(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (16) නියෝග කළේය .
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත එම සිද්ධියෙන් මුදාහැරීමට නියෝග කළ අධිකරණය , සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාර දෙන ලෙසට සැකකරුට නියෝග කළේය.
හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය ශාලිනී ජූඩ් කුමාර් නමැති දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව ඇත.
මෙම සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලීසිය අද සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනයක් වේලාවක් නිශ්චිතව ඉදිරිපත්ව නොමැති වුවත් කාලාවරෝදය මත සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව කුරුඳු පොලීසිය අධිකරණයට සදහන් කර ඇත .
මහජන කැලඹීමක් ඇති වීමට ප්‍රධාන සාධක ඇති බැවින් මෙම සිද්ධියෙන් සැකකරු ඇප මත මුදා නොහරින ලෙසට කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
සැකකරුට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පොලිසිය ඉදිරිපත් කර නොතිබීම සහ මහජන කැලඹීමක් ඇතිවේයැයි කියමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවට සඳහන් කළ එම සිද්ධියෙන් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ඇප මත මුදා හැරියේය.
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදියුදීන්ගේ මස්සිනාට ඇප
de silva Monday, 16 August 2021 03:11 PM
අනිවාර්යයෙන්ම පොලිස් ලොක්කෝ පගාවක් ගහලා... එහෙම නැතිනම් රිෂාඩ් ඩීල් එකක් දමලා...
කිරි පුතා Monday, 16 August 2021 04:19 PM
එකා එකා එළියට දාලා අර මැරිිච්ච දැරියව හිරේ දායිද දන්නෙ නෑ. අපේ අරක ඒවගේ තමයි
jagath Monday, 16 August 2021 05:42 PM
එකඑකා එළියට දාලා අර මැරිිච්ච දැරියගේ දෙමව්පියන් එළියට දායි වගේ.. අහෝ නන්දසේන..!!!