(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දකුණු තලංගම කොරෑබ ප්‍රදේශයේ දී පොලියට මුදල් ලබා දෙන පුද්ගලයෙකුට අද (25) වෙඩි තබා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි
මෙලෙස ඝාතනය කර ඇත්තේ ජනක පුෂ්පකුමාර 43 හැවිරිදි පුද්ගලයෙකි
ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලී මුදල් එකතු කිරීම සඳහා ත්‍රීරෝද රථයකින් ගොස් නැවත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට පැමිණ සංවිධානාත්මක අපරාධ කරුවකු වූ විදේශගතව සිටින බන්ටි නමැත්තා ගේ නිවස ඉදිරිපිටින් ත්‍රිරෝද රථයෙන් බැස පාගමනින් යමින් සිටියදී යතුරුපැදියකින් පසුපසින් හඹා ආ වෙඩික්කරුවන් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි
ඝාතනයට ලක්වූ ලක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කරුවෙකු බන්ටි නමැත්තා ගේ සමීප ඥාතියෙකු බවත් පොලිසිය කියයි
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත
තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි
(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල කොරාවේ ප්‍රදේශයේ අද (25) සිදු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි ද පොලිසිය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බත්තරමුල්ලේ වෙඩි තැබීමක් : අයෙක් මරුට
අරවින්ද මොනරවිල Friday, 25 August 2023 03:46 PM
රනිල්ගේ පාතාලයයි, රාජපක්ෂ පාතාලයයි මිනිමරා ගන්නවා තමන්ගේ බලය තහවුරු කරගන්න. දේශපාලන බලය වගේම පාතාලයේ බලයත් ඔවුන්ට අවශ්‍යයි. රටේ රජ කරන්න...