IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


බැදුම්කර වංචාව ගැන හිටපු ජනාධිපති - අගමැති දෙදෙනාගෙන් කටඋත්තර ගන්න පොලිස්පතිට නියෝග

මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදු වු බව කියන මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලු සිව්දෙනෙකුගෙන් කටඋත්තර සටහන් කරගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (18) උපදෙස් ලබා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට අමතරව මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර සටහන් කරගන්නා ලෙස නීතීපතිවරයා විසින් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලද්දේ හිටපු අගමැති උපදේශක එස්. පාස්කරලිංගම් හා මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර යන මහත්වරුන්ගෙන්ය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරී 27 වැනිදා සිට භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් හතරකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කරන ලදැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව සිදුකරන විමර්ශන වලට අදාළව නීතීපතිවරයා මෙලෙස උපදෙස් දී ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැවැත්වු භාණ්ඩාගාර බැදුම්කර නිකුතු වලදී  මහා පරීමාණ වංචාවක් සිදු කරන ලදැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ සභාපතිවරයා එහි අධ්‍යක්‍ෂවරයා ඇතුලු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මේ වන විටත් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.



අදහස් (19)

බැදුම්කර වංචාව ගැන හිටපු ජනාධිපති - අගමැති දෙදෙනාගෙන් කටඋත්තර ගන්න පොලිස්පතිට නියෝග

rama Thursday, 18 June 2020 11:43 AM

අනේ දෙන්නම කියාවි අපි තළා කියලා...

:       0       72

BamunuarachchiThursday, 18 June 2020 01:41 PM

ඔබේ තාත්තා ඔබෙන් ප්‍රශ්න කරන විදිහට හෝ යහපාලන පාස්කු ප්‍රහාර කොමිසම බදියුදීන්ගෙන් ප්‍රශ්න කළ විදිහට නොවෙයි, පොලිසියයි මොවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ... උත්තර දීලා විතරක් බැහැ. උසාවි එන්නත් වේවි...!!! 

:       270       50

Nihal Thursday, 18 June 2020 06:37 PM

පොලිසිය ගෙදරට ඇවිත් ප්‍රකාශ සටහන් කර නොගත්තොත් මෙන්න කැට..

:       0       4

dolewaththaFriday, 19 June 2020 02:25 AM

නමටම ගැලපෙන ආකල්ප ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසෙන් එළියට එනවා මේ 21 වැනි ශතවර්ෂය...

:       0       5

Mahesh Thursday, 18 June 2020 11:50 AM

මාස අටක් වෙනවා අලුත් ආණ්ඩුව ඇවිත්. මහ ඡන්දේ නිසා මේවා උඩට එනවා.. ඡන්දෙන් පස්සේ ආයේ යට යනවා. වැඩිම වුණොත් නිලධාරියෙක් ඇතුළට දාවි. එච්චරයි ...

:       85       826

LakmalSaturday, 20 June 2020 05:47 AM

අම්මෝ, රනිල්, මෛත්‍රී හිරේදායි කියලා තමයි බය. කටඋත්තර ගන්නවා විතරයි ඊට එහා මුකුත් වෙන්නෑ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 June 2020 11:59 AM

තෙවැනි ලොව ඇතැම් රටවල දේශපාලකයා සතුව ඇති සමහර බලතල හා වරප්‍රසාද ලොව මහා බලවත් රාජ්‍යයන්ට හෝ නැති බව පෙනේ. මේවා පක්ෂ දේශපාලනයෙන් අගතියට හා අන්තයට ගොස් සිටින එම රටවල සාමාන්‍ය මනුෂ්‍යයෝ අවබෝධ නොකරති. එවැනි කාලෙක මේවා විග්‍රහ කරන්නට යාමෙන් ගෙලට තොණ්ඩුව වැටෙන්නේ එසේ කරන්නට යන්නාටයි. වහලුන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් වදින්නාට මිය යාමට සිදුවනුයේ වහලුන් අතින්මයි..

