IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


”බුද්ධ බාර්” සාදෙ දුර දිග යයි.

 බුද්ධගමට  නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන් බීච් හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
එහි කළමනාකරුවන්වූ කඩවත ගනේමුල්ලේ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මිනුවන්ගොඩ හල්මිල්ලෑවේ පදිංචි මොහොමඞ්  ෆලීල් එම දෙදෙනාය.
සාදය පැවැත්වෙමින් තිබියදී 21 වැනිදා එහි පැමිණි  බොදු බල සේනාවේ භික්‍ෂූන්  වහන්සේ සාදය වැළැක්වූහ.
බේරුවල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාගල්කන්දේ ධම්මානන්ද හා හැඩිගල්ලේ විමලසාර යන හිමිවරු ඉකුත් 23 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කළහ.



අදහස් (0)

”බුද්ධ බාර්” සාදෙ දුර දිග යයි.

ලලිත් කටාර් Saturday, 26 January 2013 12:30 PM

මන්දා.. මේ වගේ අමිහිරි පුවත් අපේ රට තුලින්ම ඇහෙන්න ලැබීමත් එක්තරා කරුමයක් පටිසන්දීමක් කියලා මට හිතෙනවා..!(නු)

:       0       0

උපුල් රත්නායක Sunday, 27 January 2013 03:20 PM

සුදේශ් ඉල්ලගෙන කන්නයි හදන්නේ මගෙන්. (නි)

:       0       0

රංග Sunday, 27 January 2013 03:23 PM

මෙතන බොරු නමකින් අදහස් දාපු සුදේශ්ටයි කියන්නේ. කණ පලා ගන්න එපා. (නි)

:       0       0

ලලිත් කටාර් Sunday, 27 January 2013 03:26 PM

සුදේශ්, මේ මෙතන ඔයා නිකම් අනුන්ට ආවඩන්න හදන්න එපා. වැදගත් ආචාර්ය මහාචාර්යවරුන්ට අපහාස කරන්න එපා. ටිකක් උඩ බිම බලලා කතා කරන්න ඉගෙන ගන්න. දන්නේ නැත්තම් අපි උගන්නලා ගන්නම් අම්මා බීපු කිරි මතක් වෙන්න. (නි)

:       0       0

තිලක් Sunday, 27 January 2013 12:59 AM

බයක් සැකක් නැතිව මේ දේවල් කරන්නේ තනියම නෙමෙයි.. පස්සෙන් ඉන්න අය ගැන විශේෂයෙන් සොයා බලන්න වෙනවා.!(නු)

:       0       0

කුමාර Friday, 25 January 2013 03:00 AM

කරුණාකර ඔවුන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

මධූෂා Wednesday, 30 January 2013 12:07 PM

නීතියෙන් දඩුවම් නොලැබුණත් අවසාන මොහොතේ දඩුවම් ලැබෙයි. (නි)

:       0       0

ශානිකා Friday, 25 January 2013 03:14 PM

නඩු දාන්න (දී)

:       0       0

තක්සලා Tuesday, 29 January 2013 09:52 PM

මේ වගේ දේවල් වෙන්න දෙන්න බැහැ මේ ධර්මද්වීපයේ..!(නු)

:       0       0

සුදේශ් Monday, 28 January 2013 11:16 AM

වහලාම දාන්න ඕනේ (දී)

:       0       0

තෂාර Tuesday, 29 January 2013 09:52 PM

මේ වගේ අයට අරාබියේ දඩුවම් දෙන්න අවශයි..!(නු)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 January 2013 02:26 AM

මෙය ලියන මම පාරම්පරික හොඳ සිංහල බෞද්ධ පවුල් පසුබිමකින් පැවත එන්නෙක්මි. මම සිංහල බෞද්ධ කියලා කිව්වේ ජාතිවාදී පදනමකින් නෙවෙයි. සිංහල බෞද්ධ වුණත් වෙනත් ආගමිකයෙක් වුණත් මේ රටේ මේ සෑම ජාතියෙකුටම එක හා සමානව ජීවත්වීමට අයිතිවාසිකමක් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් උදාකරලා දීලා තියෙනවා. ඒ අනුව ඕනෑම ආගමකට, ආගමික සංකේතයකට, ආගමික සංකල්පයකට එරෙහිව ඒ ආගම, ආගමික සංකේතය, ආගමික සංකල්පය නිරූපණය කෙරෙන පරිදි එයට අපහාස වන පරිදි වෙනත් යමකට ආරූඪකරලා අපහාසාත්මක ලෙස කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇයට එරෙහිව නීත්‍යනූකූලව කටයුතු කළ හැකිබව එහි සඳහන් වෙනවා. ඒ වගේ වටිනා ධර්මයක් දේශනා කරපු උතුම් ශාස්තෘන්වහන්සේ නමකට නිඟා කිරීම සඳහා සිංහල බෞද්ධ ජනතාව නොමඟ යවා මෙහෙයවීම පිලිබඳව මේ වැනි තුච්ඡ මිනිසුන් බහුතර සිංහල බෞද්ධ මහ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුතු බව මම යෝජනා කරමි. ඊට අමතරව මෙවැනි අලජ්ජී ක්‍රියා මඟින් අයථා ලෙස උපයා ගන්නා ලද සියළු මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ සන්තක කර ඒ මුදල් මහාභාරකාර තුමා යටතේ දුෂ්කර පළාත්වල පිහිටා ඇති විහාරරාම හා ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම සඳහා ඇති අරමුදලකට බැරවන පරිදි ක්‍රමයක් සකස් කළ යුතු යැයි යෝජනා කර සිටිමි. (නි)

