IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බණ්ඩාරනායක දරුවෝ දස්කම් විස්කම් දක්වති

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ  95 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන  පවත්වන ‘එක්ස් - බෑන් 2013‘  අධ්‍යාපනික, විද්‍යා තාක්ෂණ හා වෙළඳ ප්‍රදර්ශනය අද(09)   විවෘත විය.

වසර පහකට වරක් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

පැසැල් සිසු නව නිර්මාණ, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් පවත්වනු ලබන ප්‍රදර්ශන කුටි, වෙළඳ කුටි හා දරුවන්ට විනෝදාස්වාදය ලැබිය හැකි නවීනතම ක්‍රීඩා අංග ඇතුලත් මෙම ප්‍රදර්ශනය 2013 ඔක්තෝම්බර 13 තෙක් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 විද්‍යාල  පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

විදුහල්පති  පී.ජී.ඩී.ටී ඇක්වයිනාස් මහතාගේ සංකල්පයක් මත 1988 වර්ෂයේදී එක්ස් බෑන් ප්‍රදර්ශනය ආරම්භ කැරිණි.

1918 සැප්තැම්බර් 18 වැනි දින විද්‍යාලයාධිපති චාල්ස් සමරසුරිය මහතාගේ මුලිකත්වයෙන් හෙනරත්ගොඩ සීවලී බෞද්ධ පාඨශාලාව නමින් ඇරඹි මෙම පාසල පසුව  හෙනරත්ගොඩ රජයේ ජ්‍යෙෂ්ඨ ද්වීතීයක ඉංග්‍රීසි පාසැල් ලෙස ප්‍රසිද්ධ විය.

සිසු දරුවන් 10 කට වඩා අඩු සංඛ්‍යාවකින් මෙය ආරම්භ කෙරිණි. අද මෙහි සිසුහු 4500ක් පමණ සිටිති. 1949 වර්ෂයේ වර්තමාන පාසැල පිහිටි භූමිය වෙත ගෙන ඒමෙන් අනතුරුව කසගහවත්ත රජයේ පාඨශාලාව  නමින්දල පසුව ගම්පහ බණ්ඩාරනායක විදුහල නමින් හැදින්විණි.

විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මඟපෙන්වීමෙන් මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙයි.

පියෝ ටීවී හා අන්තර් ජාලය ඔස්සේ එක්ස්බෑන් ප්‍රදර්ශනය සජීවීව නැරඹිය හැකිය.

 

 



අදහස් (0)

බණ්ඩාරනායක දරුවෝ දස්කම් විස්කම් දක්වති

ජනති Thursday, 10 October 2013 01:10 PM

ඔබේ නාමය නිති රැඳේවා. (ත)

:       0       0

අශ්ලි (2002) Thursday, 10 October 2013 01:11 PM

මගෙ විදුහල් මෑණියන්ට ජය වේවා. (ත)

:       0       0

ඉසුරු සුපුන් Wednesday, 09 October 2013 08:56 PM

හැමදාමත් වගේ මේ පාරත් ලස්සනට නිර්මාණශීලීව ලස්සනට කරල තියෙනවා. බණ්ඩාරනායකයට ජයෙන් ජය!! (දී)

:       0       0

ගාමිණි Thursday, 10 October 2013 09:21 AM

මෙම ප්‍රදර්ශනය බලන්න මුදල් ගන්නවා නේද? අපේ දරුවන් නිදිමරාගෙන මාසයකට ආසන්න කාලයක් මේ සදහා මහන්සි වුණා. අඩුම ගණනේ මෙම පාසලේ ළමයින්ට එක දිනක්වත් නොමිලයේ වෙන් කරන්න. (නි)

:       0       0

නසාර් Friday, 11 October 2013 07:11 PM

අපේ රටේ කොච්චර දස්කම් කරන්න පුළුවන් ළමුන් ඉන්නවද රජය මෙවැනි ළමුන්ගේ දස්කම් ලොවට අරන් පෙන්නන්න ඕනේ අපිටත් පුළුවන් තාක්ෂනය , ජයවේවා (අ)

