IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘බදාදා සාකච්ඡාව ශ්‍රීලනිපය ගැන පමණයි‘

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර බදාදා (05) සාකච්ඡාවේ දී කතා බහ කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කාරණා පමණක් බවත්, රජය සම්බන්ධ කිසිදු කරුණක් කතා බහ නොකරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

බදාදා (05) දහවල් එකට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිල කාමරයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

හිටපු ජනපති හා වත්මන් ජනපති අතර හමුවක් පැවැත්විය යුතු බව කුමාර වෙල්ගම සහ ටී බී ඒකනායක මහත්වරුන් ජනපතිගේ නිවසට පැමිණ ඉල්ලීමක් කළ බවත්, ඉන් පසු ස්වාමීන්වහන්සේලා කීප නමක් ද සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටි බවත්, ඒ අනුව එම සාකච්ඡාව පැවැත්වෙන බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.



අදහස් (0)

‘බදාදා සාකච්ඡාව ශ්‍රීලනිපය ගැන පමණයි‘

සුමුදුහේවා Wednesday, 06 May 2015 04:41 PM

ලලිත් දැන් මේ ගෙදරින් එලියට ඇද දැමු සර්පයාය කියන්නේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගත්තු , ඒවගේම ජනපතිවරණයෙන් පැරදුණු පසු පක්ෂයේ නායකකමත් දන් දීල ගෙදර ගියපු මහින්ද මහත්තයටද? ලලිත් හරි සිහියෙන්ද කතා කරන්නේ? (නදී)

:       0       0

රොබින් Wednesday, 06 May 2015 05:36 AM

අපිත් මේ බලාගෙනයි ඉන්නේ (නි)

:       0       0

රොෂේන් Wednesday, 06 May 2015 05:39 AM

ඔය සාකච්ඡාව කරලම බලමුකෝ (නි)

:       0       0

සරත් Wednesday, 06 May 2015 06:04 AM

ජය වේවා ලංකාවට (ම)

:       0       0

තුෂි Wednesday, 06 May 2015 06:11 AM

ලක්ෂ 58ක් ගත්තා කියන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපවීමක්ද? අනේ මට තේරුම් කරන්නකෝ දන්නා කෙනෙක්. මට ඒ ගණන් දෙක අතරේ පෙනෙන්නේ ලක්ෂ හතරක වෙනසක් විතරයි..... (නි)

:       0       0

කිත්සිරි Wednesday, 06 May 2015 06:52 AM

ඒක හොඳයි (නි)

:       0       0

සමන්ත Wednesday, 06 May 2015 06:55 AM

පසුගිය සුමානයක විතර ඉඳලා සුමුදු හේවා සභාවේ නැහැ. (නි)

:       0       0

රිතික් Tuesday, 05 May 2015 04:00 PM

මොනවා කතාකළත් කමක් නැහැ රට පාවාදෙන්න නම් එපා. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 06 May 2015 06:58 AM

බලාගෙන! සමහරු බෙන්තර ග‍ඟෙන් එහා ඉන්නේ (නි)

:       0       0

පිටිගල Tuesday, 05 May 2015 04:04 PM

තමන්ට ජනාධිපති වෙන්න උදවුකළේ කවුද කියන එක අමතක කරන්න එපා (නි)

:       0       0

විජයන්ති Wednesday, 06 May 2015 09:11 PM

මටනම් හිතෙන්නේ ඔය හදන්නේ කපන්න බැරි අත ඉඹින්නට කියලා.නැත්නම් මොකද කලින් ගණන් උස්සල දැන් එකඟ වුනේ. (බ)

:       0       0

අනුර Tuesday, 05 May 2015 04:20 PM

රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

අමරවීර - බෙන්තොට Wednesday, 06 May 2015 07:26 AM

ජනපතිතුමනි පොලොව යට වලලන්න හිටපු කට්ටිය එක්ක කවර කතාද?කිව්වා වගේ තමාව ඔතනට ගෙනාපු ජනතාව අමතක කරන්න එපා. අහසේ ඉන්නවා කෙනෙක් බලාගෙන. ඔබ තුමා එහෙම කරන්න තරම් වැටෙන්නේ නැති බව දන්නවා. අවරුදු 5 ඉන්නවනේ. ලංකාවේ රජතුමා නොවේද? (බ)

