IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බදියුදීන්-අසාද් සාලි-හිස්බුල්ලා ඉවත්කරන්නැයි රතන හිමි උපවාසයක

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්.  හිස්බුල්ලා යන මහත්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතනහිමියෝ  මහනුවර  ශ්‍රී දළදා මාලිගාව අසළ උපවාසයක් ඇරැඹුහ.
 
අද (31) උදෑසන රතනහිමියෝ මෙම උපවාසය අරඹා ඇත.

(ඡායාරූප - චමිල් රූපසිංහ)

 



අදහස් (53)

බදියුදීන්-අසාද් සාලි-හිස්බුල්ලා ඉවත්කරන්නැයි රතන හිමි උපවාසයක

harsha Friday, 31 May 2019 07:04 AM

මුජිබර් රහුමාන් ඉවත් කරන්න ඕනේ නැද්ද. ඔබ වහන්සේ තමයි මේ ජඩ ආණ්ඩුව හදන්න මුල් උනේ.

:       0       0

ravi Friday, 31 May 2019 07:07 AM

හොද උත්සහයක් , අනිත් හාමුදුරුවරුත් ඔතනින් වාඩි උනානම් ජයග්‍රණය කරන්න තිබුන

:       0       0

janis Friday, 31 May 2019 07:07 AM

මුලින්ම කියන්න තියෙන්නේ මේ අපරාධ වලට සම්පුර්ණයෙන්ම වගකිවයුතු හිස්බුල්ලාට තවත් වැදගත් තනතරු දෙමින් මේ ප්‍රශ්නය තවත් දරුණ අතකට යොමුකරන සිරිසේන ඉවත් කිරීමට මුළු රටම උපවාස කල යුතුයි .

:       0       0

maaraya Friday, 31 May 2019 07:15 AM

සිල්වත් හිමිවරුන්ගේ හඬ දළදා හාමුදුරුවන්ට ඇසෙනු ඇත. මින් පෙරට කිසිම හමුදුරුවන්කෙනේකුටවත් දේශපාලනය කිරීමට ඉඩද නොලැබෙනු ඇත. බුදුන් මග යමින්, ජාතිය බේරාගැනීමට මෙවැනි ලෙස එනවිට බොහෝ මිනිසුන්ද එමගින් එකතු වේ.

:       0       0

indra Friday, 31 May 2019 07:37 AM

රට ජාතිය වෙනුවෙන් ඔබ වහන්සේ මේ ගන්න උත්සාහයට රටේ බහුතරයක් ජනතාව තෙරුවන් සරණ පතනවා පාට බේදයකින් තොරව මේ මොහෙතේ රට වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන්න ඕන.

:       0       0

Teach Friday, 31 May 2019 07:52 AM

ඕන එකක් බුදුහාමුදුරුවන්ව ගාව ගන්නේ නැතුව.

:       0       0

sirimal Friday, 31 May 2019 08:01 AM

අර දවස් 52 ආණ්ඩුව පිහිටුවන්නත්, බහුතරය හදා ගන්නත් ඔය කියන කට්ටියට කෝටි ගණන් දුන්නු වෙලාවේ, හිස් බුල්ලාට ඇමති තනතුරු එහෙම දෙන වෙලාවේ ඔය සිතුවිල්ල පහල වුනේ නැත්තේ මොකද අපේ හාමුදුරුවනේ? දවස් 52 ආණ්ඩුවට හේත්තු වෙන වෙලාවේදී ඒ ගොල්ලෝ සුදනෝ හැටියටද පෙනුනේ? දැන් මිනිස්සු නම් කියන්නේ " අතන, මෙතන කොතන ගියත් මම රතන " කියලයි අපේ හාමුදුරුවනේ...

:       881       1142

පුරවැසියා Friday, 31 May 2019 10:43 AM

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මීට වඩා බුද්ධිමත් ප්‍රවේශයක් ගෙන ඇත.