:       0       0

පිටිගල Friday, 25 January 2013 03:41 AM

බාර් එක දැන් ඇත අඩ අදුරේ වගකිවයුත්තන් මර නින්දේ අන්න බලන් බීච් එක පැත්තේ ආගම ඇත සැළසුම් මැද්දේ... (නි)

:       0       0

රුෂාඩ් Tuesday, 29 January 2013 10:17 PM

තමන්ගේ තොප්පිය තමන් දාගත්තානම් හරිනේ.. අනුන්ගේ ඒවා දාන්නේ නැතිව..!(නු)

:       0       0

රියාස් Tuesday, 29 January 2013 09:05 AM

ආගම්වලට නිගා කරන එක වැරදි වැඩක්.. ඒක අපි තරයේ හෙලා දැකිය යුතුයි. ජාතීන් දෙකක පුද්ගලයන් දෙදෙනෙක් එකතුවෙලා කරපු වැරදිවලට එක් ජාතිකයට පමණක් ඇගිල්ල දික් කිරීම කොයිතරම් සාධාරණද කියන එක.. (නු)

:       0       0

රසාක් Tuesday, 29 January 2013 10:17 PM

අනුන්ගේ ආගම්වලට අගෞරව කරන්නේ නැතිව තමන්ගේ ආගමක් වැදගෙන ඉන්න..!(නු)

:       0       0

කුමාර Friday, 25 January 2013 03:57 AM

නිසි දඬුවම් ලබා දෙන්න.(නි)

:       0       0

පහන් Thursday, 24 January 2013 07:25 PM

යුගයේ අවශ්‍යතාවය, යුග මෙහෙවර ඉටුකරන බොදු බල සේනා දිනේවා!!!! (නි)

:       0       0

සුගත් Friday, 25 January 2013 04:34 AM

වෙන ආගමක නායකයෙකුගේ නමින් තිබුණා නම් සිකුරටම පාරෙත් ගිහින් ඉවරයි. (නි)

:       0       0

දේවා Thursday, 24 January 2013 07:28 PM

මෙහෙම යද්දී තව ඉස්සරහට බුද්ධ ඩිස්කෝ කියලා නයිට් ක්ලබ්, බාර් එහෙමත් පටන් ගනීවි. (නි)

:       0       0

ජේ.හේරත් Friday, 25 January 2013 03:42 PM

මහසෝනාගේ සේනාව හරි ගෙනත් මේවා නවත්තුවෙ නැත්නම් අපිටත් වෙන්නේ බංගලාදේශයට උන දේ තමයි.. මහසගවරුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!(නු)

:       0       0

අමිත් Friday, 25 January 2013 04:54 AM

ඩුබායි වලත් තියෙනාව බුද්ධ බාර් ඒකෙ ලංකාවෙ අයත් වැඩකරනවා මොකද ආදායම හොදයි.. (හැබැයි අපේ බුදු හාමුදුරුවොන්ට තරම් වෙන කිසිම සාස්තෘවරයෙකුට මෙහෙම පලිගැනීමක් නැතිව ඇති.. ඒකයි ලෝකෙ බෟද්ධ බාර් කියලා විතරක් පටන් ගන්නෙ..!)(නු)

:       0       0

සිසිර Friday, 25 January 2013 03:46 PM

ඕකට දාන්න තිබුණේ මුස්ලිම් නමක්නේ. (නි)

:       0       0

නිමල් Friday, 25 January 2013 05:14 AM

බොදු බල සේනා හිමිවරුන්ට මාගේ නමස්කාරය! (නි)

:       0       0

මුදිත Thursday, 24 January 2013 07:37 PM

මේක වහාම නවත්වන්න. මුදලට ආගම පාවා දිය නොහැකියි. (නි)

:       0       0

දේව් Friday, 25 January 2013 05:42 AM

සියලු බෞද්ධයින් තමන්ගේ උරුමය වෙනුවෙන් එකට එක්විය යුතු කාලය පැමිණ ඇත. (නි)

:       0       0

දේශප්‍රිය Thursday, 24 January 2013 07:48 PM

මුදලට ආගම පාවා දිය නොහැකියි. යුග මෙහෙවර ඉටුකරන බොදු බල සේනා දිනේවා! (නි)

:       0       0

සමරසේකර Friday, 25 January 2013 05:55 AM

බොදු බල සේනා මැදිහත් නොවූණා නම් මේ බුද්ධ බාර් වැඩේ තව ඉස්රහට හැම සංචාරක හොටලයකම පටන්ගන්න ඉඩ තිබුනේ නැද්ද? හැබැයි මොකක් හැටි අවුලක් වෙන හැම කොනකම මුස්ලිම් කොක්කක් තියෙනවා. නීති විභාගෙත් එහෙමයි. කුරගලත් එහෙමයි.අනික් හැම තැන් වලත් එහෙමයි.(නි)

:       0       0

සම්පත් Thursday, 24 January 2013 07:50 PM

අරාබි රටක ඔහොම ආගමට නින්දා කළා නම් නඩු නැතුව එල්ලලා මරන්නේ. (නි)

:       0       0

සනත්123 Thursday, 24 January 2013 07:51 PM

බොදු බල සේනා දිනේවා!! පාටියෙ ඉතුරු ටික රිමාන්ඩ් එකේදී ලබා දීමට අදාල පුද්ගලයන්ට ශක්තිය ලැබේවා! දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැනත් පාඩමක් ඉගෙන ගන්නෙ නැතෑ. (නි)

:       0       0

කුමාර Thursday, 24 January 2013 07:51 PM

වෙන ආගම්වලට අපහාස කිරීම වෙන ආගම්වලට අය බලෙන් හරවා ගැනීම අදිය වැඩ නොකරන නිසාම බෞද්ධයන්ට ගරහනවා වැඩියි.. පළ ඇති රුකටනේ ගල් ගහන්නේ කියන්නේ ඕකට තමයි.. (නු)

