IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘බුදුහු‘ කැලණියෙන් යළි දඹදිව වඩිති

තෙසතියකට අධික කාලයක් බොදුනුවන්ගේ ඉහළම උපහාරය හා වන්දනාවට ලක් වූ කපිලවස්තු සර්වඥධාතු ප්‍රදර්ශනය කැලණියේ රජමහා විහාරයේ දී තව පැය කිහිපයක් අවසන් වෙයි. පෝලිමට එක් වූ සියලු දෙනාටම ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දුන් බව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටිය සංඝරක්ඛිත හිමියෝ හා මහජන සුබසාධන ඇමැති මර්වින් සිල්වා මහතා  කියති. පෙරවරු 11ට බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව ප්‍රදර්ශනය නිමවෙයි. මහින්ද රාජපක්‍ෂ ජනපති ද එම අවස්ථාවට සහභාගීවීමට නියමිත. අද පස්වරුවේ කටුනායක ගුවන් තොටට ගුවනින් වැඩම කරවන ධාතූන් වහන්සේලා, හාරසිය නමක් මහා සංඝරත්නයේ සෙත්පිරිත් දේශනා මධ්‍යයේ යළි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කෞතුකාගාරයට වැඩම කැරවීමට නියමිතය.



අදහස් (0)

‘බුදුහු‘ කැලණියෙන් යළි දඹදිව වඩිති

ප්‍රියන්ත Wednesday, 12 September 2012 03:33 PM

අනේ මට තවසැරයක් වඳින්න ඕනේ.. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 12 September 2012 10:11 AM

සාදු සාදු.. ලක් වැසි හැම දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා...! සාදු සාදු.. (ස)

:       0       0

මධු Thursday, 13 September 2012 12:57 AM

කිළිටි පුද්ගලයෝ ධාතු වැන්දහම ඒ මොහොතේම ධාතූ අතුරුදහන් වෙනවලු. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. මේ ධාතු කී දාහක් දෙනා වැන්දද? (නි)

:       0       0

අශාන් Thursday, 13 September 2012 01:00 PM

මෙතරම් පූජනීය දෙයක් ඇයි කෞතුකාගාරයක තියන්නේ? ලංකාවේ වගේ දළදා මාළිගාව වැනි විශේෂ තැනක් හදන්න. (නි)

:       0       0

සරා Wednesday, 12 September 2012 03:28 PM

ලුම්බිණි, ඔයාගේ නමටත් ඔයා ලැජ්ජාවක්. හැමදේටම දේශපාලනය ගාවා ගන්න එපා. අනික හරකෙක් වුණාට උම්බෑ කියන්න එපා.(නි)

:       0       0

ලංකානාථ Wednesday, 12 September 2012 10:10 AM

බුදුහු???? (ස)

:       0       0

මාධව Thursday, 13 September 2012 12:59 PM

පිං සිද්ද වේවා අපිට වදින්න ඉඩ සලසුවට

:       0       0

අසේල Thursday, 13 September 2012 01:15 AM

ආනන්ද පිටබද්දර දයා කිව්ව හරි.. මේ බුද්දොත්පත්ති කාලයක් තමයි.. බෞද්ධ පොත පත කියවා දැනුම ලබාගන්න..!(නු)

:       0       0

ලක් වැසියා Wednesday, 12 September 2012 10:28 AM

ඔය උතුම් වූ පුණ්‍යකර්මයට සහභාගී වීමට නොහැකි වූ අප සියලුම දෙනාටත් ඔය පිං අනුමෝදන් වෙත්වා. සාධු සාධු සාධු සාධු!(ස)

:       0       0

රුවන් Thursday, 13 September 2012 01:34 AM

චතුර විජයසිරි, ඔබ හරියටම හරි. නියම බෞද්ධයෙක්. (නි)

:       0       0

ලකී Wednesday, 12 September 2012 10:36 AM

ලුම්බිණි මොන ආගමේද ? ඔයා කියන්න යන්නේ මොකද්ද (ස)

:       0       0

ඩයස් Thursday, 13 September 2012 02:19 AM

ආයෙත් වඩීවි. (නි)

:       0       0

සමන් පුෂ්ප කුමාර Thursday, 13 September 2012 02:32 AM

තෙරුවන් සරණයි ලෝක වාසීන්ට

:       0       0

සුනිල් Thursday, 13 September 2012 03:01 AM

සෑම වසරකදීම මෙම පින්කම නියම කලට සති තුනක් පැවැත්වීමට හැකිවේවා! (නි)

:       0       0

ලංකා Thursday, 13 September 2012 03:10 AM

මේ තරම් බණ අහන රටක, මේ තරම් බණ කියන රටක, මේ තරම් ධාතු වැඩසිටින රටක, මේ තරම් ධාතු වන්දනා කරන රටක සදාචාරය වළ පල්ලට ගිය අරුමය කිමදැයි කියන් මට. (නි)

:       0       0

ඉන්දික Wednesday, 12 September 2012 11:01 AM

සාදු සාදු අපේ බුදුන් අපි වැන්දෝ . ඔක්කොටම පින් .(ස)

:       0       0

රණා Wednesday, 12 September 2012 11:11 AM

ජනපති තුමණි...මේ ප්‍රණ්‍යභූමිය තව තවත් එළිය කරන්න. (ස)

:       0       0

නුවන් Wednesday, 12 September 2012 04:03 PM

ධර්ම රාජ්‍යයේ බුදු හාමුදුරුවන්ටත් එස් .ටි .එෆ් .ආරක්ෂාව (ස)

:       0       0

ඕෂධී Thursday, 13 September 2012 04:39 AM

දැන් ඉතිං බලන්න බැරියෑ අහිංසක සත්තුන්ට වෙන දේ? අනේ ඇත්තට, ධාතූන් වහන්සේලා හැමදාම ලංකාවේ හිටියා නම් හොදයි. (නි)

