IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බොදුබලේ පිරිසක් අල්ලස් කොමිසමට යනවාලු

ජාතියට කළ හානිය සම්බන්ධයෙන් බොදුබල සේනාවේ ඥානසාර හිමි දණ ගසා ජාතියෙන් සමාව ගත යුතු යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් මහතා අද (15) මරදානේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

තමා බොදු බල සේනාවට සම්බන්ධ වී ක්‍රියාකාරීව කටයුතු කළ බවත්, ජනපතිවරණයේ දී බොදුබල සේනාව මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීරණයත් සමඟ ඉන් ඉවත් වූ බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණයට බොදු බල සේනාවෙන් අපේක්ෂකයකු සම්බන්ධ ඉදිරිපත් කරතියි බලා සිටි බවත්, ඒ වෙනුවෙන් පක්ෂයක් කැමති කර දුන් බවත්, බොදුබල සේනාව ඉදිරිපත් නොවූ තැන වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ බවත්, එම අපේක්ෂකයා ආණ්ඩුවට නම්මා ගැනීමට හිටපු ඇමැතිවරයකු සමග සකච්ඡා කළ බව ඔප්පු කළ හැකි හඬපටයක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන බවත් ඔහු කීවේය.

‘සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැති බොදුබල සේනා සමුළුවේ වේදිකාව නිර්මාණයට ලක්ෂ 25ක් වැය කළා.  ඒ මුදලින් දුප්පත් දරුවන්ට ඇඳුම් හෝ සුදු රෙදි ලබා දෙන්න තිබුණා.

බොදුබල සේනාව හිටපු ආරක්ෂක ලේකම්ගේ උවමනාවට වැඩ කරන්න පටන් ගත්තා.  බොදුබලයේ එක් ස්වාමීන්වහනසේ කෙනකුගේ වාහනයක රියදුරු ලෙස කටයුතු කළේ හමුදා නිලධාරියෙක්. බුද්ධි නිලධාරියෙකුත් ඔවුන් සමග ළඟින් කටයුතු කළා.

බොදුබල සේනාව අපේ වටිනා කියන බුද්ධ පුත්‍රයන් දේශපාලනයට නතු කළා. අපේ කොල්ලන්ගේ සල්ලිවලින් සමුළු තිබ්බා. ‘



අදහස් (0)

බොදුබලේ පිරිසක් අල්ලස් කොමිසමට යනවාලු

සල්ගාදු -ප්‍රංශය Thursday, 15 January 2015 09:27 AM

ඔය එළිවෙන්නේ කරපු වැඩ.(හේ)

:       0       0

ජයන්ත Thursday, 15 January 2015 02:24 PM

හැබැයි ඉතින් උතුම් වූ බුද්ධ ධර්මයට නින්දාවක් කළා නම් ඒවාට දෙවියන් විසින් දඬුවම් දෙයි (නි)

:       0       0

බණ්ඩාර Thursday, 15 January 2015 09:55 AM

දැන් මේ රටේ වංචා දූෂණ එකින් එක අසුවෙයි.(හේ)

:       0       0

ගීත් Thursday, 15 January 2015 10:09 AM

මේ කොහෝ හිටිය අයද මේ ඉන්නේ දැන් (දිල්)

:       0       0

දිල්ෂාන් Friday, 16 January 2015 03:28 AM

කවුද මේ ආපන ශාලා හිමි අය? තීරණ ගන්න මිනිසුන්ට මොළයක් තිබෙනවා. කවුරුවත් කියාදෙන්න ඕනෑ නැහැ. අනුන්ගේ වැඩ හොයන්න පෙර ආපනශාලා වලින් කෙරෙන අක්‍රමකතා හදාගන්න. ඒවා පළමුව නවත්වන්න. (නි)

:       0       0

ශාන්ත Thursday, 15 January 2015 10:37 AM

සබැ බෞද්ධයෝ නම් එදා දැක්කා මේ අය බෞද්ධ නොවන පිරිසක් කියලා. (නදී)