:       0       0

සුනිල් Tuesday, 05 May 2015 04:39 PM

අපි වෙනුවෙන් එකතුවෙන්න. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 05 May 2015 04:58 PM

ඔය ඔක්කොටම වඩා කන්දියයුත්තේ රටේ තිබු අවනීතිය පළවාහැර ඔබගේ ඡන්ද පොරොන්දුව හිස් මුදුනින් පිළිගෙන ඔබට තිබුනා කී ජීවිත අවදානමෙන් මුදවාගෙන ඡන්දය දී ඔබ බලයට පත්කළ 68 ලක්ෂයක් ජනතාවටයි ...... (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 05 May 2015 05:10 PM

ඔවුන් රටේ කරතිබෙන අක්‍රමිතා බලනවිට ඔවුන්ගේ අසලකටවත් යන එක අපි අනුමත නොකරමු. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 05 May 2015 05:24 PM

මේ වගේ දෙයක් අපි නම් මෛත්‍රී මහතාගෙන් බලාපොරොත්තු නොවුණෙමු. (නි)

:       0       0

සුනිල් Tuesday, 05 May 2015 05:44 PM

තමාගේ ආරක්ෂාව තමා විසින් සළසාගන්න. කිසිවකු සමඟ සාකච්ඡා අනවශ්‍ය බව මගේ අදහසයි (නි)

:       0       0

අනුර Wednesday, 06 May 2015 08:01 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අනාථයි. මහින්ද රාජපක්ෂ මේ නොන්ඩි පක්ෂය අතහැර වෙනම තම දේශපාලන ගමන ජාතියට හිතවත් අය සමග පටන් ගත යුතුය. (බ)

:       0       0

දේශප්‍රිය Tuesday, 05 May 2015 06:15 PM

අපේ මතකයේ හැටියට ජනාධිපතිවරණයට පෙර කිවුවේ නම් ජනාධිපති වුණොත් තමන් නිර්පාක්ෂික ස්ථාවරයක ඉන්නවා කියලා. අනේ මන්දා? (නි)

:       0       0

සමී Wednesday, 06 May 2015 08:04 AM

මහින්ද මහත්තයෝ ඔය පක්ෂය පාවාදුන්නු අය එක්ක මොන කථාද? වෙනම ඉල්ලන්න (බ)

:       0       0

අතුල Tuesday, 05 May 2015 07:46 PM

ඒ වුණාට හදිසියේවත් මාතෘකාවෙන් පිට පැන්නොත්?? (නි)

:       0       0

තිලක් Wednesday, 06 May 2015 08:35 AM

ජෙයරාජ් ,ශ්‍රීපති යන අයට වුන දේ මතක තියා ගන්න. (බ)

:       0       0

වීරසේකර Tuesday, 05 May 2015 09:37 PM

මෙන්න නියම යහපාලනය! (නි)

:       0       0

කල්හාරි Tuesday, 05 May 2015 10:05 PM

මෙය මට දැනෙන්නේ ඔබට ඡන්දය දුන් ජනතාව බාල්දුකිරීමක් ලෙසයි (නි)

:       0       0

ලලිත් Tuesday, 05 May 2015 10:15 PM

එතකොට අර කතානායකගේ ගෙදරදී හමුවෙනවා කියන කතාව බොරුවක්ද? (නි)

:       0       0

පියල් Tuesday, 05 May 2015 10:23 PM

ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලකයකු නැවත දේශපාලනයට ගෙනඒමෙන් රටකට ඇති සෙතක් නැත අවශ්‍ය අවංක තරුණ නායකයෙකු පමණි. එයට කැපවීම අප සැමගේ වගකිමයි (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 07 May 2015 03:51 PM