:       0       0

සිසිර Wednesday, 12 September 2012 04:11 PM

බුදුන්ගේ ධාතු වදින්න පැමිණි සියළුම දෙනා අර අහිංසක සත්තු ටිකගෙ ජීවිත බේරගන්න මුන්නේස්වරම් දේවාලයට ආවෙත් ඔබ සැමට මහගු පිණක් අත්වෙනු ඇත.!(නු)

:       0       0

සමන් Wednesday, 12 September 2012 11:21 AM

ලුම්බිණිගෙ ආගම ඉස්ලාම්. එයා ඔය නම දාගෙන ඉන්නෙ ඇයි දන්නේ නැහැ. (නි)

:       0       0

ඉනෝකා Friday, 14 September 2012 02:54 AM

රොෂාන්, පිරිසුදු බව තියෙන්න ඕනෑ සිත්වලයි. ඔයාගේ සිත සැදැහෙන් බුදුන් පුදන සැදැහවතුන් දැක වෛරයෙන් දූෂණය වෙලයි තියෙන්නෙ. වෛරී සිතින් මරණයට පත්වුණොත් යන්න වෙන්නෙ නිරයටයි. රොෂාන්, ඒ වගේම සිත පිරිසිදු කරගැනීම ඔබගේ ශරීර සෞඛ්‍යයටත් හොදවෙයි. සත්‍යය පෙන්නාදීමයි ආගමට නිගරු කීරීමයි දෙකක් කියන වගත් මතක තියාගන්න. මිනිසුන් කරන කියන දේවල් බලාගෙන ඉන්න දෙවියෙක් ඉන්නවානම් මෙච්චර දරුණු අපරාධ කොහොමද ලෝකෙ සිද්ධ වෙන්නෙ? දෙවියන්ගේ නාමයෙන් මේ වෙනකොට ලොකයේ කොයිතරම් නම් මිනිසුන් හා තිරිසන් සතුන් මරලා තියෙනවාද? කොයිතරම් යුද්ධ කරලා තියෙනොද? කරනවාද? එහෙම වෙලාවටවත් ඔය සර්වබලධාරී දෙවිවරුන්ට මිනිසුන් ඉදිරිපිට පෙනීහිටලා, අනේ මම මවපු දරුවනේ මම වෙනුවෙන් මරාගන්න එක නවත්තපල්ලා කියලා කියන්න බැරිද? ඔය කියන දෙවිවරු ජීවමාන වෙන්නෙ එහෙම වුණොත් නේද? රොෂාන් ඔයාට නොතේරෙන සත්‍යයත් ඒකයි. බුදුන්වහන්සේ දෙසූ උතුම් දහමට අනුව පුද්ගලයාගේ නිවන තියෙන්නේ නොපෙනෙන දෙවියක් අතනොවෙයි. පුද්ගලයාගේ ආත්මශක්තිය හා පිරිසුදු වූ කායික, වාචසික හා මානසික ක්‍රියාවන්ට අනුවයි. (නි)

:       0       0

දිනේෂ් මධුරංග Wednesday, 12 September 2012 11:20 AM

සාදු සාදු සාදු! සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම අපට ජීවමාන බුදුන් වහන්සේ දැකීමක් බඳුයි. මේ වෙනුවෙන් ඇප කැප වූ දෙරටේ රාජ්‍ය නායකයන්ටත්, වත් පිළිවෙත් ඉටු කළ මහා සංඝරත්නයටත්, දිවා රෑ නොබලා ආරක්ෂාව සැපයු පොලිසිය, හමුදාව ඇතුළු සියලුම සංවිධාන වලටත්, බැතිමතුන්ට පහසුකම් සැපයු සෑම දෙනාටත් පිං අනුමෝදන් වෙත්වා! (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 12 September 2012 11:27 AM

බුදු හිමි ලංකාවට වැඩලා නැවත ඉන්දියාවට වඩිනකොට ලොකු දුකක් දැනෙනවා. (නි)

:       0       0

සහන් Wednesday, 12 September 2012 11:28 AM

ලුම්බිණි නමින් පෙනී සිටින අය ගැන බුදුන් වහන්සේගේ කාලයේ පටන් අපට අසන්නට ලැබෙනවා. ( පසුගිය අවුරුදු 2600 පුරාම එහෙම අය හිටිය දෙව්දත් තෙරද ඇතුළුව ) ඒ අය ඔවැනි කතා කවදත් කියනවා ඉදිරියටත් කියාවි, මෙතන කමෙන්ටුත් දමාවි. නමුත් අප ඒවා ගැන කලබල විය යුතු නැති බවයි මගේ අදහස. (ස)

:       0       0

කුලාන් Thursday, 13 September 2012 06:45 AM

සාධූ!!!සාධූ!!!සාධූ!!! සියළු දෙනාටම තෙරුවන් සරණින් යහපතක් සෙතක් ශාන්තියක් වේවා!!! (නි)

:       0       0

වජිර Thursday, 13 September 2012 06:40 AM

අපි මේ ප්‍රශ්නය අවසන් වනතුරු සියලුම ආකාරයේ ආගමික ක්‍රියා නතර කරමුද? (නි)

:       0       0

සිදත් Wednesday, 12 September 2012 04:19 PM

ධාතු වැදීමෙන් පිනක් මෙන්ම සද්ධාව වර්ධනය වේ..!!(නු)

:       0       0

ඒකනායක Wednesday, 12 September 2012 11:44 AM

ලුම්බිණි ඔයානම් බුද්ධාගමේ වෙන්න බෑ (ස)

:       0       0

සමන් Thursday, 13 September 2012 07:37 AM

පස්වරක් බුදුන් වැඩපු දේශයේ සියළු අපරාධ නැතිවී පාලකයන් දැහැමි වේවා..!! (නු)

:       0       0

විජේරත්න Wednesday, 12 September 2012 04:28 PM

ලුම්බිණි කියන නමටත් කැතයි. (නි)

:       0       0

ජයරත්න Wednesday, 12 September 2012 11:46 AM

අනේ ලුම්බිණි, ඌරන්ට මොන සෞඛ්‍යයක්ද කිවුවලු. (නි)