:       0       0

සාගර Friday, 25 January 2013 06:47 AM

පළමුවෙන්ම සල්ලි නිසා තමයි මේ..!(නු)

:       0       0

රසල් Thursday, 24 January 2013 07:52 PM

බුදුරදුන් කියන්නෙ බුද්ධිය වැඩිදියුණු කළ පුද්ගලයෙක්.. (නු)

:       0       0

සුසිල් මිලානෝ Friday, 25 January 2013 04:05 PM

බොදු බල සේනා, අපි ඔබ සමගයි. බුදු දහම රැක ගන්න ඕනෑ අය කෝ? අවසරයි මහනායක හිමිවරුනි, දැන්වත් අවදි වන්න. අපිට බුදු දහම අපේ රටේ වත් රකින්න බැරිනම් අනාගතේ ලංකාවටත් ඉන්දුනීසියාව, බංගලිදේශේ, දකුණු කොරියාව වගේ රටවලට වෙච්ච දේ වෙනවා. (නි)

:       0       0

තුසිත Tuesday, 29 January 2013 03:17 PM

අපි අදහන ආගමට අනුව කළ කම් පලදෙනවාමයි.. ඒත් ආගම් 2කේ කලමනාකරු වෝ දෙන්න අල්ලා ගැනීම ගැන මට හිතෙන්නේ මෙතන වෙලා තියෙන්නේ මිටි තැනින් වතුර බැසීමක්.. මේක සංවිධානය කරපු අය බේරිලා පැත්තකට වෙලා මේ දෙන්නව අල්ලලා දීලා... මේ හෝටලයේ ලොකු පුටුව ප්‍රංශ ජාතික කාන්තාවක්.බුද්ධ බාර් මුලින්ම පටන්ගත්තේ ඒ රටේ.. පාටි එක දාලා තියෙන්නෙත් ඒ රටේ කට්ටියක්.. අපි කා එක්කවත් රණ්ඩුඋනාට වැඩක් නැහැ.. ඒ අය පැත්තකට වෙලා ඉදගෙන හිනා වෙනවා එයලාගේ සැළසුම හරිගියා කියලා.. දැං මොලෙන් හිතලා වැඩ කරන්න ඕන.. 83 වගේ අතින් පයින් නැතිව.. (නු)

:       0       0

මුතුකුඩ Thursday, 24 January 2013 07:58 PM

කිසිම ආගමකට ධර්මයකට ගැරහීම යුක්ති සහගත නොවේ. (නි)

:       0       0

ඉනෝකා Saturday, 26 January 2013 03:28 PM

ඩයස් ඔබ හරි.. මමත් ක්‍රස්තු භක්තිකයෙක්.. අපේ රටේ තමා එක එක්කෙනා මේ වගේ දේවල් කරන්නේ බය නැතිව.. මේක බෞද්ධ රටක්.. ඉඩ දෙන්න එපා මේ වගේ දේවල් වලට..අපේ රටේ මිනිස්සු කොහේ ගියත් කාටවත් කරදරයක් වෙන්නේ නැතිව ඉන්න උත්සහ කරනවා.. ඒකෙන් ගොඩක් අය අනිසි ප්‍රයෝජන ගන්නවා..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 24 January 2013 07:58 PM

කිසිම ආගමකට ධර්මයකට ගැරහීම යුක්ති සහගත නොවේ..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 24 January 2013 07:58 PM

කිසිම ආගමකට ගරහන්න එපා.(නු)

:       0       0

රත්නපාල Friday, 25 January 2013 07:42 AM

ජාතික හෙළ උරුමයට උපහාරය! (නි)

:       0       0

උදය Friday, 25 January 2013 07:48 AM

මේක බෞද්ධ රටක් නේද? බොදුබල සේනාවට ස්තූතියි. (නි)

:       0       0

ශාෆික් Tuesday, 29 January 2013 03:23 PM

මේවට බලපත්‍ර නිකුත් කලේ කවුද . නිසි දඩුවම් දෙන්න ඕනි (ස)

:       0       0

සම්පත් Thursday, 24 January 2013 08:02 PM

නීතියක් හදලා හරි උපරිම දඩුවම් දිය යුතුයි..!(නු)

:       0       0

දම්මි Friday, 25 January 2013 07:50 AM

සමරසේකර, ඔබ හරි . (නි)

:       0       0

හරීන් Sunday, 27 January 2013 07:58 AM

රිස්මිලා තමයි ලංකාව කන්නේ. (නි)

:       0       0

සෑම් Friday, 25 January 2013 07:49 AM

මේ දෙන්නට අරාබියෙ දෙන දඩුවම් දෙන්නට ඕන... මේ අය හින්දා පාර්ලිමෙන්තුවට දෙන ආහාරයට ඌරු මස් නොගන්න පුළුවං.. නමුත් මේ අයට පුළුවං බුද්ධ බාර් සංවිධානය කරන්න.. (නු)

:       0       0

ෂිරාන් Monday, 28 January 2013 10:56 PM

යුගයේ අවශ්‍යතාවය, යුග මෙහෙවර ඉටුකරන බොදු බල සේනා දිනේවා!!!! (නි)

:       0       0

රිචඩ් Friday, 25 January 2013 08:05 AM

වෙනත් ජාතීන් වූ කළමනාකරුවන් බුද්ධාගමට සළකන අකාරය මෙයයි. (නි)

:       0       0

තිලක් Sunday, 27 January 2013 04:37 PM

ආගමික නිදහස කියන්නේ ඕකට නොවේ (දී)