ලලිත් දැන් මේ ගෙදරින් එලියට ඇද දැමු සර්පයාය කියන්නේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගත්තු , ඒවගේම ජනපතිවරණයෙන් පැරදුණු පසු පක්ෂයේ නායකකමත් දන් දීල ගෙදර ගියපු මහින්ද මහත්තයටද? ලලිත් හරි සිහියෙන්ද කතා කරන්නේ? (බ)

:       0       0

ධම්ම Saturday, 09 May 2015 04:04 PM

ආප්ප කාලා කොපිත් බොයි ද?(හේ)

:       0       0

සමන් කුමාර Tuesday, 05 May 2015 11:55 PM

අතට අතත් දෙයිද? (නි)

:       0       0

දහම් Wednesday, 06 May 2015 12:33 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු අත්අඩංගුවට ගන්න එකත් ඒ පක්ෂයට සම්බන්ධ කාරණයක්. (නි)

:       0       0

ජනක Wednesday, 06 May 2015 12:37 AM

ආ... ඒක මිසක්! (නි)

:       0       0

මාලිකා Wednesday, 06 May 2015 01:13 AM

මොනවා වුණත් බලාගෙන ... (නි)

:       0       0

විකුම් Wednesday, 06 May 2015 01:16 AM

රටට හොඳක් වෙනවා නම් අපිට ඕනෑ එච්චරයි (නි)

:       0       0

අසිත Wednesday, 06 May 2015 01:29 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ජෙහාන් Wednesday, 06 May 2015 01:39 AM

නියමයිනේ! දෙන්නෙක් තමයි ඇවිල්ලා ආරාධනා කරලා තියෙන්නේ. (නි)

:       0       0

සරසි Wednesday, 06 May 2015 01:41 AM

අපි හිතුවා වෙන මොනවාහරි ගැන සාකච්ඡාවක් කියලා. (නි)

:       0       0

දිලාන් Wednesday, 06 May 2015 01:42 AM

අපි ඡන්දය දුන්නේ රට හදන්න (නි)

:       0       0

යසිරු Wednesday, 06 May 2015 01:48 AM

ප්‍රවේශමෙන් මෛත්‍රී මැතිතුමනි.මොනවා ඉල්ලයිද දන්නේ නැහැනේ! (නි)

:       0       0

දහම් Wednesday, 06 May 2015 02:06 AM

රටවැසියා ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු සමඟ මොන සාකච්ඡාද? (නි)

:       0       0

ශෙහාන් Wednesday, 06 May 2015 02:05 AM

කොහොමද මෙහෙම සාකච්ඡාවට යන්නේ? (නි)

:       0       0

දුමින්ද Wednesday, 06 May 2015 02:19 AM

අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණ පතා (නි)

:       0       0

උමේෂ් Wednesday, 06 May 2015 02:21 AM

දැන් මොන සාකච්ඡාද මෛත්‍රී මැතිතුමනි? (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 06 May 2015 02:53 AM

දේශපාලනයේ දැනුම් තේරුම් ඇති සියල්ලන්ට අද ජනපති සහ අගමැති අතර ඇති එකිනෙකාව ගැටගසිමේ උත්සාහය ඉතාමත් පැහැදිලිව පේනවා..රනිල් මහත්තයට අවශ්‍ය තමන්ට පත් නොවිය හැකි ජනපති පදවිය පඹයෙක් කර එම බලතල තමන්ට පත් විය හැකි අගමැති තනතුරකට පවරා ගන්න..මෛත්‍රී මහත්තය හදන්නේ පඹයෙක් නොවන ජනපති කෙනෙක් වෙන්න..දෙන්න දෙන්නට ගැට දා ගන්නවා..අවසාන ගැටෙන් මෛත්‍රී මහත්තය දිනුවත් ඉදිරියට යුඅැන්පි රජයක් ආවොත් තමන්ට වෙන්නේ නිකම්ම පඹයෙක් වෙන්න වග එතුමා පැහැදිලිව දන්නවා.එතුමාට එ්කට තියෙන විකල්පය සන්ධාන රජයක් බිහිකර ගැනීම. එ්ක කරන්න මහින්ද මහත්තය නැතුව බැහැ..මොන කයිවාරු ගැහුවත් මහින්ද මහත්තයට අගමැති අපේක්ෂත්වය සමග මහමැතිවරණ සටන මෙහෙයවීමේ වගකීම පවරන්න මෛත්‍රී මහත්තයට අකමැත්තෙන් වුනත් සිද්ධ වෙනවා..අවසානය ඉතාමත් පැහැදිලියි..වත්මන් රජයටත් අගමැතිටත් ඉදිරි පාර්ලිමේන්තුවේත් විපක්ෂයේ භූමිකාව නැවතත් පන පොවන්න සිදු වෙන බව..(බ)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Wednesday, 06 May 2015 02:55 AM