:       1       177

purawasiyaFriday, 31 May 2019 01:46 PM

කාබනික් පොහොරවලින් ගොවිතැන පටන් ගෙන ගලිෆොසෙට් තහනම් කිරීමේ සටන හරහා දේශපාලකයන් ඉවත්කරන්නැයි රතන හිමි උපවාසයක දී සිටි. කොතන බැලුවත් රතන හිමි වැඩ සිටිනසේක.

:       0       0

TDSaturday, 01 June 2019 03:48 PM

අතුරලියේ රතනහිමියෝ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ උපවාසයක් පටන්ගෙන තිබේ. දේශපාලනයට, දේශපාලකයන්ට සම්බන්ධ ගැටුම් සහ රජයට සම්බන්ධව දේවලට විරුද්ධව උපවාස කළයුත්තේ පාර්ලිමේන්තුව ඉදිරිපිට මිස බෞද්ධයාගේ මුදුන් මල්කඩවූ ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට නොවේ. ශ්‍රී දළදා මාලිගාවේ සිටින නායක භික්ෂූන් වහන්සේලාට බදියුදීන්-අසාද් සාලි-හිස්බුල්ලා ඉවත්කළ නොහැක. එය කළහැක්කේ රජයට සහ නීතියට පමණි. එමනිසා මේ රතන හිමි මුදුන් මල්කඩවූ ශ්‍රී දළදා මාලිගාවට අපහාස නොකර කරුණාකර ඔබවහන්සේගේ උපවාසය පාර්ලිමේන්තුව ඉදිරිපිටට හෝ වෙනත් තැනකට ගෙනයන්න කියා කරුණාවෙන් ඉල්ලාසිටිමි. ශ්‍රී දළදා මාලිගාවට බෞද්ධයින් පැමිණෙන්නේ සැදෑවත් අරමුණින්ය. අනෙක් කාරණය නම් බුදුදහම සහ දේශපාලනය පටලවා නොගෙන ඔබවහන්සේ දෙකින් එකක් තෝරාගන්න. එක්කෝ චීවරයට අගෞරව නොවන ආකාරයට එය ගලවා තබා දේශපාලනය පමණක් තෝරා ගන්න. එක මාවතක ගමන් කරන්න. දෙපැත්ත කන්න ගියාම රටේ බෞද්ධයන් පවා අන්දමන්ද වනවා පමණක් නොව බුදුදහමට තිබෙන ගරුත්වයත් නැතිවන බව කරුණාවෙන් සලකන්න. දේශපාලනය භික්ෂූන් වහන්සේලාට සුදුසු රැකියාවක් නොවන බව දැන්වත් තේරුම් ගන්න.

:       3       111

ප්‍රනාන්දු Friday, 31 May 2019 08:28 AM

රටට ආදරය ඇති දූෂණය නැති අය. ඔබවහන්සේට ජය!!

:       435       764

Prabha Friday, 31 May 2019 08:33 AM

ඔබලාම වපුරන දේවල්වල අස්වැන්න තමයි ඔය අපේ හාමුදුරුවනේ...

:       8       475

samFriday, 31 May 2019 08:53 AM

හරියට හරි. 2015දී හංස පිම්ම පනිනකොට දුර දිග හිතුවද?

:       35       510

rathnamalala Friday, 31 May 2019 08:36 AM

අපේ හාමුදුරුවනේ. මේ චීවරයට ගරුකරණ රජයක් නොවේ. ග්ල්යිපොසේට් බොරුවට තහනම් කරලා ආයේ අවසර දුන්නා වගේම මේ අයටත් ඒ තනතුරුවල රැඳී ඉන්න ඉඩ දෙනවා. ආයේ ඒකෙදෙකක් නැහැ. ඔබවහන්සේට වෙන්නේ අකාලයේ අපවත් වෙන්නයි.

:       28       384

Matt Friday, 31 May 2019 08:38 AM

අනේ මේ අයට පිස්සුද? මට පිස්සුද? අපේ රටටම පිස්සුද?

:       412       74

mpFriday, 31 May 2019 10:15 AM

පිස්සු පාලකයන්ට සහ ඔවුන්ගේ පස්සේ යන අයට. මේ රට සිංහල, බෞද්ධ... අනිත් අය සංක්‍රමණය වූ අය...