:       0       0

මොහොමඩ් රාෆි Monday, 28 January 2013 04:35 PM

කිසිම ආගමකට හිංසාවක් වෙන ලෙස කටයුතු කිරීමට නොහැක.. අපි සියළුම ආගම්වලට ගරු කළ යුතුයි මොන ආගමේ උනත්... අවාසනාවට ලංකාවට මොකද මේ වෙන්නේ.. (නු)

:       0       0

ලයිය Thursday, 24 January 2013 08:07 PM

මේ දෙන්නගේ ඡායාරූපයක් එහෙම නැද්ද(නු)

:       0       0

කමල් Thursday, 24 January 2013 08:08 PM

මුස්ලිමුන්ට අපහාස වෙන දෙයක් නම් ලංකාවට එන්නත් කලින් නැති කරලා දාන්න... ක්‍රිස්තියානින්ට ඉතින් කොහොමත් ප්‍රශ්ණයක් නැහැනෙ.බෞද්ධයන්ට අපහාස වෙන දේවල් කලාට කමක් නැහැ විරෝධයක් එන්නෙ නැහැනේ..!(නු)

:       0       0

අශාන් Friday, 25 January 2013 08:04 AM

අපි කාටවත් බණින්නේ නැතුව අපේ ආගම සහ ජාතිය රැකගනිමු. (නි)

:       0       0

දිසානායක Sunday, 27 January 2013 04:35 PM

තිලක් හරි, ආගමික නිදහස මිට වඩා ගොඩාක් පුළුල් දෙයක් (දී)

:       0       0

කුමාර Friday, 25 January 2013 08:08 AM

බොදු බල සේනාව අවදියෙන්. ඒත් බුද්ධ ශාසන අමාත්‍යංශය....? (නි)

:       0       0

මේනක Thursday, 24 January 2013 08:12 PM

මෙන්න ආගමික සහජීවනය. ජාතික ගීයත් දෙමළෙන් සහ අරාබි භාෂාවෙන් ගායනා කළා නම් තවත් ජාතීන් අතර ආගමික සහ ජාතික සහජීවනය වැඩි වනවා නිසැකයි . (නි)

:       0       0

අනුර Thursday, 24 January 2013 08:13 PM

හරිම දුක හිතෙන දෙයක් අපේ ආගමප පාවා දෙන්න එපා මුදලට.. බොදු බල සේනාවට අපෙනුත් ඕනෑම සහයෝගයක්..!(නු)

:       0       0

ප්‍රියන්ත Friday, 25 January 2013 08:11 AM

උතුම් බුදුරජාණන් වහන්සේගේ නාමය කිළිටි කළොත් සිංහලයා නිකන් සිටීවි කියලා හිතනවද? (නි)

:       0       0

මේරි Friday, 25 January 2013 08:14 AM

හොද වැඩක් අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

සඳුන් Friday, 25 January 2013 04:28 PM

වහා සුදු වෑන් වලින් තීන්දුව ලබා දුන්නොත් හොද යැයි මට සිතේ. (නි)

:       0       0

නිහාල් Tuesday, 29 January 2013 03:45 PM

මේ වගේ පාපතරයන් ලංකාවම පෙන්නන්න ඕන..!(නු)

:       0       0

නිලන් කුරුවිට Thursday, 24 January 2013 08:16 PM

අනිවාර්යයෙන්ම මේ වගේ අය අධිකරණයට ගෙන ආ යුතුයි.. ඇත්ත නැත්ත අපිට දැනගන්න පුළුවං වෙයි අධිකරණයෙන්..!(නු)

:       0       0

හේමන්ත Friday, 25 January 2013 08:35 AM

දඩුවම් දීලා විතරක් මදි. හෝටලය‍ට සීල් තියන්නත් ඕනෑ. (නි)

:       0       0

රොෂාන් Friday, 25 January 2013 04:44 PM

මේ මොන විහිලුවක්ද? අපිටත් මේවා බලන්න වුණානේ? (නි)

:       0       0

ආනන්ද Friday, 25 January 2013 08:34 AM

චිංචිමානවිකාවගේ කට්ටියේ පරපුර වෙන්න ඇති. (නි)

:       0       0

ධනපාල Thursday, 24 January 2013 08:22 PM

කෝ අපේ මහානායක හිමිවරු? (නි)

:       0       0

ලසන්ත Monday, 28 January 2013 11:46 PM

කෝ අනේ අර ධර්ම රාජ්‍යයක් හදන්න ගිය කට්ටිය? (නි)

:       0       0

සිල්වා Thursday, 24 January 2013 08:26 PM

මේ සාදයට දමන්න වෙන නමක් තිබිලාම නැද්ද? (නි)

:       0       0

අචල Friday, 25 January 2013 08:46 AM

මේ හැම සිදුවීමක්ම පිටුපස සිටින බලවේග හදුනාගත යුතුය. මිනිසුන්ගේ සිත් වල සාමය බිද දමන්නට එපා. (නි)

:       0       0

සම්පත් Friday, 25 January 2013 04:56 PM

මේවාට රජය මැදිහත්වී දඩුවම් කළ යුතුයි..!(නු)

:       0       0

වරුණ Thursday, 24 January 2013 08:30 PM

මේ ලෙස ප්‍රසිද්ධියෙ බුද්ධාගමට නිගා කරද්දිත් අපේ අය කියලා තියෙනවා මුස්ලිම්වරුන්ට චෝදනා කරන අය සොයන්න කමිටුවක් පත් කරන්න කියලා.. (නු)

