IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බුද්ධාගමට නිසි තැන රටේ මහ නීතියෙන් ඕනෑ - කාදිනල්තුමෝ කියති

“ආගමට හිමි විය යුතු තැන අහිමි වී වැනසී යන සමයක බුද්ධාගමට හිමි විය යුතු තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි. අනාගමික රාජ්‍ය සංකල්පය අප පිළිගන්නේ නැහැ. බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී තිබෙනවා. අප හුස්ම ගන්නා විටත් ඒබව දැනෙනවා.“ යැයි කොළඹ සම්බෝධි විහාරයේ උත්සවයක දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

“ශ්‍රී ලංකාවේ ජීවය ලෙස සැලකෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයයි. එවැනි ජීවන ක්‍රමයකට හිමි විය යුතු ස්ථානය  හා ගෞරවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අහිමි නොකළ යුතු දෙයක් ලෙසයි මා දකින්නේ. මේ කාරණය කිසිසේත්ම නොසලකා සිටින්න අපිට බෑ. මක් නිසාද අප ජීවත් වන්නේ බෞද්ධ පරිසරයකින් පෝෂණය වූ රටක නිසා. එම නිසා ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් මහා සංඝරත්නය සමග කටයුතු කිරීමට අප සූදානම්“

අසිගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ කිහිප නමකට උපහාර පිදීමේ දී කාදිනල් තුමෝ මේ බව පැවසූහ.

“අපේ ජීවිත වලට යම් කිසි සිත් තැවුලක් හෝ වේදනාවක් ඇති වන හැම අවස්ථාවකම හිතේ සහනය ලබා ගැනීමට බුද්ධ ධර්මය ඉවහල් වන බව අපට විශ්වාසයි. මහා සංඝරත්නය කෙරෙහි අප තුළ තිබෙන්නේ බලවත් විශ්වාසයක්.“ යැයිද කාදිනල්තුමෝ කීහ.

අමරපුම මහා සංඝ සභාවේ දොඩම්පහල චන්ද්‍රසිරි, මල්වතු පාර්ශවයේ දිඹුල්කුඹුරේ විමලධම්ම, මල්වතු පාර්ශවයේ නියන්ගොඩ විජිතසිරි නාහිමියෝ ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද කතා කළහ.

DSC_0448 DSC_0452 DSC_0461 DSC_0470 DSC_1208 DSC_1222 DSC_1223 DSC_1228 DSC_1235 DSC_1245 DSC_1255 DSC_1267 DSC_1300

 



අදහස් (0)

බුද්ධාගමට නිසි තැන රටේ මහ නීතියෙන් ඕනෑ - කාදිනල්තුමෝ කියති

සෑම් Tuesday, 26 July 2016 06:12 AM

ඔබතුමාට බුද්ධාගම ගැන තිබෙන කැක්කුම මේ රටේ ලොකු ලොකු ඇත්තන්ටවත් නැහැ. මේගොල්ලෝ ඔක්කොම බලයේ ඉන්න බොරු බයිලා කියනවා විතරයි. අපි හිතුවේ යහපාලන ආණ්ඩුව බලයට ආ පසු ඔක්කොම හරි කියලා. දැන් තමයි ඇස් ඇරුනේ අපේ (නි)

:       0       0

තුසිත Tuesday, 26 July 2016 06:20 AM

නියම කතාව. මගේ ප්‍රණාමය ඔබතුමාට. තෙරුවන් සරණයි! (නි)

:       0       0

රොහාන් Tuesday, 26 July 2016 06:31 AM

මම ගාල්ලෙ හිනිදුම. බෞද්ධ බහුතරයක් ඉන්නෙ අපි. ඒ කල්වාරි මංගල්‍ය කාලෙට එන කතෝලික බැතිමතුන්ට අපි සලකන්නෙ වෙසක් පෝයට පන්සල් එන අපේම ජනතාවට වගේමයි. අපිත් කල්වාරි යනව. ඒකයි සැබැ සහජීවනය. රෙස්ෆෙක්ට් අදර්ස් කියන එක හැම හිතකම තීන්න ඕන. ඔබ තුමාගෙ වගේම තව දෙයක්. බුදුදහම ලංකාවෙ මහාගම නොවෙන්න කතෝලික හින්දු බෞද්ධ කිසිවෙකුට නිදහසෙ ඉන්න ලැබෙන්නෙ නැ. ඒක අනිවාර්යයි (බ)