:       0       0

අරුණ Friday, 11 October 2013 01:42 PM

විශිෂ්ඨයි (අ)

:       0       0

තරිදු ගුණවර්ධන Thursday, 10 October 2013 06:29 PM

ආඩම්බරයි බණ්ඩාරනායක මවුනි. කොළඹ ලොකු ලොකු කතා අපිට වැඩක් නැහැ. අපිට ඒවා අහන්න වෙලාවක් නැහැ. විනය, අධ්‍යාපනය, බාහිර ක්‍රියාකාරකම් අතින් දිවයිනේ ප්‍රමුඛත්වය ගෙන සිටින පාසලක නායකවරයෙක් හැටියට මං ආරාධනා කරනවා.. ඔය හැමෝටම එන්න බලන්න එක්ස් බෑන් 2013. පාසල් ඉතිහාසයේ මෙතෙක් නොදුටු දේවල් බලාගන්න එන්න.වෙලාවක් නොමැති නම් බලන්න පියෝ ටීවී නාලිකා අංක 120 සජීවී විකාශය (නි)

:       0       0

අමිල Friday, 11 October 2013 02:02 PM

ජයවේවා! (නි)

:       0       0

නිරෝෂන් නන්දන Thursday, 10 October 2013 01:51 PM

ගොඩක් හොදයි. (ත)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 09 October 2013 10:02 PM

මමත් ගම්පහ ආඩම්බරයි .බණ්ඩාරනායක අම්මා දිනේවා!!!(දිල්)

:       0       0

නෙතුමි Thursday, 10 October 2013 10:07 AM

මාත් මීට කලින් සැරේ මේ ප්‍රධර්ශනය නැරඹුවා,, හොඳයි හොඳට කරලා තිබුනා,,,,

:       0       0

අනිල් Thursday, 10 October 2013 10:10 AM

ඔබය මගේ මාතා, සැමදා ජයවේ (දී)

:       0       0

උපුල් Thursday, 10 October 2013 10:17 AM

ආඩම්බරයි (දී)

:       0       0

පුබුදු දිලාන් වෙල්ගම Thursday, 10 October 2013 02:10 PM

මා ඇතුළු දස දහස් ගණනක් වූ දරුවන්ගේ, ජීවිතය හැඩ ගැස්වූ ඔබගේ ගුණ සුවඳ සැමදා ඔප් නැංවෙත්වා! (2013 උසස් පෙළ සිසුවෙක්) (දිල්)

:       0       0

රසිකා Wednesday, 09 October 2013 11:29 PM

ජයවේවා! (නි)

:       0       0

කලන Wednesday, 09 October 2013 11:35 PM

ගම්පහ බණ්ඩාරනායකයට ජයෙන් ජය. (නි)

:       0       0

ටිරන්ත Thursday, 03 March 2016 04:17 AM

ගම්පහ බණ්ඩාරනායක මගේ හදවතයි. ඔබේ උණුසුමේ සෙනෙහස ලබන අප හැමදෙනාමත් හොඳ මඟක යනවා නියතයි. නියතයි ජය!(ම)

:       0       0

දිල්ෂානි Friday, 11 October 2013 09:15 PM

නියමයි (නි)

:       0       0

චන්දි Thursday, 10 October 2013 01:12 AM

මගේ ලක් මෑණියන්ගේ පාසලක් වූ බණ්ඩාරනායක දිනේවා! තව වැඩ පෙන්නමු දු දරුවනේ (නි)

:       0       0

ජගත් Thursday, 10 October 2013 02:37 AM

පෙරටම යමු රත්තරන් පුතේ. ජයවේවා! අපිත් බණ්ඩාරනායකගේ දරුවෝ (නි)

:       0       0

සිල්වා Thursday, 10 October 2013 02:38 AM

ආඩම්බරයි. මා හට  සිප්සතර  ලබාදුන්  මෙම  විදුපියස  සැමදා දිනේවා! (නි)