:       186       299

manel Saturday, 01 June 2019 06:26 PM

එතකොට සිංහලයන්... ඒ කියන්නේ විජයගේ කට්ටිය ඉන්දියාවෙන් සංක්‍රමණය වුණු හොරු කට්ටියක් නොවෙයිද..? බුද්ධාගම ඉන්දියාවේ ඉඳලා එක්ස්පෝර්ට් කරපු ආගමක් නොවෙයිද...? ඔය කට්ටිය එන්න කලින් මෙහෙ හිටපු නාග, යක්ෂ ගෝත්‍රිකයින් කලේ සූර්ය වන්දනාව වගේ දේවල්. ඒ කාලේ ගස්ගල් වලට වැන්ද අය ඕනෑතරම් හිටියා. අදත් ඉන්නවා. මේක ඇවිල්ලා ගෝත්‍රික සමාජයක්. මිනිස්සුන්ගේ කුලය, වර්ගය, ජාතිය අනුව එකිනෙකා වෙන්කෙරුණු රටක්...

:       0       0

Manoj Friday, 31 May 2019 08:47 AM

අපි බලමු අපේ පාලකයන් කරන්නේ මොනවද කියලා.. අපි නීතිය අතට ගන්න හදන්න හොඳ නැහැ.

:       24       63

මහකන්දේ විජිතසිරි හිමි Friday, 31 May 2019 08:51 AM

ගෙවන්නේ කළ පව් දුරදිග නොබලා. (යහපාලනය ගේන්න මුල් වී අද වනතුරු අකටයුතුකම් දැක දැක නිහඬව සිට දැන් ඇහැරිලා)

:       101       411

sumith Friday, 31 May 2019 08:55 AM

අපිට නම් පිස්සු නැහැ... අපි හොඳ සීරුවෙන්...

:       0       140

kamal Friday, 31 May 2019 09:00 AM

අනේ මේ කැපවීම රහත් අරහත් වෙලා ලංකාවේ බුද්ධ සාසනේ නගා සිටුවන්න තිබුනානම්?

:       0       0

max Friday, 31 May 2019 09:23 AM

රතන හාමුදුරුවෝ තමන් වහන්සේත් දර දිය ඇදලා පත් කර ගත් මෙම දේශ ද්‍රෝහී ආණ්ඩුවට විරුද්ධව උපවාස කරනවා. සරත් විජේසූරිය හෙන ඉල්ලනවා. ජනතා විමුක්ති පෙරමුණ බොරුවට විශ්වාශ භංග ගේනවා. නමුත් ආණ්ඩුව වගේ වගක් නැතුව තමන්ගේ දුෂ්ඨ අරමුණු කරා, බදුර්දීනුත් බේරාගෙන, ඉදිරියට යනවා.

:       5       465

kamani Friday, 31 May 2019 09:37 AM

දේශපාලකයෝ බණ දේශනා කරති. ස්වාමීන් වහන්සේලා දේශපාලනය කරති. හනේ කාලේ වනේ වාසේ...

:       63       148

Nimal Friday, 31 May 2019 10:11 AM

මම නොදන්න නිසා අහන්නේ. බුදුහාමුදුරුවෝ කොතැනද දන්නේ නෑ මෙහෙම කරන්න කියලා වදාරලා තියෙන්නේ?

:       367       281

sarathFriday, 31 May 2019 10:49 AM

මේ පුරාවිද්‍යා භූමියේ පන්සලට අයිති ඉඩම් අක්කර 72න් මුස්ලිම් අන්තවාදීන් අක්කර 55ක් අල්ලා ගත්තා. රජය නිහඬයි. ඒවාට උසාවියේ නඩුවක් බාරගන්නේ නැහැ. සිංහලෙන් නඩු ගේන්න එපා. දෙමළ භාෂාවෙන් අරන් එන්නලු. ඊයේ පෙරේදා තවුහිද් ජමාද් කණ්ඩායම එක්ක සම්බන්ධකම් ඇති අය පොතුවිල් නගරයේ සියලු පටු මාර්ගවලට අරාබි හා මුස්ලිම් නම්වලින් නාමපුවරු සවිකර ඇත. පන්සලට එන පාරත් අරාබි නමකින් නම් කරලයි තියෙන්නේ... මේවා පිටුපස දේශපාලන හස්තයන් තියෙනවා. ” දැන් ඔයා ගිහින් කතා කරනවද මේ ගැන..?