:       0       0

සුදේශ් Tuesday, 26 July 2016 07:04 AM

අගය කළයුතු කතාවක් (නි)

:       0       0

ශාන Monday, 25 July 2016 01:57 PM

පියතුමනි ඔබගේ කතාවට අප සියලු දෙනා හිස නමා ආචාර කරමු .අවාසනාවකට යහපාලනය මේ සැමදේම ගිල ගනිමින් සිටි (අ)

:       0       0

ශ්‍රීලාල් Monday, 25 July 2016 02:36 PM

බුද්ධිමත් මිනිසුන්ට පමණයි යමක් තේරුම්ගන්න පුළුවන් (නි)

:       0       0

නිශ්ශංක ප්‍රනාන්දු Tuesday, 26 July 2016 08:13 AM

සාමය ඇතිවන්නේ නිහතමානිකම තුළිනි. (බ)

:       0       0

ප්‍රියංකර Tuesday, 26 July 2016 08:08 AM

ඔබතුමා ඉතාමත් හොඳ දෙයක් කියලා තියෙන්නේ බුදු සරණයි (බ)

:       0       0

පසන් Monday, 25 July 2016 02:57 PM

බුද්ධාගමට හිමි වියයුතු තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වියයුතුයි. බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී තිබෙනවා. අප හුස්ම ගන්නාවිටත් ඒබව දැනෙනවා. අප අගරදගුරුතුමන්ගේ අගනා දෙසුම සියයට දෙසීයක් අගයකරමු. යහපාලකයිනි, ඇස් ඇර බලනු! බුදු දහමේ අගය රකිනු! (නි)

:       0       0

නිම්මි Monday, 25 July 2016 02:56 PM

“වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත“ (නි)

:       0       0

ලසන්ත Tuesday, 26 July 2016 08:41 AM

සහතික ඇත්ත. එ්ත් බුදුදහම විනාශ වෙන්නේ යහපාලනයෙන්වත්, ආසියාවේ ආශ්චර්යේන්වත් නොවෙයි. සමහර හාමුදුරුවන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් බුදු දහම ලෝකයා ඉදිරියේ නින්දාවට පත්වෙනවා. (බ)

:       0       0

භද්‍රානි Monday, 25 July 2016 03:04 PM

කාදිනල්තුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට අවශ්‍ය ගෞරවය හා නිසිතැන ලබාදී තිබෙනවා. ඊට අමතරව ලංකාවේ වෙසෙන ජනතාවත් බුද්ධ ධර්මයට මෙන්ම බහුතරයක් වන බෞද්ධ ජනතාවටත් ගෞරව කරනවා. ඒ ගැන අපිට ගැටළුවක් නැහැ. නමුත් පසුගිය කාලේ බෞද්ධ චීවරධාරීන් පිරිසක් විසින් එම තත්වය විනාශ කළා. දේශපාලකයින්ගේ හව්හරණය ලබමින් සමාජ ගණන්කාරයින් ලෙස හැසිරීම තුළින් බෞද්ධ දර්ශනය මෙන්ම බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ ගෞරවයත් ඔවුන් නැතිකළා. අනෙක් අය නිසි ගෞරවය අපට පුදනවිට එම ගෞරවය එලෙස තබා ගැනීමටත් අප පුරුදු පුහුණු වියයුතුයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 July 2016 02:59 PM

හරියට හරි කාදිනල්තුමනි. ඔයටික සමහර අයට තේරෙන්නේ නැහැ. දේශපාලුවනේ, මේක තේරුම් ගනිල්ලා! රට ජාතිය ආගමට එරෙහිවන දේශපාලුවන් අපි තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත. (නි)

