IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන ප්‍රංශයෙන් පොතක්

යහපාලනය බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව රචිත ‘බුඩිස්ට් අඩියල්ස් ඔෆ් ගුඞ් ගවර්නන්ස් ‘  නැමැති ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 16 වැනිදා පස්වරු 4.00ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ජනගත කෙරේ.  

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ  ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි සහ එම විශ්ව විද්‍යාලයේම  ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ප්‍රංශුවා චෙනේ මහතා  විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

ලෝක රාජ්‍ය නායකයින්ට, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු තීරණ ගැනීමෙහිලා බෞද්ධ චින්තයෙන් ලැබෙන මඟ පෙන්වීම සඳහා මෙම ග්‍රන්ථය ලියූ බව ග්‍රන්ථයේ සම කර්තෘ, යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ , ප්‍රංශයේ වැඩවෙසෙන ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ  පැවසූහ.

book-3d



අදහස් (0)

බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන ප්‍රංශයෙන් පොතක්

සෝමපාල Saturday, 14 January 2017 08:44 PM

ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයෙකුට හෝ දේශපාලනයේ යෙදෙන්නෙකුට වටිනා ග්‍රන්ථයක් (නි)

:       0       0

සුරනිමල Saturday, 14 January 2017 02:31 AM

ඔය පොතේ තියෙනවද දන්නේ නැහැ රාජ්‍ය නායකයන් මැතිවරණ වලදී මහජනතාවට දුන් පොරොන්දු ඒ අයුරෙන්ම ඉෂ්ට කළයුතුය කියලා (නි)

:       0       0

අජිත් Sunday, 15 January 2017 02:36 AM

දැන් මේ යන විදියට බුද්ධාගමත් පිටරටින් ඉගෙනගන්න තරම් දිනයක් එන බව මෙරට ජනතාව දන්නවා (නි)

:       0       0

බන්දුල Saturday, 14 January 2017 05:02 AM

රාජ්‍ය කරන හැටි බෞද්ධ දර්ශනය අනුව පහදාදීම නම් ඉතාමත් හොඳයි. ඒ වගේම ඒ දේ මිනිසුන්ට කියාදීමට කැප වී සිටින අය බුදුන් වහන්සේටත් ඒ උතුම් දහමටත් අපහාස වෙන අයුරු රාගයෙන් විශේෂයෙන්ම ද්වේශයෙන් හා මෝහයෙන් හැසිරෙන අයට ගත යුතු පියවරත් පෙන්වා දෙනවා නම් තමයි හොඳ (නි)

:       0       0

පෙරුමාල් Saturday, 14 January 2017 05:19 AM

රාජ්‍ය නායකයා තමන්ගේ සහ පවුලේ වියදම් සියල්ල රජයේ අරමුදලින් පියවිය යුතුය. තමන්ගේ අවශ්‍යතා වලට සම්මාදම් වන සියලු දෙනාට රජයට අයත් වන හෝ අයත් විය යුතු මුදල් සොරකම් කිරීමට ඉඩ දිය යුතුය.තමන්ට හා තම පවුලේ අයට කුමන ආකාරයෙන් හෝ ලැබෙන මුදල් යම් දවසක බලය නැතිවී ගිය විට ප්‍රයෝජනයට ගැනීම සඳහා රහස් බැංකු ගිණුම් වල තැන්පත් කළ යුතුය.නැවත බලය ලබා ගැනීම සඳහා මැතිවරණ වලදී රජයේ අරමුදල් වලින් ඡන්ද දායකයන්ට සංග්‍රහ (සිල්ක රෙදි, මහණ මැෂින් ආදී) කල යුතුය.මේ පිළිබඳ තවත් විස්තර හිටපු ජනාධිපති තුමාගෙන් ලබා ගත හැකිය. (අ)

:       0       0

බමුණු Saturday, 14 January 2017 05:34 AM

යසෝධා අයි මොකක්ද ප්‍රශ්නය ඔහොම යමුකෝ කියන්න. ලියන්න මොකොවත් නැතිනිසා ලීවද ?(අ)

:       0       0

පද්මිනි Saturday, 14 January 2017 06:10 AM

දස රාජ ධර්මයෙන් රට පාලනය කිරීම , තමා බෞද්ධ ආදර්ශය. එහෙම බලාපුවම බටහිර රටවල් අපේ ආසියාතික රටවලට වඩා ඉදිරියෙන්. (අ)

:       0       0

ටිස් Saturday, 14 January 2017 06:16 AM

රාජ්‍ය නායකයින්ගේ සහ රටේ ජනතාවගේ ආකල්ප ඉක්මනින්වෙනස් කරන්න ඕනනම් ලංකාවේ ඉන්න අයට පෙන්නන්න ඕන ලංකාව අතුලේ නෙවෙයි ලෝකය තියෙන්නේ ලංකාවෙන් පිට කියල.මම යෝජනාකරන්නේ ලංකාවේ අයට චන්ද්‍රිකා මගින් විකශයවෙන රුපවාහිනී නාලිකාවන් නැරඔීමට අවස්ථාවන් උදාකරදියයුතු ලෙස. උදා: සිසිටිවී ,එන් එච් කේ ,ආර් ටි ,බි බි සි ,සි එන් එන් ,ජසීරා, ඩී ඩබ්ලිව් , ප්‍රාන්ස් 24, බ්ලුම්බර්ග් වගේ සියලු නාලිකාවන් .එවිට‍ සාමාන්‍ය ජනතාව තෙරුම්ගනිවී ආකල්පවල වෙනසක් ඉක්මනින් සිදුවියයුතුබව .(අ)

