සමන් පාලිත නානායක්කාර
පවතින වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද 28 අලුයම සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක් පස්කදු සහ ගස් කඩා වැටී අවහිර වී ඇතැයිද කණ්ඩියක් කඩා වැටී බදුල්ල තල්දෙන නිවසකට හානි වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.
බදුල්ල මහියංගන මාර්ගයේ බදුල්ල සිට හතේ කණුව දක්වා කොටසට තැනින් තැන පස් කඳු හා ගස් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවද එම මධ්‍යස්ථානය කියයි.
බදුල්ල මහියංගන මාර්ගයේ හතේ කණුව තල්දෙන බන්ධනාගාරය අසලදී දැවැන්ත ගසක් කඩා වැටී ඇති අතර දුන්හිඳ අසලදී ද දැවැන්ත ගසක් කඩා වැටී තිබේ.
මෙම මාර්ගයේ තැනින් තැන වැටී ඇති පස් කඳු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මේ අතර දියතලාව හපුතලේ අතර ප්‍රදේශයේදීද මාර්ගයට ගසක් කඩා වැටී අවහිර වී තිබේ.
මාර්ග පිළිසකර කරන තෙක් මෙම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.
බදුල්ල රිදීපාන ප්‍රදේශයේ නිවසක පිටුපස තාප්පයක් කඩා වැටි එම නිවසට දැඩි හානි සිදුවී ඇති බවත් එහි සිටි අයගේ ජීවිත බේරී ඇති බවත් පොලිසිය කියයි.
අවහිර වී ඇති මාර්ග අද අලුයම සිටම පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පොලිසිය හා ආපදා සහන සේවා ඒකකය මැදිහත්ව මේ වන විටත් ආරම්භ කර තිබේන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට ඊයේ රාත්‍රී සිට මිලි මීටර් 100 ඉක්මවූ තද වර්ෂා ඇද හැලෙමින් පවතින බවද උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බදුල්ලට මහ වැසි:මාර්ග රැසක් අවහිර වේ