:       0       0

නීල් පෙරේරා Tuesday, 26 July 2016 08:41 AM

තැනේ හැටියට ඇනේ ගහන්න හොඳ දැනුමක් ඇති, ආගමික නායකත්වයකට වඩා දේශපාලන නායකත්වයකට සුදුසු කෙනෙක් ලෙසයි මම එතුමාව දකින්නේ. (බ)

:       0       0

කමල් ඩී.රණසිංහ Tuesday, 26 July 2016 08:54 AM

ගරුකටයුතු කාදිනල් තුමනි, එම වචන කිහිපය ආගමට හිමිවියයුතු තැන නොව සංඝරත්නයට හිමිවියයුතු තැන ලෙස නිවැරදි වියයුතුයැයි මගේ හැගීම වේ. මක්නිසාද යත් බුද්ධ සහ ධම්ම යන කරුණු ධම්ම ගවේෂී දනන් තුල ගසට පොත්ත සේ බැඳී පවතී. (බ)

:       0       0

සිල්වා Monday, 25 July 2016 03:34 PM

අනේ ඔබතුමාට තිබෙන කැක්කුම අපේ නායකතුමන්ලාටවත් නැති හැටි? (නි)

:       0       0

කුෂාන් Monday, 25 July 2016 03:36 PM

ඔබතුමා අපිට සම්පතක් (නි)

:       0       0

හිමාල් Monday, 25 July 2016 03:42 PM

මෙම කතාව සම්බන්ධයෙන් අපි අවංකවම සතුටුවෙනවා (නි)

:       0       0

කරුණාරත්න Monday, 25 July 2016 03:46 PM

කාදිනල් උතුමාණෙනි, ඔබවහන්සේට බොහොමත්ම පින්! (නි)

:       0       0

පුෂ්පකුමාර Monday, 25 July 2016 03:58 PM

කාදිනල්තුමා ඔය කියන උතුම් බෞද්ධ සංස්කෘතිය එදා නම් අපේ සමාජයේ තිබුනා. එ්ත් ඇත්තටම වර්තමානයේ නම් සමහර සංඝයා කතාකරන වචන හා බණ අහන්නත් අප්‍රසන්නයි. ඉතින් කොහෙද අනිත් මිනිස්සු අපිට ගරුකරන්නේ? (නි)

:       0       0

සෑම් Monday, 25 July 2016 04:00 PM

හැබැයි මේ යහපාලනයක් කියලා ලංකාව පාවාදෙන්න හදන අයට නම් මේක තේරෙන්නේ නැහැ. ඔවුන් හදන්නේ ලෝකය සනසලා ලංකාවේ බුද්ධාගමට තියෙන තැන නැත්තට නැතිකරලා දාන්න. (නි)

:       0       0

අනුරාධ Monday, 25 July 2016 04:22 PM

හරිම සතුටුයි මේ දසුන දකිනවිට. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය මේ රටේ හැම දෙනාටම වටිනවා. මේ රටේ දේශපාලකයෝ මේ රටේ අහිංසක මිනිසුන්ව රවට්ට රවට්ටා රට විනාශ කරනවිට මේ අහිංසක මිනිසුන්ගේ පිහිටට හැමදාම හිටියේ පූජකතුමන්ලා විතරයි. අපිට මේ හොර දේශපාලකයන්ට වැඩිය ඔබවහන්සේලාව වටිනවා. (නි)

:       0       0

සුනන්ද Monday, 25 July 2016 04:24 PM

කාදිනල්තුමා කියා තිබෙන්නේ කාලෝචිත කියමනක්. මේ දේශපාලන ක්‍රමය සියලුම ආගම් විනාශ කරනවා. (නි)

:       0       0

ලක්සිරි Monday, 25 July 2016 04:26 PM

සමහර පන්සල් දැන් දේශපාලකයින්ගේ තෝතැන්නක් වෙලා. සමහර සංඝයා වහන්සේලා දේශපාලකයින්ගේ අඬබෙර වෙලානේ. කාටද ඉතින් ආඩම්බර? මේ බෞද්ධ අපිටමනේ නේද? (නි)

