IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බදුලු වැසියා නවසීලන්තයේදී මරුට

නවසීලන්තයේ රිවර්ස්ඩේල්හි සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රීලාංකිකයෙක් මරණයට පත්ව ඇතැයි රිවර්ස්ඩේල් පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ බදුල්ලේ පදිංචි ප්‍රදීප් ඉදිරිසිංහ (44) මහතාය.ඔහු රිවර්ස්ඩේල්හි කිරි ගොවිපලක සේවය කරමින් සිටි අයෙක් බව සඳහන්ය.

පොලිස් වාර්තා වලට අනුව ප්‍රදීප් ධාවනය කළ මෝටර් රථය මංසන්ධියක නවතා තිබියදී වෑන් රියක් එහි ගැටී තිබේ.ප්‍රදීප් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තත්ත්වයෙහි සිටි වෑන් රියැදුරු හා එහි සිටි තවත් කාන්තාවක් වහාම රෝහල් ගතකර ඇත.ඔවුන් දෙදෙන ඉතාලි ජාතිකයෝය.

දේහය ශ්‍රීලංකාවට ගෙනඒමට පියවර ගෙන ඇතැයි ඉතාලියේ සිටින ඩිලීෂියා ඩෙවෝටෝ මහත්මිය කියයි.

තොරතුරු ඩිලීෂියා ඩෙවෝටෝ මහත්මියගේ ෆේස්බුක් පිටුවෙනි.

 

sri-lankan-NZ-280815-full



අදහස් (0)

බදුලු වැසියා නවසීලන්තයේදී මරුට

අසෝක හෙට්ටිආරච්චි-මිලානෝ Friday, 28 August 2015 02:05 PM

සමාජයේ කාටත් උදව් කරන 'හොඳ' පුද්ගලයෙක් ලෙස අප කව්රුත් දන්නා ඔබ මෙතරම් කලින් අප ඇත හැර යාම මහත් වේදනාවකි. ඔබට නිවන් සැප ලැබේව!!! (අ)

:       0       0

ජීවානන්ද-මිලානෝ Saturday, 29 August 2015 11:33 AM

ඔබ සදහටම අප හැර ගියත් නිරතුරුවම ඔබ අප හදවත් තුල ජීවත් වෙනවා. ඔබට අමා මහා නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 28 August 2015 02:18 PM

'කොපමණ පින් කලත් නැත මාරයාගෙන් සමාවක්' ... සසර එතරම් භයන්කාරය. ප්‍රදීප් තරුණ මහතාට නිවන් සුව පසක් වේවා! (අ)

:       0       0

සුනිල් සිල්වා-මිලානෝ Friday, 28 August 2015 02:22 PM

දක්ෂ තරුණ ව්‍යාපාරිකයෙක් වූ ඔබට නිවන් සුව ලැබේවා. (මිලානෝ ලකී සෙවන් රෙස්ටෝරන්ට් කාර්ය මණ්ඩලය සහ සුනිල් අයියා) (අ)

:       0       0

පී. කරුණාසේන මිලානෝ Friday, 28 August 2015 03:01 PM

මිලානෝ, නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයකු වන ප්‍රදීප් මහතාට නිවන් සුව අත්වේවා! (අ)

:       0       0

මෛත්‍රී ගුණවර්දන (මිලානෝ ) Friday, 28 August 2015 03:47 PM

හොඳ මිනිසුන් ඉක්මනින් මෙලොව අත හැර යන බව මා අසා ඇත. ඔබට නිවන් සුව!!!! (හේ)

:       0       0

නන්දන පනාගොඩ-මිලානෝ Saturday, 29 August 2015 04:47 PM

ඉතාමත්ම දක්ෂ තරුණක් මෙලෙස ඉක්මනින් සමුගෙන යාම මිලානෝ බොහෝ දෙනෙකුට දරා ගන්න බැරිය. සුළු කලක් තුල මිලානෝහි ඉතාලි අපනශාලා කිහිපයක් ඇරඹු මෙතුමා කොළඹද තරු පහේ ඉතාලි අපනශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරමිනුයි හිටියේ. තරුණ ඔබට නිවන් සුව අත්වේවා! (නදී)

:       0       0

ජයන් බීතඩබ්ලිව් Saturday, 29 August 2015 05:02 PM

මාගේ හිතාදර මිතුර එදිරි. ජීවත්විය යුත්තන් ඇයි මෙලෙස අකාලයේ මිය යන්නේ. දෛවයේ සරදම මෙයද ? තවමත් අදාහගත නොහැක ඔබගේ වෙන්වීම. ඔබගේ මතකය මා අවධි කරන්නේ අපගේ සොදුරු පාසැල් කාලයයි. කාටත් උදව් කරන හිත හොඳ කොල්ලෙක් ඔබ. එදා තිබූ මිනිසත්කම මියෙනතුරා ඔබ ලඟ තබා ගන්නට කාරුණික වුනා මිනිස් සමාජයට. ජීවිතය අනියත බව ඇත්ත. එ්ත් මෙතරම් ඉක්මනින් මරණය ඔබ සොයා ආ බව මා කෙසේ සිතන්නද? මෙවන් අකල් මරණයක් මතු උපදින භවයකදී ඔබට සිදු නොවේවා..! ඔබට නිවන් සුව එදිරි..! (නදී)

