IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට දේශපාලනයත් ගාවයි‘

වයඹ පළාතේ පාසල්වලට අද (23) පැවැති ප්‍රථම වාර පරීක්ෂණය සඳහා වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබාදී ඇති 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

‘තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා පිං පොතෙහි සටහන් කර තබමින් මරණාසන්න මෙහොතේදී එය කියවා බලා තමන් විසින් නිර්මාණය කරන ලද විහාර කර්මාන්තය දෙස බලා අවසන් හුස්ම හෙළන ලද පරසතුරන්ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයා වූයේ කවුද?‘ යන්න එහි තිබූ ප්‍රශ්නයකි.

එහි වූ පිළිතුරු හතර වූයේ

1.     හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

2.     ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන

3.     දුටුගැමුණු මහ රජතුමා

4.     මහා පරාක්‍රමබාහු රජතුමා     යන්නය.

මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. 



අදහස් (0)

‘බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට දේශපාලනයත් ගාවයි‘

අන්වර් Wednesday, 23 March 2016 10:01 AM

ප්‍රශ්න පත්‍රය හදපු කට්ටියගේ ඔළුව පොඩ්ඩක් අත ගාලා බලන්න. සමහර විට මුකුත් අහුවේවි.(කෞ)

:       0       0

නවුෂි Wednesday, 23 March 2016 10:03 AM

ළමයින්ට දෙයියන්ගේම පිහිටයි (අ)

:       0       0

ප්‍රසා Wednesday, 23 March 2016 10:08 AM

මරණාසන්න මොහෙතේදී කියල කියනකොට හලපු නැති පළමු උත්තරේ කොල්ලෝ ටික අර ශ්‍රේෂ්ට පාලකයා කියල දැක්ක ගමන් ගමන් හැලුවලු. (අ)

:       0       0

සියාම් Wednesday, 23 March 2016 08:04 PM

අනේ අම්මපා ප්‍රශ්න පත්‍ර හදන්නේ මොනවගේ අයද කියලයි හිතාගන්න බැරි (නි)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 23 March 2016 10:13 AM

රජවරුන් දෙදෙනාගේ නම් ඉවත් කරලා ඉතිරි පිළිතුරු දෙකට අදාලව ප්‍රශ්නය නිර්මාණය වෙන්න තිබුනේ ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජවරුන් විකුණාකමින් හා නැති ගුණ ගැයීමට වන්දිභට්ටයන් ළඟ තබාගනිමින් රටේ දේපළ හා මුදල් කොල්ල කා මාතෘභූමිය උකසට තබා නැවත රජවෙන්නට වෙර දරන කෙනා කවුද? (අ)

:       1       0

කුමාර Wednesday, 23 March 2016 10:16 AM

මෙහි ඉන්න සමහර රජවරු කරපු පින් ලිය ඇත්තේ පින්පොතෙහි නොව අලි පොතේය (අ)

:       0       0

සුමිත් Wednesday, 23 March 2016 10:22 AM

දුමින්ද ප්‍රශ්න පත්‍රය හදපු අයගේ උත්තරේ අංක එක, නමුත් ඉතිහාසයට අනුව නියම නිවැරදි උත්තරේ අංක තුන ,අනේ හැබැට මෙහෙම විහිලු කලේ රජකාලේ අන්දරේ , මහින්ද ගේ කාලේ නම් මර්වින් සිල්වා (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 March 2016 10:38 AM

හිරිකිතයි වැඩේටනම්. අධ්‍යාපනය භාරව ඉන්න උන්දැලටනම් බාගෙට පිස්සු. අනික දුටුගැමුණු පැරකුම් වැනි රජවරුන්ට කළ අවමානයක් මේක. (බ)

:       0       0

දහම් Wednesday, 23 March 2016 10:56 AM

හැබැටම මොකද මහින්දගේ නමටත් මෙච්චර බය. ජනතා බහුතරය පිළිගන්නේ එයාව නිසා නේද? (අ)

:       0       0

අචිනි Wednesday, 23 March 2016 11:14 AM

පලවෙනි උත්තර දෙකම දේශපාලනයත් එක්ක යන ඒවා .සමහර මේකේ අදහස් දාන අයත් ඒකපාර්ශවික දේශපාලන අදහස් දරන මිනිස්සු බව අදහස් කියවද්දිම තේරෙනවා . (බ)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 23 March 2016 11:46 AM

අහන්න තිබුනේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදලින් සැදැතියන්ට සිල් රෙදි බෙදා දුන් ශ්‍රේෂ්ඨයා කවුද කියලා. (ම)

