IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බුද්ධගයා බෝම්බයට හතරක් සැකපිට

බුද්ධගයා බෝම්බ පිපිරීම තමන් කළ බව කැනඩාවේ සිට ඉන්දියා මුජහිදීන් සංවිධානය ට්වීටර් වෙබ් අඩවියෙන් කර ඇති ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයන බව ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය කියයි.

ඔවුන්ගේම ට්වීටර් වෙබ් අඩවියෙන් එම වගකීම භාර ගෙන ඇති බවත්, ඊළඟ ප්‍රහාරය ඉන්දියාවේ මූල්‍ය ගත නගරය වන මුම්බායි නුවරට බවත් එහි දැක්වෙන බව හින්දුස්තාන් ටයිම්ස් පත්‍රය කියයි.

එම අනතුරු ඇඟවීම කර ඇත්තේ බුද්ධගයා ප්‍රහාරයට දිනකට කලින් බවත්, බුද්ධගයා ප්‍රහාරය සිදුවූයේ ජූලි හත්වැනිදා බවත්,   බුද්ධගයාවේ ආරක්ෂක කැමරා වලින් ලබාගත් තොරතුරු අනුව 20 හැවිරිදි තරුණයන් තිදෙනකු රඳවා ගත් බවත් එම පුවත්පත පවසයි.

ආනන්ද් ප්‍රකාශ්, ගංජන් පටෙල්, හසන් මලික් හා ප්‍රියංකා ඔවුහුය.

ඉරිදා අලුයම ඔවුන් සැකකටයුතු ලෙස බුද්ධගයාවේ එහා මෙහා ගිය බව ආරක්ෂක කැමරා රූපරාමු වලින් පෙනෙතියි පොලිසිය කියයි.

එදින මහාබෝධිය අවට හෝටලවල ලැගුම්ගත් අයගේ තොරතුරු ද විමසා මේ තුන් දෙනාගේ තොරතුරු ලබාගෙන ඇත.

ඉරිදා උදේ හයට පමණ ඔවුන් තතාගත් හෝටලයෙන් පිටවී ගොස් ඇතැයි ද, ඒ වන විට පිපිරීම සිදුවී මිනිත්තු ගණනක් ගත වී ඇතැයි ද පොලිසිය කියයි.

හෙළි නොකරන ස්ථානයක රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය කියයි.

බුද්ධගයාවේ වැටී තිබී පොලිසියෙන් සොයා ගත් හැඳුනුම්පත හිමියා බාස් කෙනකු බවත්, ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු නැති බවත්  දැනගන්නට ඇත.

 



අදහස් (0)

බුද්ධගයා බෝම්බයට හතරක් සැකපිට

ලලිත් Wednesday, 10 July 2013 12:34 PM

තව බොහෝ දේවල් ඉදිරියේදීත් සිදුවේවි. ඒ වුනත් සත්‍යය හා ස්වබාව ධරමය යටපත් කරන්න කාටවත් බැහැ. ඒක තමා ගෞතම බුදුන්ගේ ධර්මය. (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 10 July 2013 01:13 PM

මටනම් හිතෙන්නේ මේක කොටින්ගේම වැඩක්. නොමග යවන්න හදනවා වගේ. (අ)

:       0       0

බණ්ඩා Wednesday, 10 July 2013 02:14 PM

ෂෙල්ටන් , ඔයාට හීනෙනුත් කොටි පේනවද? ඕක ලෙඩක්. බෙහෙත් ගන්න (දී)

:       0       0

කාලිඩ් Wednesday, 10 July 2013 02:19 PM

මේකට වග කියන්ඩ ඕනේ දෙමළ ඩයස්පෝරාවයි ඔවුන්ගේ ඒජන්තයා වෙන බී.බී.එස් එකයි.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 03:04 PM

කවුරු කලත් කළකම් පලදෙනවාමයි ! මතකනේ ඇෆ්ගනිස්ථානෙට උන දේ ! මතකනේ කොටින්ට උනදේ ! මේ හෙමෝම බුදු දහමට බයයි මොකද ආර්තර් සී ක්ලාක් මහත්තය කියල තිබුන 2050 ලෝකේ අංක 1 බුදු දහම කියල . අපි හයියෙන් සාදු කාරයක් දෙමු සාදු! සාදු! සාදු!(අ)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 10 July 2013 11:48 AM

පරීක්ෂණ නොමගයවන්නයි, ඒ කාලය ඇතුලත පැනගන්නයි හැදුනුම්පතක් දාලා යන්න ඇත්තේ.කැමරා පද්ධතිය ගැන ආරක්ෂක අංශ අවධානයෙන් නොසිටීමේ පලය තමා ලැබුනේ.යුද්ධයක් ඇතා,නැතා රටක ආරක්ෂක අංශ අවදියෙන් සිටීම වැදගත් බව එම ප්‍රහාරය කියාදීපු පණිවිඩයයි.නමුත් ආනිසංස පාපකර්ම ඔවුන්ට පලදෙනවාමයි. (අ)

:       0       0

අමිළ Wednesday, 10 July 2013 12:03 PM

කෙසේ වෙතත් සත්‍යට බයේ මිත්‍යා දෘෂ්ටිකයෝ අවි අරගෙන. සියලු බෞද්ධ සිද්ධස්ථාන රැකගෙන බුරජාණන් වහන්සේ වදාළ අවිහිංසා මාර්ගයේ යමු. මේ උදවිය වල්මත්වී ඇති බව පෙනෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 365 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2123 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1601 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 692 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 591 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 697 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site