ආණ්ඩුවෙ ඉන්න බොහොම දැන උගත් සංයමයෙන් කතා කරන ඇමැතිසයිස් මහත්තයෙකුට පසුගිය දවසක මල පැනල ඒකාබද්ධ කස්ටිය එක්ක ඉන්න කටකාර ආර්ථික විසේසඥයකුට කවුන්සිලේදීම බැණගෙන බැණගෙන ගියා...
මේ දොස් පරොස් අහපු විපක්ෂ ලොක්ක පුදුම වුණා. කවදාවත් මේ මට්ටමට නොවැටෙන ජ්‍යෙෂ්ඨ ආචාර්ය තැනට මේ මොකද වුණේ කියල මැතිසබා ලොබිය පැත්තෙ කතා කර කර ඉන්නකොට හිරිමල් වියේ ඉන්න තරැණ හැඩකාර මන්ත්‍රී නෝන කෙනෙක් කට කොනින් හිනාවුණා. ඒ හිනාවෙ මොකක් හරි රහසක් ඇතිය කියල හිටපු ඒකාබද්ධ විපක්ෂයෙ මහත්තය හෙමින්ම අර නෝනගෙ කනට කරල ඇහුව මොකද ඔයා හිනාවුණේ? ඔයා මොනව හරි දන්නව වගෙයි කියල...
ඔන්න ඊට පස්සෙ පොරොන්දු පිට ඒ නෝන රහස ටිකක් එළි කළාලු... මේ බැණුම කරපු ලොකු මහත්තය කලක් කිට්ටුවෙන්ම ඇසුරැ කරපු දකුණට සම්බන්ධ සුන්දර දේශපාලන ලලනාවක් දැන් එතුමා එක්ක අමනාපලු. ඒකට හේතුවත් දේසපාලන පක්ෂ මාරැ කතාවක් කියල කියනව.
ඉතින් කොහොම හරි දකුණෙ සුන්දර ලලනාවගෙ පක්ෂ රුස්වීමක ඒකාබද්ධ විපක්ෂයෙ ආර්ථික විසේසඥතුමා එදා උදේ ලොකු කතාවක් කරල අර ලලනාවට ජනතාවගේ ලකුණු ගොඩක් අරන් දුන්න කියන ආරංචිය අහපු ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨයට උන්හිටි තැන් අහිමිවෙලා මල පැන්නලු. ඊට පස්සෙ ආපු පළවෙනි කතාවෙන් හිටු කියල ආර්ථික විසේසඥයට නෙළුවලු... ඒකයි රහස... මේ කතාව අහපු ඒකාබද්ධ විපක්ෂෙ මහත්තයට මෙහෙම කිය වුණා.
"බලන්නකො අනේ ප්‍රේමය වෛරයට හැරැණම පැත්තක ඉන්න අපටනේ කන්න වෙන්නෙ"
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බණින්න හේතුව
ඩිල්ෂාන් Friday, 24 June 2016 01:53 PM
දැන් නම් මොන කතාව කිව්වත් ජනතාවගෙන් ලකුණු ලැබෙන්නේ නැහැ. (නි)