:       0       0

මාලනී Wednesday, 12 September 2012 04:35 PM

නමස්කාර වේවා බුදු සමිදුට...සැමදා බුදු හිමි සරණ යමී... (ස)

:       0       0

කාවින්දි Wednesday, 12 September 2012 04:52 PM

ලුම්බිණි,නිර්මලා,ජයන්ත සහ චින්තක යන අය වත්මන් දෙවුදත්තෙරලා වගේ තමයි. (නි)

:       0       0

විජය Wednesday, 12 September 2012 12:01 PM

මම පෝළිමේ දරුවන් සමග සිටියත් මට වදින්න බැරිවුණා. නමුත් මම නිවසට එන්න පළමුව, දරුවන් සමග විහාරයකට ගොස් බුදුන් වහන්සේ සිහිකර වන්දනා කළා. මම හිතනවා මම බුදුන් දැක්කා කියලා. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 12 September 2012 04:57 PM

චින්තක, ලංකාවේ වැඩිම ධාතු ප්‍රමාණයක් තිබෙන බව දන්නවා. ඒත් ඇස් දෙකෙන් දකින්න පුළුවන් ඒවායින් කීයෙන් කීයද? අනික බුදුන් වහන්සේගේ ධාතු කොහේ තිබ්බවත් එක සේ වටිනවා. එය ලෝකේ කොහේ තිබ්බත් එකයි. (නි)

:       0       0

විජය Wednesday, 12 September 2012 12:06 PM

බුදුන් වහන්සේගේ නිර්මල ධාතූන් වහන්සේ වදින්න..(ස)

:       0       0

ආනන්ද Thursday, 13 September 2012 08:22 AM

කෙනෙකුට ඕනෑම දෙයවක් කියන්න අයිතිය තියෙනවා. ඒක එයාගෙ නිදහස. ඇයි මේ අපි කෙනෙක් කිවුව දෙයක් අල්ලාගෙන ඒ පස්සේ දුවන්නේ? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 12 September 2012 05:02 PM

අපරාදේ, ගෙනිච්චද? ඉතින් කොහෙද? හදිස්සියනෙ. (නි)

:       0       0

මනෝරි Wednesday, 12 September 2012 05:02 PM

ධාතු වන්දනාව වෙන එකක්, රටේ ප්‍රශ්න වෙන එකක්. මේ දෙක පටළවා ගන්න හොඳ නැහැ. ධාතු වන්දනාව නිසා රටේ ප්‍රශ්න අමතක වෙනවා නම් ඒක ජනතාවගේ ගැටළුවක්. ධාතු වන්දනාව මුවාවෙන් රටේ ප්‍රශ්න අමතක කරන්න පාලකයන් උත්සහ දරනවානම් ඒක වෙනමම ගැටලුවක්. (නි)

:       0       0

රොෂාන් Thursday, 13 September 2012 08:37 AM

ඉනෝකා, ඕනෑම ධාතුවක් වැඳගන්න.නමුත් වඳින්න පෙර සිතා බලන්න. සත්‍ය කියන දෙය සත්‍යයි. එය ඉස්මතුවීම අනිවාර්යයි. ධාතූන් වහන්සේ වඳින්න පෙර පරිසරය පිරිසිදු කළ යුතුයි. බලාපොරොත්තු වෙනවා උගතුන්ට මෙය තේරේවි කියා. (නි)

:       0       0

මහේල Thursday, 13 September 2012 08:33 AM

චතුර විජයසිරි, ඔබ හරියටම හරි. මෙතන ගොඩක් දෙනෙක් තමන්ගේ ආගම කරගෙන තියෙන්නේ වෛරී දේශපාලනය. (නි)

:       0       0

වරුණ Wednesday, 12 September 2012 05:14 PM

මමත් ඉන්ද්‍රජිත්ගේ ප්‍රකශ්‍ය අනුමත කරනවා.. ලංකාවෙ අය සැබෑදේ සැබෑ ලෙස තේරුම් ගන්න දවසක යම් වෙනසක් වේවි.. එතකං බලාගෙන ඉන්න..!!(නු)

:       0       0

කුළරත්න Wednesday, 12 September 2012 12:28 PM

මේ ධාතුන්වහන්සේලා ලංකාවෙ තිබුණානම් ඉතාමත් ගරු සරු ඇතිව රැක බලා ගන්නවා..!!(නු)

:       0       0

සඳුන් Thursday, 13 September 2012 02:43 PM

මෙහි වැරදි සහගත ලෙස ධාතුන් වහන්සේලා වැඩමවීම කෙරෙහි ප්‍රතිචාර දමා ඇති සියලු දෙනා, නොදැනුවත්කම නිසා පවු පුරවා නොගනිත්වා! අන් සියලුදෙනා එසේ නොදැනුවත්කමින් කළාවූ ප්‍රතිචාර දැක කෝප නොගැනීමට දක්ෂ වෙන්න. තම තමන්ගේ ශ්‍රද්ධාවේ අඩු වැඩි බව අනුව ධාතුන් වහන්සේලා වන්දනා කරපු අය පින් රැස් කරගනීවි. රටේ දැවෙන ප්‍රශ්න මෙයින් අමතක කළ හැකි යයි සිතීම මහා අනුවණකමකි. බොදුනුවන් හැටියට අපි දක්ෂ වෙන්න ඕනෑ , මොන ගැටළු තිබුණත් , අවස්ථාව ලැබුණ වෙලාවේ පිනක් දහමක් කරගන්නත්. (නි)

:       0       0

සංජු Wednesday, 12 September 2012 05:22 PM

බුදු හිමි ලංකාවට වැඩලා නැවත ඉන්දියාවට වඩිනකොට ලොකු දුකක් දැනෙනවා. (නි)

:       0       0

විශ්ව Wednesday, 12 September 2012 12:35 PM

මම හිතන්නෙ බුදුහිමිගේ ධාතුන් වැඳපුදා ගැනීමටත් අපිට පින්ත් වසනවකුත් තියෙන්න ඕන.ඒ නැතත් අපි නිවරදිව දහමට අනුව ජීවත් උනොත් බුදුන් දකිනවා හා සමාන වේ (ස) .