:       0       0

අසංග Monday, 25 July 2016 04:43 PM

පියතුමනි, මාගේ උපහාරය ඔබතුමාට පිරිනමනවා. ආගමික සහජීවනය අපි කුඩාකල සිට ඉගෙනගත්තෙමු. ඇතැමුන්ගේ පුහුමත මෙයින් දුරුවේවා!! (නි)

:       0       0

වසන්ත Tuesday, 26 July 2016 10:33 AM

පියතුමාගේ වචන ටික ගොඩක් වටිනවා. (ර)

:       0       0

වසන්ත Tuesday, 26 July 2016 10:31 AM

පන මෙන් රකිමු උපන් දේශය. ජාතිය ආගම. (ර)

:       0       0

ප්‍රේමතිලක Monday, 25 July 2016 04:51 PM

මේ ශානලා වගේ අය නිසා තමයි මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 25 July 2016 05:29 PM

බුදුදහම විනාශ මුඛයට අැද දමන්නේ අන්‍ය ජාතිකයන් නොව, බුදුදහම තුළම සිටින සමහර පුද්ගලයන්ය (නි)

:       0       0

නන්ද Monday, 25 July 2016 05:26 PM

යහපාලනය හා ආගමික සංහිඳියාවට මුවාවී, බුද්ධාගම රාජ්‍ය ආගම යන්න මකන්න හදන සමහරුන්ට හොඳ කණේ පහරක් (නි)

:       0       0

ප්‍රියාන් Monday, 25 July 2016 05:42 PM

කාදිනල්තුමා කවදත් සත්‍යය කතාකරන කෙනෙක් (නි)

:       0       0

ගුණසිරි Monday, 25 July 2016 05:55 PM

උදාර ගති ඇති සෘජු පුරුෂයෙක් වූ ශුද්ධ වූ කාදිනල්තුමනි, ඔබතුමන් කර ඇති මේ ප්‍රකාශය පරම ගාම්භීරයි. සමස්ත බෞද්ධයෝ වෙනුවෙන් මා ඔබතුමාට සිරස නමා ආචාර කරමි. (නි)

:       0       0

රොෂාන් Monday, 25 July 2016 05:52 PM

ශාන, ඒ කාරණය මෙතනට අදාළම නැහැනේ, නේද? (නි)

:       0       0

රොෂාන් Monday, 25 July 2016 06:01 PM

කාදිනල් පියතුමා කරපු ප්‍රකාශය කතෝලිකයෙක් වශයෙන් ඉතාම අගය කරනවා. අපිට අන් ආගමිකයන් සමඟ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ආගම අපිට නිදහසේ කරගන්න අපිට පුළුවන්. බුද්ධාගමට රටේ ප්‍රදාන තැන හිමි වියයුතුබව මමත් පිළිගනිමි (නි)

:       0       0

ජනක Tuesday, 26 July 2016 11:18 AM

කාදිනල් තුමනි මේ රටට ආදරයකරන සියලුම ලංකාවාසී ජනතාවගේ ගෞරවය ආදරය ඔබට නිරතුරුව ලැබේවා ඔබට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ලැබේවා.! (ර)

:       0       0

අශෝක Monday, 25 July 2016 06:26 PM

ඔබතුමාගේ කතාවට අප ඉතා ගෞරව කරමු (නි)

:       0       0

තිස්ස Monday, 25 July 2016 06:36 PM

කාදිනල්තුමනි, අපේ මහා නායක හාමුදුරුවරුන්ටත් ඔබතුමාට තිබෙන උනන්දුව ලැබේවා කියා පතනවා. (නි)

:       0       0

එරන්දික Monday, 25 July 2016 06:56 PM

මෙවන් කතාවක් අසන්න ලැබීමම සිතට සතුටක් (නි)

:       0       0

එරන්ද Monday, 25 July 2016 07:01 PM

ඔබතුමන්ට අපේ ස්තූතිය! (නි)

