IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘බදියුදීන්ගේ ගිණුමට ඩොලර් ලක්ෂයක් ආ හැටි සොයන්න‘

 ( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද (13) පොලිස් මුලස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක මෙන්ම හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  මහතාට අයත් ඇමෙරිකා එක්සත් ජනපද බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇතයි කියන සිද්දිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ගෙවී ගිය කාලය තුළ රිෂාඩ් බදියුදීන්  මහතාට එරෙහිව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද විවිධ බරපතල චෝදනා එල්ලවී ඇතැයි ද එම නිසා මේ තරම්  විශාල මුදලක් ඇමරිකානු බැංකු ගිණුමට බැරවීම බරපතල සැක සහිත බව ද මොහොමඩ් මුසම්මිල් මහතා ඉදිරිපත් කළ පොලිස් පැමිණිල්ලේ සඳහන් වෙයි.

 



අදහස් (23)

‘බදියුදීන්ගේ ගිණුමට ඩොලර් ලක්ෂයක් ආ හැටි සොයන්න‘

athura Thursday, 13 February 2020 07:23 AM

අලුත්ම නාට්‍ය අද සිට විකාශය වේ.

:       34       223

NishanThursday, 13 February 2020 10:57 AM

මේ නාට්ටියේ පැමිණිලිකරුට රඟපාන කෙනාටත් දූෂණ, වංචා නඩුවක් තියෙනවා... 2010-2015 ආණ්ඩු කාලේ අමාත්‍යාංශයේ වාහනයක් බිරිඳගේ පාවිච්චියට ගත්තා කියලා. ඒකට ආණ්ඩුවේ සල්ලි වලින් ඩීසල් ගැහුවා කියලා.

:       11       162

BamunuarachchiFriday, 14 February 2020 04:48 AM

ඕකත් දෙයක් ද යහ පාලකයෝ බිලියන් ගණන් දීලා ගෙන්වපු වාහන දැන් කොහෙද තිබෙන්නේ කියා සොයන්න ජෙප්පෝ රහස් පොලිසියට පැමිණිලි කොරලා තිබෙන්නේ. 1977 පස්සේ සිටිය හැම ඇමති කම පවුලේ වැඩවලට වාහන පාවිච්චි කළා. ඇමතිලා පමණක් නොවෙයි රජයේ නිලධාරීන් පවා එය කළා එය කරනවා. හේතුව ඔවුන්ට වාහන වෙන්කර දීමයි.

:       6       49

mohan Thursday, 13 February 2020 07:33 AM

අනේ මහත්තයෝ, බලයට ආපු ගමන් ඇතුළට දානවා කියලා නේද කිව්වේ..? නිකම් බොරු සංදර්ශන පෙන්වන්න එපා. මිනිස්සු ඔක්කොම මෝඩයින් නොවේ.

:       208       597

duminda Thursday, 13 February 2020 07:48 AM

ඊට කලින් වයිෆ්ගේ ගිණුමට සල්ලි ආපුහැටි හෙව්වොත් නරකද? මේ සේරගේම බොරුනාටක විතරයි.

:       3       317

hemantha Thursday, 13 February 2020 08:24 AM

ඊට කලින් ඔහේගේ ලොක්කගේ මාලිගාව හැදුවේ කොහොමද කියලා කියන්න. නිකම් බොරු මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතුව ඉන්නවා හලෝ... තමන්ගේ ඇහේ පොල් පරාලේ පෙනෙන්නේ නැහැ. නමුත් අනුන්ගේ ඇස්වල තියන පොල් කොස්ස ගැන කතා කරනවා.

:       53       312

hemantha Thursday, 13 February 2020 08:26 AM

ඊට කලින් ඔහේගේ ලොක්කගේ මාලිගාව හැදුවේ කොහොමද කියලා කියන්න. නිකම් බොරු මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව...

:       1       227

rihan Thursday, 13 February 2020 08:31 AM

දැන් තිරගතවන නාටකවල 2020 හොඳම නළු නිළියන්ට වටිනා තෑගි දෙන්න ඕනෑ...

:       0       94

tarzan Thursday, 13 February 2020 08:48 AM

ඉස්සර ඡන්දෙ ආවම තාජුදීන්.... දැන් බදුර්දීන්....

:       2       225

rizwan Thursday, 13 February 2020 09:24 AM

මේගොල්ලෝ බලයට අවහම ඒගොල්ලෝ ගැන හොයන අතර ඒගොල්ලෝ බලයට අාවහම මේගොල්ලෝ ගැන හොයති. නමුත් ජනතාවගේ දුක සැප සෙවීමට කව්රුත් ඉදිරියට ගෙන නොඒම දුකකි.

:       0       0

ජනක Thursday, 13 February 2020 10:14 AM

මම නඩුවක් දමනවා.. මේ දමන නඩුවලට වෙනදෙයක් දාන්නේ නැහැ කියලා.. හැමදාම ෆයිල් උස්සන් එහෙ දුවනවා මෙහෙ දුවනවා..

:       0       249

සිරිලිය Thursday, 13 February 2020 10:15 AM

මෙයා විතරක්ද එහෙම බැලුවා නම් ගිණුම් තියෙන අය තව කොච්චර ඉන්නවද? හොරකම වංචාව, කොමිස් ගැහිලි දූෂිත බලලෝභි බඩගොස්තරවාදි දේශපාලුවන් කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි.

