IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බෞද්ධකම බාහුවෙත් ඇත හිතෙත් ඇත

අතේ බාහුවේ බුදුරුව පච්ච කොටා ඇති මේ විදේශිකයා බෞද්ධයෙකි. නම හෙළි කිරීමට අකමැති ඔහු කීවේ තමා බෞද්ධයකු බවත් බුදුන් වහන්සේට ගෞරව කිරීම සඳහා මෙම පච්චය කොටවා ගත් බවයි.

ගිය වසරේ මෙවැනි පච්චයක් බාහුවේ කෙටූ බ්‍රිතාන්‍ය හෙදියකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදී කටුනායකදී ආපසු හරවා යැවීය. පසුව ශ්‍රී ලංකාව එම කාන්තාවගෙන් සමාව ගත්තේය.

පාලකයන් එම මෝඩකම මෙවර සිදු කළේ නැත.

web-2

(ඡායාරූපය - ජී.හෙට්ටිආරච්චි)

web



අදහස් (0)

බෞද්ධකම බාහුවෙත් ඇත හිතෙත් ඇත

සමන්ති Monday, 16 February 2015 02:29 PM

සමහර ආගමික ස්ථානවල අවිහිංසාව කියාදෙන අතර වනසතුන් කොටුකරගෙන ඉන්නේ . මිනිසුන් කරන දේ කියන කියන දේ කරන අය නොවෙයිනේ. (අ)

:       0       0

ජයරත්න Monday, 16 February 2015 06:15 AM

කවුරු කොහොම කිවුවත් මේ වැඩේ මට නම් අනුමත කරන්න බැහැ.බුදුහිමියන්ට නොදෙවෙනි උත්තමයෙක් මෙතෙක් ලොව පහළවෙලා නැහැ. එවන් උත්තමයෙකුගෙ රුව ශරීරයෙ කොටාගත් පමණින් කිසිවකු සැබෑ බෞද්ධයෙකු වේද? අනික මේ අය බුදුරුව පච්ච කොටාගෙන සිල් ගන්නවද ? නැහැනේ. මවො පවු සිද්ධකරගන්න වැඩ. මේවාට වචනයකින්වත් අනුබල දෙන්න හොඳ නැහැ. මට බය අපේ අයටත් මේක බෝවෙයිද කියලා. (නි)

:       0       0

පෙරේරා Monday, 16 February 2015 06:20 AM

අපේ සමහරුන්ගේ නම් හක්කේ බුදුරැස් බොක්කේ මිනිමස්! (නි)

:       0       0

මාරලන් ඩී සිල්වා(කැනඩාව) Monday, 16 February 2015 05:47 PM

මේක නම් බොහොම නරක වැඩක්. මොකද කිව්වොත් යම් මනුෂ්‍ය කොට්ඨාශයක් අදහන ආගමක කිසිම දෙයක් පච්චයක් හැටියට කෙටීම සම්පූර්ණ වරදක් සහ පහත් වැඩක් ලෙස සැළකිය යුතුයි. (නි)

:       0       0

ඇසළ Monday, 16 February 2015 06:39 AM

අරාබියට ගියා නම් තත්ත්වය වෙනස්වෙයි. ශරීරයේ කොටාගෙන මේවා තමන් අදහන ආගමට කරන අපහාසයක් විදියටයි මම නම් දකින්නේ. (නි)

:       0       0

ගමගේ Monday, 16 February 2015 06:40 AM

මගේ අදහසට ගොඩක් අය එකඟ නොවේවි. මේ අය කළ එකත් වැරදියි. වෙන්න ඕනෑ බුදුරුව හිතේ කොටාගැනීම. එනම් උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීම හා ඒ අනුව ජීවත්වීම. නමුත් දැන් බහුතරය කරන්නේ බුදුදහම රකිනවා කියලා වෙහෙර විහාර හා පිළිම පමණක් රැකීම. මේක තමන් රවටාගැනීමක් පමණකි. (නි)

:       0       0

එරන්ද Monday, 16 February 2015 06:55 AM

යමෙක් සත්‍ය වශයෙන්ම බුසුරජාණන් වහන්සේ සරණ ගියා නම් කිසිම විදියකට මේ වගේ කරන්නේ නැහැ. මොකද බුදුන් සරණ ගිය කියන්නේ ඒ පුද්ගලයා දහම් සරණත් ගියා කියන එකයි. (දිල්)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 07:02 AM