:       0       0

අනුර Monday, 25 July 2016 06:56 PM

පියතුමන්ගේ ආගමටද අපි ගෞරව කරමු. ඔබතුමන්ගේ අදහස් අප රටේ සියලු ජනතාවගේ ජනාදරයට හේතුවනු ඇත. රටේ සංහිඳියාව ඇති කළහැක්කේ ඔබතුමන්ලා වැනි අයට පමණි (නි)

:       0       0

සමන් Monday, 25 July 2016 07:27 PM

පියතුමනි, ඔබගේ කතාවට අප සියලු දෙනා හිස නමා ආචාර කරමු. (නි)

:       0       0

රවිඳු Monday, 25 July 2016 07:28 PM

පියතුමාට පුලුවන් නම්, අපේ සමහර චීවරධාරීන්ට විනය ගැනත් මතක්කරලා දෙන්න. ඒක බුද්ධ ශාසනයට කරන ලොකු සේවයක්. (නි)

:       0       0

ජේමිස් Monday, 25 July 2016 07:43 PM

ශාන, අපේ රටේ මිනිසුන්ගේ මොළ දේශපාලනය නිසා කුණුවෙලා ජරාජීර්ණ වෙලා තියෙන්නේ. ලංකාවේ වැසිකිළි වලට විතරයි දේශපාලුවන්ගේ නම් දාලා නැත්තේ . (නි)

:       0       0

ටෙනිසන් Monday, 25 July 2016 07:44 PM

මෙවන් ආකාරයට සිතන සොඳුරු මිනිසුන් රටට වාසනාවන්! (නි)

:       0       0

මලික් Monday, 25 July 2016 08:53 PM

ඔබතුමාගේ කතාව ඉහළින්ම අගය කරමි (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 25 July 2016 09:15 PM

බුදුදහම නිර්මලයි. නමුත් මම දුටුවා පසුගිය දිනවල ජනමාධ්‍යය තුළින් නැගෙනහිර පළාතේ එක්තරා හිමිනමක් පොලිස් නිලධාරීන්ට කතාකළ ආකාරය. රටේ නීතිය මායිම් නොකරන මෙවැනි අයගෙන් මොනවාද අපි ලෝකයට දෙන ආදර්ශය? මෙන්න මේ අය තමා බුදුදහම විනාශය කරා රැගෙන යන්නේ. එමනිසා මේ අයගෙන් තමයි බුදුදහම රැකගන්න වෙලා තියෙන්නේ (නි)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Tuesday, 26 July 2016 12:12 PM

ගරු කාදිනල් තුමාගේ කතාව ඉතාමත් කාලෝචිතයි ඔබ තුමාට දෙවි පිහිටයි. (ර)

:       0       0

සමන් Monday, 25 July 2016 09:42 PM

සහජීවනයෙන් ජීවත්වෙන විදියේ රහස මෙයයි. බෞද්ධයෝ සැමදා සහය දෙයි, මෙහෙම එකට විශ්වාසයෙන් වැඩ කරනකොට (නි)

:       0       0

එඩ්වඩ් Monday, 25 July 2016 09:44 PM

කාදිනල්තුමා ඉතාමත් වැදගත් ආදර්ශයක් දී තිබේ (නි)

:       0       0

අසංක Monday, 25 July 2016 10:20 PM

අගරදගුරුතුමනි, ඔබගේ කතාවට අප සියලු දෙනා හිස නමා ආචාර කරනවා. ඔබලාටත් ඕනෑම ප්‍රශ්නයකදී අපි ඔබත් සමඟ ඉන්නවා (නි)

