IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බදුවලින් තැලෙන්නන්ට සහන මල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධික බදු හේතුවෙන් පීඩාවට පත්ව සිටින වෘත්තිකයන් ඇතුළු පිරිස්වලට සහන සැලසීමට විශේෂ  වැඩපිළිවෙළක් අරඹන බව මුදල්  අමාත්‍යංශයේ ප්‍රධානීහු   ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පැවසූහ.

මේ අතර  උපයන විට බද්ද  ඉදිරි  අයවැයේදී සංශෝධනය කිරීම සඳහා මැදිහත්වීමට  එම ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇතැයි  එහි  සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

උපයන විට බද්ධ සංශෝධනය විය යුතු ආකාරය ගැන සති දෙකක්  ඇතුළත වාර්තාවක් දෙන ලෙස එම කාරක සභාව වෘත්තීය සංගම්වලට දැනුම් දුන්නේය.

බදු ගැටලුව නිසා වෘත්තිකයන් රට හැර යෑම බරපතල ගැටලුවක් බව පවසන කමිටුව මෙම ගැටලුව  විසඳීමේ අවශ්‍යතාව  රජයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දෙන බවද  සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ බදු ක්‍රියාවලියට සම්බන්ධ නොවූ පිරිස සම්බන්ධ  කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව නව බදු ගෙවන්නන් සමූහ වශයෙන්  ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් (  Bulk Registration)  ආරම්භ කෙරෙන බවද   ඔවුහු සඳහන් කළහ.

 

 



අදහස් (4)

බදුවලින් තැලෙන්නන්ට සහන මල්ලක්

prasanna Tuesday, 12 September 2023 02:44 PM

සේවක පඩි වැඩි කිරීමක් කරන්න ඕනෑ. රාජ්‍ය සහ පුද්ගලික අංශ දෙකේම... විශේෂයෙන්ම පුද්ගලික අංශවල වැඩකරන ජනතාව ගැන මුලින්ම බලන්න ඕනෑ. මේවල ඉන්න හාම්පුතාලා ලෝකයෝ...

:       0       0

නිමල් Tuesday, 12 September 2023 04:37 PM

අවුරුදු ගානක් අතේ තියන් හිටි පර්මිට් එකට වාහනයක්වත් ගෙන්නන්න දෙන්න මේ ටිකට ගෙවූ බදු ටිකවත් අඩුකරලා...!

:       0       0

Nimal Wednesday, 13 September 2023 08:25 AM

බදු වැඩිකරලා, ආයේ සහන දෙනවට වඩා, බදු අඩු කළා නම් ඉවරයි. මොන තියරිද අප්පා මේවා...

:       0       0

Keerthi Thursday, 14 September 2023 10:52 AM

මේ බදු ගැහිල්ල නිසා වෙලා තියෙන්නේ හරියට හම්බ කරන කෙනාට කෙලවෙලා යන අතර වැරදියට හම්බ කරන කෙනාට මොන බද්දදක්වත් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 18 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 777 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 653 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 863 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 517 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 426 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26033 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 289 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site