:       0       26

Hafeel Thursday, 13 February 2020 10:41 AM

දෙදෙනාම විමර්ශනය කළයුතුයි. නමුත් හොරුන්ට දඬුවම් දෙන්න ලකුණු නම් පේන්න නැහැ.

:       0       84

Nimal Thursday, 13 February 2020 12:56 PM

කෝටි ගාණක දේපල ඇමති පඩියෙන් ගත්තේ කොහොමද පෙන්නන්න කියලා නඩුවකුත් තියෙනවා නේද...?

:       0       2

wimal Thursday, 13 February 2020 01:09 PM

ලෙමන් පෆ් ලොකු ගෙයක් හදපු විදිහයි.., එයාගේ නෑයෝ ගෙවල් ගත්ත විදිහයි, ඔයාගේ බිරිඳ වාහන ගත්ත විදිහයි ගැණත් පරීක්ෂණ කරමුද?

:       0       58

Mahesh Thursday, 13 February 2020 01:22 PM

වෙන මොනවත්ම තිබුනේ නැද්ද හොයාගන්න. හොරෙක් ගිහින් තව හොරෙක් ගැන කියන්න. පැමිණිලි කරන්න ගියපු හොරාගේ නායකයාත් හොරෙක්...

:       0       84

විපරමා Thursday, 13 February 2020 01:44 PM

ඉන්න හැම දේශපාලුවෙකුගේම ගිණුම් පරීක්ෂා කරන්න වෙයි. මෙයාගේ පක්ෂයේ නායකයා කියලා නිකම්ද? වැඩි හරියක් ඉන්නේ මහාපරිමාණ හොරු තමයි...

:       0       23

SL Thursday, 13 February 2020 03:13 PM

“බදුර්දීන් සහ ඩොලර්“ ළඟදීම තිරගත වේ. ඒ කියන්නේ “රන්ජා සහ හඬපට “ ඉවර වෙන්න ළඟද? කලින් කෙනෙක් විරිදු කීවා බෙර ගැහුවා..., දැන් නාට්‍ය හා රංග කලාව පෙන්නනවා. අනේ අපේ ඡන්ද... අර පිටරට ඉඳලා ඇවිත් ඡන්දෙ දාපු ලක්ෂ ගාණක ජනතාව. අයියෝ සල්ලි...

:       0       14

BamunuarachchiFriday, 14 February 2020 04:55 AM

"අයියෝ" කියන්නේ ඇයි ජනතාවට මොකද උනේ. ජනතාව ලංකාවට ඇවිත් ඡන්ද දුන්නේ තිබුන ජරා ආණ්ඩුව පෙරලන්න ඒක කළා අපිට දැන් සතුටුයි. ගිය ආණ්ඩුවේ හොර මැරකම් සොයන්නේ එක එක පුද්ගලයෝ ඒ ගැන ඔයා කලබල වෙන්න එපා.

:       5       0

ranjith Thursday, 13 February 2020 09:25 PM

කෝ හිස්බුල්ලාගේ ෂරියා විශ්ව විද්‍යාලේ තවම වහලා නේ නේද.?

:       0       16

Kumar Friday, 14 February 2020 03:32 AM

ඔය කියන්නේ මම ඉන්න ඇමෙරිකාවේ ගිණුමක් ගැන නොවේ කියා මම සිතන්නෙ. ඇමෙරිකා එසත් ජනපදයේ බැංකු ගිනුමක අරබන්න මුලින්ම ආරක්ෂක රහෂ්‍ය අංකයක් ඕනෙ. ඊට අමතරව බැංකු ශාකව තිබෙන ප්‍රාන්ත රජයෙන් නිකුත් කල හැදුනුම් පතක් හෝ රියදුරු බලපත්‍රයක් වැනි හඳුනා ගැනීමේ පතක් අවශ්‍යයි. ඒ කියන්නේ රෂිඩ් මෙරට පුරවසියක් හරි ස්ථිර පදිංචිකරුවෙක් හරි මෙරටට පැමිණි සිසුවෙක් වෙන්න ඕනෙ. එසේ නැතිනම් ඉහත සඳහන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අනෙක ලක්ෂයක් තැන්පත් කල ගමන් දේශි අදායම් බදු සේවාවලට දැනුම් දෙනවා. එසේ නොකලොත් බැංකුවට ලොකු දඩයක් ගෙවන්න වෙනවා. අනෙක මත්ද්‍රව්‍ය මර්දන අධිකාරියටත් දන්වනවා.

:       0       11

sharm warn Friday, 14 February 2020 04:03 AM

ඇයි මෙයා විතරද ? අර හිස්බුල්ලා ? කිසිම බැංකුවක් ගෑවෙන්නේ නැතුව එයාට ආව සල්ලි ගැන පරීක්ෂණ කරන්නේ නැද්ද ? හොරුන්ට ම හදපු රටක් වෙලා ලංකාව දැන්.

:       0       6

Nimal Friday, 14 February 2020 07:28 AM

ෂාම් මහත්තයෝ, හිස්බුල්ලා දේශප්‍රේමී කියාලා දන්නේ නැතිද? අර සාදුත් දැන් සද්දයක් නැත්තේ එ්කනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 102 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 410 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 203 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 579 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 697 4

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 559 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 770 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site