IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බුද්ධගයාව දැන් ආරක්ෂා සහිතයි

දඹදිව බුද්ධ ගයාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 24 පැයකට පසුව එනම් සඳුදා සවස සිට වන්දනාකරුවනට යළි මහා බෝධි විහාරය, ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු බුද්ධ ගයා පරිශ්‍රයේ සියලු සිද්ධස්ථාන වැඳපුඳා ගැනීමට පහසුකම් සළසා ඇතැයි ද, ආරක්ෂක විධි විධාන  තර කර ඇතැයි ද බුද්ධගයාවේ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ කියති.

ශ්‍රී ලංකා වන්දනාකරුවනට දැන් කිසි බියක් සැකක් නැතිව දඹදිව වන්දනාවේ පැමිණිය හැකි බව ද ඒ  හිමියෝ පවසති.

බෝම්බ ප්‍රහාරය සිදුවූ පසුව ද බුද්ධගයාවේ බුද්ධ පූජා ඇතුළු ආගමික වතාවත් මහා සංඝරත්නය විසින් නොකඩවාම සිදු වූ බව බිහාර් පොලිසිය කියයි.

‘අවට විහාරස්ථානවල භික්ෂූන්වහන්සේලා එකතු වී සඳුදා (8) ජය ශ්‍රී මා බෝධින්වහන්සේ ළඟ පූජාවක් පැවැත්වුවා. ඒ පූජාවෙන් පස්සේ මහා බෝධි විහාරය වන්දනාකරුවන් සඳහා නැවත විවෘත කර තිබෙනවා.‘

ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට ඇතුළුවන හැම වන්දනාකරුවකුම ලෝහ පිරික්සුම් දොරටු, ලෝහ පිරික්සුම් උපකරණ ඇතුළු නව තාක්ෂණික උපකාරණවල සහායෙන් පරීක්ෂාවට ලක් කෙරේ.

 ‘සඳුදා (8) චෙන්නායි මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසකුත් මෙම ස්ථානයට ආවා. සිදුවූ දේ සහ ඉදිරියේදී මෙම ස්ථානයට එන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සලසන ආකාරය ගැන ආරක්ෂක අංශ සමග ඔවුන් සාකච්ඡා කළා.

අද (9) උදෑසනත් ආරක්ෂක අංශ බෝම්බ තිබේදැයි කියා හොඳින් පරීක්ෂා කළා.

ඉන්දියාවේ යුද හමුදාව හා පොලිසිය ආරක්ෂාවට කැඳවා තිබෙනවා.

දැන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිතයි. වන්දනාකරුවන්ට බයක් සැකක් නැතිව එන්න පුළුවන්. ලංකාවේ දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල වූවාට පසු ඉතා කෙටි කාලයකින් සියලු ආරක්ෂාව තහවුරු කර එය වන්දනාකරුවන්ට විවෘත කළා වගේම බුද්ධගයාවත් විවෘත කර තිබෙනවා.

සිද්ධිය වූ දිනයේ ශ්‍රී ලංකාවෙන් ඇවිත් සිටි වන්දනා නඩය පහුවදාම ගියා. තාම ලංකාවෙන් වන්දනාකරුවන් ඇවිත් නෑ.

 සිද්ධියෙන් ලොකු හානියක් වුණේ නෑ. සුළු සුළු හානි තමයි වුණේ. එම ස්ථාන පිරිසිදු කර හානිවු  තැන් වසා තිබෙනවා.‘



අදහස් (0)

බුද්ධගයාව දැන් ආරක්ෂා සහිතයි

කමල් Tuesday, 09 July 2013 01:26 PM

අවසර... ධර්මයේ හැසිරීම ප්‍රමාණවත්. මෙවන් ස්ථාන දැක පහන් සංවේග ඇතිකර ගැනීම සුදුසුයි. සියල්ල අනිත්‍යයි. බුද්ධගයාවද සදාකාලීක නොවේ. (නි)

:       0       0

රෂීඩ් Tuesday, 09 July 2013 01:28 PM

මේ ප්‍රහාරය මා හෙළාදකින අතර කණගාටුවද ප්‍රකාශ කරනවා. ඒත් මොකද මේ සිංහ පෝතකයෝ ටික බය වෙලාද? අන්තර්ජාල වීරයෝ ටික යැව්වා නම් හරිනේ ආරක්ෂාවට... එයාල ඇඳ යටවත්ද? (නි)

:       0       0

අපොන්සු Tuesday, 09 July 2013 01:36 PM

බුද්ධගයාව දැන් ආරක්ෂා සහිතයි කියල කිව්වට වන්දනා කරුවන් නැවතිලා ඉන්න තැන් ආරක්ෂා සහිතයිද ? ඔවුන් එකතු වෙන තැන්, යන එන තැන්, ඒ යන මාර්ග ආරක්ෂා සහිතයිද ? ඔබම හිතලා බලන්න. (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 09 July 2013 01:37 PM

