IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බුද්ධි අංශ ලොක්කා යයි

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ට ඉල්ලා අස්විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්.මාර්සෝ වැඩ බැලීමට පත් කර තිබේ. මේ අතර ස්ථාවර දුරකථන ටැප් කිරීමද අවසන් කර ඇතැයිද ඒ සඳහා යොදා සිටි පුද්ගලයා එම කාර්යයෙන් මුදා හැර ඇතැයිද දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

බුද්ධි අංශ ලොක්කා යයි

මධ්‍යස්ථ මතධාරී Monday, 19 January 2015 12:25 AM

රැවුලයි කැඳයි දෙකම කොහොම කරන්නද ? ත්‍රස්ත සංවිධානයක් මිලිටරි වශයෙන් පරාජය කල පමණින් රටක ආරක්ෂාව තහවුරු වෙනවද? බුද්ධි අංශ තොරතුරු රැස් කිරීම කොතරම් අවශ්‍යද ? ජනතාවට පෞද්ගලිකත්වය අත්‍යවශයි, තර්කයක් නැහැ. නමුත් ත්‍රස්ත සාමාජිකයන් පුනරුත්ථාපනය කල පමණින් ඔවුන් 'සාමාන්‍ය' ජනතාව වෙනවද ? අවස්තාවාදී දේශපාලකයින් හා මුදලට ඕනෑම දෙයක් කරන මිනිසුන් සිටින සමාජයක ත්‍රස්ත සංවිධාන වල නැගිටීම වළක්වන්නේ කෙසේද ? දුරකථන ටැප් කිරීම බටහිර සංවර්ධිතයි කියාගන්නා රටවල කොතරම් කරනවද ? එහෙම කරලත් බටහිර රටවල කොතරම් ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවෙනවාද ? ලංකාවේ දැන් වසර ගණනකින් ත්‍රස්ත ක්‍රියාවක් සිදු නොවුනේ බුද්ධි අංශ වල කාර්යක්ෂමතාවය නිසාද? මේවා සරලව හරි හෝ වැරදි කියල කියන්න ඉතාම පහසුයි. අපි බුද්ධිමත් ජනතාවක් විදියට කරුණු කාරණා වල බලපෑම්, සහ සම්භන්ධතා ගැන ගැඹුරෙන් සිතා බැලිය යුතුයි. ඉන්පසු තීරණය කරමු සිදු වෙමින් පැවතුනු දෙය කොතරම් සාධාරණද, එය වෙනස් විය යුතුද කියලා. ස්තුතියි. (නදී)

:       0       0

චාරු Monday, 19 January 2015 12:57 AM

මධ්‍යස්ත මතදාරී මතය මධ්‍යස්ත යැයි මට නම් පෙනෙන්නේ නැහැ. දුරකථන ටැප් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, මෛත්‍රීපාල මැතිතුමා සහ පැවති සන්ධාන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේත් එවකට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීලාගේත් පුද්ගලිකත්වය ඉක්මවා සිදු කෙරිලා තිබෙන බව අපිට ආරංචියි. දැන් මේ වගේ කාරනාවල් සාධාරණිකරණය කරන්නේ කොහොමද ? රටේ අනෙක් සාමාන්‍ය මිනිස්සුන්ගේ දුරකථන ටැප් කිරීම පසෙකට දාලා බලමුකෝ. මේ උදවිය සමාජයේ හැමෝම දන්නා කියන වගකීමක් ඇතිව දේශපාලනය කරන පුද්ගලයන්. ඒ අයවත් මෙහෙම සැක කරලා පුද්ගලිකත්වයට බාධා කරනවා නම් මේක අසනීපයක්. එහෙම නම් මේ රටේ ඉන්න ඕන තමන්ගේ පවුලේ උදවිය විතරයි. ඇයි ඉතින් අනෙක් කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න ලෑස්ති නැහැනේ. සීමාව ඉක්මවා කටයුතු කිරීම සුදුසු නැති බව මගේ අදහස. රටකට ආරක්ෂාව අත්‍යවශ්‍යයි. එ්කේ ගැටළුවක් නැහැ. (නදී)

:       0       0

උපෙක්ෂා Monday, 19 January 2015 01:03 AM

රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි (නදී)