:       0       0

ආරච්චිගේ Monday, 25 July 2016 10:48 PM

යුගයේ කාලීන දේශනයක් කළ අගරදගුරුතුමන්ට මගේ නමස්කාරය. මෙවැනි කතාවක් කියන්න හැකි තවත් අන්‍යාගමික එක පුජක උතුමෙක් හෝ සිටී නම් අපි පින්කළ බෞද්ධයෝ වෙමු. මම බෞද්ධයෙකු නිසාම මෙය කියනවා නොවේ. එ්ත් එතුමාට සත්‍ය පිළිබඳව ඇති අවබෝධයට අපි ගරු කළයුතුය. ආගමට හිමි වියයුතු තැන නීතියෙන් දෙන්නට සිදුවී ඇත්තේ අප තුළ ඇති දුර්වලකම් නිසා බව මෙම කියමනෙන් හොඳාකාරවම පැහැදිලි වේ. බුද්ධ දේශනාවේ ඇති දේ කවුරුත් කියෙව්වොත් කරුණු අවබෝධ කරගත හැකියි. (නි)

:       0       0

රොක්සි Tuesday, 26 July 2016 01:51 AM

කාදිනල්තුමාගේ ප්‍රකාශය ගැන අපි මුලු හදින්ම සතුටුවෙනවා (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 26 July 2016 02:17 AM

අගරදගුරුතුමනි ,කුමන හේතුවක් නිසා හෝ නිශ්ශබ්දව සිටින බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇහැරවීමට උත්සාහ කිරීම ගැන, ඇත්ත පහදාදීම ගැන දස දහස් වරක් ඔබට පින්! (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 26 July 2016 02:54 AM

ඔබතුමාට බෞද්ධයෙක් හැටියට මම හිස නමා ආචාර කරමි. ඔබතුමන්ගෙන් මෙවන් කියමනක් අහන්න ලැබීම ඉතා අගයකොට සළකමි. දුක නම් මේවා අපේ නායකයන් යැයි කියාගන්නා සමහර අයට නොතේරෙන එකයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 26 July 2016 03:10 AM

අපේ සමහර දේශපාලකයෝ සම්බාහන මධ්‍යස්ථාන විවෘත කරන්නෙත් බෝ පැලයක් හිටවලා. අපේ හාමුදුරුවරුන්ට නම් මොකුත් කියන්න අපිට හිතෙන්නේ නැහැ (නි)

:       0       0

දයානි Wednesday, 27 July 2016 06:44 AM

පියතුමනි,ඔබතුමා ලොවටම ආදර්ශයක් ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන් එකම අන්‍යාගමික නායකයා ඔබතුමා වෙන්නැති. බෞද්ධ අය වෙනුවෙන් මම ඔබතුමාට හිසනමා ආචාරය,ගෞරවය පුදකරමි. සුවපත්වේවා (බ)

:       0       0

විජේසිංහ Saturday, 30 July 2016 05:14 PM

පියතුමනි ඔබතුමා විශිෂ්ටයි (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 26 July 2016 03:32 AM

කාදිනල් තුමනි ඔබ තුමාගේ ප්‍රකාශය ශ්‍රී ලාංකික අප සැමට ජාති ආගම් භේදයකින් තොරව ජීවත් වීමට මහත් පිටුවහලක්. පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී - කියා කදිම ගීතයක් අතීතයේ ජනප්‍රියව තිබුනා (බ)

:       0       0

තිලක් දීපාල් Tuesday, 26 July 2016 03:57 AM

නැගෙනහිර පළාතෙ හිමිනම පොලිස් නිලධාරීන්ට කතා කරපු හැටි ලොකුවට උලුප්පා දමා ..එයම බුදුදමට අනියමින් සම්බන්ධකර වෙනස් විදිහට සිතන නිමල් වැනි අය.මංගලාරාමයේ හාමුදුරුවො එම තත්වයට පත්වෙන්න හා .එයට හේතු වූ කාරනා ඕනෑකමින් මගහැර නොදන්නාසේ මෙහි කොමෙන්ට්ස් දානවා (බ)

:       0       0

ෂෙල්ටන් Tuesday, 26 July 2016 04:03 AM

අපේ සමහර හාමුදුරුවොත් බහු ආගමික රටක් කරන්න හදන තැන ...ඔබ වහන්සේටවත් තේරෙන එක අපිට සතුටක්. (බ)

