IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බදුලු ලංගම ඩිපෝවට ලක්ෂයක දඩයක්

ලංගම වැඩවර්ජනයකින් පෞද්ගලික බස් ධාවනයට සිදුවූ බාධා නිසා බදුල්ල ලංගම ඩිපෝ අධිකාරී ඇතුළු රියදුරන් හා කොන්දොස්තරවරුන්   15 දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය රුපියල් එක් ලක්ෂ පන්දහසක දඩ නියම කළාය.

එක් අයකුට නියම වූ දඩය රුපියල් හත් දහසකි.

ඩිපෝ අධිකාරී ඩබ්ලිව් එම් චන්ද්‍රපාල ඇතුළු පිරිසට මෙම දඩ නියම විය.

පසුගිය 26 වැනිදා නුවරඑළියේ සිට කල්මුණේ දක්වා අලුතින් පෞද්ගලික බස් රියක් යෙදවීමට විරෝධය පළ කරමින් කැප්පෙටිපොල ඩිපෝ සේවකයන් ඇරැඹූ වර්ජනයට බදුල්ල ඩිපෝ සේවකයෝ ද එක් වූහ.

පෞද්ගලික බස් වලට බදුලු බස් නැවතුම්පොළට ඇතුළු විය නොහැකි වන සේ බස් හරස් කිරීම නිසා පෞද්ගලික බස් ධාවනය ඇන හිටි බව අධිකරණයේ දී කියැවිණි.

පෞද්ගලික බස් හිමියන්ගේ පැමිණිලි අනුව පොලිසියෙන් මේ නඩුව පවරා තිබිණි.

 

 



අදහස් (0)

බදුලු ලංගම ඩිපෝවට ලක්ෂයක දඩයක්

සෙනෙවි Saturday, 21 September 2013 07:13 PM

නීතිය සාධාරණ විය යුතුයි.පුද්ගලික බස් වර්ජන වලට එක නීතියකුත් ලංගමයට තව නීතියකුත් හොද නැහැ.මෙය අරාජික තත්ත්වයක් (නි)

:       0       0

මුණසිංහ Thursday, 19 September 2013 06:25 AM

මෙතන තවත් දෙයක් තිබෙනවා. පෞද්ගලික බස් වර්ජන තිබෙන දවසක ලංගම බස් වලට වෙන අවහිර පාඩු පහරදීම් ගැන පොලීසිය නිහඩයි. එහෙම නම් මෙතනදී පොලීසිය ලංගමයට එරෙහිව පියවර ගත්තේ ඇයි? (නි)

:       0       0

හසී Wednesday, 18 September 2013 12:11 PM

හොද වැඩේ. මේ අයට ෂීට් වෙන් කරපු සල්ල දෙන්න බෑ කියපු අයට හොද වැඩේ.(නදී)

:       0       0

සුමිත් Wednesday, 18 September 2013 06:12 PM

ඇත්තටම මෙහෙම කළ එක හොදයි. නැත්නම් හැමදාම වර්ජන වර්ජන තමා. අපිට පෞද්ගලික බස් නැත්නම් හැමදාම මහමඟ තමා ඉන්න වෙන්නේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 18 September 2013 12:14 PM

වැඩ වර්ජන වලින් හැමදේම කරන්න බැහැ. කල්මුණේ බසය අවලංගු කරන්න නීත්‍යානුකුල පියවරක් ගන්න තිබුණා. (ස)

:       0       0

ඒලියන් Wednesday, 18 September 2013 01:14 PM

ඩිපෝ වල බස් අලුත් පිට විතරයි..තිබුනත් එකයි නැතත් එකයි කියලා භාවිතා කරන්නේ..බස් වල යන්න බෑ දුවිලි..ඉස්සෙල්ලා ඔය අඩුපාඩු හදා ගන්න පස්සේ වැඩ වර්ජන කරන්න..පින් පඩි ගන්න ඩිපෝ වල ලොක්කන්ට නඩු දාන්න ඕන ඔක්කොටම කලින්.හොඳ අදහස් තියෙන තරුණ තරුණියන් ගන්න ඩිපෝ වලට..පැත්තකට දාලා තියෙන බස් ටික හදලා බස් යන්නේ නැති පාරවල් වලට යොදවන්න.උදාහරණෙකට ඇල්පිටිය ඩිපෝවට ආවා නම් බලා ගන්න තිබුනා වෙන විනාසේ.වෙලාවට බස් එකක් නෑ.නොකිව්වට අනිත් ඩිපෝත් ඒ වගේ තමයි ඇණයක් බුරුල් උනත් බස් එක කැලේ.ඡන්දෙට වැඩ කරා කියලා 60 පැන්න අය ඕවට ගන්න එපා.සමහර රියදුරන් , කොන්දොස්තර මහත්වරුන් තමන් වැඩ කරන බස් එක තමන්ගේ දරුවෙක් වගේ බල ගන්නවා. ඒ අයට මගේ ප්‍රණාමය.හැම ඩිපෝ එකකටම නියමිත ආදායමක් වෙන් කරන්න ඒ අවුරුද්ද ඇතුලත ඒ ආදායමට ළඟා වෙන්න බැරි ඩිපෝ වල ලොක්කන් අයින් කරන්න නැත්තන් මාරු කරන්න.මේ පුවතට අදාල නැති වුනත් ඇත්ත මේකයි ලංකාවේ ලංගමේ.. (ස)

:       0       0

ලද්දු නිෂාන් Wednesday, 18 September 2013 01:25 PM

නියමයි. මේ අය හිතන් ඉන්නේ රජයේ සේවකයන්ට ආණ්ඩු පෙරලන්න පුලුවන් කියලනේ. ඒ උනාට මිනිස්සු පෙරලන්න බෑ.(නදී)

:       0       0

උපාලි Wednesday, 18 September 2013 01:41 PM

ලංගමය, වරාය වැනි තැන් දේශපාලුවන්ගේ හෙන්චයියලට රස්සා දෙන ස්ථාන බවට පත්වෙලා බොහොම කල්. ඒ වලෙන් ගොඩ එන එක ලේසි නැහැ. ගොඩ ගන්න කාටවත් උවමනාවකුත් නැහැ. මෙහෙමවත් ටිකක් දැනෙන්න අරින එක බොහොම හොඳ දෙයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 997 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6143 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3430 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 291 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1485 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28515 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site