බුදු රුව කියන්නේ විලාසිතාවක් නෙවෙයි මේ ආකාරයට යෙදීම වැරදියි (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Monday, 16 February 2015 08:12 PM

අර ඉතාලි වල ඉන්න කෙනෙකුත් රූපයක් පිට පුරා කොටාගෙන තිබුනේ. දැන්නම් ඉතින් ලංකාවට ඇවිත් නාන්න වත් කමිසය ගලවන්න ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී ඔය රූපය දැක්කත් මිනිස්සුන්ගේ ලේ කෝප වෙනවා. (නදී)

:       0       0

නිපුන් Monday, 16 February 2015 07:14 AM

මෙහෙම දෙයක් පළකරපු එක ඉතාම හොදයි.විවිධ මිනිස්සුන්ගේ ආගමික දැක්ම කොතරම් සුන්දරද? අපිට ඔනෑ මේ වගේ නිදහස් රටක්.(දිල්)

:       0       0

සමන්ත Monday, 16 February 2015 07:40 AM

බොදුබල සේනා ස්වාමින් වන්සේලා මේක දැකලා නෑ වගේ.(නදී)

:       0       0

නානායක්කාරන් Monday, 16 February 2015 07:42 AM

තමන් භක්තියක් නැතිනම් මැකිය නොහැකි පච්චයක් ඇඟේ කොටා ගන්නේ නැහැ. නැත්නම් ලංකාවේ මිනිස්සු හිටපු ජනාධිතිපතිගේ පච්චත් ඇඟේ කොටා ගනීවි. එහෙම කරන්නේ නැත්තේ භක්තියක් නැති හින්දා. (නදී)

:       0       0

සරණ Monday, 16 February 2015 07:43 AM

ගමගේ මහත්මයානෙණි, ඔබේ අදහසට බොහෝ දෙනෙක් එකඟ වේවි. ලංකාවේ උපතින් බෞද්ධ වෙන අහට ප්‍රතිපත්තියෙනුත් බෞද්ධ විය හැකි නම් ඉතා අගනේ ය. (නදී)

:       0       0

බංඩාර Monday, 16 February 2015 08:00 AM

මේකේ එතරම් වරදක් මම දකින්නේ නැහැ. ඔහුගේ භක්තියයි එයින් පිලිඹිඹු වෙන්නේ (නදී)

:       0       0

අරුණ Monday, 16 February 2015 08:08 AM

ඔහොම කොටා ගෙන මොන තරම් පවු කරනවා ඇද්ද ? (නදී)

:       0       0

සම්පත් Monday, 16 February 2015 08:17 AM

ඇත්තටම භක්තියක් හෝ ගෞරවයක් නැති නම් ඇඟේ කොටා ගනීවිද​? අපේ මිනිස්සු මෙහෙම දෙයක් දැක්ක ගමන් පුදුම බෞද්ධ කමකින් පිරිල ඉතිරිලා ගිහින් බුද්ධාගමේ මුර දේවතාවුන් බවට පත් වෙනවා. ඒත් පෝය දවසට පන්සල් යෑම කෙසේ වෙතත් මොන ලෝකෙකින් හරි බෝතලයක් සෙයා ගන්න තමයි ට්‍රයි කරන්නෙ. ඊලඟට බිබී, බුද්ධාගම ආරක්‍ෂා කරන එක ගැන තමා කතා කරන්නෙ (නදී)

:       0       0

බණ්ඩා Monday, 16 February 2015 08:26 AM

ලංකාවේ මහා ලොකු බෞද්ධයන්ගේ කරේ බුදුරුව සහිත පෙන්ඩන්, ධර්මචක්‍ර එල්ලගෙන ඉන්නේ. මේකේ මට පේන කිසිම වරදක් නෑ.(නදී)

:       0       0

රොෂාන් Monday, 16 February 2015 08:28 AM

එෆ් බී එකවුන්ට් එකට බුදු රූප දාගෙන වෛරය පතුරවන අපේ ලොක්කෝ ඉන්න එකේ ගරුත්වයකට කොටා ගත්තම ඇති වරද මොකක්ද? (නදී)

:       0       0

ගුණරත්න Monday, 16 February 2015 11:07 PM

කොටපු එක ,කොටපු නැති එක ගැන බලලා වැඩක් නැහැ.බෞද්ධකම තියෙන්න ඕනෑ හිතේ (නි)