සැමගේ අදහස මහින්ද මෛත්‍රි හමුව කියන්නේ අද ඓතිහාසික දවසක් කියලයි. ඒක පට්ටපල් බොරුවක් ඒ දෙදෙනාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මවගේ කුසේ හැදුන වැඩුන දරුවන් දෙදෙනෙකි ගැමුණු කුමාරයයි තිස්ස කුමාරයයි ඔවැනිම විරසකයක සිටියද දුටුගැමුණු රජුගේ රාජ අභිෂේකයත් සමග ඒ කෙටිකාල විරසකය දුරුවී සහෝදරත්වය වැලදගත්තේය අද තිස්ස රජවී දුටුගැමුණු ගෙදර ගොස් ඇත. තම වැඩිමහල් සොයුරාට මෛත්‍රි ගුණ දක්වා වෛරය අතහැර සහෝදරත්වය වැලද ගන්න හොදම දිනයයි. එය එසේ වුනෝතින් පමණක් ශ්‍රි ලං. නි. ප. ඉතිහාසයේ ඔබ දෙපලගේ නම් රන් අකුරෙන් ලියැවේවි.එහෙත් වාසිපැත්තට හෝයිිියා කියන, ඇවිලෙන ගින්නට පිදුරුදාන අයගෙන් නම් සදහටම පරිස්සම් විය යුතුය.(බ)

:       0       0

රඛිත් Wednesday, 06 May 2015 02:55 AM

පක්ෂයට සම්බන්ධ කාරණයක් තමයි සමහර පාක්ෂිකයින් රජයේ ඇමැති තනතුරු දැරීම. එතකොට, රජයට ඒවා සම්බන්ධ නැද්ද? (බ)

:       0       0

සම්පත් ශ්‍රී Wednesday, 06 May 2015 03:00 AM

මහින්ද මහත්තයෝ මොකටද එයත් එක්ක සාකච්ඡා තියන්න යන්නේ. තනිවම චන්සේ ඉල්ලන්න. එතකොට දැන ගන්න පුළුවන් ශ්‍රීලනිප ඉන්නේ කාත් එක්කද කියල...(බ)

:       0       0

විනිල් Wednesday, 06 May 2015 03:16 AM

එක වරක් පැරදුන කෙනෙක් සමග සාකච්ඡා කරන එක නරක නම් විසි තිස් පාරක් අන්තයටම පැරදුන කෙනෙක් රට පාලනය කරන එක හොඳ ඇති නේද . නිදහසින් පසු රටට විශාලම සේවය කල කෙනාට කෙලෙහිගුණ දක්වන විදිහ නම් නියමයි. සිංහලයාගේ ජන්ම ගතිය (බ)

:       0       0

ලලිත් Wednesday, 06 May 2015 03:17 AM

මහින්ද මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතක් වෙලා තියෙන්නේ දැන්ද? මෙච්චර කල් තිබුනේ මගේ නෑදෑයන්ගේ පක්ෂයනේ. (බ)

:       0       0

සරත් Wednesday, 06 May 2015 03:18 AM

පියල් මෙතන නායකයන් දෙන්නම ජනතාව ප්‍රතික්ෂේප කළ අය නෙමේ. දෙන්නාටම ජනතා පදනමක් තියෙනවා. ඉතින් එක අරමුණකින් එකතුවෙන එක හොඳ දෙයක්. (බ)

:       0       0

හේරත් Wednesday, 06 May 2015 03:23 AM

බලාගෙන අත දෙන්නේ ආයෙත් වසී කරපු තෙල් අතේ ගාගන එයි (බ)