:       0       0

අමල් Thursday, 13 September 2012 08:55 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු? බුදුන්ගේ කාලයේ නම් මිනිස්සු මෙහෙම පිස්සු නැටුවේ නැතුව ඇති. (නි)

:       0       0

මධු Wednesday, 12 September 2012 05:32 PM

ගෙනාව ධාතු ඔක්කොම තියෙනවා නේද?(නු)

:       0       0

අසේල Friday, 14 September 2012 01:20 PM

සාධු....සාධු....සාධු....සාධු....

:       0       0

පද්මි Thursday, 13 September 2012 08:54 AM

අපේ රටේ හාමුදුරුවරු මුල් වෙලා කරන්න ඕනෑ දේවල් කරන්නේ දේශපාලඥයින්. (නි)

:       0       0

නේත්‍රානන්ද Thursday, 13 September 2012 02:57 PM

අනේ කරුණාකර අපගේ පින්වතුන් මේම අන්තර්ජාලයට පිවිස මේක නරඹන්න. එතකොට මේ ධාතුන්වහන්සේ පිළිබදව දැනගත හැකිය. http://hmherath.blogspot.co.uk/2012/09/blog-post.html (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 13 September 2012 09:03 AM

ධන්ත ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලුම දේශනාවන්ගේ ස්පර්ශය ලබා තියෙනවා.. ඒ නිසා දන්ත ධාතුන් වහන්සේලාගෙන් ආශ්චර්යයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. (නි)

:       0       0

කන්කානම්ගේ Wednesday, 12 September 2012 12:45 PM

මේ වගේ දූෂිත රටක ධාතූන් වහන්සේලා වැඩ හිදී කියා මා නම් හිතන්නේ නෑ..(ස)

:       0       0

නමුනු Wednesday, 12 September 2012 05:30 PM

මොකද මේ හාමුදුරුවෝ දිලිසෙන රෙදි ජාතියක් ගැටගහගෙන? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 12 September 2012 12:40 PM

ප්‍රභාත් කියන කතාව 100% ක් ඇත්ත පුදුම දුකක් දැනෙන්නේ............ යලි වඩිනු මැන. (ස)

:       0       0

රොෂාන් Thursday, 13 September 2012 03:06 PM

අමිල, දෙයක් වඳින්න ඕනෑ කියා, කියා ඇත්තේ කවුද? බුදු හාමුදුරුවෝ උන්වහන්සේව වඳින්න කියා, කියා නැතිවිටෙක ධාතුවක් වඳින්න ඇයි මෙච්චර...? (නි)

:       0       0

චතුර විජය ශ්‍රී Wednesday, 12 September 2012 05:45 PM

අසත්පුරුෂයා නිතරම යමක ඇද පලුද්දක් තමයි සොය සොයා ඉන්නේ. ඒක තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්න අවස්ථාවක් කරගන්නවා. නමුත් ඇත්තටම වෙලා තිබෙන්නේ තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තිබෙන කුණු ගොඩවල් ටික ඔක්කෝම එළියට දාගෙන මිත්‍යාවන් වපුරන එක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු කෙනෙකුන් කෙරෙහි අමූලිකා සද්ධාවෙන් වුවද කරන පූජාව අග්‍ර වූ විපාක පිණිස පවතිනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර දක්කිණෙයිය ගුණය නිසා. ඒක නිසා බොහෝ දුක් මහන්සි වෙලා දවස් ගණන් පෝලිම් වල ලැගලා හරිහමන් කෑමක් බීමක් නැතිව අපගේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නට යන මේ පින්වත් පිරිස තුළ පවතින උතුම් අමූලිකා සද්ධාවවත් මෙතැන නන් දොඩන මෝඩ පණ්ඩිත ජනයා තුල නැති බවත් කිසිම දියුණු කරන දියුණු කළ ගුණධර්මයකුත් නැති බවනම් පැහැදිලි කරුණක්. ඔවුන් බොහෝ දුක සේ කළ පින සතුටින් මම අනුමෝදන් වෙනවා. සත්පුරුෂ හැමෝමත් එසේම කරත්වා. ඒ අවාසනාවන්ත අසත්පුරුෂ පිරිස ගැන අනුකම්පාව උපදවාගනු හැර වෙන කිරීමට යමක් නැත. (නි)

:       0       0

වරුණ Wednesday, 12 September 2012 12:52 PM

මේ ධන්තධාතු හිස මත තබාගෙන යා යුත්තේ බුද්ධ දේශණයට අනුව ජීවත් වන අය පමණයි..!!(නු)

:       0       0

කුමාර Thursday, 13 September 2012 09:32 AM

ලුම්බිණි, හැමදේ දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. (නි)

:       0       0

රංග Thursday, 13 September 2012 09:37 AM

ලුම්බිණිට වල් ඌරු මාලූ කෑල්ලක් දෙමු හප හපා ඉන්න. (නි)

:       0       0

ආනන්ද Wednesday, 12 September 2012 12:59 PM

ලුම්බිණි, බුදුන් ඉපදුනු දේශය හදුන්වන්නෙත් ලුම්බිනි කියන නමින් අපට ඒ උතුම් නම ඇසුනත් ඇතිවන්නෙ සතුටක් ,ඒත් දැන් නිඝන්ටයො මතක් වෙන්න ගනීද දන් නෙ නැහැ(ස)

:       0       0

සෙනරත් Thursday, 13 September 2012 03:08 PM

දැක බලා සතුටු වී පින් රැස් කරන්න (දී)

:       0       0

අචිනි Thursday, 13 September 2012 09:40 AM

මට ගොඩක් දේවල් කියන්න හිතෙනවා. නමුත් බුදුන්ට අපහාස වන නිසා නොකියා ඉන්නවා. (නි)