:       0       0

සමන් Monday, 16 February 2015 11:13 PM

මේකේ වැරැද්දක් නම් මම දකින්නේ නැහැ. එහෙත් පච්චය ගහගෙන වැරදි වැඩ කරන්න බැහැ (නි)

:       0       0

පද්මිණි Monday, 16 February 2015 08:38 AM

මගේ ප්‍රංශ යෙහෙළියකගේ නිවසේ බුදු පිළිම පනහකට වඩා තියෙනවා. එයා කියන්නේ එයාට වාසනාව උදාවෙන බව. ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමාව ඉතාම ලස්සන බව කියනවා. (අ)

:       0       0

කුමාර Tuesday, 17 February 2015 09:26 AM

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ආරක්ෂා කරන කොන්ද පන තියෙන පාලකයෝ නොවෙයිද දැන් ඉන්නේ.(නදී)

:       0       0

දිල්හාන් Monday, 16 February 2015 09:11 AM

අපේ මිනිස්සුන්ගේ අදහස් තාම හරි පටුයි, පච්චයක් කෙටු පමණින් ඔහු හෝ ඇගේ ශ්‍රද්ධාව හෝ කුපාඩිකම මනින්න බෑ, බුද්ධදාස කියලා නම තියන කුකුල් මස් වෙලෙන්දෙක් ගැන මම දන්නවා,මේක අපිට වැදගත් දෙයක් වුණාට තව කාට හරි නිකම්ම පින්තුරයක් වෙන්න පුලුවන්,අපේ ශ්‍රද්ධාව පෙන්නන මෙවට විරුද්ද වෙලා හරියන්නේ නෑ,පංච ශිලයට අනුව ජිවත් වෙමු,මුල ධර්ම වාදි අදහස් නැතිව විවෘත මනසකින් ලෝකය දකිමු,හැම දේකම වැරදි හොයහොයා ඉන්න නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ (අ)

:       0       0

සුජාන් Monday, 16 February 2015 09:11 AM

බුදු පිළිම, පන්සල් කඩ කඩා නිදන් හොයන පවු කාරයෝ ඉන්න මේ රටේ මේක ලොකු දෙයක් නෙවෙයි. විදේශිකයෙක් මෙහෙම් දෙයක් කරගෙන තියෙන්නේ නිකන් වෙන්න බෑ. අපේ බෞද්ධයන්ට වැඩිය භක්තියක් මේ මනුස්සයාගේ හිතේ ඇති. (අ)

:       0       0

සමන්ති Tuesday, 17 February 2015 11:23 PM

රටින් රටට නීතිය වෙනස්. රටකට පැමිණෙන සංචාරකයා එම රටේ නීතියට යටත්වන අතර ඔහු නීතියට ගරුකළ යුතුය. (නි)

:       0       0

ජයරත්න Monday, 16 February 2015 09:49 AM

වැරැද්ද දේශීය විදේශීය කියල නෑ. වැරැද්ද වැරැද්දමයි. (අ)

:       0       0

ප්‍රසාද් Monday, 16 February 2015 09:49 AM

සියල්ලන්ගේ අදහස් වලට ගරු කරන ගමන් ...මම නම් හිතන්නේ නැහැ ,ඔහු බෞද්ධයකු නිසා බුදුන් වහන්සේට ගෞරව කිරීම සඳහා මෙම පච්චය කොටවා ගත් බව කියන දේට , මෙහි වරදක් කියන්නෙත් නැහැ මොකද ,අපි අම්මා බුදු වේවා කියල පච්ච ගහ ගන්නවා ..කව්රුත් එකට දොසක් කියන්නේ නැහනේ, එහෙනම් ඉතින් එකත් වැරදියිනේ ..මොකද අම්මා තමයි අපේ ලෝකයේ ඇස් දෙකින් දකින්න පුළුවන් දෙවියෝ . (අ)

:       0       0

තිවංක Tuesday, 17 February 2015 02:52 AM

සමන්, ඔයාට වැරැද්දක් නොපෙනෙනවා නෙමෙයි. ඔයා මෙතන විරුද්ධ මතයක් දාලා ප්‍රසිද්ධ වෙන්න හදනවා (නි)

:       0       0

සුනිල් Monday, 16 February 2015 10:07 AM

අපිට ලෝකය පාලනය කරන්න බෑ. ඒක ඒ අයගේ සංස්කෘතිය. මේක අපේ සංස්කෘතිය. පච්චයක් කෙටුවා කියල ඒ අය ආගමට අපහාසයක් කරලා නෑ. පච්ච කෙටුවේ නැතුවට අපේ අය මිට වඩා අපහස කරනවා ආගමට. (දිල්)