:       42       309

BamunuarachchiFriday, 31 May 2019 10:56 AM

එ් කාලයේත් රාජ්‍ය පාලනය ගැන බුදුන් උපදෙස් දුන්නබව සඳහන් වෙනවා. අපේ හාමුදුරුවරුන් දේශපාලනය අවුරුදු දහස් ගණනක් ඈතට යන එකක්. එමනිසා රට, ජාතිය, ආගම වෙනුවෙන් හාමුදුරුවරු මේ කරන මෙහෙය...

:       34       134

BamunuarachchiFriday, 31 May 2019 03:54 PM

මෙහෙම අවමානයට ලක්කරන්න එපා...

:       11       59

සමන් Friday, 31 May 2019 10:17 AM

"ග්ලයිපොසෙට්" -2. "බදුර්දීන් අසාත් සාලි සහ හිස් ඛුල්ලා" මේ පාර කවුද කතා පිටපත ලියලා දුන්නේ.?

:       14       57

janaka Friday, 31 May 2019 10:18 AM

ඔබ හිතනවද මෛත්‍රීපාල සිරිසේන සිංහල ජාතිය එක්ක හිටගනීවිද කියලා... නැත ඔහු නැවත බලයට ඒමේ අරමුණින් සුළු ජාතියේ ඡන්ද ලබාගැනීමේ නියාය පත්‍රයේ සිට කටයුතු කරමින් සිටි... සිංහලයිනි, දැන්වත් නුඹලාගේ ඔය මෝඩකම් අත්හැරපල්ලා. ජාතියට නායකයෙක් තෝරගනිල්ලා. පාට, පක්ෂ පසෙකලා එකාමෙන් හිටගනිල්ලා. එසේ නොවුනොත් සිංහල බෞද්ධ රාජ්‍යයේ අවසානය පටන්ගත්තයි කියලා හිතාගනිල්ලා...

:       345       473

Dalit Friday, 31 May 2019 10:37 AM

නිවන් සැප ලැබේවා!!!

:       508       37

Sarath Friday, 31 May 2019 10:37 AM

මුහුදු මහා විහාර මාවත නමින් මෙතෙක් කල් හැඳින් වූ මාර්ගය මේ වනවිට සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා මස්කිතුල් ෆ්ලාහර් පාර ලෙස නම් කර තිබෙන බව උන්වහන්සේ පැවසූහ. “මම බොහොම සංවේගයෙන් අද කතාකරන්නේ. අද නැගෙනහිර පළාතේ සිංහල ජනතාව මුස්ලිම් අරාබි පාලනයට යටවෙලා මහා පීඩාවක් විඳිනවා. මේවා කියන්න කෙනෙක් නැහැ. අහන්න බලන්න විසඳුමක් දෙන්න බලධාරියෙක් නැහැ. අපිට මේවා කියන්න තියෙන්නේ මාධ්‍යය විතරයි. නැගෙනහිර පළාතේ හිස්බුල්ලා අපිව විනාශ කරනවා. මේ පුරාවිද්‍යා භූමියේ පන්සලට අයිති ඉඩම් අක්කර 72න් මුස්ලිම් අන්තවාදීන් අක්කර 55ක් අල්ලා ගත්තා. රජය නිහඬයි. ඒවාට උසාවියේ නඩුවක් බාරගන්නේ නැහැ. සිංහලෙන් නඩු ගෙන්න එපා. දෙමළ භාෂාවෙන් අරන් එන්නලු. ඊයේ, පෙරේදා තවුහිද් ජමාද් කණ්ඩායම එක්ක සම්බන්ධකම් ඇති අය පොතුවිල් නගරයේ සියලු පටුමාර්ග වලට අරාබි හා මුස්ලිම් නම් වලින් නාම පුවරු සවි කර ඇත. පන්සලට එන පාරත් අරාබි නමකින් නම් කරලයි තියෙන්නේ. මේවා පිටුපස දේශපාලන හස්තයන් තියෙනවා.”