:       0       0

මාලක Thursday, 13 September 2012 03:09 PM

අශාන් සහෝදරයා, ඉනෝකාගේ කතාව හරියටම හරි. ඒකේ කිසි වැරද්දක් නැහැ. කිසියම් කෙනෙක් කිවුව පළියට හෝ පොතක තිනුන පළියට හෝ අපි දෙයක් පිළිගන්නේ නැහැ. යාතිකා කිරීමෙන් මේ ලෝකේ සුවපත් වෙනවා නම් කොච්චර හොදද ? බලන්න අද යාතිකා කරන රට වලට වෙලා තියෙන දේ? කෝ දෙවියන්? ඒක නිසා ඔයත් නිකන් ඉන්න වෙලාවට බුදුදහමේ පොතක් අරන් කියවලා බලන්න.නමුත් මම දන්නවා ඔයාගේ ආගමේ ඒකට කිසිම නිදහසක් නැහැ කියලා.ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න අපිට මෙච්චර නිදහසක් දීපු උත්තමයෙකුට අපේ ගෞරවය කොච්චර ද කියලා.අපි ඔයාලට අනුකම්පා කරනවා.ඉක්මනට ඔය අන්ධකාරයෙන් නිදහස් වෙලා මේ සුන්දර දහමේ ආලෝකයෙන් සැනසෙන්න කියලා. (නි)

:       0       0

තානු Wednesday, 12 September 2012 01:23 PM

අපගේ ශාස්තෘන් වහන්සේ ආශ්චර්යවත් වන සේක. ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේද ඉතා රූපවත් කෙනෙක් නෙවැ. සොඳුරු පෙනුමක් ඇති කෙනෙක් නෙවැ. දුටුවන් පහදින කෙනෙක් නෙවැ. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු කෙනෙක් නෙවැ. රන්වන් පැහැ ඇති කෙනෙක් නෙවැ. බ‍්‍රහ්මයාගේ බඳු ශරීරාලෝකය ඇති කෙනෙක් නෙවැ. දැකීමට පවා ඉඩකඩ අපහසුවෙන් ලැබිය යුතු කෙනෙක් නෙවැ. (නි)

:       0       0

නන්දන Wednesday, 12 September 2012 06:08 PM

ලුම්බිණි ඉන්න තැන හොයාගන්න මම දන්නවා. (නි)

:       0       0

ගාමිණි Wednesday, 12 September 2012 01:25 PM

ලුම්බිනි ඔහේ අයිති ආගමටත් කුමන හෝ ධාතුවක් ඇත්නම් මෙහේ ගෙනැල්ලා පෙන්නගත්තට අපේ අකමැත්තක් නැහැ. නමුත් බහුතරයකගේ ආගමට නිගරු වන විධියේ කතා හැංගිලා ඉදලා කියන්න එපා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 06:11 PM

චතුර විජය, ඔ‍බගේ අදහසට මම එකගයි. මිත්‍යා දෘෂ්ටිකයන්ට කට උත්තර නැහැ. (නි)

:       0       0

තානු Wednesday, 12 September 2012 01:20 PM

ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසෙන් සත්කාර ලැබූ කෙනෙකි. ගෞරව ලැබූ කෙනෙකි. බුහුමන් ලැබූ කෙනෙකි. පිදුම් ලැබූ කෙනෙකි. යටහත් පැවැතුම් ලැබූ කෙනෙකි (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 01:20 PM

දං බිලිපූජාව දෙන්න සූදානම් කරනවාද දන්නෙ නැහැ..!! (නු)

:       0       0

දිසානායක Wednesday, 12 September 2012 06:33 PM

අනේ සාධු. අපි නම් දැක සතුටු උනා (දී)

:       0       0

මාරි Thursday, 13 September 2012 10:35 AM

මම බෞද්ධ නොවුනත් මම ධාතුන් වහන්සේලා වන්දනාවට ගියා.. මම මගේ ආගමට වගේම අනෙක් ආගම් අගය කරනවා. ගරු කරනවා.. ඇයි හැමෝටම එහෙම ඉන්න බැරි..!(නු)

:       0       0

කමිදු Wednesday, 12 September 2012 01:38 PM

පෝලිමේ ඉදල මාතරදී මාත් වැද ගත්තා. ඉතින් පහසුකම් සපයපු කාටත් පින්. ගොඩක් දන්සල් තිබුණා ඒ හැමටත් පින්. (ස)

:       0       0

සඳුන් Wednesday, 12 September 2012 01:32 PM

ලුම්බිණි, කියන තැනැත්තා හෝ තැනැත්තිය , දිනෙක සිය මවගේ නමිනුත් පෙනී ඉදිමින් ඔය වගේ දෙයක් කිවුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. එතකොට මිනිස්සු අමතන්නේ මගේ නම කියානේ. (නි)

:       0       0

දුශාන්ත Wednesday, 12 September 2012 06:41 PM

සාධු සාධු! බුදු සරණයි! (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Thursday, 13 September 2012 10:45 AM

“අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා - බුදුහාමුදුරුවනේ“ අපි ඔබ වහන්සේගේ මග පෙන්වීම දකින පිරිසක්. මා ඔබවහන්සේගේ ධර්මය වැළදගෙන සිටින්නේ උපතින් බෞදයෙකු වූ නිසා නොවේ. ධර්මය තේරුම් ගෙනයි. ඔබ වහන්සේගේ ධර්මය මා දකින්නේ සසර කෙටි කර ගැනීමටයි. නමුත් අද ජීවිතය කෙටි කරන සමාජීය ගැටලු වැසීමට කවුරුන් හෝ ඔබ වහන්සේව යොදා ගන්නවානම් මා තදින්ම විරුද්ධයි. මා බුද්ධාලම්බන ප්‍රීතිය අන්ධානුකරනයෙන් හිස පොරවාගෙන සමාජය දකින්නේ නැහැ. දේශපාලනය සහ ආගම මා දකින්නේ දෙකක් ලෙස. නමුත්, දේශපාලන සමාජීය දුර්වලතා වසා ගැනීමට කිසිම ආගමක් යොදා ගන්නවානම් මා තදින් විරුද්ධයි. ඔබ වහන්සේ අතීතයේ දී නාග දීපයට වැඩමකළේ ජීවිත දහස් ගණනක් බේරා ගන්න. නමුත් ජීවිත දහස් ගණනක ගැටලු වැසීමට ඔබ වහන්සේ යොදාගන්නවානම්, අප එය අනුමත කරමුද? (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Wednesday, 12 September 2012 01:37 PM

