IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘බෞද්ධ ඉස්ලාමීය සුහදත්වය“ දර්ගා නගරයේ දී එළි දකියි

දැන් තිබෙන්නේ යහපාලනය හා සංහිදියාව ගොඩනගන්න අවශ්‍ය යුගයක් බවත් ජාතික සමගිය මෙන්ම සහජීවනය හා සබැදියාව අපේ රටට ඉතාමත් අවහ්‍ය කරන යුගය් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දර්ගා නගරයේ දී කීවේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ දර්ගා නගරයේ දි ‘‘බෞද්ධ ඉස්ලාමිය සුහදත්වය සහ මුස්ලිම් සමාජය“ නම් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. දේශීය මුස්ලිම් වෙද පරපුරකින් පැවත එන මුනව්වරුල් අෆ්ලල් මහතා විසින් මේ පොත රචනා කැර තිබිණි.

හිටපු අමාත්‍යවරයකු වූ ඉමිටියාස් බාකිර් මාකර් මහතාගේ ආරාධනයකට අනුව ජනමාධ්‍ය ඇමතිවරයා මේ උත්සවයට සහභාගී වූයේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කිවේය.

මුස්ලිම් ජනතාව ඉතා දීර්ඝ කාලයක සිට සිංහල ජනතාව සමග ඉතාම සුහදව කුළුපගව ජීවත් වුනු බව අපි කවුරුත් අහලා තියෙනවා. දන්නවා. එදා ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ රජතුමාට වෙදකම් කළේ පවා මුස්ලිම්වරු කියලා ඉතිහාසය සාක්ෂි දරනවා. සමහර මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා සිංහල නම් ගම් වාසගම් පවා තිබෙන අය. ලංකා ඉතිහාසය ගැන රොබට් නොක්ස් මහත්තයා ලියපු එදා හෙළ දිව නම් කෘතියේ මුස්ලිම් සිංහල සම්බන්ධතාවය ගැනඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. 

සමහර පන්සල් සමග මුස්ලිම්වරු ඉතා සමීපව කටයුතු කරලා තියෙනවා. බොහෝ බෞද්ධ පෙරහැර වලට මුස්ලිම්වරු දායකත්වය ලබා දීලා තිබෙනවා. මෑත කාලයේ සති දෙකතුනකට උඩින් අපි දැක්කා මුස්ලිම් සම්බන්ධතාවය අපේ සෝභිත හාමුදුරුවෝ අපවත් වූ වේලාවේ ඒ ආදාහන පූජෝත්සවයේ කටයුතු වලට මුස්ලිම් ජනතාව බොහෝ උනන්දුවකින් කැපී පෙනෙන අයුරින් කටයුතු කළ බව. මෑත ඉතිහාසයේ දේශපාලන තුළත් ඒ සම්බන්ධතාවය අපි දකිනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් දේශපානඥයන්ට සිංහල උදවියගේ සහයෝගය ලැබුණු ආකාරය අපි දැක්කා. බේරුවල, බලංගොඩ, රුවන්වැල්ල, පොළොන්නරුව, කොළඹ ඒ වගේ සහයෝගය ලැබුණා.

ටී.බී ජයා, ජබීර් වේ කාදර්, බාකීර් මාකර් පියපුතු දෙපල උදාහරණ රාශියක් ජාතික සමගිය ගැන ජාතික දේශපාලනයේ අපිට මතක් වෙන මුස්ලිම්වරු හැටියට හඬ නගපු අය. එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරණායක මැතිතුමා ශී‍්‍ර.ල.නි.පක්ෂයේ බිහිකරන කොට එතුමාට කිට්ටුවෙන් හිටපු උපදෙස් දීපු බදියුර්දීන් මොහොමඞ් මැතිතුමාත් ඒ වගේම එ.ජා.ප ප‍්‍රදාන තනතුරු මුස්ලිම්වරු හැමදාම හොබවලා තියෙනවා. අපේ පක්ෂයේ සභාපති තනතුරු වගේ ඒවා ඒ.සී.එස් හමීඞ් මැතිතුමාලා, දොස්තර කලීල් මැතිතුමාලා හොබවලා තිබෙනවා. අපේ ආණ්ඩු තිබෙන කොට බාකීර් මාකර් මැතිතුමා කථානායක හැටියට, මොහොමඞ් මැතිතුමා කථානායක හැටියට ඇමතිවරු හැටියට කටයුතු කල හැටි අපිට මතක් වෙනවා.

ඒ වගේම ජාතික සමගියත් බෞද්ධ ඉස්ලාම් සුහදත්වයත් වෙනුවෙන් කලාකරුවන් ලේඛකයන් සාහිත්‍යධරයන් රාශියක් කි‍්‍රයාකළ අයුරු අපිට සිහිපත් වෙනවා. මොහීදීන් බෙග් අපිට අමතක කරන්න බැරි කෙනෙක්. වෙසක් පොසොන් වැනි බෞද්ධ උත්සවවලදී මොහිදීන් බෙග්ගේ සිංදු අහන්න ලැබෙනවා. 

