IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'බැද්දේ කුලවමිය' ටෙලිනාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරාගේ පෙම්වතිය මමයි

2016-08-18-ent-42

ස්වර්ණවාහිනී නාළිකාවේ ඉරිදා රාත්‍රී 08.30ට "බැද්දේ කුලවමිය" ටෙලිනාට්‍ය නිර්මාණයට දායක වන ඇය ටී.වී වන් නාළිකාවේ නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. ගායනය වෙනුවෙන් 2014 රාජ්‍ය සංගීත සම්මාන උලෙළෙ හොඳම ගායනයට සම්මාන හිමි කරගැනීමටද ඇය සමත් වන්නීය. නමින් උපේකා අමාපානි ගල්මන්ගොඩය.

 

ගායිකාවක් ලෙස පැමිණි ගමන් මග ගැන කතා කළොත්?

2016-08-18-ent-40යෞවන සම්මාන උලෙළෙ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වැනියා බවට පත්වුණා. පසුව මම කසුන් කල්හාර යටතේ කටහඬ පුහුණුවට යොමුවුණා. 2010 දී තමයි මම නවරත්න ගමගේ සමග මුලින්ම ගීත නිර්මාණයට යොමුවෙන්නේ. මේ වෙද්දි මම ගීත තුනක් කරලා තියෙනවා. ජීවිතේ අලුත් ඇසින් බලන්නම්, යාවේවි, පසුව කසුන් කල්හාර සමග අප්පච්චි ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළා. 2014 රාජ්‍ය සම්මාන උලෙළෙ හොඳම ගායනයට සම්මානයත් හිමිවුණා. මම දායක වුණ පළමු නිර්මාණය ඒක ඒ ගැන සතුටුයි. ඉක්මනට ගීත කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලංකාවේ පවතින රැල්ලට ගීත කරන්න මම හිතන්නෑ. තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

 

මේ දිනවල විකාශය වන ඔබ දායක වන "බැද්දේ කුලවමිය" ටෙලි නාට්‍යය ගැන සඳහන් කළොත්?

ආනන්ද අබේනායකගේ "බැද්දේ කුලවමිය" ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. එය මගේ පළමු ටෙලිනාට්‍යය නිර්මාණය. මම එහි මහේන්ද්‍ර පෙරේරාගේ පෙම්වතිය විදිහට රංගන දායකත්වය ලබා දෙන්නේ. රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ගායනයට හා නිවේදනයට තමයි මම වැඩිපුර අවධානය යොමුකරන්නේ. හඬ‘ කැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

 

නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා?

ඔව්. මේ වනවිට ටී.වී වන් නාළිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. සද්දා මංගල සූරිය බණ්ඩාර යටතේ මාධ්‍ය පාඨමාලාවක් කරන්න මට පුළුවන් වුණා. ඒ පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව 2010 දී වසරේ නිවේදනයට එන්න හැකියාව ලැබෙන්නේ. රූපවාහිනියේ හා ස්වර්ණවාහිනි නාළිකාවේ නිවේදනය කරන්න මට හැකියාව ලැබුණා.

 

ඉදිරි කලා කටයුතු?

නිවේදනයෙන් ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා. ඒ වගේම ඉදිරියටත් මෙගා ටෙලිනාට්‍ය නොවන නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

මතක් කළ යුතු පිරිස?

මගේ අම්මා, තාත්තා මේ වෙද්දී ජීවතුන් අතර නැහැ. ඔහුවත් මතක් කළ යුතුයි. කොළඹ හැම තැනම මාව එක්ක ගියේ ඔහු. මගේ මහත්තයා කුෂාර සහ මගේ අයියලා දෙන්නවත් මතක් කරනවා.

 

රංගන මදුසංඛ / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-08-18-ent-41
2016-08-18-ent-39
2016-08-18-ent-38
 



අදහස් (0)

'බැද්දේ කුලවමිය' ටෙලිනාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරාගේ පෙම්වතිය මමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1189 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 247 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2155 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1213 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 653 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 434 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site