මේ අපේ රටේ විදේශ විනිමය අරන් ගිහින් ඉන්දියාවට දෙනවට වඩා , ලංකාවේ සිටම පිනක් දහමක් කරගෙන හිටියම කිසි කරදරයක් නැහැ. පින් කරන්න දඹදිව යන්නම අවශ්‍ය නැහැ. සල්ලි තිබේ නම් ආගමික සංචාරයක් කළාට වරදක් නැහැ. නමුත් අද ඉන්දියාව අපේ ගැන කටයුතු කරන ආකාරය දුටුවම ඉන්දියාවට ගොස් අපේ මුදල් ඔවුන්ට පුජා කිරීම යයපත් කරුණක් නෙමේ. සියලු සත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! සැපතට පත් වේවා! අන්තිමට නිවන් දකිත්වා! (නි)

:       0       0

මාටින් Tuesday, 09 July 2013 01:38 PM

පාටකයින්ට පිස්සු නෑ චාමර, ලෝකයේ රට රට වල තියෙන බොහෝ පන්සල් කරන්නේ දැන් බිස්නස් එකක්. ඔච්චර හාස්කම් තියෙනවා නම් මොකෝ බෝම්බ නොපිපිරවී තියෙන්න එපායැ. (නි)

:       0       0

මොහෙමඩ් Tuesday, 09 July 2013 01:41 PM

රෂිඩ් බොරුවට කිඹුල් කඳුළු හෙලලා තව පැත්තකින් එය සාදාරණය කරන පහත් කතා කියන්න එපා. මෙය කරලා තියෙන්නේ මුස්ලිම් අන්තවාදීන්. ඔබත් එම කණ්ඩායමේ කෙනෙක් වගේ ප්‍රතිචාර දක්වන්නේ. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 09 July 2013 02:29 PM

අනේ ඕගොල්ලෝ කලබල නැතුව ඉන්නකෝ , අපිට ඕනෙනම් අපි බුද්දගයා යනවා නැත්නම් නාගදීපේ යනවා එහෙමත් නැත්නම් ගෙදර ඉඳන් භණක් භාවනාවක් කරනවා එක බෞද්ද අපේ කමත්ත , අනික කරුණාකරලා පුජ්‍ය පක්ෂෙට අපහාස වෙන විද්යේ දේවල් නොලිය ඉන්න මොකද මේ උතුම් බුදු දහම වසර දෙදහස පංසිය් ගණනක් තිස්සේ රැක ගෙන ආවේ මේ උතුම් බුද්ද පුත්රින් වහන්සේලායි (අ)

:       0       0

දාස Tuesday, 09 July 2013 02:31 PM

අස්සයා ගියාට පසු ඉස්තාලය වැසීම (අ)

:       0       0

නෙතුමි Tuesday, 09 July 2013 02:36 PM

අපේ රටෙත් ඔය වගේ සිදුවීම් සිද්දවෙලා තියෙනවා. ඒත් රටේ අය ඒවා වන්දනා නොකර හිටියේ නැහැනේ. මෙයත් ඒ වගේ සිදුවීමක් නිසා අපේ රටේ පිරිස වන්දනා නොකලත් එය විවේචනය නොකරනවා නම් තමා අගේ (නි)

:       0       0

හේමන්ත Tuesday, 09 July 2013 02:39 PM

මුහුදු වෙරළට යන්න එපා. සුනාමි එන්න පුළුවන්. අනාරක්ෂිතයි. ගුවනින් යන්න එපා. ගුවන් යානා කඩා වැටෙනවා. වාහනවල යන්න එපා. අනතුරු බහුලයි. බෝම්බ පිපුරුණු නිසා බුද්ධගයවට යන්න එපා. මොනවද මේ කතා. හැමවිටම හැම තැනකම අවදානම තියනවා කියලා තේරුම් අරගෙන තමයි ධර්මය දන්නා බෞද්ධ සියළු දෙනාම කටයුතු කරන්නේ. ඉපදීම තරම් අවදානමක් තවත් තියනවද? බුද්ධගයාවට හැබෑවටම ආදරය තිබෙයි නම් දැන් තමයි යන්න ඕනෑ. අපේ නායක හාමුදුරුවෝ එන්න කියන්නේ අපිව බිලි දෙන්න නොවෙයි. සැබෑ සාසන දයාවෙන්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 July 2013 02:46 PM

මාටින්ගේ සහ මොහමඩ්ගේ අදහස් එක්ක මම එකගයි (නි)

:       0       0

ඉන්දික උඩුමලගල Tuesday, 09 July 2013 02:49 PM

මම තවම දැක්කේ නැහැ දලයි ලාමා තුමා මේ ගැන මොනවත් කියලා තියෙනවා. හැබැයි එයා ලංකාවේ යුද්දේ නවත්තන්න කියලා නම් කිව්වා. මේ ගැන කාට හරි අදහසක් තියෙනවා ද ? (නි)