අපේ රට බහු ආගමික බහු වාර්ගික රටක්. කුමන ආගමකට කුමන ජාතියකට අයත් වුනත් මේ රටේ ඉපදුන හැම මනුෂ්‍යයෙකුටම මේ රට ගැන අයිතියක් මේ රට ගැන කැක්කුමක් කොයි ආගමකට අයිති වුනත් තිබෙනවා. දැන් යුද්ධය ඉවර වෙලා තිබෙනවා. ආපහු යුද්ධයක් ඇතිනොවන බව විශ්වාසයි. දැන් තිබෙන්නේ යහපාලන හා සංඳියාව ගොඩනගන්න  ඕන යුගයක් කියලා අපි විශ්වාස කරනවා. අපේ ජනතාව ජාති ආගම් වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැම ආගමකම තිබෙන හරය එයයි. හැම ආගමිකයෙක්ම කියන්නේ සුහදත්වය සහජීනව වර්ධනය කර ගත යුතුයි කියලයි. ජාතික සමගිය එකට ජීවත්වීම ගැන අපි අවබෝධ කර ගතයුතුයි.

2014 ජුනි මාසයේ අවාසනාවන්ත සිදුවීමකට අපිට මුහුණ දෙන්න සිදුවුනා. එවැනි දේවල් කිසිම කෙනෙකු අනුමත කරන්නේ නෑ. එවැනි දේවල් යළි ඇති නොවිය යුතුයි. සිංහල මුස්ලිම් දමිළ ජනතාව එක පවුලක් මෙන් ජීවත් විය යුතු යුගයකට අපි දැන් ඇවිත් තියෙනවා. ඒ වෙනුවෙන් රජය අවධානය යොමු වෙලා තියෙනවා. ජනාධිපතිතුමා, අප‍්‍රාමාත්‍යතුමා වර්තමාන ආණ්ඩුව ඒ සංහිදියාව පිළිබදව දැඩි ලෙස කටයුතු කරන්න සුදානම් වෙලා තියෙනවා.

හිටපු ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා, දඹර අමිල හිමි ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා සහ බේරුවල ප‍්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව සහභාගී වී සිටියහ.

(ඡායාරූප ජනමාධ්‍ය අමාත්‍යාංශය)

IMG_4440 IMG_4450



අදහස් (0)

‘‘බෞද්ධ ඉස්ලාමීය සුහදත්වය“ දර්ගා නගරයේ දී එළි දකියි

සම්පත් Tuesday, 01 December 2015 02:57 PM

බොහෝම හොඳයි. අපි හැමෝම සහෝදරයෝ... (නි)

:       0       0

කසුන් Tuesday, 01 December 2015 03:02 PM

හොඳ ආදර්ශයක් රටටම.(හේ)

:       0       0

නුවන් Tuesday, 01 December 2015 07:52 AM

හොඳයි හොඳයි. (ස)

:       0       0

තිලක් Tuesday, 01 December 2015 08:03 AM

ඉතා හොඳ වැඩක්. (ස)

:       0       0

ෆාතිමා Wednesday, 02 December 2015 07:10 AM

ගොඩක් සතුටුයි.මේ එකමුතුව හැමදාම තිබේවා!!! (නි)

:       0       0

නිශාන්ත Tuesday, 01 December 2015 08:29 AM

හොඳ කතාවක් (නි)

:       0       0

අසංග Tuesday, 01 December 2015 08:32 AM

ආගමික සංහිඳියාව පිළිගතහැකි කරුණකි. (නි)

:       0       0

සමන්ත Tuesday, 01 December 2015 08:37 AM

ජාති ආගම් බේදයකින් තොරව හදමු අපි සුන්දර රටක්! ජය වේවා!! (ස)

:       0       0

මොහාන් Tuesday, 01 December 2015 08:52 AM

නැගෙනහිර පැත්තට ගියානං මුස්ලිම් සහජීවනය බලා ගන්න තිබ්බා. (ස)

:       0       0

කසුන් Tuesday, 01 December 2015 09:02 AM

ජාතීන් අතර සංහිඳියාව රටක දියුණුවට බොහෝ වැදගත් (නි)

:       0       0

නුවන් Tuesday, 01 December 2015 09:06 AM

හරිම සතුටුයි (නි)

:       0       0

විකුම් Tuesday, 01 December 2015 09:30 AM

බොහොම හොඳයි (නි)

:       0       0

උදිත් Tuesday, 01 December 2015 09:30 AM

ඉදිරියට ඉතාමත් හොඳ අඩිතාලමක් (නි)

:       0       0

අභය Tuesday, 01 December 2015 09:35 AM

මෙයයි අපි දැකිය යුත්තේ.(හේ)

:       0       0

සුරන් Tuesday, 01 December 2015 09:42 AM

රටේ අනිවාර්යයෙන්ම සිංහල මුස්ලිම් එකමුතුව තිබෙන්න ඕනෑ. ඒත් ඔය සමහරු නිකුත් කරන පොත් ගැන නම් තිබෙන්නේ විවේචනයක්. (නි)

:       0       0

කුරුවිට Tuesday, 01 December 2015 12:46 PM

අපි සියල්ලෝම එක මවකගේ දරුවෝ (නි)

:       0       0

ආනන්ද Tuesday, 01 December 2015 12:48 PM

මෙය හොඳ වැඩක්. එහෙත් සමහර කණ්ඩායම් ඉතා සුක්ෂම විදිහට රටට හානිවන වැඩ කරනවා. (නි)

:       0       0

ඉලංගරත්න Tuesday, 01 December 2015 12:58 PM

බොහොම සන්තෝෂයි අපිට (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 December 2015 01:01 PM

අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 37 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 324 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 151 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 778 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 782 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


ජනපති පළමු සාකච්ඡාව
2024 සැප්තැම්බර් මස 23 2273 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21526 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21143 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 332 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site