:       1       233

BamunuarachchiFriday, 31 May 2019 11:08 AM

සිංහලයාට හිමිතැන ලබාදෙන්න හදන මේ ස්වාමීන් වහන්සේට බනින පාදඩ සිංහලයින්ට කියවන්නද?

:       68       282

dhamneth Friday, 31 May 2019 10:37 AM

ඔයිට වැඩිය මහත් ඵල මහත් ආනිසංස ලැබෙනවා, බුදුවෙලා මිසක් උපවාසය අතහරින්නේ නැහැ කියා උපවාසය ආරම්භ කළානම් හාමුදුරුවනේ...

:       495       96

BamunuarachchiFriday, 31 May 2019 11:04 AM

ඇයි ... අපේම කෙනෙකු සිංහල බෞද්ධ අපි වෙනුවෙන් කරන ක්‍රියාව උපහාසයට ලක් කරන්නේ...? පාදඩ සිංහලයින් මෙරටට ශාපයක්... ත්‍රස්තයින්ට වාසනාවක්.

:       144       445

කසුන්Friday, 31 May 2019 12:04 PM

බමුණුආරච්චි.., මමත් ඔබ සමග එකඟ වෙමි. මෙවන් පාදඩ, කුහක සිංහලයින් සිටින තාක්කල් මේ රට ගොඩ ගන්නට බැරිවීම ඉතාම සෝචනීය තත්වයකි.!!

:       0       0

hiraFriday, 31 May 2019 11:17 AM

මොහොමඩ් අප්පුහාමිලාගේ ධම්නෙත්, ඔබට නොපෙනෙන අල්ලා දෙවි පිහිටයි.

:       115       131

Dalit Friday, 31 May 2019 10:40 AM

මෙයාටත් සෝභිතගේ පිහිටයි.

:       87       2

Jayantha Friday, 31 May 2019 10:50 AM

අර අශ්වයින්ව මෙල්ලකරන පුද්ගලයාට බුදුහාමුදුරුවෝ කිව්වද මෙල්ලකරන්න නොහැකි නම් උපවාස කරන්න කියලා? මේවා බොරු සෝභන...

:       214       97

Bamunuarachchi Friday, 31 May 2019 11:00 AM

අපේ හාමුදුරුවනේ, මෙතන ලියන පාදඩ සිංහලයින් ඔබවහසේගේ මේ ක්‍රියාවට විරුද්ධව කතා කරනවා මිස අර මුසල්මානුවන්ට විරුද්ධව වචනයක් කියන්නේ නැත.

:       18       368

saliyaSaturday, 01 June 2019 08:05 AM

මම උන්වහන්සේගේ ක්‍රියාව අගයකරනවා නමුත් මතක තීයා ගන්න ඕනේ මේ රටේ මිනිසුන්ට අභය දානය දුන්නු මහින්ද ඇතුළු රජය පෙරලන්න මුල්වුණු ප්‍රධානම දෙන්නෙක් තමය් උන්වහ්න්සෙයි සෝභිත හමුදුරුවෝයි, එතුමා නම් හිතේ අමාරුවට අපවත් උනා . රතන හාමුදුරුවන්ටත් මුන් කැරෙන්නේ ඒකමයි. එතුමා අතින් උන වැරැද්ද හදාගන්න තමා මේ ජිවිත පරිත්‍යාගයන් වැඩ කරන්නේ. රජය මේක සුළුකොට සිතයි.... නමුත් එතුමාට මොනවා හරි උනොත් රජය ගෙදර යවනවා සිකුරුයි.

:       0       0

kamaniSaturday, 01 June 2019 06:31 PM

ඔබ කියන මේ පාදඩ සිංහලයින් අරාබි කාරයින්ට මිශ්‍ර වෙලාද කොහෙද?

:       0       0

upali Friday, 31 May 2019 11:10 AM

බණ භාවනා අමාරු නිසා උපවාසේ හොඳයි...