:       0       0

කැළුම් Thursday, 10 October 2013 03:11 AM

මම නම් ඔය පාසලට කැමති නැහැ. වැඩිහරියක් ඉන්නෙ ගමේ චණ්ඩි උණ තිබෙන අය කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

කමල් අරුණ ශාන්ති Thursday, 10 October 2013 11:15 AM

මමත් බණ්ඩාරනායක විද්‍යාලයට සිරස නම ආචාර කරනවා අපේ ඇස්පදපු විදුහල් මාතාවට චිරන් ජයතු (දී)

:       0       0

චින්තක- කුවේට් Thursday, 10 October 2013 11:19 AM

කලින් සැරේ මමත් මේ ප්‍රදර්ශනය නැරඹුවා . ගොඩක් හොදයි මේ පර ඊටත් වැඩ හොදට ඇති . මගේ ,දරුවත් ඉගෙන ගන්නේ මේ පාසලේ. ඔබ සෙමට සුබ පතමි.

:       0       0

නාමල් Thursday, 10 October 2013 05:03 AM

ගම්පහට තිබෙන එකම පිරිම පාසැල විදිහටත්, වෙනොට වඩා හොඳ විනයක් තිබෙන නිසාත්, අධ්‍යාපන කටයුතු වලින් ජයකෙහෙළි නැංවූ බැවිනුත්,ජයෙන් ජය වේවායි පතමි. ජාතික පාසලක තිබිය යුතු සියලු සම්මතයන් අත් විඳින්න මෙය පිටුවහලක්. (නි)

:       0       0

සුදු පුතා Thursday, 10 October 2013 05:03 AM

වැඩේ නම් හොදයි. හැමදේටම වඩා විනය තමයි ඉදිරියෙන්ම තිබිය යුත්තේ (නි)

:       0       0

සමිරු සංජිව හේවාවසම් Thursday, 10 October 2013 11:31 AM

@කැළුම්....ඒක සම්පූර්ණ ඇත්ත. ගමේ චණ්ඩි ළඟ කොළඹ කාඩ්බෝඩ් පොෂ් චණ්ඩි වගේ බොරු බයිල නෑනෙ (දී)

:       0       0

කුෂාන් Thursday, 10 October 2013 06:13 AM

මෙතන අදහස් දමන අයටයි මම මේ කියන්නේ. පාසල් අතර ගැටුම් ඇතිවීම ඔයාලා ඔපමණ ‍‍ලොකුවට දකින්නේ ඇයි? ඕවා පාසල් කාලයේ වන සාමාන්‍ය සිදුවීම් (නි)

:       0       0

තිලක් ගමගේ Friday, 11 October 2013 04:36 PM

මරු! (ස)

:       0       0

මලික් Thursday, 10 October 2013 06:44 AM

කැලුම්, මං හිතන්නේ ඔය කොළඹ 7 සුපිරි පාසල්වල කාඩ්බෝඩ් චණ්ඩියන්ට වඩා ගමේ චණ්ඩි අපි හැමදාම සටන් කළේ හේතුවක් ඇතුව. ඒකයි සියනෑ කෝරළයේ මිනිස්සු බණ්ඩාරනායකයට හැමදාමත් ආදරය කළේ.සමහර සුළු පිරිසකගේ වැරදි නිසා පාසලකට ගරහන එක වැරදියි (නි)

:       0       0

ලක්ෂිත පෙරේරා Friday, 11 October 2013 10:51 AM

මගේ පාසලට ජයවේවා! ලංකාවේ හිටියේ නැතත් රටයි, මගේ අම්මයි, මගේ පාසලයි කවදාවත් අමතක වෙන්නේ නැහැ. (නි)

:       0       0

අනුෂ්ක චතුරංග Thursday, 10 October 2013 04:22 PM

මගේ ඉස්කෝලෙට ජයෙන් ජයම පතමි (දිල්)

