( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදි ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද ( 27 ) තීරණය කළේය.
ඒ අනුව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම අගෝස්තු 07 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියම කළේය.
මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන , එල්.ටී.බී.දෙහිදෙණිය සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ කැදවිණි.
මෙම පෙත්සම කැදවූ අවස්ථාවවේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය.
එබැවින් , තමන් නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බලන්නැයි ද විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා දැනුම් දුන්නේය.
කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 07 කල් තැබිණි.
තමන් එලෙස අත්අඩංගුවට ගැනීමේ අවධානම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආසන්නතම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත් , ඒ වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති රවින්ද්‍ර විමලසිරි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය මාර්ගයෙන් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු ලාංකිකයෙකි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.හිටපු අමාත්‍යවරයෙකි.මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිත තාක්ෂණවේදය ජාතික ඩිප්ලෝමාව හැදැරූ අයෙකුද වේ.උසස් අධ්‍යාපන කටයුතු වලින් පසුව 2000 වසරේදි පූර්ණ කාලීන ලෙස දේශපාලනයට පිවිසි අතර එම වසරේදී වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද , ඉන්පසුව පිළිවෙලින් 2001 , 2004 ,2010 සහ 2015 වසර වලදී පැවති පාර්ලිමේන්තු මහමැතිවරණය වලදී එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි යළිත් තේරී පත් වූයේය.එසේම පෙත්සම්කරු ඉකුත් දශක දෙකකට ආසන්න කාලයක් තුල පිහිටවූ ආණ්ඩු වල අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ අයෙකු වේ.
2015 වසරේ පැවති මහමැතිවරණයෙන් පසුව පිහිටවූ රජයේ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පසුගිය රජය සමයේ මෙරට සිදු වූ පාස්තු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි.පෙත්සම්කරුද එම තේරීම් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කල අතර ඒ ගැන එම කාරක සභාව තමන් ගෙන් ප්‍රශ්න කෙරිණි.ඉන්පසුව එම කාරක සභාව නිකුත් කළ වාර්තාව අනුව පෙත්සම්කරු එම ප්‍රහාරයට හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාවන්ට හවුල් නැති බව කරුණු තහවුරු විණි.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය ජූලි 08 , 09 දිනවල රහස් පොලිසියට පැමිණෙන ලෙස පෙත්සම්කරුට දැනුම් දී තිබිණි.ඒ අනුව එම රහස් පොලිස් නිලධාරීන් පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කෙරිණි.එම නිලධාරීන් පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කර සිටියේ පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බ පුපුරුවා ගත් බෝම්බකරු වන ඉන්සාෆ් අහම්ඞ් සහ ඔහුගේ පියා වන මොහොමඞ් ඉබ්‍රාහිම් ගැනය.ඔවුන් සමග පැවති සම්බන්ධතාවය ගැන පෙත්සම්කරු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බදියුදීන්ගේ අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
කරුණාරත්න Monday, 27 July 2020 09:07 AM
එයත් කුට්ටියක් ගත්තද දන්නේ නෑ....