:       0       0

නිරාන් Friday, 25 January 2013 08:47 AM

මේ වගේ අයට දෙන දඩුවම් අපි සුදු වෑන් වලට භාරදෙමුද? (නි)

:       0       0

ජයා Thursday, 24 January 2013 08:36 PM

මිනිස්සු තමන්ගේ ආවේගය පිට කරනවා (නි)

:       0       0

රිස්මි Thursday, 24 January 2013 08:36 PM

මොනවද අනේ මේ වැඩ (දී)

:       0       0

රුවන් Thursday, 24 January 2013 08:38 PM

ඒ වැඩේ අනුමත කරන්න බැහැ (දී)

:       0       0

ෂිරාශ් Monday, 28 January 2013 05:18 PM

මෙතන තියෙන්නේ කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

ජයම්පති Friday, 25 January 2013 05:14 PM

රිස්මි, කරන දේ හෙට අනිද්දට බලාගන්න පුලුවන්. (නි)

:       0       0

සඳමාලි Thursday, 24 January 2013 08:43 PM

මේ වගේ වැරදි කරන අයට නිසි දඬුවම් ලබා දෙන්න ඕනේ (දී)

:       0       0

චින්තන Friday, 25 January 2013 09:12 AM

මේ හෝටල් වල සියලු බලපත්‍ර ‍අ‍හෝසි කළ යුතුයි. (නි)

:       0       0

අසෝක Sunday, 10 March 2013 11:15 PM

මම සිංහල බෞද්ධ පවුලක හොද බෞද්ධයෙක්. බුදු හාමුදුරුවන්ටවත් බුදු දහමටවත් කොච්චර පහර ගැහුවත් , කොච්චර හිරිහැර කළත් බෞද්ධ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ. එම බෞද්ධ තර්කය හැමදාම සත්‍ය දෙයක්. බුදු හාමුදුරුවෝ දේශනා කළ ධර්මය හැම අවස්ථාවකදිම සත්‍ය වෙනවා. (නි)

:       0       0

ශාන්ත Thursday, 24 January 2013 08:43 PM

මොකටද මේ ආගම් බේධ (දී)

:       0       0

අමල් Monday, 28 January 2013 02:03 AM

මේක හොඳ දෙයක්. මේ වගේ තැන් නිසා අපේ සමහර 'ස්වාමින් වහන්සේලාට' කරදරයක් නැතිව කන්න, බොන්න පුළුවන්. (නි)

:       0       0

උපුල් Friday, 25 January 2013 09:19 AM

මේ සිංහල බෞද්ධ රටක්.. ලෝකයේ කොතරම් මිනිසුන් ජීවත් උනත් ජාතීන් තියෙන්නේ ටිකයි.. එතනින් සිංහලයන් කියන්නෙත් එක ජාතියක්.. ඒ ජතියට විතරක් අයිති රටක් තියෙනවා.. ඒ ශ්‍රී ලංකාව.. සිහංලයන්ගේ ඇති කරුණාව නිසා වෙනත් ජාතින්ද එහි ජීවත් වෙනවා.. අනුකම්පාව භූමිකම්පාවක් කරනගන්න එපා..!(නු)

:       0       0

දිනේෂ් Friday, 25 January 2013 09:28 AM

වසර 20කටවත් හිරේට දාන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 27 January 2013 11:17 AM

නිකන් ඉන්න එපා, අපිත් නැගී හිටින්න ඕනේ , මේ වැඩ වලට (දී)

:       0       0

දෝහා Thursday, 24 January 2013 08:49 PM

තමන්ගේ ආගම ඇදහුවට කමක් නැහැ, අනුන්ගේ ආගම් වලට නිගා කරන්න එපා (දී)

:       0       0

රේණු Friday, 25 January 2013 09:38 AM

බොදු බල සේනාවට ජය වේවා! (නි)

:       0       0

සම්පත් Thursday, 31 January 2013 03:46 PM

මොනවා උනත් ආගමික ප්‍රශ්න ඇති කරන්න එපා (දී)

:       0       0

දම්සාරි Thursday, 24 January 2013 08:51 PM

ආගම් වලට නිගා කරන්න එපා (දී)

:       0       0

සදුන් Thursday, 24 January 2013 08:51 PM

බුදු දහමට කිඅරන නින්දා (දී)

:       0       0

නිශාන්ත Friday, 25 January 2013 09:44 AM

බෞද්ධ මේ රටේම මෙහෙම දේවල් සිද්ධ වෙද්දී බලධාරීන් ගැන අපි කළකිරෙනවා. (නි)

:       0       0

පැතුම් Friday, 25 January 2013 05:55 PM

ගොඩාක් අය කියනව හෝටලය වහන්න, සීල් තියන්න ඕන කියල. එතකොට වැඩ කරන සේවකයන්ට මොකද වෙන්නෙ. දෙතුන්සීයක් වන සේවකයන්ට(තොරතුරු පිටට දුන්නු අයත් ඇතුළුව ) පාරට බහින්න නේද වෙන්නෙ. (දී)

:       0       0

සුදේශ් Sunday, 27 January 2013 06:11 PM

මෙතන හිටි සිංහල අය අල්ලලා හම ගහන්න එපැයි (ස)

:       0       0

සුගත් Friday, 25 January 2013 09:51 AM

මේක තමයි විද්ශෙ විදේශවලින් කළමනාකරුවන් ලංකාවෙ ව්‍යාපාරවලට ගෙනාවම වෙන දේ.. එයාලා අපේ සංස්කෘතිය ගැන හිතන්නේ නැහැ..!(නු)

:       0       0

පෙරේරා Monday, 28 January 2013 03:42 AM

නියමයි ‍බොදු බල සේනා. (නි)

:       0       0

දෝහා Thursday, 24 January 2013 08:57 PM

මෙහෙම කට්ටියක් ලංකාවේ ඉන්නවද? පොඩ්ඩක් බලාගන්න ප්‍රසිද්ධියේ පාර දිගේ එක්කගෙන එන්නකෝ. (නි)

:       0       0

චින්තක Thursday, 24 January 2013 08:58 PM

බොදු බල සේනා, බෞද්ධාගම රැක ගනු මැනවි!

