IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බිත්තර වී කන්න ආ අලියා නිවස බිමටම සමතලා කරයි

( කාංචන කුමාර ආරියදාස)


ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ  නිවසක තිබූ බිත්තර වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු ඊයේ(30 )දින රාත්‍රියේ එම නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා කොට නිවසේ තිබූ බිත්තර වී ආහාරයට ⁣ගෙන තිබේ.

මෙසේ බරපතල හානි සිදු කර ඇත්තේ  ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ පදිංචි රංජිත් ඔබේසේකර නැමැති ගොවි මහතාගේ ගොවිබිම සහ නිවසයි.

පෙරදා කුඹුරු වැඩ අවසන් කොට මෙම ගොවි මහතා බිත්තර වී ටික නිවසේ තබා මෙදින රාත්‍රියේ තම සහෝදරියගේ නිවසට ගොස් නිදා ගත් බවත් අලුයම නැවත පැමිණෙන විට තම නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා කොට අලි එහි තිබූ බිත්තර වී ආහාරයට ගෙන ඇති බව ඔහු දැඩි කණස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කළේය.

 නිවස කඩා ඇතුළු වූ වනඅලියා බිත්ති සහ වහලයට යටවුණු බිත්තර වී සොයා මෙම නිවස සුනුවිසුණු කර ඇති අයුරු  පෙනෙනට තිබේ.

වන අලින් රංචුවක් පැමිණ නිරන්තරයෙන්ම තලකිරියාගම ප්‍රදේශයේ වගාවන් විනාශ කරන බව ගොවීහූ පවසති.

එමෙන්ම ආසන්නයේ ඇති විශාල පොල් වගාවකට ද වන අලින් දැඩි හානි සිදුකර ඇති බව ගොවීහු පෙන්වා දුන්හ.

 මෙතෙක් කිසිදු අයෙකුගෙන් අවධානයක් යොමු නොවී ඇති බව ද මෙම වන අලි විසින් සිදුකරන හානිය නිසා ජීවිත දේපළ රැක දෙන්නැයි ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.



අදහස් (3)

බිත්තර වී කන්න ආ අලියා නිවස බිමටම සමතලා කරයි

lakmal Tuesday, 01 December 2020 11:37 AM

පව් අනේ මේ අලියා...

:       1       3

මෝ Tuesday, 01 December 2020 03:55 PM

ඔව්, හරක් පට්‍ටි කැලේට දක්කල කැලෑ මැදින් පාරවල් කපලා අලින්ගේ භූමිය විනාශ කරන්න. තව ලස්සන චිත්‍රපටි බලාගන්න පුලුවන්...

:       1       2

leel gunawardena Tuesday, 01 December 2020 07:34 PM

අලියාට ජයවේවා.. !!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 528 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3558 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1377 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 586 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3641 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2708 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site