:       0       0

හුසේන් Tuesday, 09 July 2013 03:04 PM

බුද්ධ ධර්මය රකින්නේ හාමුදුරුවෝ නොව එය ජීවන මග කරගත් ජනතාවයි. හාමුදුරුවරු ධර්මය පැතිරවීම හා තමන් නිවන් අවබෝධ කරගැනීම වෙනුවට දැන් කරන්නේ උපතින් බෞද්ධ වුවන් අන්දා යාන වාහන දේපොළ සල්ලි රැස්කිරීමයි. බුදුදහම ලොව පවතින්නේ ඔය කවුරුත් නිසාවත් නොවනවා පමණක් නොව ඒ බුදුන් නිසාවත් නෙමෙයි. බුදුවරුන් කරන්නේ කලින් කලට පහළවී එය සොයාගෙන ජනතාවට කියාදෙන එකයි. කවර ආගමක් වත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය හෝ බලය පිලිබඳ වැනි නියම නෙමෙයි. ඒවා පරමාණුක වාදය වැනි දර්ශන විතරයි. (නි)

:       0       0

නීරෝ Tuesday, 09 July 2013 03:06 PM

දැන් ඔක්කොම හරි,ලංකාවේ වන්දනාකරුවෝ ටික එන්න (නි)

:       0       0

විජේසිංහ Tuesday, 09 July 2013 03:34 PM

ඉතිහාසයේ ඉදන්ම මේ ලෝකේ ගොඩක් විනාශ කලේ ඔය අන්තවාදීන් තමා. මීට අතීතයේ නාලන්ද පුස්තකාලය, ඇෆ්ගනිස්ටනයේ බාමියන් බුද්ධ ප්‍රතිමා, දැන් ඔය බුද්ධගයාව... ඔය පව් ගෙවන්න බැරි වෙයි (නි)

:       0       0

නිහාල් Tuesday, 09 July 2013 03:47 PM

අන්තර්ජාල වීරයො කී බෝඩ් එකෙන්නෙ වීරකම පෙන්වන්නෙ (නි)

:       0       0

අජිත් Tuesday, 09 July 2013 04:44 PM

මාටින් දන්නවාද, ජය සිරිමහ බෝධිය පාමුල තිබ්බ බෝම්බය පුපුරා ගියේ නැහැ. ඒක තමයි හාස්කම. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 July 2013 04:49 PM

මුළු ඉන්දියාවටම යන එක නවත්වන්න ඕනෑ. ඉන්දියාව අනාරක්ෂිතය් කියලා කීපාරක් කිව්වද? ඉන්දියාවට යන්න එපා. ඉන්දියාවට ආරක්ෂාව දෙන්න ඉන්දීය රජයට බැහැ. ඉන්දියාවට යන්න එපා. (නි)

:       0       0

අජිත් Tuesday, 09 July 2013 04:58 PM

තණ්හාව, ක්‍රෝදය, මෝහය රජයන ආගම් වලට මේවා පිටුදකින බුද්ධ දර්ශනය කරදරයක්. (නි)

:       0       0

මාටින් Tuesday, 09 July 2013 05:19 PM

අජිත්, බුද්ධ දර්ශනය සහ බුද්ධගයාව කියන්නේ අහසයි පොළොවයි වගේ සම්පුර්ණ වෙනස් දෙකක්. බුද්ධගයාවේ කෙරෙන ගොඩක් දේවල් බුද්ධ දර්ශනයට ගැලපෙන්නේ නැහැ, හරියට ශ්‍රී මහා බෝදියේ වගේ (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 09 July 2013 12:32 PM

ස්නයිපකාරයොත් ඉන්න පුළුවන්. (ත)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 09 July 2013 12:55 PM

හාමුදුරුවනේ, ලංකාවේ අපි නාවට කලබල වෙන්න එපා. අපේ ජිවිත අපිට වටිනවා. අපි ජිවත් වුනොත් විතරයිනේ කොහේවුනත් එන්න පුළුවන්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 July 2013 12:55 PM

කලිනුත් ඔහොම තමා කිව්වේ , යන්න නම් එපා. (නි)

:       0       0

අමිල Tuesday, 09 July 2013 01:03 PM

බුදුන්ගේ අමා ධර්මය මේ බෝම්බ වලින් යටපත් කල නොහැක.තවමත් දෙව්දත්ලා වැඩ අවසන් කරලා නැති බව පෙනෙනවා.බෝම්බ ගහල සත්‍ය යටපත් කල නොහැක.මන්ද යත් බුදුන් දේශනා කලේ ලොව පවතින සත්‍ය මිස සුරංගනා කතා නොවන බැවිනි. සුරංගනා කතා වලට නොරැවටී බුදුන්ගේ සරණ යන්න.ඔබ සැමට බුදු සරණ වේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 July 2013 01:06 PM

අනේ අපේ හමුදුර්වනේ යටගිය දවස බරණැස් නුවර කතානම් අපිට වදාරන්න එපා.(අ)

:       0       0

අර්ෂා Tuesday, 09 July 2013 01:17 PM

මෙය ඉන්දියාවේම වැඩක්ද සැකයි (නි)

:       0       0

චාමර Tuesday, 09 July 2013 01:19 PM

හාමුදුරුවන්ට බනින්නේ, පිස්සුද මේ පාඨකයින්ට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 101 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1014 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 896 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2265 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site