:       0       0

සංජීව Friday, 25 January 2013 10:07 AM

ලංකාවෙ තියනවා බුද්ධ සාසන අමාත්‍යංශය කියලා එකක් මොකටද තියෙන්නේ.. ඒකෙ අය නිදිද? අපේ හාමුදුරුවරු ගිහිල්ලා ඒ හෝටලය ගැන රටට හෙළිකරද්දිත් එයාලා නිහඩයි මේක සිංහල බෞද්ධ රටක් නේද?(නු)

:       0       0

බුද්ධි Tuesday, 29 January 2013 01:20 AM

කෙලෙස් දුරැ කළ උත්තමයන් වෙත නින්දා අපහාස කිරීම නිසා, ඒකාන්තයෙන් අවීචි මහා නිරයේ උපදිනු ලබයි. මෙය අප සැමට පාඩමකි. (නි)

:       0       0

පීටර් Friday, 25 January 2013 10:12 AM

මොහොමඩ් බාර් කියා එකක් වුණානම් කොහොම වෙයිද?(නු)

:       0       0

බුරම්පි Thursday, 24 January 2013 09:16 PM

බොදු බල සේනාවට ජය වේවා! (නි)

:       0       0

ගාමිණි Sunday, 27 January 2013 06:40 PM

සුදේශ්, සුජිත් මහතාගේ අනන්‍යතාවය සමග ලිවීමේ කිසිදු වරදක් නැහැ. උගතුන් බුද්ධිමතුන් මෙවන් සංවාද වලට නොපැමිණෙන මොහොතක ඔහුව සාදරයෙන් පිළිගත යුතු අතර , එතුමාගේ යෝජනාව මම ස්ථිර කරමි. මෙය බලධාරීන්ගේ නෙත ගැටේවා යයි ප්‍රාර්ථනාද කරමි! (නි)

:       0       0

කුමාර Wednesday, 30 January 2013 02:27 PM

කසුන් ධර්මවංශ/උපුල් ඔබ හරි. මේක බෞද්ධ රටක් නේද? බොදුබල සේනාවට ස්තූතියි. සියලු බෞද්ධයින් තමන්ගේ උරුමය වෙනුවෙන් එකට එක්විය යුතු කාලය පැමිණ ඇත. (ස)

:       0       0

ජයතිස්ස Friday, 25 January 2013 10:50 AM

බුදු ගුණ අනන්තයි (දී)

:       0       0

ජයනාත් Thursday, 24 January 2013 09:26 PM

මේක බෞද්දධ රටක් නේද? බොදුබල සේනාවට ස්තූතිය........! (නි)

:       0       0

ජයතිස්ස Friday, 25 January 2013 10:54 AM

මේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

ලාරා Thursday, 24 January 2013 09:28 PM

ඔය නානලා මොනවා කළත් තව අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතිනවා. (නි)

:       0       0

සෑම් Thursday, 24 January 2013 09:33 PM

රටේ නීතීරීති මෙවැනි දේ සම්බන්ධවද වෙනස් කිරීමට කාලය පැමිණ ඇත. (නි)

:       0       0

රොෂාන් Friday, 25 January 2013 10:58 AM

දඩුවම් දෙන්න (දී)

:       0       0

ජනක Thursday, 24 January 2013 09:35 PM

මීට කලින් බුද්ධ බාර් කියලා මේක ඉතාලියේ තිබුණා. (නි)

:       0       0

දිල්ශාන් Thursday, 24 January 2013 09:36 PM

අම්මපා! කොහෙන් ගියත් මේ ජාතියේ එක්කෙනෙක් ඉන්නවනේ. (නි)

:       0       0

සුදේශ් Sunday, 27 January 2013 12:28 PM

ඔයා කාටද යෝජනා කරන්නේ මහාචාර්ය..? ඔයා කවුද යෝජනා කරන්නේ? ඔයාගේ යෝජනාව ඉස්තිර කරන්න මෙතන කවුරුත් නැහැ.. ඔයා දන්න දේ විතරක් කියන්න.. ඔයාම බලන්නකෝ ඔයා කොච්චර බර වචන දාලා තියෙනවාද? අපිත් හොද සිංහලයෝ තමයි.. සිංහලයෝ ඔක්කොම හොද පරම්පරාවල් වලින් එන අය තමා ඔයා විතරක් නෙමෙයි..!(නු)

:       0       0

ඩේවිඩ් Monday, 28 January 2013 07:40 AM

මමත් ලාංකික මුස්ලිම්. මේ ක්‍රියාව මම තරයේම හෙළා දකිනවා. කිසිම ආගමකට අපහාස කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැත. ඉස්ලාමයේත් බෞද්ධ ධර්ශනයේත් උගන්වන්නේ අන් ඇදහිලි වලට ගෞරව කිරීමට මිස නිගා කිරීමට නොවේ. ආගම ධර්මය නොබලා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුය. අනිත් කරුණ නම් එක මෝඩයෙක් කරපු වරදක් නිසා අපට මුලු මහත් ජාතියක් මැනිය නොහැක. සහෝදරවරුනේ, ජාතියකට එරෙහිව නොව වරදට එරෙහිව නැගී සිටිමු. (නි)