දඹදිවට නෙ යන්නෙ ඉන්දියාවට නෙවෙයිනේ..!!(නු)

:       0       0

ලුම්බිණි Wednesday, 12 September 2012 01:45 PM

මහත්වරුනි, මගේ කිසිම විරුද්ධයක් නැහැ සර්වඥධාතු ප්‍රදර්ශනය ගැන. මම බුදුන් වහන්සේ දේශනා කර තියෙන දේවල් හොඳට කියවල තියෙනවා. මම කියන්නේ මේ රටේ දැවෙන ප්‍රශ්න විසඳන්නත් මේ වගේ උදේ හවස හොයල බලල කටයුතු කරනවානම් ඒකම ඇති නිවන් දකින්න. වෙන පින් අවශ්‍ය නැහැ. (ස)

:       0       0

චරිත Wednesday, 12 September 2012 01:40 PM

ලුම්බිණි මෝඩ කතා කිවුවට දහස් ගණනක් වැදලා පින් ලබා ගත්ත එක ලොකු දෙයක්. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 12 September 2012 01:50 PM

මේ බුද්ධෝත්පත්ති කාලයේ ඉපදුන අපි හැම දෙනාම ඉතාම වාසනාවන්තයි සාධු සාධු සාධු (ස)

:       0       0

මිහිරි Thursday, 13 September 2012 11:08 AM

සර්වඥතා ධාතු බලන්න පෝළිමේ හිටිය ගොඩක් දෙනෙක් හිටියේ එතනට ආපු ගෑණූ ළමයින්ව බලන්න කියන්නේ ඇත්තද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 12 September 2012 01:56 PM

තෙරුවන් ගුණ බෙලෙන් බිලි පූජා සදහටම ලක් දෙරණින් තුරන් වේවා! (නි)

:       0       0

අතුල Wednesday, 12 September 2012 07:10 PM

ලුම්බිණීටයි, එයාට කත් අදින කට්ටියටයි වෙන දේ අපි නොකිවුවත් එයාලටම ළගදීම බලාගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

චින්තක Wednesday, 12 September 2012 01:59 PM

ප්‍රභාත්ලා වගේ අයට මොකක් කියන්නද කියලා තේරෙන්නේ නෑ. ඉන්දියාවෙන් ගෙනාපු සර්වඥ ධාතු ආපහු වැඩම කරද්දී දුකයි කියනවා. ඒත් දන්නවද ලංකාවේ තමා වැඩිම ධාතු ප්‍රමාණයක් තියෙන්නේ. දළදා මාලිගාවේ හා සෝමාවතීයේ දන්ත ධාතුව, රුවැන්වැලි සෑයේ නැලියක් පමණ වූ ධාතූන් වහන්සේලා. ඒවා ඔක්කොම බුදුහාමුදුරුවන්ගේ ධාතූන් වහන්සේලා. ඒව ගැන දන්නේ නැද්ද ? නැත්තම් මේකත් මේ පිටරට දේ සිරි සැප දේද ? (ස)

:       0       0

ආනන්ද Wednesday, 12 September 2012 02:03 PM

දැවෙන ප්‍රශ්න තියෙන්නෙ ගිනි තියන්න බලන් ඉන්න අයට. ඔය කියන තරම් ප්‍රශ්ණ ජනතාවට නැති බව ඡන්ද ප්‍රථිපල වලින් දැක්කෙ නැද්ද (ස)

:       0       0

ලක්මාල් Wednesday, 12 September 2012 02:09 PM

ලුම්බිණි කියන දේ හරියටම හරි (ස)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Wednesday, 12 September 2012 02:04 PM

ලුම්බිණි, ඔයා කියන දෙය ඉතා පැහැදිලියි. ඒක සමහර අයට තේරුනේ නැති වුනාට. (ස)

:       0       0

නිර්මලා Wednesday, 12 September 2012 02:10 PM

මම මෙතන ආගම් ගැටුමක් දකින්න කැමති නෑ. ඒත් මේ ටිකත් හිතන්න ඕන. ධාතූන් වහන්සේලා පෙන්වීමේ ප්‍රධාන අරමුණ මොකක්ද. අපිට රටේ ප්‍රශ්ණ අමතක කරන්න ද? (ස)

:       0       0

හෂාන් Wednesday, 12 September 2012 02:22 PM

දුක හිතෙනවා නේද

:       0       0

උමා Thursday, 13 September 2012 12:01 PM

සියලු ලක් වැසියන්ට යහපතක්ම වේවා ! (නි)

:       0       0

අකලංක Wednesday, 12 September 2012 07:49 PM

පන්සිල් නොරකින සමාජයකට ධාතූන්ගෙන් ලැබෙන ආශිර්වාදයක් නැත. (නි)

:       0       0

නිලන්ත Wednesday, 12 September 2012 02:35 PM

ලුමිබිණී නමටත් ලැජ්ජයි. (නි)

:       0       0

ඉනෝකා Wednesday, 12 September 2012 07:58 PM

ලුම්බිණි ඇතුළු වෙනත් නම් වලින් පෙනීසිටිම්න් බෞද්ධ වත්පිළිවෙත් වලට හා විශ්වාසයන්ට ගරහන කොහේවත් නැති සර්වබලධාරී දෙවියෙක් පිළිබද මනඃකල්පිත විශ්වාසයක එල්බගෙන අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටින මේ පිරිස බුදුන්වහන්සේ හා උන්වහන්සේ ගේ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන දන්නෙ මොනවද? මේ මිත්‍යාදෘෂ්ටිකයන් දන්නෙ දණින් වැටී හිස් ආකාශයට අත් උස්සාගෙන යදින්න විතරයි. ඔය දේ යාචකයොත් කරනවා. (නි)