:       152       109

dhamneth Friday, 31 May 2019 11:13 AM

ඔබවහන්සේ පසුගිය දිනවල කළ ශබ්දය අනුව නම් පෙනුනේ ලක්ෂ ගණනක් ජනතාව කොළඹට ගෙන්වා ජනාධිපති නිලනිවාස වටලන්න සූදානම් බවයි.. වැඩේ තියෙන්නේ දැන් අගමැතිගේ නිර්දේශ මත ජනාධිපතිතුමා ඇමතිවරු පත්කරන්නේ, ඉවත්කරන්නේ නැති බවයි. එ්නිසා මෙය ජනාධිපතිතුමා මගින්ම ඉටුකළ යුතු ක්‍රියා මාර්ගයක්...

:       0       63

Mahesh Friday, 31 May 2019 12:11 PM

මෙම උතුම් ක්‍රියාව අපහාසයට ලක් කරන සියල්ලන්ම වෙත... මම රතන හිමි අතීතයේ කළ සමහර ක්‍රියාවන් අනුමත නොකරන අතර. මෙම පීඩනය ආණ්ඩුවට කළ යුතුම එකකි. මුන් වහන්සේ මෙතන අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් බිම ඉඳගෙන සිටින්නේ අර අසරණ දරුවන් අහිමි කල මව්වරුන් වෙනුවෙනි. අපට අහිමි වේගෙන යන රට වෙනුවෙනි. ටිකක් සිහි බුද්ධිය අවධි කර සිතාබලන්න. ඔබට රට වෙනුවෙන් කැප කිරීමක් කළ යුතුව ඇත....

:       0       0

Amila Friday, 31 May 2019 12:22 PM

සිරි කියන ඒවා අහන්නේ නැද්ද අපේ හාමුදුරුවනේ? එක පෑන් පාරෙන් දෙන්නෙක්ම යවන්න පුළුවන් එයාට... හිටියේ එයා ගාව නේද? ඔක්තෝබර් හුටපටෙන් පස්සේ... දැන් අායෙත් පිම්මක්ද? සමාවෙන්න ඕනෑ එහෙම අහනවට, මොකද ඉතින් ඉතිහාසේ ක්‍රියාකරපු විදිය නිසා අායෙත් එහෙම්මනේ වෙන්නේ...

:       0       0

Mohammed Friday, 31 May 2019 12:23 PM

තව පැය කීපයකින් ඔය උපවාසය මිනිස්සුන්ට ඉල්ලීම නිසා අවසන් වෙනවා නියතයි.

:       0       0

Kriss Friday, 31 May 2019 12:48 PM

නිකම්ම නොසිට මෙවන් දෙයක් හෝ කිරීමට ඉදිරිපත් වීම ගැන අපගේ ප්‍රණාමය. ඒත් හාමුදුරුවනේ බලකාමයෙන් අන්ධ වූ මේ පාලකයන් උපවාස ගණනකට ගන්නේ නෑ. ජරා දේශපාලනයෙන් අයින් වෙලා විද්වත් සහ අධ්‍යාත්මික නියමුවන්ගෙන් සමන්විත ජනතා බලවේගයක් ගොඩනගන්න.

:       0       0

මංගලා Friday, 31 May 2019 02:22 PM

ලෝක උරුමයක් වූ ඓතිහාසික දළදා මාලිගාවේ නැතිව ඕන ඉලව්වක ඕක කරන්න. පොලිසිය, වහාම මෙයාව අයින් කළයුතුයි.

:       178       110

Chanak los angeles Saturday, 01 June 2019 02:21 AM

සමහරුන් හිතන්නේ බුදුදහම හා සිංහල ජාතිය අනතුරු මගින් නැතිවෙලා යාවි කියලයි. ලොව පවතින කිසිම දෙයක් සදාතනික නොමැති බැවින් නැතිවී යාම පුදුමයක් නම් නොවෙයි.. නමුත් බුදුදහම හා එහි ශ්‍රාවකයන් කිසිවෙකුගේ අනතුරු මගින් නම් කිසිදාක අකාලයේ තුරන් කරලීමට නොහැක. එය එතරම්ම අවිහිංසා වාදය ගැබ්වී ඇති මාර්ගයක්. ඉතා අවධාරණයෙන් කිව යුත්තේ හිංසාව පෙරදැරි කරගෙන යම්දහමක් හෝ ජාතියක් නගා සිටුවන්න කටයුතු කිරීම නම් ඒ ජාතිය හා දහම ලොව පවතින අනිත්‍ය දහමට අසුවී නැතිවී යාමට පෙර අකාලයේ පරිහානියට යනවා..