:       0       0

ඇසළ Saturday, 14 January 2017 07:16 AM

ඔය එක පොතක් පුච්චලා අළු දියකරලා දියවන්නාවේ ඉන්න සේරටම බොන්න දුන්නත් ජම්මෙට වැඩියේ පුරුද්ද ලොකුයි වගේ කිසිස් දවසක හදන්න බැහැ. තමනට තියන තැබෑරුම් ටික, වරිගයාගේ නමින් තියන හොර බිස්නස් නවත්තයි කියල හිතන්න පුලුවන්ද. (අ)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Saturday, 14 January 2017 08:34 AM

මෙහිදී යුක්තිය සධාරණත්වය මොනතරම් දුරට අර්ක්ෂාවේද යන්න දැන්ම නිගමනය කළ නොහැකියි . බුදු බන අහන්න තරම් මිනිසුන්ගේ මනස සන්සුන් නැහැ .ඒ තරමට මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න . රට රාජ්‍යයන්ටත් එසේමය. තුන්වන ලෝක යුද්දයක් ඇති නොවේවා කියා ප්‍රර්ථනා කරමු . කළ කටයුත්ත කෙසේ වෙතත් අගේ කරමු .(අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 14 January 2017 08:33 AM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටේකුත් ටිකක් ඕනලු, හත්ත්පට්ටේ හොයාගත්තත් ඔය ටික තමයිලු හොයාගන්න බැරි, දැන් ඔය හොයාගන්න බැරිටික තමා ඔය හමුවෙලා තිබෙන්නේ. දැන් ඔක්කොම ලංකාවේ රාජ්‍ය පාලනය හරියටම හරියාවි. (අ)

:       0       0

ලුම්බිණි Saturday, 14 January 2017 09:30 AM

පොත ලිවීම හොඳ දෙයක්. ඒත් අපි ජීවත් වන්නේ බුදු දහමත් එක්ක වුණත් වැඩ කරන්නේ බුදු දහමේ කියන දෙයට සම්පුර්ණම වෙනස් විදියකට වීමයි තියෙන ප්‍රශ්නය. (අ)

:       0       0

පතිරණ Friday, 13 January 2017 05:20 PM

පෙර රජ දවස බුදුන් වහන්සේ ජීවමානව සිටි සමයේ මල්ලව රජ දරුවන් රාජ්‍ය පාලනය කෙරුවේ බුදුන් වහන්සේගේ අනුදැනුම මත. එදා උන් වහන්සේ දේශනා කෙරුවා රාජ්‍ය පාලනය කරන ආකාරය. අද බෞද්ධ රාජ්‍ය තිබෙන්නේ කොහෙද? (නි)

:       0       0

රණසිංහ Friday, 13 January 2017 05:49 PM

ගරු ස්වාමින් වහන්ස, මහාචාර්යතුමි, ඔබ දෙපලගේ ප්‍රයත්නය අති සාර්ථක වේවා! අනාදිමත් කාලයක් පටන් සිංහල රට සිංහලයා බෞද්ධ ප්‍රතිපත්ති මතම ජීවිතය හැඩ ගස්වාගෙන සරලව ලෝකෙට ආදර්ශයක් දුන් අතර අද වෙනකොට බෞද්ධ ප්‍රතිපත්තිය දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් සහ ඔවුන්ගේ අත් වල පිරිත් නූල් පමණක් ගැට ගැසීම දක්වා ලඝු වී ඇත. (නි)

:       0       0

පෙරේරා Friday, 13 January 2017 07:59 PM

බුදුන් උපන් අපේ රටේ මිනිසුන්ට බැරි වුණා මේ ගැන පොතක් ලියන්න. ඒකත් කරන්නේ විදේශිකයන්. නමුත් ඉතාම සන්තෝෂයි මේ පොත පිටවීම ගැන. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 13 January 2017 08:34 PM

ලෝක රාජ්‍ය නායකයන්ට වගේම ශ්‍රී ලංකාවේ ඒ කියන්නේ අපේ රටේ හිටපු වගේම ඉන්න රාජ්‍ය නායකයින්ට පොත් දුසිමක් හරි ලියන්නකෝ, අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බුදුබව අත්වේවි! (නි)

:       0       0

යසෝධා Friday, 13 January 2017 08:52 PM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)

:       0       0

මේනු Sunday, 15 January 2017 12:18 PM

යුද්දේ නතර වුනත් හරි, අපේ තිබිච්ච අඩු පාඩු ඔක්කොම එලියට එනවා. දැන්වත් එක එක රටවල්වලින් වෙන ඇඟිලි ගැසීම් ගැන සෙවිල්ලෙන් හිටියොත් හොඳ නැද්ද? තියෙන දහම රැකගෙන එකට අනුව ජිවත් වෙන්න පුළුවන් රාජ්‍ය පරිපාලනයක් තිබුනොත් හොඳයි වගේ. ඔක්කොමල්ලම පිටරට ගිහිල්ල ඉගෙන ගන්නවලු, අන්තිමේට ලංකාවේ තියෙන දහමම අනිත් පැත්තට උගන්නනවා.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 844 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 126 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 310 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 458 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2147 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4181 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site