:       0       0

සොපි Wednesday, 23 March 2016 11:52 AM

මෙහෙම උත්තර දාන්න ඇත්තේ පොඩි 'වෙනසකට 'වෙන්නැති . (බ)

:       0       0

චන්දි Wednesday, 23 March 2016 12:01 PM

මේක මහින්ද වාදියෙක්ගේ වැඩක් බව පේනවා. නමුත් මරණාසන්න මොහෙතේදී කියන එක කවුරු වුණත් මහින්ද මහත්තයාට කළ අගෞරවයක්. වෙන රජවරු හිටියෙම නැද්ද දාන්න. ඔන්න කට්ටියගේ හැටි (බ)

:       0       0

රොකී‍ Thursday, 24 March 2016 01:49 AM

මෙය මහා මෝඩ ප්‍රශ්නයක්. මරණ මොහොත ගැන කියන්න පණපිටින් ඉන්න මහින්දවත් සඳහන් කරලා. තනතුර නැතිවුණාට එතුමා තවම ජීවතුන් අතර! (නි)

:       0       0

ඉන්දික Wednesday, 23 March 2016 12:47 PM

මේකේ තියෙන කොමෙන්ට් අනුව ලංකාවේ මිනිස්සු වැඩි හරියක් තමන් ළග ජීවමානව ඉන්න මිනිහට පරිබ්‍රව කරලා, තමන් නොදැකපු මැරිච්ච මිනිස්සුන්ට ආවඩන අයනේ. මෙයාල ඉන්නේ මනෝ ලෝක වල.(බ)

:       0       0

ජයරත්න Wednesday, 23 March 2016 01:00 PM

දුටුගැමුණු, මහා පරාක්ක්‍රමබාහු වැනි රජවරුන්ගේ කාලවලත් එතුමන්ලාත් සමග බද්ධ වෛරයකින් පසුවූ අතැම් සිංහලයන් ( අද කාලේ හැටියට ලාංකිකයන් ) සිටි බව ඉතිහාසයේ සදහන් වෙනවා. ඉතින් පරසතුරන් ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස හිටපු ජනාධිපති තුමාව පිළිගන්න බැරි ලාංකිකයන් අදත් සිටීම පුදුමයක් නෙවෙයි. (බ)

:       0       0

වන්නි Wednesday, 23 March 2016 01:17 PM

මේක හදපු එවුන් රජයේ සේවයට ආවේ 1980 ජුලි වැඩවර්ජනය වෙලාවේ. එවකට හිටපු අධ්‍යාපන ඇමති තමයි පත්වීම් දුන්නේ. (බ)

:       0       0

ඇසළ Wednesday, 23 March 2016 02:21 PM

ප්‍රශ්න අහල තියෙන්නේ වැරදියට (බ)

:       0       0

මොහාන් Wednesday, 23 March 2016 02:34 PM

බෙන්තර මහේෂ් උත්තරය තමයි මෛත්‍රිපාල සිරිසේන.(බ)

:       0       0

විරාජ් Wednesday, 23 March 2016 03:31 PM

වන්දිබට්ට කමට ප්‍රශ්න හදල උත්තර දීල (බ)

:       0       0

ඉසුරු Wednesday, 23 March 2016 03:43 PM

"මරණාසන්න මෙහොතේදී එය කියවා බලා ...... අවසන් හුස්ම හෙළන ලද" (බ)

:       0       0

උපාලි Wednesday, 23 March 2016 03:44 PM

ඉන්දික වගේ ඉතිහාසය කියන්නේ මොකක්ද නොදන්නා අය ඕන කෙනෙකුට වන්දනා මාන කළාට අපට කමක් නැහැ. නමුත් අපේ ශ්‍රේෂ්ට රජ දරුවන්ට අපහාස නොකර. (බ)

:       0       0

දුමින්ද Wednesday, 23 March 2016 09:44 AM

හරි උත්තරය කුමක්ද (අ)

:       0       0

ටෝනි Wednesday, 23 March 2016 09:44 AM

අනේ මෙහෙමත් රටක් (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 23 March 2016 09:45 AM

මෙවැනි ප්‍රශ්න පත්‍ර හදා දරුවන්ගේ මොළ විකෘති කිරීමට සුදානම් වන අයත් විනයානුකුලව දඬුවම් දිය යුතු වෙනවා . (අ)

:       0       0

රොෂාන් ද සිල්වා, බලපිටිය Wednesday, 23 March 2016 09:55 AM

මෙය අපගේ උතුම් ඉතිහාසය පාවා දීමකි. ලංකාවේ දේශපාලකයෝ කිසි දිනක උතුම් වූ දුටුගැමුණු හා මහා පරාක්‍රම රජවරුන්ට සම කළ නොහැක.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 7 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 136 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 758 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 514 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3187 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site