:       0       0

ධනනජය විජේසිංහ Saturday, 01 June 2019 09:58 AM

අපිට මේ වෙලාවේ හාමුදුරුවන් ගත් මේ තීරණය ඉතාම හොඳදෙයක්... එයට අප සැම දෙනාගේම සහය හැකි අයුරින් ලබාදෙමු. අප රටේ අගනගරය වූ කොළඹ හා අනෙකුත් ප්‍රධාන නගර මූලික කරගෙන මේ ගෙනයන මුස්ලිම් අන්තවාදී දාමරික ප්‍රචණ්ඩ අමන කොටස්වලට කිරිපොවන මූලධර්මවාදය වපුරවන මේ දේශපාලන අධිකාරිබලය මත රැඳීසිටිමින් බස්නාහිර පළාත් අාණ්ඩුකාර අාසාත් සාලි හා නැගෙනහිර පළාත් අාණ්ඩුකාර ඉස්බුල්ලා අැතුලු මෙයට සම්බන්ධ නිසොල්මන් අන්ත මූල ධර්මවාදි මුස්ලිම් ජාතිවාදි දාමරිකයින් හා ඔවුන් වටා ඉන්නා සියලුම මැරපිරිස් අන්තවාදීන් දරන රාජ්‍ය තනතුරු වහා ඉවත්කළ යුතුයි. කොළඹ අගනගරය මූලික ප්‍රධාන මුස්ලිම් අාර්ථික බලකොටුවලට මහා ශක්තියක් ලබාදෙන අසාත්සාලි බස්නාහිර අාණ්ඩුකාරතුමා මුජිබර් රහුමාන් එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රීතුමා, රිෂාද් බදියුදීන් වෙළඳ අාර්ථික කටයුතු අැමැතිතුමා අැතුලු මුස්ලිම් ජාතිවාදි අන්ත මූලධර්මවාදින් ඔවුන්ගේ දේශපාලන බල පුළුවන් කාරයින්ගේ කෙරුම් ක්‍රියාකාරකම් නවතාලීමට ගත් මුල්ම ඉල්ලීම උත්සාහයට උන්වහන්සේ දැන් සෘජුව පෙරමුණ ගෙන ක්‍රියාවට යොදවා අැත. අපි මෙයට අපේ නොමසුරු අවංක සහයෝගය දිය යුතුය.

:       1       87

Ramsi Sunday, 02 June 2019 04:30 AM

දැන් මේ කාටත් අමතක වෙලා. එදා කොටි මාවිල්ආරු සොරොව්ව වහපු වෙලාවේ, අහිංසක ජනතාව වතුර ටික නැතිව දුක් වින්ද වෙලාවේ, ආණ්ඩුව ඒක අරින්නේ නැතිනම් මම අරින්නම් කියලා මුන්වහන්සේ මාවිල්ආරු යන්න හදන කොට තමයි අපේ හමුදාව කොටින්ට හතරගාතෙන් යන්න පහරදීලා ජයග්‍රාහී අවසන් ඊලාම් යුද්ධය පටන් ගත්තේ...

:       0       10

LakviduSunday, 02 June 2019 05:25 PM

රමසි ඔබ හරි. මෙතන ගොඩක් අය ගුණමකු අයට ඒවා අමතක වෙලා.

:       0       0

Punyasoma Sunday, 02 June 2019 08:18 AM

මම නම් හාමුදුරුවෝ වතුර බොන වීඩියෝ ක්ලිප් එකක් දැක්කා ට්විටර් එකේ, මම හිතුව උපවාසය අත්හැරිය කියලා.

:       10       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 175 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 349 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 367 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 601 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 662 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 453 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site