:       0       0

සාගර Thursday, 24 January 2013 09:44 PM

මුදලට කරන මෙහෙමත් වැඩ... (නි)

:       0       0

ඩයස් Friday, 25 January 2013 06:29 PM

බුදුන් වහන්සේගේ නමට නිගාකර අතිඋතුම් ධර්මයට නිගාකර කළ හිරිකිත ක්‍රියාව හෙළා දකිමි. රට වෙනුවෙන් චීවරය පර සුද්දට විරුද්ධව එදා නෑගී සිටියා. බුද්ධ බාර් දාපු හිවලුනේ, නුඹලාට ඒක අමතක වුණාද? අපි ක්‍රිස්තු භක්තිකයන් වුණත් අපේ පපුවෙ කොනක තිබෙනවා බුද්ධාගමත් සමග බැදුන අපේකම. (නි)

:       0       0

සරත් Thursday, 24 January 2013 09:45 PM

මෙයාලට විරුද්ධව ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඇත්නම්? (නි)

:       0       0

සමන් Thursday, 24 January 2013 09:45 PM

සේරටම කලින් ලංකාවේ ගැහැණුන් පිටරටට යවන එක නතර කරපල්ලා! (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Friday, 25 January 2013 11:22 AM

මෙවැනි අශෝභන වැඩ කරන්නන්හට දැඩි දඩුවම් ලබාදිය යුතුයි. ආගම් අපහාස කිරීම කිසිසේත් අපි අනුමත නොකරමු. හැම එකටම නිදහස තිබෙනවායි කියන ප්‍රංශයේද මෙවැනි නමින් බාර් විවෟත කළහ. මේවා තනිකරම අපහාසයක්. මොවුන්ට කරන්න වෙන දේවල් නැතිද? (දී)

:       0       0

්‍රපියන්ත Tuesday, 29 January 2013 05:46 PM

අපිට බොදු බල සේනා පමණක් නොව මුස්ලිම් සේනා සහ හින්දු සේනා සියල්ල එකට එකතුවීමයි අවශ්‍ය වෙන්නේ. (නි)

:       0       0

රෝහණ Saturday, 26 January 2013 08:38 PM

මොනවත්ම කියන්න ඕන නැහැ .. ඔය වගේ අයට වෙලාවට ලැබෙයි.. එහෙම නොවුනොත් ධර්මය බොරු..!(නු)

:       0       0

මහේල Friday, 25 January 2013 11:28 AM

සමරසේකර, නිකන් මෝඩ කතා දොඩවන්න එපා. (නි)

:       0       0

චතූ Wednesday, 30 January 2013 09:05 AM

කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

සමන් Friday, 25 January 2013 11:31 AM

බුදු දහමට නිගා වෙන්න දෙන්න එපා (දී)

:       0       0

රිස්මි Friday, 25 January 2013 11:35 AM

බොදු බල සේනා මුලින්ම කළ යුතු ඔක්කොට කලින් සුරාව සූදු නතර කළ යුතුයි..තමන් හරියට ඉදලා තමයි අනිත් වැඩ කරන් ඕන..!(නු)

:       0       0

ලසන්ත Wednesday, 30 January 2013 09:23 AM

ආගම වලට මඩ ගහල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ (දී)

:       0       0

රිස්මි Friday, 25 January 2013 11:38 AM

මොනවා කරන්නද? ඕවාට සිංහලයාත් හවුල්. (නි)

:       0       0

රුශ්බි Wednesday, 30 January 2013 02:59 PM

මට කේන්ති ගිහිල්ල තිබ්බේ (දී)

:       0       0

රුෂීඩ් Wednesday, 30 January 2013 03:00 PM

අයියෝ මට එපා වෙනවා (ස)

:       0       0

ගාමිණි Thursday, 24 January 2013 10:04 PM

මේ සාදයේ සංවිධායක ගිහියෙක්ද පැවිද්දෙක්ද යන්න හොදින් අධීක්ෂණය කළ යුතුයි. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 26 January 2013 10:09 AM

බොදු බල සේනා අපි ඔබ සමගයි.. අදාළ හෝටලයේ නම හෙළිකලාට ලංකාදීපයට ස්තුතියි.. අපි දැං හෝටලය ගැන බලාගන්නම්..!(නු)

:       0       0

කුමුදු Friday, 25 January 2013 11:52 AM

අපේ ආගම, අපේ ජාතිය විනාශ කරන්න එන අයට අපේම අය උදවු කිරීම දරාගත නොහැකියි. (නි)

:       0       0

උපාලි Friday, 25 January 2013 11:56 AM

මෙතන බෞද්ධ කෙනෙකුත් ඉන්න එකයි හිතට දුක. (නි)

:       0       0

සිල්වා Friday, 25 January 2013 11:59 AM

මේක අහඹු සිදුවීමක‍් කොවෙයි. හොදින් සැළසුම් කළ දෙයක්. (නි)

:       0       0

රංග ශානි Thursday, 24 January 2013 10:15 PM

මේ දේවල් සෞදියේ වුණා නම් අර දෙන්නට මෙලහකට මොනවා වෙලාද දන්නෙ නැහැ. (නි)

:       0       0

පුබුදු Thursday, 24 January 2013 10:18 PM

පේනවා නේද ආගමික සහජීවනයක තරම. (නි)

:       0       0

පී.කුමාර Friday, 25 January 2013 07:31 PM

නීතිය ක්‍රියාත්මක කරන්න..මෙහෙම දේවල් සිද්ධ වෙද්දී බලධාරීන් ගැන අපිට කළකිරෙනවා.. (ස)

:       0       0

ශෙහාන් Thursday, 24 January 2013 10:29 PM

මෙවන් ක්‍රියා වැලැක්වීමට පෙරමුණ ගන්නා බොදු බල සේනාවට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

