(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (09) පිළිගත්තේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් පිළිගත්තේය.
කොමිසමට සහය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මෙම කරුණු පිළිගත්තේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බෑණා ලාබ ඉපයූ බව මාමා පිළිගනී
mahee Tuesday, 10 October 2017 12:39 PM
අනේ අපි නම් ඔන්න කොමෙන්ට්ස් ලියන්නේ නෑ මේ පිටරට මහත්තුරුන්ගේ වැඩ ගැන. කවුද දන්නේ, අපිවත් අල්ලන් ගියොත් අපි පිට රටක හැංගිලා ඉඳල ආපු අයත් නොවන හින්ද රිමාන්ඩ් යන්න වෙනවමයි. ඇප දෙනවට නීති අංශවල ලොකු මහත්තුරු විරුද්ද වෙයි.
sathyayaa Tuesday, 10 October 2017 01:35 PM
කීර්තිමත් නාට්‍ය ශිල්පී දයානන්ද ගුණවර්ධන අද සිටියා නම්, "නරි බෑනා" නාට්‍යයේ අන්තර්ගතය වෙනස් කොට "නියම නරි බෑනා" කෙනෙක් පමණක් නොව "නරි මාමා" කෙනෙකුද සම්බන්ධ කරගෙන යුගයට ගැලපෙන කාලීන නාට්‍යයක් නිර්මාණය කර රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම කෙසේවෙතත් රාජ උදහසට ලක්වනවා ඇත.
darshana Tuesday, 10 October 2017 01:45 PM
පිළිගන්න එපැයා...
Lakvidu Tuesday, 10 October 2017 05:31 PM
වෙච්චි දේට මක්කොරන්නද?
sathyayaa Tuesday, 10 October 2017 11:12 PM
මගේ සුදු බෑණාන්ඩිට කරුණානායක පිහිටයි - මගෙ සුදු මාමණ්ඩිට වික්‍රමසිංහගෙ පිහිටයි අනේ ඉතින් අපි දෙන්නට යහපාලනයෙම පිහිටයි- ජනතාවට දෙවියන්ගෙම පිහිටයි.
bandula Wednesday, 11 October 2017 09:37 AM
ආයතනයක් ලාභ ලැබීම වරදක් නොවේ. මොහු අහුවෙන බොරු කියන්නේ නැහැ.
ravi Sunday, 22 October 2017 08:20 PM
ඔබට සතුටුයිද දැන්...?