අන්තර්ජාතික බිලියඞ් හා ස්නුකර් සම්මේලනය මෙහෙයවන ලෝක ස්නුකර් ශූරතාවලියට සහභාගිවීම සඳහා සුසන්ත බොතේජු සහ රයන් සෝමරත්න ඉන්දියාව බලා පිටත්ව ගියහ. තරගාවලිය මේ මස 28 වැනිදා සිට දෙසැම්බර් මස 3 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වේ.
මෙවර ලෝක තරගාවලියට රටවල් 25 කින් ක‍්‍රීඩකයෝ 100 කට වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටිති. තරගාවලියේ මුලික වටයේදී ‘ඒ’ කාණ්ඩයේ සිට ‘ආර්’ කාණ්ඩය දක්වා කාණ්ඩ 18 කින් ක‍්‍රීඩකයෝ තරග වදිති. එහිදී සුසන්ත බොතේජු ‘එච්’ කාණ්ඩයෙන් ප‍්‍රංශය, ජපානය, පින්ලන්තය, රුසියාව, ඇමරිකාව යන රටවල ක‍්‍රීඩකයෝ හය දෙනෙක් සමග මුලික වටයේදී තරග වදිති.
ජාතික ස්නූකර් ශූරයා වන සුසන්ත බොතේජු අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා සිටින ප‍්‍රවීණ ක‍්‍රීඩකයෙකි. හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත බොතේජු පසුගිය වසරේ දිනා ගත්තේ සිය 14 වැනි ජාතික ශුරතාවයි.
සුසන්ත 1996 වසරේ සිට 2001 වසර දක්වා පිට පිටම හය වරක් ජාතික ශුරතාව දිනා ඇති අතර ඔහු 2009 වසරේද ශුරතාව දිනා ගත්තේය.
සුසන්ත, ඉන්දියාව බලා යාමට ප‍්‍රථමයෙන් ඊයේ ‘ලංකාදීපයට’ පැවසුවේ පනාගොඩදී මාස තුනක කාලයක් තමන් සහ රයන් පුහුණුවීම්වල නිරත වු බවත්, තරගාවලියට හොඳ සුදානමකින් සිටින බවත්ය.
ජාතික ශූරතාවලි හතරකට සහභාගිවී සිටින රයන් සෝමරත්න පසුගිය වසරේ සහ 2009 වසරේ ජාතික අනුශූරතාව දිනාගත් ක‍්‍රීඩකයාය. රයන් ලෝක තරගාවලියේ මුලික වටයේදී රුසියාව, ඉන්දියාව, නෙදර්ලන්තය යන රටවල ක‍්‍රීඩකයෝ ‘පී’ කාණ්ඩයෙන් තරග වදිති.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බොතේජු - සෝමරත්න ලෝක ස්නූකර් තරගාවලියට ඉන්දියා යති
ආමි බිල්බර්ඩ් Saturday, 26 November 2011 09:58 AM
ලංකාවට ශූරතාවය දිනා ගැනීමට ගැබේවා..
CES Billiard Saturday, 26 November 2011 10:36 AM
සුභපැතුම්