:       0       0

සත්සර Thursday, 13 September 2012 11:58 AM

කුහක සමාජයකට කාගේවත් පිහිටක් නැහැ. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Wednesday, 12 September 2012 08:07 PM

අපේ පාලකයන් රපේ රටේ ජනතාවගේ හද ගැහෙන්නේ කොහොමද කියලා දන්නවා. අපේ මිනිසුන් හරි වැරැද්දක් දෙපාරක් නොබලා ආගම හෝ සිවුර වටා රැස් වෙනවා. ඒ නිසා ඔවුන්ට වාසි ගන්න පුළුවන් අවස්ථා වලදී ඒ සදහා විවිධ උපක්‍රම දක්වනවා. මෙතන ප්‍රතිචාර දමන අය දිහා බලපුවාම එය පෙනෙනවා. හුග දෙනෙක් හිතන්නේ යාථාර්තවාදීව මේ කාරණය බලනකොට එය මිසදිටුකමක් විදිහට. මාත් බෞද්ධයෙක්. මාත් කැමතියි ධාතුන් වහන්සේලා පෙන්නපු එකට. එහෙත් පෙන්වීමේ අරමුණට කිසිසේත් එකග වෙන්නේ නැහැ. මම හිතනවා නිර්මලා, ලුම්බිණි, චින්තන වාගේ අයත් හිතන්න ඇත්තේ ඒ දේ කියා. (නි)

:       0       0

සහන් Wednesday, 12 September 2012 08:08 PM

නන්දන , ලුම්බිණි ඇතුළු අවස්ථාවාදී අසත්පුරුෂයන්ට ඔවුන් ඉන්න තැනම ඉන්න හරින්න. ඔවුන්ගේ ආත්මයන් තුළ කැකෑරෙන අසහනය මෙලෙස වචන ලෙස පිටතට දෝරේ ගලාගෙන එයි. තල වපුරන්නා තලද, වී වපුරන්නා වීද නෙලා ගනු ඇත. (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 12 September 2012 02:43 PM

ආනන්ද පිටබැද්දර, මේ බුද්ධෝප්පත්ති කාලය කියලා කියන්නේ, හැබෑවටම ඔබ බෞද්ධයෙක්ද කියලා සැකයි. (නි)

:       0       0

චින්තක Wednesday, 12 September 2012 08:28 PM

හොඳයි. මම මේකේ අදහස් දක්වලා තියෙන අනිත් අයගෙන් අහන්නේ. දැන් ධාතු වන්දනාව ඉවරයි. මට අවංකවම කියන්න වඳින්න ඉස්සර වෙලා ඔයාලා කීයෙන් කී දෙනෙක් දැනගෙන හිටියද මේ අපි වන්දනා කරන්නේ කොයි ධාතුවද කියලා? එතකොට කපිලවස්තු කියන්නේ ඉන්දියාවේ කපිලවස්තුවද? නැත්තම් නේපාලයේ කපිලවස්තුවෙන් හොයාගත්ත එකක්ද කියලා දැන්ගෙන හිටියද? එතකොට මේක හොයා ගත්තේ කවුද කියලා දැනන් හිටියද? මම මේක ඇහුවම ඔයාලා කී දෙනෙක් මේක අන්තර්ජාලයෙන් පරීක්ෂා කරලා බැලුවද? (වැදගත් විදියට පිළිතුරු දෙන්න ) කවුරු හරි කියනවා නම් ඒවා මොකටද කියලා එයාලා වැඳලා තියෙන්නේ ඔහේ වඳින්නම් වාලේ . (නි)

:       0       0

ප්‍රතිභා Wednesday, 12 September 2012 02:54 PM

ලොකු පිනක් කර ගත්තේ

:       0       0

සිසිර Monday, 17 September 2012 12:47 PM

මගේ රටට සම්මා සම්බුදු සරණයි (දී)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 12 September 2012 02:54 PM

බදු මිල කොපමණ ඉහල ගියත් ඔබ තුමාට තමයි ජය, (ස)

:       0       0

‍මහේල Wednesday, 12 September 2012 02:56 PM

ලුම්බිණි, මා ඔබ සමගයි. මේ සියල්ලම බොරු වැඩ. කවුද දන්නේ ඕවා ඇත්ත ඒවද කියලා? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 12 September 2012 02:59 PM

හොද වැඩක්. අපි අපේ ආගමට ගරු කරමු. (නි)

:       0       0

ධම්මික Wednesday, 12 September 2012 03:00 PM

ආනන්ද මේ, ඔයාට නොතිබුණාට අනෙක් අයට තියෙනවා. ලුම්බිණි හරි. (නි)

:       0       0

චානක Wednesday, 12 September 2012 09:36 PM

ලුම්බිණි මොනවාද මේ කියන්නේ.. එයා කියන දේවල් හරි කියන ලක්මාල්ට මොකද වෙලා තියෙන්නෙ..!(නු)

:       0       0

අසිත Wednesday, 12 September 2012 03:01 PM

මෙදාපාර සිංහල අය සිංහල අයටම මුස්ලිම් කියාගන්නවා. (නි)

:       0       0

අනුර Wednesday, 12 September 2012 09:44 PM

අපේ රටටත්, සියලු රණවිරුවන්ටත්, ජනපතිටත් මෙපින් බෙලෙන් යහපතක් වේවා! (නි)

:       0       0

සංජීව Wednesday, 12 September 2012 03:02 PM

ලුම්බිණි නිවැරදියි. මේකේ ප්‍රතිචාර දමන සමහර ළිං මැඩියෝ හිතාගෙන ඉන්නේ ධාතු වැඩමෙවුවහම සේරම ප්‍රශ්න විසදෙනවා කියලා. (නි)