:       0       0

පහන් Tuesday, 17 February 2015 03:15 AM

ගමගේත් සමඟ මම එකඟවෙනවා . බුදුහාමුදුරුවෝ කවදාවත් සුඛෝපභෝගී බව අගය කළේ නැහැ. අපේ මිනිස්සු පිළිම හදාගෙන, මාළිගාවල් වගේ පන්සල් හදාගෙන මේ කරන්නේ තමන්ම රවටාගැනීමක් (නි)

:       0       0

තුෂාර Tuesday, 17 February 2015 03:42 AM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

ටිකිරි Tuesday, 17 February 2015 03:42 AM

මොනවා කළත් සුද්දෙක්නේ. සුදුඇත්තෝ කවදාකවත් වැරදි වැඩ කරලා නැහැ. ඒ දවස්වල අපේ රත්තරන් බුදුපිළිම එහෙම ඔය රටවලට අරගෙන ගිහින් තියෙන්නෙත් ඒවාට නියම ගෞරවය මෙහෙ පොළවට යටවෙලා තියනකොට නොලැබෙන නිසානේ. (නි)

:       0       0

මේනක Monday, 16 February 2015 11:12 AM

මීට වැඩිය බුදු දහමට නිගා වෙන වැඩ ලංකාවේ සිද්ධ වෙන්නේ. උදේ හන්දියේ තොරණ ගහන්න ලක්ෂ ගානක් දීලා හවස සුළු සේවකයන්ගේ පඩි නඩි හරියට බේරන්නේ නැතිව ඔවුන්ගේ දහදිය මහන්සිය ගසා කනවා. (නදී)

:       0       0

අභය Monday, 16 February 2015 11:19 AM

නියමයි දිල්හාන් නියමයි (නදී)

:       0       0

රූපවතී Monday, 16 February 2015 11:23 AM

මානම් මෙහි කිසිම වරදක් දකින්නේ නැහැ. අද බෞද්ධයෝ කියන අපේ මිනිසුන් හැසිරෙන්නේම දුරා චාරේ. මේ මිනිසුන් තව හොදයි (නදී)

:       0       0

සේනක ලන්ඩන් Monday, 16 February 2015 11:23 AM

පච්චයේ අයිතිය ඔහුට මිස අපගේ නොවන නිසා මේ ගැන අප කලබල විය යුතු නැත. (නදි)

:       0       0

දමින්ද දිනේෂ් Tuesday, 17 February 2015 11:12 AM

කර්මය යනු ක්‍රියාව නොව චේතනාවයි. මෙම පච්චය කොටා ගත්තේ ගෞරවයකින් නම් එහි වරදක් මම නොදකියි. මෙම පච්චයම කොටාගත්තේ අපහාස කිරීමට නම් එය වරදකි. මෙම කාරණය නිසා, මේ ක්‍රියාවේ නිවැරදි හෝ වැරදි බව, පිටතින් බලා තීරණය නොකළ යුතුයි. එය තීරණය කල හැක්කේ මෙම ක්‍රියාව කල පුද්ගලයාගේ හදවතටයි. (නදී)

:       0       0

ළහිරු Tuesday, 17 February 2015 04:36 AM

මොනවා කීවත් ඒ අයගේ භක්තියනේ (නදී)

:       0       0

අසංක Monday, 16 February 2015 12:11 PM

හරියටම ඕක බුදු රුවක් කියන්නේ කොහොමද? (නදී)

:       0       0

සොපියා Monday, 16 February 2015 12:25 PM

ආගමික ශාස්තෘවරයෙක් වන බුදුන් වහන්සේට කල අපහාසයක්. පුජනිය වූ උතුමෙක් පුද්ගලික පච්චයක් විය යුතු නැහැ (නදි)

:       0       0

චන්න Monday, 16 February 2015 01:20 PM

ස්තුති සේනක, ඔබේ අදහස කදිමයි ගොඩක් බුද්ධයන් හිතන්නේ බෞද්ධ විදිහට නොවෙයි .(අ)

:       0       0

සුධීර Monday, 16 February 2015 01:20 PM

බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑ පිළිම වහන්සේ අදහන්න. "යමෙක් ධර්මය දකීද හෙතෙම මා දකී". මෙයයි බුද්ධ දේශනාව.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 119 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 81 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 617 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1398 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 184 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 92 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38403 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site