:       0       0

බෙනට් Tuesday, 26 July 2016 03:15 PM

මදක් කල්පනා කර බලන්න . ඔබගේ ළඟම යහළුවෙක් හෝ යෙහෙළියක් වෙනත් ආගමිකයෙක් නම් ඔබ ඔහු හෝ ඇය සමග පවත්වාගෙන යන ඇසුර මොන වගේද කියා ... ඇයි ඔබ එලෙසින්ම හිතවතෙක් නොවන වෙනත් ආගමිකයෙක් දෙස ඒ අයුරින් නොබලන්නේ ...(බ)

:       0       0

ඇසළ Tuesday, 26 July 2016 04:24 AM

අති ගරු කාදිනල් තුමාට අපේ උපරිම ආචාරය පිරිනමනවා. උතුරේ ඉන්න ද්‍රවිඩ සහ නැගෙනහිර ඉන්න මුස්ලිමානුවන්ට කිසිදා නොලැබෙන මිරිගුවක් පසු පස ලුහුබදින ජාතිවාදී ආගම්වාදී දේසපාලුවෝ සහ අනිකුත් සහචරයන්ට මෙතුමා උතුම් ආදර්ශයක් වේවා. (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 26 July 2016 04:26 AM

අප වටේ තිබුන සියලුම බෞද්ධ රටවල් අන්‍යාගමීකරණය වන විට ( පකිස්ථානය /ඇෆ්ගනිස්ථානය / බංගලාදේශය මාලදිවයින ) ලංකාවේ බෞද්ධ ධර්මය , අවුරුදු 2500 තිස්සේ පැවතීමේ රහස රාජ්‍ය පාලනය , බුදු දහම ආරක්ෂා කිරීමට බැදී සිටිය නිසයි .එහි සිදුකරන වෙනස , අප විසින් අපේම වළ කපා ගැනීමක් මය .(බ)

:       0       0

විජය Tuesday, 26 July 2016 04:34 AM

මංගල සමරවීර ට හොද උත්තරයක් කාදිනල් තුමා දීල තියෙන්නේ. මංගලට විතරක් නෙමෙයි යහපාලනේ හැමෝටම. (බ)

:       0       0

පුබුදු Tuesday, 26 July 2016 04:39 AM

කාදිනල්තුමනි. ඔන්න ඕකයි අපි හැමෝම බලාපොරොත්තු වෙන සහජීවනය. ඔබතුමාට තෙරුවන් සරණයි ! (බ)

:       0       0

නිරේෂ් Tuesday, 26 July 2016 05:21 AM

ඔබතුමාගේ කතාව 100% අපි අගය කරමු. එහෙත් සමහර භික්ෂුන් වහන්සේලා හැසිරෙන ආකාරය දැක්කහම අපිට හිතාගන්න බැහැ මේ කව්ද කියලා. මේවා නතර නොකර කිසිම දෙයක් කරලා වැඩක් නැහැ (නි)

:       0       0

සරත් Tuesday, 26 July 2016 05:30 AM

බුද්ධාගමට නිසි තැන දෙන්න කලින් ආගම ජාතිය අවුල් කරන සංවිධාන නවතා දමන්න ඕනෑ (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 26 July 2016 06:04 PM

තිලක්, දීපාල් මහතුනි, වැරැද්දක් වුණා කියමුකෝ. මෙහෙමද හැසිරෙන්නේ? මම බුදු දහමට මෙය එකතු කරනවා නොව, මෙම දහම රකිනවා කියන්නේ මෙයාලද? රටක නීතියට ගරු කරන්න දන්නේ නැති අය ආගමේ තියන ගෞරවය රකියිද? (නි)

:       0       0

ලලිත් සිල්වා Tuesday, 26 July 2016 05:48 AM

කාදිනල්තුමාගේ ප්‍රකාශය 25 වන දින එක්තරා රූපවාහිනි(පුද්ගලික) නාලිකාවක සම්පුර්ණයෙන් විකාශනය කළා. රට, ජාතියට හා බුදු දහමට ආදරේ උදවිය එය අහන්න වටිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 308 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 721 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 251 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 419 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1243 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site