:       0       0

ජයන්ත් - ඉබ්බාගමුව Thursday, 13 September 2012 10:34 PM

මා ධාතූන් වහන්සේලා වෙන්වීමට තොරාගත් කාල වකවානුව සහ දේශපාලනය ගැන යාතාර්ථය පැහැදිලි කළා. සත්‍ය එය නමුත්,එය විවාදයකට භාජනය වූවාට කම් නැහැ. (නු)

:       0       0

අශාන් Thursday, 13 September 2012 12:38 PM

ඉනෝකා, ඔයා ‍බෞද්ධ වුණාට අනෙක් ආගම් වලට ගරහන්න ඔයාට කිසිම අයිතියක් නැහැ. ඒක තේරුම් ගන්න. (නි)

:       0       0

කුරුවිට Wednesday, 12 September 2012 03:11 PM

නිර්මල, ඔයා ප්‍රදර්ශනය කරන්න හදන්නේ මොන විදියේ ධාතුද?(නි)

:       0       0

මාලිංග Wednesday, 12 September 2012 10:08 PM

බුදු සරණයි සැමටම

:       0       0

රංජිත් Wednesday, 12 September 2012 03:09 PM

සාදු සාදු!! ලංකාවේ සියළු දෙනාටම බුදුසරණයි.... ආයුබෝ වේවා !!!

:       0       0

ජීවන්ත Wednesday, 12 September 2012 10:13 PM

මෙහි වැරදි සහගත ලෙස ධාතුන් වහන්සේලා වැඩමවීම කෙරෙහි ප්‍රතිචාර දමා ඇති සියලු දෙනා, නොදැනුවත්කම නිසා පවු පුරවා නොගනිත්වා! සත්පුරුෂ ගති ඇති සියලු දෙනා ඔවුන් ගැන අනුකම්පා වනු මැනවි. යථාර්තය නම් මේ ලංකාවේ හෝ ලෝකයේ ප්‍රශ්ණ කවරදාවත් අවසන් නොවෙන දේවල් වීමය. නමුත් කලාතුරකින් ලැබෙන, ඒ වගේම සුගතියට මාර්ගය සලසන මෙවැනි උත්තම ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට සත්පුරුෂන් හට නැවත අවස්ථාවක් ලබේවා! (නි)

:       0       0

අජන්ත Wednesday, 12 September 2012 10:15 PM

ඇසට කදුළු ආවා

:       0       0

ෂෙල්ටන් Wednesday, 12 September 2012 03:28 PM

අනේ ලුම්බිණි, ඔයා දන්න බණ. රටේ හොරමැරකම් වෙනවා කියලා මෙහෙම පුද සත්කාර කරන එක වැරදිද? (නි)

:       0       0

ප්‍රියලත් Wednesday, 12 September 2012 03:31 PM

අපේ රටට බුදු සරණයි !!! (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 12 September 2012 03:31 PM

ලුම්බිණි, නිර්මලා, ඔබ දෙපළ කියන්නේ ඇත්ත. මේ බොහොමයක් උපාසක ගොල්ලන්ට අරහන්. මේ අය වඩා කැමති 'අමූලිකා සද්ධා' කියා බුදු දහමේ දැක්වෙන, හේතු නොසොයා උපදින බැති උමතුව වඩාගෙන මහා හඬින් 'සාදු සාදු..' කියකියා පෝළිම් වල ලගින්න මිස, බුදු වදන් පිළිපැද යහපත් මිනිසුන් වීමට නොවේ. ඒ නිසා තමයි හැමදාම වැඩ සිටින දළදා හාමුදුරුවන් ගැන අමතක කරමින් මෙතෙක් පවත්වාගෙන ගිය බිලිපූජා, මත්පැන්හල් ආදිය ඉන්දියාවෙන් ගෙනා ධාතු වෙනුවෙන් නැවැත්තුවේ, (සහ හෙට ඉඳන් ආයෙත් පටන් ගන්නේ.) මේ වතාවේ බාල පෙට්‍රල්, බාල ඩීසල්, විභාග අනාගැනීම්, ඉසෙඩ් අකුරේ පලහිලවූ, ආචාර්ය වර්ජන සියල්ලට දීපු සංයුක්ත පිළිතුර තමා මේ. මේවා කියනකොට මොවුන්ට අපිව පෙනෙන්නේ මුසල්මානුවන් වගේ.කෝමද උපාසක ඇත්තෝ ධාතු බලලා ලබාගත් සම්‍යක් දෘෂ්ඨිය? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 12 September 2012 10:06 AM

මම හිතන්නේ තව රටවල් වල සර්වඥධාතු තියෙනවා. මීළඟට එහෙම එකක් රට පුරාම ගෙන ගියොත් තමා රටේ ප්‍රශ්න වලට හොඳ. (ස)

:       0       0

අරුණ වික්‍රමසිංහ Wednesday, 12 September 2012 10:43 PM

මම දන්න විදියමනම් බුදුන්වහන්සේ මහියංගනයට වැඩියෙ යක්කු ධමනය කරන්න ආරක්ෂාවට කියලා කවුරවත් ආවෙ නැහැ..... ඒත් මේ ධාතුවලට ආරක්ෂාවට තුවක්කුත් තියෙනවා..!!(නු)

:       0       0

චමිලා Wednesday, 12 September 2012 03:25 PM

ලුම්බිණි, ඔන්න දී කිරට සාක්කි කියන බළල්ලු ඉන්නවා. ඔය ඉන්නේ දැන් නංගිට යාලුවෝ ඕනෑ තරම්.(නි)

:       0       0

රම්‍යා Thursday, 13 September 2012 05:41 PM

සාධු...

:       0       0

මහේල Wednesday, 12 September 2012 11:01 PM

කැලණියේ මත්පැන් ශාලා ඔක්කොම මේ දවස් දෙකට වැහුවලු. ඇයි එක දිගටම වහන්න බැරි. අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන් හොඳින් ඉන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 2 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2081 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1684 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 616 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 774 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site