මේ කතාව ඇහෙන්නේ "හූව" පළාතෙන් කියලා කියන්න පුළුවනි... එහේ බුලත් කොළේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනෙක් හවුල් ආණ්ඩුවෙම අලිපාටියෙන් පත්වෙච්චි ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනකුට තමන්ගෙ රුස්වීම්වල දොස් පරොස් කිය කියා බණින්න පටන් ගත්තලු. මේ බණින ඇමැතිතුමා කරන විෂය කලින් භාරව හිටියෙ දෝෂාරෝපණයට ලක්වුණ ඇමැතිතුමාලු.
ඉතින් මේ ආරවුල යද්දි මේ දෙන්නට දෙන්න කවුන්සිලේදි මූණට හම්බවුණා. හැමෝම හිතුවේ ගිනි විජ්ජුම්බරයක් වේවි කියලයි.. ඒත් එහෙම වුණේ නැහැ. බැණුමට ලක්වුණ ඇමැතිතුමා බණින ඇමැතිගෙ අතින් අල්ලන් පැත්තකට ගියා.. ගිහිල්ල සුහදව කතා කළාලු. ගිහිල්ල ඇතිවෙච්ච කතාව මේකයි.
ඇයි ඔබතුමා යන යන තැන අපට බණින්නෙ.. අපි නැත්නම් මෙහෙම ආණ්ඩුවක් හැදෙනවද? ඒ නිසා ඔබතුමාගෙ අනාගතේ ගැනත් හිතලා තීන්දුවක් ගන්න දැන් තමයි හොඳම වෙලාව අලිපාටියෙ ඇමැතිතුමා යෝජනා කළා...
"මොකද්ද ඔයා ඔය අදහස් කරන තීන්දුව"... බුලත් කොළේ ඇමැති ඇහුව...
&එන්න අපේ පැත්තට. වතුකර ඡන්ද වාසියත් තියෙන්නෙ අපටයි... අපි ඔබතුමා ඉහළ සුදුසු තැනකට ගන්නම්... අලිපාටියෙ ඇමැතිතුමා යෝජනාව ඉදිරිපත් කළා..
"එහෙම පුළුවන්ද" ඇහුව බුලත් කොළේ ඇමැති තුමා බලමු. බලමු.. කියලා යන්න ගියා.. හැබැයි ඊට පස්සෙ එතුමා අලි පාටියෙ ඇමැතිතුමාට බැණිල්ල නැවත්තුවලු..
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බැණිල්ල නැවතුණු හේතුව