:       0       0

ලසන්ත මංජුල ගනේපොල Thursday, 10 October 2013 11:54 AM

මම 1997 ( උ/පෙළ) බණ්ඩාරනායක සිසුවෙක්. හරිම ආඩම්බරයි. ජයවේවා! බලන්න එන්න වෙලාවක් තමා නැත්තේ. (නි)

:       0       0

ලසන්ත Thursday, 10 October 2013 07:41 AM

මමත් 1999 ( උ/පෙළ) බණ්ඩාරනායක සිසුවෙක්. හරිම ආඩම්බරයි. ජයවේවා! (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 10 October 2013 08:00 AM

එදා අපි ආනන්දයෙන් ගිහිල්ලා මෙයාලගේ හැම වැඩේටම ගොඩක් උදව් කළා,අත දුන්නා. අද හරිම ආඩම්බරයි ඔයාලගේ විදුහල ගැන. (නි)

:       0       0

රංග Thursday, 10 October 2013 11:21 PM

ආඩම්බරයි අම්මේ.. (දිල්)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 10 October 2013 12:09 PM

බණ්ඩාරනායක විදුහලේ මම ඉගෙන ගත්තේ නැති වුණාට මේ දේවල් අගය කරනවා. සුභ පැතුම් (දිල්)

:       0       0

රෝහිත Wednesday, 09 October 2013 07:27 PM

මගේ ඉස්කොලේට ජයෙන් ජය(දිල්)

:       0       0

සාගර Thursday, 10 October 2013 11:39 PM

සැමදා දිනේවා මගේ පාසල(දිල්)

:       0       0

මාමා Thursday, 10 October 2013 12:18 PM

මාත් උපන් දා ඉදල ගම්පහ පදිංචිය. ගම්පහ සමහර මිනිස්සු මේ ඉස්කෝලෙට බනිනවා. ඒ හුගක් අයගේ ළමයි යන්නේ කොළඹ ඉස්කෝල වලට. (ත)

:       0       0

මාමා Thursday, 10 October 2013 12:18 PM

මාත් උපන් දා සිටගම්පහ පදිංචිය ගම්පහ. සමහර මිනිස්සු මේ පාසලට බනිනවා. ඒ හුගක් අයගේ ළමයි යන්නේ කොළඹ පාසල් වලට. කොළඹ පාසල් වල ළමයි මොනවාහරි වරදක් කළ විට ඒක හරි ලොකු වැඩක් හැටියට ඒ අය සළකන්නේ. ගම්පහ පාසලක ළමයි ඒ වැරැද්දම කළ විට ඇති වෙන්න බනිනවා. ඔයාට වඩා මම උසයි කියන්න විදි දෙකක් තිබෙනවා. එකක් මම උසයි මම උසයි කියලා කියන එක. අනික් විදිය කොටා කොටා කියලා අනික් අයට ඇගිල්ල දික් කරන එක. තමන්ගේ ළමයි උසස් කියලා හිතෙනවා නම් ආඩම්බරෙන් එහෙම කියන්න. ඒකේ කිසි වරදක් නැහැ. අනික් පාසල් වලට බනින්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

සරත් Thursday, 10 October 2013 12:41 PM

කොළඹ පාසල් වල විනය ගැන මං හොදට දන්නවා. කවුරු හරි හිතනවා නං ගමේ ඉස්කෝල වල ළමයින්ගේ විනය හොද නැහැ කියල රටේ සුපිරිම පාසලක ගුරු පත්වීමක් අරන් ගිහින් බලන්න. (දිල්)

:       0       0

මලිති Thursday, 10 October 2013 08:54 AM

විදුහල් මව්නි ඔබට ජයවේවා.(දිල්)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 10 October 2013 08:56 AM

වසර හතක් පුරාවට ඔයබිමේ මගෙත් දෙපා ගැටුණා අක්වයිනස් විදුහල්පති තුමා යටතේ අපි තමයි මෙය ආරම්භ කළේ.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 413 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 451 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 9937 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3046 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3803 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6120 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19438 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 285 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site