දෙන්න එපා.

ඉස්සර ජේ.පී. කෙනෙක් කිව්වම ඒකට ලොකු ගෞරවයක් තිබුණා. දැන් අමාත්‍යාංශයේ ඉන්න ඈයොන්ගෙ හිතවත් කොල්ලන්ටයි බල්ලන්ටයි හැම එකාටම ජේ.පී. පට්ටං දෙන්න ගිහින් ජේ.පී. පට්ටම බල්ලට ගිහින් තියෙන්නේ. කලාකරුවන්ට අවශ්‍ය රාජ්‍ය මට්ටමෙන් කරන්න. ඕන සම්මාන උලෙළවල් එහෙම තියන්න හිතන්නෙවත් නැති මේ ආණ්ඩුව කලාකරුවො, මාධ්‍ය‘වේදියෝ කියලා හාල් කෑලිවල ජේ.පී පට්ටං දීලා නම් සංතෝස කරන්න හදන්නේ, ඒවා දෙන උන්ට වඩා විළිලැජ්ජා නැතුව ඒවා ගන්න උන්ටයි ගහන්න ඕන. ඒ අමාත්‍යාංශයේ කටයුතු කරන අයම මේ වැඩේට අප්‍රසාදයෙන් ඉන්නවා කියලා අපිට කතා කරලා කිව්වා. ඒකමයි මේ ටික ලියන්න හිතුවෙ.

යහපාලනයට දරදිය ඇදපු සිවිල් සංවිධාන, මේ ආණ්ඩුවෙ ගොංපාට්වලට එරෙහිව තමන්ගෙ විරෝධය ලබන 21 වැනිදා, මහජන පුස්තකාලයේදී දක්වන්න සූදානම්. අපි මේ යහපාලනේ මහත්තුරුනගෙන් ඉල්ලන්නේ මේ රෙඩ් ලයිට් එකට සංවේදී වෙන්න කියලා. මොකද ජනතාව සැරින් සැරේ පත්තු කරපු රෙඩ් ලයිට් ගණන් ගත්තේ නැතුව හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා හිතපු රාජපක්ෂ ආණ්ඩුවත් ඒක්ස්ෆයර් ඩේට් එකටත් කලින් එක්ස්ෆයර් වෙන්න සිද්ධ වුණු විත්තිය මේ අයට අමතක වෙන්න විදිහක් නෑනේ.

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

බඩු බනිස් වෙන්න වගේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 229 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 919 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1429 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 346 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1001 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1868 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site