IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බදුලු කෝච්චියේ බෝම්බ කථාවේ ඇත්ත හෙළිවෙයි

පසුගිය සිකුරාදා (23) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පොලිසියට තොරතුරු දී ඇත්තේ කඩවත පදිංචි තරුණියක බව පොලිස් ආරංචි කියයි.

ඇය එසේ බොරු තොරතුරක් ලබාදී ඇත්තේ ඇගේ පෙම්වතා වෙනත් තරුණියක හා විවාහ වීමට නියමිතව සිට ඒ සඳහා එම දුම්රියෙන් ඔහු ගමේ යාමට සිටි නිසා බවත් ඔහුගේ ගමන වැළැක්වීම ඇගේ අරමුණ වී ඇති බවත් කියති.

ඇය සිය පෙම්වතා ඔහුගේ ගමේ තරුණියක සමග හාදව සිටින බව දැනගෙන පසුගිය කාලය පුරා විවිධ ගැටුම් ඇතිකරගත් බවත් කියා ඇත. දුම්රියේ බෝම්බයක් ඇතැයි 119 අංකය ඔස්සේ පොලිසියට තොරතුරු ලබාදුන් ජංගම දුරකථනය සොයා යාමේදී ඇගේ තොරතුරු අනාවරණය වී ඇති අතර ඇය පොලිසියට මුලදී ප්‍රකාශ කර තිබුණේ කොටුව දුම්රිය ස්ථානයේ සිටි දෙදෙනකු දුම්රියේ බෝම්බයක් තැබූ බවට කථාවන ආකාරය තමාට ඇසුණු බවයි.

මෙම ව්‍යාජ තොරතුරු හේතුවෙන් මගීන් හා දුම්රිය දැඩි පරීක්ෂාවකට ලක් කැරුණු අතර දුම්රියේ ගමන පැය කිහිපයකින් ප්‍රමාද විය.



අදහස් (0)

බදුලු කෝච්චියේ බෝම්බ කථාවේ ඇත්ත හෙළිවෙයි

ගමගේ Monday, 02 January 2017 11:36 PM

මේ පුවත මුලින්ම දුටුවිට මට මේ හා සමාන දෙයක් හිතට ආවා. මට හිතුනේ ඒක දුම්රියේ යන්න හිටි කාටහරි වෙලාවට දුම්රියට එන්න බැරිවුණු නිසා දුම්රිය ප්‍රමාද කරවන්න දාපු උප්පරවැට්ටියක් කියලයි. දඬුවම් දියයුතු වරදක්. (නි)

:       0       0

තිස්ස Thursday, 29 December 2016 01:33 AM

ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ බව දන්නෙ නැද්ද? (නි)

:       0       0

සෑම් Thursday, 29 December 2016 03:04 AM

තිස්ස, මෙයාගේ නුවණ නම් කන් හැන්දක මිට තරම්වත් දිග නැහැ (නි)

:       0       0

සරත් Thursday, 29 December 2016 03:35 AM

කවදා හෝ මෙයා විවාහ කරගන්නා අයට සියලු දෙවියන්ගේ පිහිටයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 06 January 2017 02:39 AM

මේ කතාව කියවනවිට මතක්වුණේ අලිතාලියා ගුවන් යානය පැහැරගත් අපේ සිංහල තරුණයාගේ සිද්ධියයි. ආදරය නිසා මේ වගේ දේවල් නොවෙයි මීට වඩා දරුණු දේවල් වුණත් නොකර ඉන්නේ නැහැ. (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 28 December 2016 11:04 AM

කොහොමද ගැහැණු මොලේ? කාන්තා පරපුරටම ආඩම්බරයක්. (බ)

:       0       0

දිනේෂ් සිල්වා Monday, 09 January 2017 07:06 PM

මේක ගැන සිංදුවක් ලියලා ගායකයෙකුට දෙන්න ඕනෑ කියන්න. (නි)

:       0       0

බමුණු Wednesday, 28 December 2016 01:39 PM

එදා දුම්රිය පමා වීම නිසා වැඩ අවුල් වුන මිනිසුන් ගොඩට මෙයාව දමන්න. මෙයාව හම ගහන හැටි බලන්න. (බ)

:       0       0

භාතිය Wednesday, 28 December 2016 04:11 PM

දඬුවම? (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 January 2017 03:36 PM

ලංකාවේ ගැහැණු ඔහොමම තමයි. ඕපාදූප කියන්නත් හරිම දක්ෂයි. (නි)

:       0       0

කල්‍යාණි ජයවික්‍රම Tuesday, 24 January 2017 04:45 AM

ගැහැණියකගේ දෙතොල මත පිපෙන සිනහව පිරිමියකු නිසාම නොවේ. ඒත් ඇගේ දෙනුවන් තුළ උණන කඳුළු සහ හදවතේ ගිනි ගන්නා වෛරයට බොහෝ විට පිරිමියකු හේතුවෙයි (බ)

:       0       0

ජනහිත් Wednesday, 28 December 2016 10:54 PM

එයා අමාරුවේ වැටිලා මදිවාට අනෙක් අයත් අමාරුවේ දාන්න හදන එක හොද නැහැනේ. ප්‍රශ්නය බේරගන්න තිබුනේ ඒ මිනිහත් එක්කනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 14 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 158 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 179 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 401 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 153 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 106 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site