:       0       0

නිලන්ත ගමගේ Monday, 19 January 2015 01:29 AM

නව තාක්ෂනය යොදාගෙන තෝරාගත් දුරකථන වලට සවන්දිය හැකිය. එය රැන්ඩම් ක්‍රමයට කල හැකිය. රටේ ආරක්ෂාව සඳහා කලයුතු දේ කලයුතුමය. එහෙත් ලංකාව වැනි ඉතා කුඩා රටක බුද්දි අංශය ක්‍රියාකාරීව මෙහයවීමෙන් ඕනෙම අපරාදයක් ,කුමන්ත්‍රණයක් අනාවරණය කැරගත හැකිය. යුද්දය සඳහා මෙහෙයවූ ශ්‍රම බලකාය යොදාගත හැකිය (නදී)

:       0       0

චන්දන Sunday, 18 January 2015 06:33 AM

කලකට පෙර මම කොළඹ කොටුවේ සේවය කරන කාලයේ අපේ ආයතනයේ සෑම දුරකතනයක්ම ටැප් කරන බව අපි දැන සිටියා . පුදුමයක් කියන්නේ යුද්ධය පවතින කාලයේවත් අපේ ටෙලිෆෝන් ටැප් වුනේ නැහැ. ඊට පසුව හරියට කොළඹ කොටුවේ කාර්යාලවල වැඩ කරන හැම මිනිහාම කඩා කප්පල් වැඩක් කරන්න යන ගානට දාල තිබුනේ. ගෙදර නෝනාට කතා කලත් ඒකත් ටැප් කරනවා. ගනුදෙනුකරුවෙකුට පාරිභෝගිකයෙකුට කතා කලත් අනිත් පැත්තෙන් අර ටැප් කරන සද්දය එනවා. අපිට එපා වෙලා තිබුනේ. (දිල්)

:       0       0

කේ දිසානායක Sunday, 18 January 2015 06:42 AM

අනුර සේනානායක මහතාට මොකද වෙන්නේ?. (දිල්)

:       0       0

සුජිත් Monday, 19 January 2015 04:12 AM

දුරකථන ටැප්කරන එක ඇමරිකාවත් කර තිබුනා ඉතා දරුණු විදියට. වෙනත් රටවල නායකයාගේ පවා....මම හිතන්නේ අපේ බුද්ධි අංශය දැඩි ලෙස දුර්වලවෙලා කියලයි. මොකද මේ ඔක්කොම කරලත් මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා වනබව සොයාගන්න බැරිවුණ නිසා. (නි)

:       0       0

රවිනාත් Sunday, 18 January 2015 07:32 AM

"මේ අතර ස්ථාවර දුරකථන ටැප් කිරීමද අවසන් කර ඇතැයිද ඒ සඳහා යොදා සිටි පුද්ගලයා එම කාර්යයෙන් මුදා හැර ඇතැයිද දැනගන්නට ඇත." යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 18 January 2015 08:52 AM

ඒ කියන්නේ දැන් තේරෙනවා නේද මෙපමණ කල් අපේ නිදහස සිමා කරලා තිබුන හැටි. .මේවා ගැන අපි ඉස්සර කියනකොට සමහරු අපිට හිනාවුණා .නමුත් අපි සියලුම දෙනා බැමි වලින් තොරව නිදහස් ලෝකයට පා නගමු (නදී)

:       0       0

ජනක Sunday, 18 January 2015 08:59 AM

ඇයි ඉතින් අන්තිමට ටැප් කරන්න කියල පවරපු වැඩේ හරියට කරලා නැහැනේ. ගෙදර යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? (නදී)

:       0       0

ප්‍රමිලා ප්‍රනාන්දු Sunday, 18 January 2015 10:17 AM

නිදහස් කරන්නේ ඇයි? මානව අයිතිවාසිකම් උල්ලංඝකය කරපු අය (නදී)

:       0       0

අසෝක Sunday, 18 January 2015 10:51 AM

කෝ මේ බෙරිහන් දුන්න වීරවංශ මොකද උනේ ? (නදී)

:       0       0

ඉන්ද්‍රා Sunday, 18 January 2015 01:12 PM

කෝ මේ වීරවංස ළමයා අයියෝ සිරිසේන බලනවා ඇති නේද . (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Sunday, 18 January 2015 04:40 PM

මේ මාර්සෝ කියන පුද්ගලයා මේ තනතුර දරන්න තරම් බුද්දියකින් හෙබි කෙනෙක් නම් නොවෙයි. ඔහුව පොලිසියට බඳවා ගත්තේ රගර් ගහන්න (නදී)

:       0       0

අබ්දුල් රාසික් Sunday, 18 January 2015 06:24 PM

යහපාලනයට ජයවේවා ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 66 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 568 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 628 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 255 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 709 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1977 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site