IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බණ්ඩාරනායකය දවසකට රෝහලක් වෙයි

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුන්  සංවිධානය කළ වෛද්‍ය විද්‍යා ප්‍රදර්ශනය,  වෛද්‍ය සායනය සහ ලේ දන් දීමේ කඳුවුර අද එම විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි.

එම විදුහලෙන් අධ්‍යාපනය ලැබ මේ වන විට වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයන්  සහ වෛද්‍ය සිසුහු එක්ව මෙහි සායන පැවැත්වුහ.

දියවැඩියාව,  අධික රුධිර පීඩනය, ඇතුළු බෝ නොවන රෝග සායන, ගැහැණු ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් සුවනාරී සායනය, උගුර කණ නාසය පිළිබඳ සායන, අක්ෂි වෛද්‍ය සායනය, දන්ත වෛද්‍ය සායනය, නව යොවුන් වියේ සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැනුම්වත් කිරීම, පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ සම්මන්ත්‍රන සෞඛ්‍ය අධ්‍යාපන සහ ප්‍රවර්ධන වැඩසටහන්, දේශීය වෛද්‍ය සායනය, පශු වෛද්‍ය සායනය ද මොවුහු පැවැත් වුහ.

මීට අමතරව  එහි උගත් නීතිඥයෝ සහ නීති සිසුහු  නීති උපදේශන සේවාවන් පැවැත් වුහ. 

ජාතික හැදුනුම් පිළිබඳ ජංගම සේවය, විදේශ ගමන් බලපත් පිළිබඳ ජංගම සේවය, උප්පැන්න මරණ හා විවාහ ලියාපදිංචි කිරීමේ ජංගම සේවා, ඉඩම් ගැටළු පිළිබඳ ජංගම සේවා, බදු හා ගිණුම් කටයුතු පිළිබඳ ජංගම සේවා, රැකියා වෙලඳ පොළ අධ්‍යාපන හා වෘත්තීය පිලිබඳ මාර්ගපදේශන සේවාවන්ද මෙහිදී පැවැත් වුහ.

ඉහත ආයතයන්හි සේවය කරන බණ්ඩාරනායක ආදි සිසුහු රැසක් මෙයට එක්ව සිටියහ.

යක්කල ආයුර්වේද රෝහළේ වෛද්‍යවරු සහ සිසුහු එක්ව  දේශීය වෛද්‍ය සායනයක් පැවැත්  වුහ.

ඔවුහු පැමිණි සිට  සැමට හකුරු සමග ඔසුපැන් පිළිගැන්වුහ.

සාමාන්‍ය රෝහළක මෙන් බාහිර රෝගී ඒකකයක් ද එහි පැවති  අතර බටහිර බෙහෙත් මෙන්ම දේශීය බෙහෙත් නොමිලේ සපයනු දක්නට ලැබිණ.

තම අවශ්‍යතාවයන් සහ ගැටළු නිරාකරණය කරගැනීම සඳහා නන් දෙසින් ජනයා  විදුහල් භූමියට ඇදී ආහ.

 

 

 

 

 

 

 



අදහස් (0)

බණ්ඩාරනායකය දවසකට රෝහලක් වෙයි

පහන් Monday, 07 July 2014 09:25 AM

ඉදිරියෙන් වෙල් යාය කන්ද නැගල අපි ඉස්කෝලෙට ආවා. දැන් නම් කසගස් පේන්න නැහැ. පිටු පසින් සුසාන භුමිය. ඔබ සෙවනේ ගතකල අවුරුදු 7 මගේ ජිවිතයේ සුන්දරම කාලයයි .චිරන් ජයතු !!! (නදී)

:       0       0

දයාන් Monday, 07 July 2014 09:28 AM

සංවිදායක මණ්ඩලයට අපගේ ප්‍රණාමය ! (නදී)

:       0       0

බණ්ඩාරනායකයේ අපි Monday, 07 July 2014 02:54 PM

මේ වැඩ සටහන සංවිධානය කළේ " බණ්ඩාරනයකයේ අපි" සහෘද එකමුතුව මගින්. ඇත්තටම ක්‍රියාත්මක කලේ සමස්ත බණ්ඩාරනයකවරුන් කියල කියන්න පුළුවන්. හැමෝටම පුළුවන් "බණ්ඩාරනයකයේ අපි" සහෘද එකමුතුව එක්ක මේ වගේ වැඩසටහන් එක්ක ඉදිරියේදී එකතුවෙන්න. සියලු දෙනාටම විවෘතව ආරාධනා කරනවා පහත ක්‍රමයකින් අපිත් එක්ක එකතු වෙන්න කියලා. FB - BandaranayakayeApi (වචන අතර ඉඩක් නැතුව) e - [email protected]