:       0       0

රූපවතී Saturday, 29 August 2015 06:26 PM

මම ඔබව හදු නන්නෙක් නොවෙමි. ඔබේ අකල් වියෝව ගැන ශ්‍රී ලංකිකයෙකු වශයෙන් ඇත්තටම හදවත කම්පා උනා. ඔබ සමාජයට වටිනා පුද්ගලයෙකි. ඔබට අමා මහා නිවන්සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි (නදී)

:       0       0

පෙරේරා Friday, 28 August 2015 09:06 PM

නවසීලන්ත ප්‍රවෘත්ති වලට අනුව කැම්පර් වෑන් රථය නීති විරෝධීව පදවා ඇත්තේ ඉතාලි සංචාරකයෙක් විසින්. මෙය දෛවයේ සරදමක්ද? (නදී)

:       0       0

ගොඩ්ප්‍රී Sunday, 30 August 2015 02:05 AM

ආදී ඌව විදුහල් මිතුරාගේ පවුලට මාගේ බලවත් ශෝකය. (නදී)

:       0       0

තිලක් නවසීලන්තය ඔක්ලන්ඩ් Saturday, 29 August 2015 01:15 AM

අකායලයේ හැරයාම සිහිනයක් (අ) ‍

:       0       0

තිලක් නවසීලන්තය ඕක්ලන්ඩ් Saturday, 29 August 2015 01:24 AM

ප්‍රදීප්, ඔබ අප අතරින් නික්මයාම සිහිනයකි. වරද ඔබේ නොවුනද ඔබට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මිතුදම සදාකල් අපේ හදවත්වල පවතීවි. ඔබට නිවන් සුව !!! (අ)

:       0       0

නීල් මාගෙදරගමගේ Saturday, 29 August 2015 03:46 AM

පිටිගල මහතාණනි! මගේ අංකය තිරිමාගෙන් ඉල්ලගෙන කෝල් කරන්න. (නදී)

:       0       0

තිලක් මාතර ආරච්චි Saturday, 29 August 2015 03:48 AM

ඔබ අප අතැර නික්ම යාම තවමත් සිහිනයකි. වරද ඔබ නොවුවද ඔබට ජීවිතයන් වන්දි ගෙවීමට සිදුවිය. අප අතර තිබු සැබෑ මිතුදම සැමදා අප හදවත්වල පවතීවි. ප්‍රදීප් ඔබට නිවන් සුව! (නදී)

:       0       0

සුරේෂ් Saturday, 29 August 2015 03:54 AM

ඔබට නිවන්සුව ලැබේවා (නදී)

:       0       0

දහම්-මිලානෝ Sunday, 30 August 2015 06:33 AM

නොදුටු මිතුර, මා ඔබ ගැන බොහෝ හොඳ දේ අසා ඇත. ඔබට නිවන් සුව!(ම)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 30 August 2015 06:38 AM

මා උපන් බදුලු නගරයේ ප්‍රදීප් මහතාගේ පවුලට මාගේ බලවත් ශෝකය.(ම)

:       0       0

පිටිගල මිලානෝ Friday, 28 August 2015 01:16 PM

මිලානෝ හි කලක සිට පදිංචිව සිටින ප්‍රදීප් මහතා දක්ෂ ලෙස ඉතාලියට අවේනික 'මොසැරල්ලා' චීස් නිෂ්පාදකයෙකි. ඉතාලි පවුලකට අයිති නවසීලන්තයේ ගොවිපොළක් බදු ගෙන ඔහු මෙම ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගියා. සැබෑ දක්ෂයෙක් වූ ඔහුට නිවන් සැප ලැබේවා...! (අ)

:       0       0

රුවන්තක - මිලානෝ Friday, 28 August 2015 01:35 PM

ප්‍රදීප් මල්ලිට නිවන් සැප ලැබේවා. (අ)

:       0       0

මලිඳු පෙරේරා -මිලානෝ Friday, 28 August 2015 01:41 PM

දක්ෂයෙක් වූ ඔබට අපේ ප්‍රණාමය. නිවන් සැප ලැබේවා..! (ලෝටස් ක්ලබ් තරුණ සමාජය-මිලානෝ) (අ)

:       0       0

ගුණවර්ධන Saturday, 29 August 2015 10:32 AM

හිතවත් සහෝදරයෙක් නැති උණා විශාල කණගාටුවක් ඔබට නිවන් සුව ! ගුනවර්දන නෙදර්ලන්තයෙන් (නදී)

:       0       0

වලෙන්තීනා ගොන්සාල් (මිලානෝ) Friday, 28 August 2015 01:47 PM

ඉතාමත්ම හොඳ පුද්ගලයකු වූ ඔබට නිවන් සුව ලැබේවා!!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 14 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 84 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 198 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 631 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1145 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 854 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site