(ප්‍රසන්න පද්මසිරි / එෆ් අස්ලම්)
අද (16) පෙරවරු 8.20ට පමණ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා පැවසීය.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අධික ශබ්දයක් සහිතව තත්පර 03ක පමණ කාලයක් පැවැති බවයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බදුල්ලේ පොලොව හෙල්ලුම් කෑවාලු
නිමල් Saturday, 16 March 2019 04:07 AM
මම ඉන්නේ බදුල්ලේ, ජිවිතේ පලවෙනි වතාවට මට මෙහෙම දෙයක් දැනුනේ. මම හිතුවේ වහලට වඳුරෝ පැන්නා කියලා මුලින්ම, එ්ත් වහලයි පොළවයි දෙකම දෙදරනකොට අමුත්තක් දැනුණා.
hasantha Saturday, 16 March 2019 04:40 AM
ඈ එහෙම එකක් වුනාද?
abaran Saturday, 16 March 2019 07:40 AM
මට මතකයි හැට ගණන්වල මම දියතලාවේ ඉන්න කාලේ එක දවසක භූමි කම්පාවක් ඇති වුනා. ඔය වාගේ භූ චලන වලට බිය විය යුතු නැහැ. මට හිතෙන විදියට ප්‍රධාන භූ චලිත හතරෙන් එකක් වන මේක "කොලැප්ස්" වර්ගයේ භූ චලනයක් විය යුතුයි..
Amila Saturday, 16 March 2019 07:42 AM
උමා ඔය ව්‍යාපෘතියේ මොකක් හරි නිසා වෙන්න පුලුවන් නේද
anula Saturday, 16 March 2019 09:37 AM
භූමිකම්පා නොවෙයිද? පස් කපනවා, කළුගල් කඩනවා, වනාන්තර එළි කරනවා... පොළොව නුහුළන අපරාධ මේ නිසා තමයි භුමි කම්පා වෙන්නේ...
විජිත් Saturday, 16 March 2019 09:58 AM
උමා ඔය ප්‍රොජෙක්ට් එක පටන්ගත්දා පටන් බදුල්ල අවට ලස්සනට තිබුනු පරිසරය විනාශ වෙලා ගියා. පිරි ඉතිරී තිබුණු ජල උල්පත් හිඳී ගියා. මේ මිහිකත කම්පා වී හඬන හඬයි මහත්වරුනේ. මෝඩ තකතීරු, අනුන්ගේ අදහස් නොඉවසන, තම මතයේම එල්බගෙන සිටි ඒ දුෂිත දේශපාලුවා තවමත් හොඳින් සතුටින් ඒ ප්‍රදේශවලත් සංචාරය කරනවා. ඊළඟ ඡන්දය සඳහා.. කෙසේ වෙතත් මහ සුනාමියෙන් පසු අපේ රට " භූතලයේ " කෙළවරකට තල්ලුවි ගිය බව භු විද්‍යාඥයින් කියනවා. එනිසා භූ තලය (plate) උස් පහත්වන, පැද්දෙන වාරයක් වාරයක් පාසා අපේ පුංචි දුපත කැළඹිලිවලට ලක්වෙනවා. ඒ මදිවාට අලුතින් හැදෙමින් පවතින භූ තලයත් හැදෙන්නේ අපේ රට අසලින්මලු...
isuru rathnayaka - diyathalawa Saturday, 16 March 2019 11:50 AM
විජිත්, ඔබ කිව්වා වගේ බදුල්ල කාලෙකට ඉස්සර හරිම ලස්සන පැත්තක්. නමුත් උමාඔය ව්‍යාපෘතියෙන් ඒ ලස්සන ගම විනාශවුණා. මිනිස්සුන්ට බොන්න වතුර නැතිව ගියා. දැන් බව්සර් වලින් වතුර දෙන්නේ. එහෙම කියලා රටේ පාලකයෝ බදුල්ලේ වතුර දෙන්න යන්නේ හම්බන්තොටට. බදුල්ල ඉවරයි.
සරා Saturday, 16 March 2019 12:14 PM
දැනුනේ බදුල්ල, පස්සර, හාලිඇලට නම් කේන්ද්‍රය කොතනද? නමුනුකුල කන්ද නේද?
indunil priyantha Saturday, 16 March 2019 01:26 PM
මහින්ද මහත්තයාගේ උමා ඔය ව්‍යාපෘතියට පින් සිද්ද වෙන්න... තව භූමිකම්පා එන්න ඕනේ...
Sumith Monday, 18 March 2019 02:09 PM
කොමිසමක් දාලා හොයමු.
Sumith Tuesday, 19 March 2019 12:18 AM
පාලකයින් දන්නේ නැතුව ඇති බදුල්ල ලංකාවේද කියල