චම්පිකා Monday, 04 February 2013 01:25 PM

සාධාරණය වෙනුවෙන් (දී)

:       0       0

ලංකා Thursday, 24 January 2013 10:54 PM

ඔවුන් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි. (නි)

:       0       0

උපාලි Friday, 25 January 2013 12:51 PM

කෝ අපේ මහානායක හිමිවරු? කෝ නීතිවේදීන්? (නි)

:       0       0

අමල් Thursday, 24 January 2013 11:00 PM

නොයා තියෙයිද (දී)

:       0       0

ධනුක Thursday, 24 January 2013 11:19 PM

ආගමකට නිග්‍රහ කළා නම් දඩුවම් ලැබිය යුතුමයි. (නි)

:       0       0

බර්නාඩ් Monday, 28 January 2013 09:49 AM

අපේ රටේ අයත් මෙහේ ආගම විකුණගෙන කන්න හදනවා. හෙට අනිද්දට ‍තව මොනවා විකුණාවිද දන්නේ නෑ (ස)

:       0       0

චන්දි Thursday, 24 January 2013 11:29 PM

ආගම් වලට ගරහපු මේ අයට රජ කාලේ දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

සිරිපාල Thursday, 24 January 2013 11:32 PM

ලොකු දෙයක් ඔයින් ගිය එක. නැත්නම් පුලුවන් නම් අම්මලවත් විකුණයි. අම්මපා මෙහෙමත් අපේ ලංකාවේ අය... (නි)

:       0       0

රුවන් Friday, 25 January 2013 01:11 PM

අශාන්, එතකොට ඒ හාමුදුරුවන්ටත් තිබුණානේ පන්සලට වෙලා ඉන්න. නේද? (නි)

:       0       0

වලස්මුල්ල Tuesday, 29 January 2013 01:52 PM

සුනාමියෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නැහැ වගේ..!(නු)

:       0       0

නිශාන්ත Friday, 25 January 2013 01:52 PM

සිල් තියන්න, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

බුවනෙක Friday, 25 January 2013 12:29 AM

මේවාට තේරීම් කාරක සභා නැද්ද? (නි)

:       0       0

සිල්වා Friday, 25 January 2013 01:55 PM

බුදු දහමට නිගා වන වැඩ, වහාම නිතිය ක්‍රියාත්මක කරන්න(දී)

:       0       0

හසාන් Wednesday, 30 January 2013 04:43 PM

මෙහි දෙජාතියට සම්බන්ධ බැවින් ආගම් බේද ගැන බලන්නේ නැතුව ප්‍රශ්නයේ සුළමුල සොයා බලන්න. (නි)

:       0       0

නිමල් Monday, 28 January 2013 10:17 AM

කිසිම ආගමකට නිගා කරන්න එපා (දී)

:       0       0

කරුණාරත්න Friday, 25 January 2013 02:11 PM

ආගම් ප්‍රශ්න ඇතිකරන්න එපා (දී)

:       0       0

අසන්ක Monday, 28 January 2013 02:56 PM

බුද්ධ ශාසනය රැකගැනීම වෙනුවෙන් බොදු බල සේනා දිවිහිමියෙන් රැකගනිමු. (නි)

:       0       0

සනත් Friday, 25 January 2013 01:41 AM

බුද්ධ බාර්හි නිර්මාතෘවරයා වන්නේ 1945දී තර්නිසියාවේ උපන් ප්‍රංශ ජාතික ක්ලඩේ චාර්ලි නමැත්තාය. ඔහුගේ බීර සහ වයින් වලින් සංග්‍රහ කරනු ලබන රාත්‍රී සංගීත සමාජ ශාලාවල ඇතුළත අලංකාරය පිනිස බුදු රුව සහිත මූර්ති සහ චිත්‍ර යොදාගන්නට යෙදුනා.. අද වෙන විට නේපාලය, ඉන්දියාව, තායිලන්තය, ඇතුළු බොහෝ බෟද්ධ සහ අබෞද්ධ රටවල ජනප්‍රිය අවන් හලක් ලෙස ව්‍යාපාර කටයුතුවල යෙදේ..! විකිපීඩියා ඇසුරෙන්.(නු)

:       0       0

පෙරේරා Friday, 25 January 2013 02:09 AM

ප්‍රතිඵලය ලෙස ඊළග භවයේදී මිනිසත්කමක් ලැබිය නොහැකි වනු ඇත. (නි)

:       0       0

උමාරා Friday, 25 January 2013 02:40 PM

රටේ නැති ප්‍රශ්න ඇතිකරන්න එපා. (නි)

:       0       0

අමිල Saturday, 26 January 2013 12:20 PM

අතීතයේ රජවරු දිවි දෙවෙන් කාට රුක ගත්ත බුදු දහම, බුදු දහම වෙනුවෙන් කොච්චර දේවල් කළාද? වෙහෙර විහාර හැදුවා.. ශාසනයට කරපු සේවාව ඉමහත්, (නු)

:       0       0

චමිල් තරංග Sunday, 27 January 2013 03:17 PM

අපේ සර්ට මුකුත් කියලා තිබ්බොත් සුරේෂ් නුඹේ කණ පලනවා හරක් පැටියා. (නි)

:       0       0

මොහොමඩ් Friday, 25 January 2013 02:24 AM

වෙනත් ආගමකට අපහාස කළාට කස පහර 100 බැගින් ගහන්නයි තියෙන්නේ. (නි)

:       0       0

සරසි Friday, 25 January 2013 03:00 PM

මේවා තමයි නියමම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 15 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 228 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1270 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2485 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 112 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2710 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38995 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site