:       0       0

අසෝක Thursday, 15 January 2015 10:47 AM

මේ හැමෝම සිද්ධ වුණ දේවල් වලට වගකියන්න ඕනි(දිල්)

:       0       0

රෝයි Thursday, 15 January 2015 10:54 AM

ඔතන ආපන සාලා හිමියන්ගේ සංගමයක් තිබුනේ නැහැ. (හේ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 16 January 2015 04:39 AM

එහෙනම් අරගොල්ලෝ ආපනශාලා වැටලුවේ නැත්තේ මේකයි එහෙනම්. මට දැනුයි තේරුනේ (නි)

:       0       0

ලියනගේ Friday, 16 January 2015 04:39 AM

ආපනශාලා හිමියන්ගේ වැඩත් බලන්න පුළුවන් ආපනශාලා පිටුපසට ගියා නම්. තව තව සංවිධාන එයි ඉස්සරහට. (නි)

:       0       0

ලෆ්රාන් Thursday, 15 January 2015 11:06 AM

කියපු දේ හරි (නදී)

:       0       0

අසංක Thursday, 15 January 2015 11:15 AM

සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැති බොදුබල සේනා සමුළුවට සම්පුර්ණනම වියදම් කලේ සිංහල ලේ තියෙන නියම සිංහලයෝ මිසක් අසිංහලයෝ නෙවෙයි වගේ දේවල් කියන අය මතක තියාගන්න බොදු බල සේනාව අපේ වටිනා කියන බුද්ධ පුත්‍රයන් දේශපාලනයට නතු කළා. එතකොට ජාතික හෙළ උරුමය නිර්මාණය කලෙත් බොදු බලයද ? දේශපාලන වාසි සහ අනෙකුත් ජාතීන්ගේ අනුකම්පා උපදවාගනු පිණිස මෙවැනි ප්‍රකාශ කියන බව අද බුද්දිමත් ජනතාව හොදින් දන්නවා (නදී)

:       0       0

දැකුම් Thursday, 15 January 2015 04:37 PM

අද යම් තරමකට හරි සිංහලය කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බොදුබලය වගේ සංවිදාන හින්ද බව අමතක කරන්න එපා. බොදු බල සේනා, හෙළ උරුමය, රාවනා බලය වගේ කිසිම සංවිදානයක් වෙන ජාතියක අයිතිවාසිකම් වලට විරුද්ද නැහැ. ඔවුන් කරන්නේ සිංහලයන්ට වෙන අසාධාරනකම් වලට විරුද්ද වෙන එක විතරයි (නදී)

:       0       0

අසේල Thursday, 15 January 2015 04:46 PM

කඩේ ගිය කට්ටිය කෝ ? (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 15 January 2015 04:53 PM

ඒක තමයි අපි කියන්නේ තමන්ට ඕන විදියට එක එක සේනාවන් හදාගෙන රටේ නීතියට ඉහලින් කටයුතු කරන්න කාටවත් බැහැ. එය බාරවී තිබෙන්නේ පොලිසියට පමණයි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ පොලිසිය ජනතාවගේ සිවිල් ප්‍රශ්න විසඳීමේදී දක්වන දුර්වලතාවයයි. එහෙම වෙන්නේ ඔවුන් දේශපාලනීයකරණය වන නිසයි. මම නම් කියන්නේ පොලිසියට මීට වඩා පුහුණුවක් ලබා දිය යුතුයි ජනතා ප්‍රශ්න විසදීමට. ඔවුන්ට පළමුව පුහුණු කල යුතුයි අවශ්‍යතාවයකට පොලිසියකට ගොඩවන පුද්ගලයන්ට නිසි ලෙසට කතාකිරීමට. (නදී)

:       0       0

රත්නායක Thursday, 15 January 2015 11:27 AM

ආරක්ෂක ලේකම්ගේ උවමනාවට වැඩ කරන්න පටන් ගත්තේ. බොදු බල සේනාව යනු ජාතිවාදය වැපිරීමේ අරමුනින් ආරක්ෂක ලේකම් විසින් නිර්මානය කරන ලද්දක් නිසයි. (නදී)