:       0       0

කස්සප Wednesday, 06 May 2015 03:27 AM

අරගොල්ලෝ බය වෙලා වගේ (බ)

:       0       0

ඉන්දික Wednesday, 06 May 2015 03:38 AM

කට්ටියම මොකෝ මේ බයවෙලා.. (ම)

:       0       0

ලලිත් Wednesday, 06 May 2015 03:48 AM

ගෙදරින් එලියටඇද දැමු සර්පයා මොන වේශයෙන් ආවත් වෙලාව ආවහම කරන දේ දැන කටයුතු කරන්න (ම)

:       0       0

රයන් Wednesday, 06 May 2015 04:07 AM

පැරදිච්ච අයත් එක්ක මොන සාකච්ඡාද ? (බ)

:       0       0

කමල් Wednesday, 06 May 2015 04:11 AM

මොනවා කිව්වත් රටේ සංවර්ධනයක් වෙනවනම් ඔය දෙන්න එකතු විය යුතුමයි දේශපාලනය 62, 58 ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ රටේ දියණුව සාමකාමී රටක්. (බ)

:       0       0

රුචි Wednesday, 06 May 2015 04:35 AM

බලාගෙන ප්‍රවේශමෙන් ... මොන තෙලක් ජීවම් කරගෙන ඒවිද දන්නේ නැහැ. ! (බ)

:       0       0

සුනිල් Wednesday, 06 May 2015 04:44 AM

මම පිටු පෙරලලා පෙරලලා බැලුවා අර වැඩසටහන්, දින වකවානු ගැන ලියලා තිබුන පොතේ. මෙහෙම දෙයක් එකේ නැහැනේ! (හේ)

:       0       0

හරිත Wednesday, 06 May 2015 04:57 AM

තමන්ට ජනාධිපති වෙන්න උදවුකළේ කවුද කියන එක අමතක කරන්න එපා.(හේ)

:       0       0

කමනි Wednesday, 06 May 2015 05:17 AM

ජනාධිපතිතුමා පැහැදිලිව තම ස්ථාවරය කියා තිබෙනවා. මෛත්‍රීට ඡන්දය දුන් අය බයවෙන්න එපා. මහින්දගේ අය හීන දකින්නත් එපා. (නි)

:       0       0

චන්දිම Wednesday, 06 May 2015 05:19 AM

සාකච්ඡා කර වැදගත් යමක් කරන්න බලන්න (නි)

:       0       0

සියාතු Wednesday, 06 May 2015 04:31 PM

සමී, අනුර, සම්පත් ශ්‍රී සුනිල්, මටත් කියන්න තියෙන්නේ පුතාල කියන දේමයි. පක්ෂය විතරක් නෙවෙයි රටත් පාවා දුන්නු අය එක්ක කතා මොටද හැබෑ ශ්‍රීලංකා කාරයෝ ටික එකතු කර ගෙන රටට හොඳක් වෙන විදියට අලුත් පක්ෂයක් හදාගෙන ඉදිරිය බලනවා මිසක්!(නදී)

:       0       0

සුමුදුහේවා Wednesday, 06 May 2015 04:36 PM

සරත්ගේ කතාවේ බාගයක් ඇත්තයි, මහින්ද මහතාට ජන පදනමක් තියෙනවා වගේම මහින්ද පැරදවීමේ අරමුණින්ම පමණක් එකතු වුනු ඔහුට සතුරු ජනතාවකුත් ඉන්නවා. හැබැයි ඒ ජන කණ්ඩායම් දෙකේ අපේක්ෂා වගේම මේ දෙදෙනාගේත් අපේක්ෂා අහසට පොලොව වගේ නිසා එක අරමුණකින් එකතු වෙතොත් වෙන්න වෙන්නේ එක ජන කණ්ඩායමක අපේක්ෂා පාවා දීලයි. මේ නිසා මේ දෙදෙනා එකතු නොවේවායි රට වෙනුවෙන් පතමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 203 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 209 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 84 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1298 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1547 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 131 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site