:       17       133

Bandara Thursday, 18 June 2020 12:40 PM

බැඳුම්කර වංචාව කිව්වට, කිසිම කෙනෙක් දන්නේ නෑ.. ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා... මේකට අදාල විගණන වාර්තාව ඉදිරිපත් කරානම් හැම කෙනෙකුටම මේගැන අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙයි.. ඒ ගැන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතුන් මාධ්‍ය තුළින් පැහැදිලි කරන විට...

:       58       83

Kuma Thursday, 18 June 2020 01:34 PM

දන්නේ නෑ. අදාළ නෑ. ඒක මට අයිති දෙයක් නොවෙයි.

:       0       33

isurandi Thursday, 18 June 2020 01:54 PM

බැඳුම්කරය ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හැමෝටම තේරෙවි මේකෙ බැරෑරුම්කම... නැතිව බැඳුම්කර වංචාවක් කියලා කිව්වාම අපිත් බොරුවට උඩපනිනවා. අගක් මුලක් දන්නේ නැතිව එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලාගෙන... වංචාවක් වෙලා කියලා විතරක් නම් පැහැදිලියි. වංචාවේ අගක්, මුලක් සාමාන්‍ය අපි වගේ අයට තේරුම් ගැනීමට අපහසුයි.

:       64       367

isuru Thursday, 18 June 2020 02:02 PM

මේ දෙදෙනාම මේ කාරණාවට කෙළින්ම වග කියන්න ඕනේ...

:       40       54

Banda Thursday, 18 June 2020 02:30 PM

මෙය හිඟන්නාගේ තුවාලය බඳුයි...

:       10       31

Hafeel Thursday, 18 June 2020 03:42 PM

මෙතැන් සිට නඩු ගොනුකරලා, දඬුවම් විඳිනතුරු අපිට කිසිසේත්ම විශ්වාස තියන්න බැහැ.. ඔවුන්ට දඬුවම් ලැබේවි කියලා. එහම වුණොත්, ඉතිහාස ගත වේවි. රන් අකුරෙන් ලියන්න වෙනවා. අනික මේ දෙදනාම අද ආණ්ඩුව නියෝජනය කරන්නේ. මෛත්‍රිට වඩා රනිල් වටිනවා රාජපක්ෂලාට.

:       0       2

Binkunndaa Thursday, 18 June 2020 08:20 PM

එකට රට කාලා ලාංකාකයින් සියල්ලම රැවැට්ටුවා...

:       27       0

Rohana Friday, 19 June 2020 02:16 AM

මැතිවරණයක් ලග එනකොට විරුද්ධ පාක්ෂිකයන්ගෙ නඩු පමණක් එලියට එනවා. විහිළු තමයි.

:       0       30

Rata Perata Friday, 19 June 2020 06:22 AM

අර සොහොන් සල්ලි, ඇවන්ගාර්ඩ් සල්ලි අහන්න එහෙනම් විශ්‍රාම යනකම් ඉන්න වෙයි වගේ...

:       0       73

BamunuarachchiFriday, 19 June 2020 12:04 PM

ඉතින් හලෝ... යහපාලකයින්ට ජනාධිපති ඡන්දෙදීවත් ඔවුන් හොරුන් කීව අයට නඩුවක් දා ගන්න බැරි වුණානේ... ඔවුන් ඒ තරමටම දුර්වලද නැතිනම්, ඔය කියන හොරු නැති නිසාද නැතිනම් දෙකමද? පෙරට කොහොම වෙතත් පස්සට ගිහිල්ලා හරි දෙන්න බලන්න උත්තරයක්. හලෝ ඔහෙලා ඉන්න රටක් පෙරට නොවෙයි අගාධයට යනවා.

:       25       0

isuru Friday, 19 June 2020 12:25 PM

මේවා නියෝග විතරක් වේවිද මන්දා...?

:       0       0

විපරමා Saturday, 20 June 2020 12:47 PM

යහපාලනේට කලිනුත් බැදුම්කර තිබුණේ පවුල් සමාගමේ අයත් එක්ක... නීතියට බයෙන් ඒවා එලියට ආවේ නැහැ. හිටපු කෙනාට මහින්දයා ලොකු තනතුරකුත් දීලා තියෙන්නේ නිකම්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 250 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1157 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 838 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1416 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1247 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1571 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 934 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 409 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site