:       0       0

සුනිල් කුමාර Thursday, 15 January 2015 12:08 PM

දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි. කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ අපි වෙනුවෙන් නැවත බොදුබලය පනගන්වන එකයි. (නදී)

:       0       0

ජයවර්ධන Thursday, 15 January 2015 12:09 PM

භික්ෂූන් වහන්සේලා දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩ නොකළ යුතුය (නදී)

:       0       0

සංඛ Thursday, 15 January 2015 12:11 PM

අනේ අසංග, ඔයා දන්නා දේ තමයි ඔය (නි)

:       0       0

කලීල් බංඩාරවෙල Thursday, 15 January 2015 12:43 PM

සෙල්ලන්ද කොල්ලෝ ? (නදී)

:       0       0

ජගත් වීරිසිංහ Thursday, 15 January 2015 09:40 PM

ඔව් ඉතින් අද කාලේ ඉන්න දෙයියෝ ඔක්කොම දඩුවන් දෙන දෙවියෝනේ. (නදී)

:       0       0

සුමුදු වර්ණකුලසූරිය Thursday, 15 January 2015 10:27 PM

ගම්වල ඉන්න දුප්පත් බෞද්ධ දරුවන්ට පොතක් අරන් දෙන්න, වතුර ටිකක් දෙන්න සල්ලි එකතු කලොත් දෙයිද ලක්ෂ 25ක්? බොදු බලෙන් සමුළු තිබ්බා ඇරෙන්න බෞද්ධ පවුල් නැගී සිටුවන්න මොනාද කරලා තියෙන්නේ? එහෙම කරා නම් අද බෞද්ධයින් අන්යාගමිකරණයෙන් වලක්වා ගන්න පුළුවන් නේද? (නදී)

:       0       0

තුෂාර Thursday, 15 January 2015 01:13 PM

භික්ෂූන් වහන්සේලා කොහෙත්ම දේශපාලනය නොකළ යුතුයි කියන තැන අපි හැමෝම ඉන්නවා. දේශපාලකයෝ අකුරටම ඒ යුතුකම කරනවානම්, අපේ ඉතිහාසය අපේ පොත්වලින් මකල දානකම් සිංහලයා තද නින්දේ පසුවෙද්දී දේශපාලකයෙන් ඒවාට නිසි පියවර ගන්නේ නැහැ. නමුත් භික්ෂූන් වහන්සේලා තමයි මරනින්දේ හිටපු අපිව අවදි කරල ඒවෙනුවෙන් තවමත් සටන් වදින්නේ. භික්ෂූන් වහන්සේලාව විවේචනය කරන්න හරිම පහසුයි. නමුත් ඒ අය නහින්නේ ඒ අයගේ අඹු දරුවන් රකින්නද ? (නදී)

:       0       0

අබේ -ටෝකියෝ Friday, 16 January 2015 12:18 AM

කඩේ යන කට්ටියක් වගේ. ඔය සංවිදානය ලියා පදිංචියක් නැති බොරු එකක්. (නදී)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 15 January 2015 01:29 PM

තුෂාර මහත්තයෝ,අඹු දරුවෝ ගැන නම් මන් කියන්න දන්නේ නැහැ. නමුත්,පහුගිය දවස්වල දැකපු, අහපු දේවල් වලින් ඒ ගොල්ලෝ රැකෙන බව නම් පේනවා. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 16 January 2015 01:31 AM

මෙන්න බොලේ ආපන ශාලා හිමියොත් දේශපාලනයට බැහැලානේ. දැන් අපිට කොල පාට නිල් පාට රතු පාට කහට තේ තමයි බොන්න වෙන්නේ (නදී)

:       0       0

සමිත් Thursday, 15 January 2015 08:56 AM

දැන් මොකද මේ අයට වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

ජනක Thursday, 15 January 2015 09:23 AM

දේශපාලුවන්ට කඩේ ගියාම ඔහොම තමයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 269 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 201 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 538 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 260 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 78 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 250 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site