:       0       0

ඉසුරන්දි Monday, 07 July 2014 10:06 AM

මෙය හැම පාසලකම සිදුවිය යුත්තක්. සුපිරි ගනයේ පාසල් වගේම අනෙකුත් අඩු පහසුකම් ඇති පාසල්වලත් මේවා ක්‍රියාත්මක කරනවා නම් කොච්චර හොඳද? (නදී)

:       0       0

රන්ජිත් Sunday, 06 July 2014 07:33 PM

මේ පාසල් මාතාවට දෙවි පිහිටයි! (නි)

:       0       0

ධම්මික Monday, 07 July 2014 11:17 AM

පහන් ගේ සහා ජගත්ගේ ප්‍රථිචාර දැක්කහම පපුව කඩාගෙන ගියා වගේ දැනුනා. නිමේෂයෙන් ඒ සුන්දර පාසල් කාලයට ගියා. (නදී)

:       0       0

චරිත් රුක්ෂාන් ඩෙනිස් Sunday, 06 July 2014 08:23 PM

බණ්ඩාරනායක අභිමානය විහිදුවා ලු තවත් දවසක්. ආඩම්බරයි මගේ සහෝදර වෛද්‍ය සහෝදරයින් ගැන. සුවහසක් රෝගී ජනතාව සුව කිරීමට මගේ දෙවැනි අම්මා බිහි කළ වෛද්‍යවරු අනන්තයි. ඔබට චිරං ජයතු ! (නදී)

:       0       0

ළෙහිඳු අතපත්තු Sunday, 06 July 2014 08:39 PM

බණ්ඩානායකයේ වත්මන් සිසුවෙක් ලෙස ආඩම්බරයි. (පරිඝණක සමාජය)

:       0       0

ගොවිඳු වීරක්කොඩි Sunday, 06 July 2014 08:43 PM

මාත් පැත්තකින් ඉන්නවා (නදී)

:       0       0

තරිඳු ලක්ෂාන් Sunday, 06 July 2014 08:50 PM

බණ්ඩාරනායක අම්මේ... ඔබට සදා ජය...! (නදී)

:       0       0

තරිඳු සුලෝචන Monday, 07 July 2014 11:57 AM

වැඩේ නියමෙට තිබුනා. සතුටුයි සාර්තකත්වය පිළිබදව. පසු වෛද්‍ය සායනයකුත් තිබ්බෝ. (නදී)

:       0       0

පුබුදු වෙල්ගම Sunday, 06 July 2014 11:23 PM

මගේ හද පිරි සතුට! (නි)

:       0       0

නිශාන්ත Monday, 07 July 2014 12:15 PM

වැඩේ හොදයි. හැබැයි අර මාධ්‍යවේදීන්ට ගහපු අයට දාන්න හිස කුඩිච්චි ටිකක් අරගෙන ගියා නම් හොඳයි විදුහලේ නම විනාශ කලා සුළු පිරිසක්. ඒ මාධ්‍යෙව්දියෝ මේකට ආවේ නැද්ද? (නදී)

:       0       0

ජගත් Monday, 07 July 2014 03:32 AM

මගේ පළමු අම්මා නැතත් දෙවැනි අම්මා තවමත් බලසම්පන්නයි. ඔබට නමස්කාර වේවා! (නි)

:       0       0

සුමිත් Tuesday, 08 July 2014 12:28 AM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ගුණරත්න Monday, 07 July 2014 05:11 AM

මට පුදුම දුකක් ඇතිවෙන්නේ මේවා දැක්කම. අපි පිටරටක ඉඳගෙන සල්ලි මත්තෙම නැහෙනවා මිසක් මේ වගේ දේකට එකතු වෙන්න බැහැනේ.මගේ පාසලට තුණුරුවන්ගේ සරණයි! (නි)

:       0       0

ලහිරු Tuesday, 08 July 2014 03:10 PM

මම මේක දැක්කේ එෆ් බී එකෙන්. වැඩේ මරු. බොක්කටම වැදුන. (ස)

:       0       0

ලහිරු Tuesday, 08 July 2014 03:11 PM

සුපිරි, කියන්න වචන නෑ. (ස)

:       0       0

භානුක Monday, 07 July 2014 08:55 AM

නීලක අයියා නියම වැඩක් ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 27 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 165 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 175 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 273 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 942 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 575 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site